Sri Saddharma Mandiraya - Online Buddhist Publication Center
 
You Can Download Audio/Video Sinhala Buddhist Talks & Sinhala Dhamma E-Books
අපගේ අරමුණ සහ දැක්ම
 

පතිරූපදේසවාසෝ ච - ඒතං මංගල මුත්තමං
සුදුසු ප‍්‍රදේශයක වාසය කිරීම මංගල කාරණයකි.

______භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් මංගල කාරණා අතර ‘සුදුසු දේශයක වාසය කිරීම’ යන කාරණාව ද මංගල කරුණක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. මෙහිදී සුදුසු ප‍්‍රදේශය කුමක්දැයි පළමුව තේරුම් ගත යුතු ය. කෑම-බීම, ඇඳුම් - පැළඳුම්, ආදිය යහමින් ඇත්නම් එම ප‍්‍රදේශ සුදුසු, යහපත් ප‍්‍රදේශ යැයි ඔබට සිතෙනු ඇත. නමුත් එපමණකින් ම ප‍්‍රදේශයක් පරිපූර්ණ ලෙස යහපත්, සුදුසු වන්නේ නැත. යම් ප‍්‍රදේශයක දී ශ‍්‍රී සද්ධර්මය අසන්නට ලැබේ නම්, ශ‍්‍රී සද්ධර්මයට අනුව ජීවත් විය හැකිනම් සැබැවින් ම එම ප‍්‍රදේශය සුදුසු, යහපත් ප‍්‍රදේශයකි.
______අනෙක් රටවලට සාපේක්ෂව ශී‍්‍ර ලංකාව, බුරුමය වැනි බෞද්ධ රටවල්වල ශ‍්‍රී සද්ධර්මය අසන්නට ලැබේ. බොහෝ විට ධර්මයට අනුව ජීවත් විය හැක. නමුත් සුදුසු ප‍්‍රදේශයක උපත ලැබුව ද උසස් අධ්‍යාපන කටයුතු සඳහා ද රැකියා කටයුතු සඳහා ද විදේශ ගතව සිටින ශ‍්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිස ශී‍්‍ර සද්ධර්මය ලබා දීම සඳහා අප විසින් ගන්නා ලද සුළු ව්‍යායාමයක ප‍්‍රතිඵලයකි මේ. එසේ ම පිරිසිදු ථේරවාද ධර්මදේශනා සහ ධර්මග්‍රන්ථ කාලානුරූපව නව තාක්ෂණය භාවිතා කර සංරක්ෂණය කර තැබීම ද අපගේ තවත් අරමුණක් වේ.
______තව ද භාග්‍යවතුන් වහන්සේ ‘සබ්බදානං ධම්මදානං ජිනාති’ (හැම දන් පරදවා, ධර්ම දානය ජයගනියි.) යනුවෙන් දේශනා කර ඇති බැවින් පූජනීය මහාසඞ්ඝරත්නයේ අනුශාසනා පරිදි අප විසින් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදුකර ගැනීම ද මෙහි තවත් අරමුණකි. එනිසා එක් අයෙකු දෙන්නෙකු හෝ මෙයින් ප‍්‍රයෝජනයක් ගන්නේ නම් එය යහපතකි.
______ඔබගේ නෑදෑ, හිතමිත‍්‍රාදීන්ට ද මෙම වෙබ් අඩවිය පිළිබඳ ව හඳුන්වා දීමෙන් ඔබට ද මෙම ධර්ම දානයට දායක විය හැකි ය. එසේ ම හැකි සෑමවිටම මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට අප උත්සාහ කරන අතර මෙම ධර්මදේශනා ශ‍්‍රවණය කර / සදහම් ප‍්‍රකාශන කියවා උතුම් ශ‍්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට සත්පුරුෂයෝ වෑයම් කරත්වා!

ඔබට තෙරුවන් සරණයි!

සංස්කාරක
පුණ්‍ය ශ‍්‍රී තුෂන්ත


 
 


Home | Audio Sermons | Video Programmes | E-Books | Free DVDs | Our Vision | Your Comments

Copyright © Sri Saddharma Mandiraya, www.sadaham.net 2005-2015
Designed & Maintained by Thushantha Alwis Started Sri Buddha Varsha 2549-Vap / October-2005

May the blessings of the Noble Triple Gem be with you...!!!