“මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් චතුර්විධ වාක් දුශ්චරිතය පිළිබඳ සික පද සමාදන් වන්නා වූ හෝ ඉටා ගන්නා වූ හෝ පැමිණි අවස්ථාවේ දී ඒවායින් වළක්නා වූ හෝ තැනැත්තන් ගේ පාපයෙන් වළක්නා ස්වභාවය, හෙවත් පාපයෙන් වැළකීමට උපකාරවන ස්වභාවය, හෙවත් පාපයෙන් වැළකීම සම්මා වාචාව ය.
කථා සම්මා වාචාවය, චේතනා සම්මා වාචාවය, විරති සම්මා වාචාව යයි සම්මාවාචාව තෙවැදෑරුම් වේ. අර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ යහපත් කථාව කථා සම්මාවාචාව ය. එය ඇති කරන කුශල ක්‍රියා චේතනාව චේතනා සම්මාවාචාව ය. වාක් දුශ්චරිතයෙන් වළක්නා ස්වභාවය හෙවත් වැළකීම විරති සම්මා වාචාව ය. මේ චෛතසික කථාවට ගනු ලබනුයේ විරති සම්මාවාචාවයි.