7. අඟුල්මල්දමන නම් පරිච්ඡේදය

අඟුල්මල් සොරහු දැමු පරිදි කිසෙ යැ යත්: කොසොල් රජහු ගෙ[1] භර්ග[2] නම් පුරොහිතයා පිණිස මන්තාණි නම් බැමිණි ගබ් ගෙනැ රෑ[3] පුතකු ප්‍රසව[4] කළා. ඔහු මවු කුසින් නික්මෙන කලැ සියලු නුවරැ ආයුධ[5] දිලිණ. රජුගෙ යහන්හි තුබු මඟුල්කඩුව ද, සෙසු ඇවි දු[6] දිලිණ. බමුණු නික්මැ නකත්තුරු බලන්නෙ සොරනකතින් උපන් බැව් දැනැ[7] රජු කරා ගොස් “දවස් ගිය සෙ සුව දැ?”යි පිළිවිත. රජ “දවස් ගිය සෙ නොසුව යැ. රෑ මාගෙ මඟුල් ඇවි[8] දිලිණ. රජයට හො දිවියට[9] හො අන්තරායවෙයි යන සිතින් නිඳි නොලත්මී” කී යැ. “මහරජ, නො බව.[10] මාගෙ ගෙහි කුමරෙක් උපන. උහුගෙ ආනුභාවයෙන් තොපගෙ මතු නොවෙයි, සියලු නුවරැ ආයුධ දිලිණැ”යි කී යැ. රජ එකල්හි “කිමෙක් වෙ?” යි පුළුවුත්තෙන්[11] “සොරෙක් වෙ” යි කි යැ “එක සොරෙක් වෙයි හො? බොහො සොරුන් ගෙනැ රට පහරනට නිසි සොරෙක් වෙයි හො?” යි කී යැ. “එක සොරෙක් වෙයි, මහරජ” යි කී යැ. එසෙ කියා තමා රජු සිත් ගන්නා සඳහා “උහු හැරැ-පියුව[12] මැනැවැ හො?” යි කී යැ. “එකා සොරකු බැවින් කුම්[13] කෙරෙයි! පිළිදගුව උහු[14] යැ” යි කී යැ. ඔහු නම් තබන්නාහු “සියලු නුවරැ දිළියෙන ආයුධයො කිසි කෙනෙක් හට හිංසා නොකළහ” යි අහිංසක නම් තුබුහ.

ඔහු විය පත් කල්හි මවුපියො ශිල්ප උගන්නට තක්සලා නුවර නඟා-යවූහ. හෙ ධර්මාන්තෙවාසික වැ ශිල්ප උගන්නි. වත්සපනැ, කී කී දැයක් වහා සපයයි, මන වඩන නියායෙන් හැසිරෙයි. පෙම් වඩන[15] නියායෙන් බෙණෙයි. සෙසු දරුවො පිටත් වූහු.[16] ඔහු “අහිංසක මාණවකයා ආ තැන් පටන් ගෙනැ අපි නො පෙනෙම්හ. උහු[17] කිසෙ බිඳුවම්හ!” බැණැ-ගන්නාහු “හැම දෙනා හට වඩා නුවණැති බැවින් ‘නුවණ නැත්තෙ යැ’ යි නොකිය[18] හැක්ක. වත්සපනින් ‘නොවන් සපනැ’යි නොකිය හැක්ක. කුමක් කරම්හ! යි. ආචාර්යයා අඹුව හා සසඟ[19] අත්තෙ යැයි බිඳැ-පියම්හ! යි. බැණැ-ගෙනැ තුන් රැසක් වැ පළමු ඇතැම් කෙනෙක් ආචාර්යයා කරා එළබැ වැඳැ සිටියාහ. “කිම් ද දරුයෙනි?”[20] කීයෙන් “මෙහි ඇසෙන දැයෙක් ඇති”යි කීහ. “කිමෙකැ හො?” යි කීයෙන් “අහිංසක මාණවකයා තොපට වරද්දයි[21] ගත්තාම්හ” යි[22] කීහ. ආචාර්ය උනට දැහැවැ[23] “යටත්නි, මපුතු මා කෙරෙහි[24] නොබිඳැ-පියටියාව” යි[25] නෙරැ-පීයැ.[26] ‘අනෙක් වටැ අනෙක් රැසැ[27] ඇත්තො ආහ. අනෙක් වැට අනෙක් රැසැ ඇත්තො ආහ’යි තුන් රැසැ මැ ඇත්තො අවුදු එසෙ මැ කියා “අප නො හදහා නම් තෙපි මැ පිරික්සා බලව”යි කීහැ.

ආචාර්ය ඔවුන් තමා සනා ඇති වැ[28] බණනසෙ දැකැ “ඇය හා ඔහු සසඟ ඇති සෙ යැ”යි බිඳී “ඔහු මරමී” සිතී. “ඉදින් ඔහු මැරුයෙම් වීම්[29] නම්, ‘දිසාපාමොක් ඇදුරු තමා කරා ශිල්ප උගන්නට ගිය දරුවන් දොස් දක්වා මරයි, කියා වටාලා[30] ශිල්ප උගන්නට එන්නො නොවෙති.[31] එසෙ වන්නා හා[32] මට ලාභ පිරිහෙයි. එසෙ බැවින් ශිල්ප සමහරයට[33] උපචාර යැයි කියා මිනිස් දහසක් මරන්නට කියමි. ඒකාන්තයෙන් එයින් එකෙක් ඔහු මරයි” සිතා “පුතැ, මිනිස් දහසක් මැරුව මැනැවැ. එසෙ වන්නා ශිල්පයට උපචාර කළා වෙ”[34] යි කී යැ. “ඇපි අන්නට හිංසා නොකරන කුලෙහි උපන්නම්හ.[35] එසෙ නොකට හැක්කැ”යි කි යැ. “ශිල්පයට උපචාර නොකරන්නා ඵල නොදෙයි, පුතැ,” යි කී යැ. හෙ පඤ්චායුධ ගෙනැ ආචාර්යයා වැඳ අටවියට වැදැ අටවියට වදනා තන්හි දු අටවිමධ්‍යයෙහි දු අටවියෙන් නික්මෙන තන්හි දු සිටැ[36] මිනිසුන් මරයි. පිළී ඈ කිසි අයතියක් නොගන්නි. ‘එකෙකැ, දෙකෙකැ’යි ගණන් මතු කෙරෙමින් යෙයි. මෙ නුවණ ඇත ද, පණිවා කරනුවත් සිත්[37] නොපිහිටන බැවින් කල් යත් යත් ගණනුදු නොදත. එකෙකි ඇඟිලි කපාගෙනැ තබයි. තුබු තුබු තැනැ ඇඟිලි නස්සි. එ නස්නාසෙ දැකැ ඇඟිලි විද මාලා කොටැ ධැරි යැ. එයින් ගෙ අංගුලිමාල නම් වි යැ.

හෙ හැම අරණ්‍යයෙහි හසර නැති කොළෙ. දර පලා සඳහා වල් යන්නාහු නැති. රෑගමට වැදැ පයින් පැහැරැ දොර ගළවා පියා එහි හොතුවන් මරා-පියා ‘එකෙකැ දෙකෙකැ’ යි ගැණැ-ගෙනැ යෙයි. එකල්හි ගම්වැස්සො ගම් පියා ගොස් නියම්ගම් වන්හ. නියම්ගම්වැස්සො ගොස් නුවර වන්හු. තුන් යොජනක් තන්හි මිනිස්සු[38] ගෙ පියා දරුවන් අතැ ගෙනැ ගොස් සැවැත් නුවර වටා කඳවුරු බැඳැ රජාඞ්ගණයෙහි රැස් වැ “මහරජ, තාගෙ රට අඞ්ගුලිමාල නම් සොරෙක් වී යැ” කියා කියා වලපිත්.

පිය බමුණු “මපිත්[39] වන්නෙ වෙයි” සිතා මවුබැමිණියට “අඟුල්මල් නම් සොරෙක් උපන. හෙ අනෙකෙක් නොවෙයි, තී පිත්[40] අහිංසක කුමාර යැ.[41] දැන් රජ ඔහු ගන්නට යෙයි. කුමක් කට යුත්තෙ යැ?” යි[42] කී යැ. “යා හිමි, මපුතු ගෙනැ එ”යි[43] කිව. “සොඳුර, මම් යන්නට නොනිස්සෙමි. සතර දෙනකු කෙරෙහි විස්වස් නැති: සොර ‘පෙරැ මා සබඳහ’ යි විස්වස් නොකට[44] යුත්තෙ යැ. තමා පළමු අතොට[45] හුන් කොළ ‘මා පෙරැ වළඳ ගත්තෙ යැ’යි විස්වස් නොකට යුත්තෙ යැ. රජ ‘මා හා සබඳහ’ යි විස්වස් නොකට යුත්තෙ යැ. ස්ත්‍රී ‘මට වශ්‍ය[46] යැ’ යි විස්වස් නොකට යුත්තෙ[47] යැයි කී යැ. මවුන් වනාහි ළ මෙළෙක් වෙයි. එයින් හො “මම් මැ මපුතු ගෙනැ එමී” නික්මුණ.[48]

එදවස් බුදුහු දෙව්රම්හි වෙසෙමින් අලුයම් සමාහි[49] ලො බලන්නාහු අඟුල්මල් සොරහු දැකැ “මා ගිය කලැ ඔහුට[50] සෙත් වෙයි. ගම් නැති තැනැ මහ වල්හි සිටියෙ සිවුපදගයක්[51] අසා මා කෙරෙහි පැවිජි වැ රාත් වෙයි. ඉදින් නොගියෙම් නම්, මව මරා සසරින් නොනැගිය හැකි වෙයි. ඔහට සඞ්ග්‍රහ කළ මැනැවැ”යි පෙරවරු සුගත් මහපහුල්[52] හැඳැ පෙරෙවැ නුවර වැදැ වළඳා වෙහෙර ගොස් ඔව්හට සඞ්ග්‍රහ කටටි වැ දෙවරමින් නික්මැ අධන්මඟ පිළිපන්හු. එකල්හි ගොන් රක්නාහු වස්සන් රක්නාහු සහන්නාහු ගමන් යන්නාහු බුදුන් එකලා වැ බුදුරැස් නොවිහිදැ වඩනුවන්[53] දැකැ නොහැඳිනැ “මහණ, එ මඟට නොයා. එ මඟැ අඟුල්මල් නම් සොරෙකැ,[54] දරුණැ, ලෙහෙ මුඩු[55] අත් ඇත්තෙ යැ, සතුන් කෙරෙහි කුළුණු නැත්තෙ යැ, ගම් නොගම් කෙළෙ, නියම් ගම් නොනියම්ගම් කෙළෙ, දනවු නොදනවු කෙළෙ, මිනිසුන් මර මරා ඇඟිලි විදැ මාලා කොටැ ධරයි. මහණ, තෙල මඟට පුරුෂයො දස දෙ දුවිසි තිස් සතලිස් පනස් දෙන දු සැක ඇති වැ සන්නද්ධ වැ වග වග වැ[56] යෙති. ඔහු දු අඟුල්මල් සොරහු අතැ නස්ති” කීහ. බුදුහු ඔවුන් තුන් යලක් කියතුදු නොබැණැ නැඟී වැඩියො.

සොරදු[57] එසමාහි[58] දුබ්භොජනයෙනුදු දුක්ඛසෙය්‍යායෙනුදු උකටලි වී. ඔහු මැරු මිනිස්හු එකක්හු උනු දහසක් දෙන යැ. හෙ වනාහි “එකකු විසින් දහස සපිරෙ” යි යන සිත් ඇති වැ “යමක්හු පළමු දිටිම් ද, ඔහු මරා ගණන් සපුරමි.[59] ශිල්පයට උපචාර කොට දැළි කප්වා නහා පිළි පෙරළා[60] මවුපියන් දක්මි”යි අටවියට වදනා තැනට අවුදු මඟින් පහ වැ සිටියෙ, බුදුන් දැකැ විස්මිත වැ “මෙ මඟට පුරුෂයො දස දෙන දු විසි තිස් සතළිස් පනස් දෙන දු සැක ඇති වැ සන්නඬ වැ වග වග වැ එති. ඔහු දු මා අතැ නස්ති.

එතෙකුදු හොත් මෙ මහණ එකලා වැ මා අභිභවමින් මෙන් එයි.[61] මෙ මහණහු මැරුව මැනැවැ”යි කඩු පලඟ ගෙනැ දුනු හියවුර[62] බැඳැ බුදුන් පස් පස් ලුහුබඳවමින් යෙයි. යම්සෙ අඟුලුමල් සොර බුදුන් පියෙවිගමනින් වඩනුවන්[63] බැලපමණින්[64] දිවෙනුයෙ හඹා නොගත හෙද,[65] එවැනි අධිෂ්ඨානයක් කොළො. කිසෙ යැ යත්: “මහපොළොව නැඟි නැඟි බස්නා රසළ සෙයින් උහු ඇරැ බහ බහා සිට්වයි.[66] හි-සනක් පමණ තැන් පියා යෙයි. ගිය කලැ බුදුහු පෙරට මහත් අඞ්ගණයක් දක්වා තුමුහු මධ්‍ය වෙති. හෙ අන්ත්‍ය[67] වෙයි. “දැන් මොහු හඹා-ගන්මි’යි බැල පමණින් දිවෙයි. බුදුහු එ අඞ්ගණයෙහි කෙළවරැ වෙති.[68] සොර මධ්‍යයෙහි වෙයි. හෙ “මෙ තැනැ දි ඔහු හඹා-ගන්මි[69]” යි වෙළෙවි වැ දිවෙයි. බුදුහු එහි පෙරට වළක් හො ගොඩක් හො දක්වති.[70] මෙ නියායෙන් ඔහු තුන් යොජනක් තැන් ගෙනැ වැඩියො.

සොර ක්ලාන්ත වි යැ. මියෙහි කෙළ සිඳී ගියෙ. ශරීරයෙන් සෙව ද බස්සි. එකලැ අඟුල්මල් සොර විස්මිත වැ “මම් පූර්වයෙහි දිවෙන[71] ඇතුන් ලුහුබැඳ ගනිම් මැ යැ. අසුන් ලුහුබැඳැ ගනිම් මැයැ. රථ ලුහුබැඳැ ගනිම් මැ යැ. දිවෙන11 මුවන් ලුහුබැඳැ ගනිම් මැ යැ. එතෙකුදු හොත් මම් මෙ මහණහු පියෙවිගමනින් යන්නහු[72] බැල පමණින් දිවෙනුයමේ හඹා නොගත හෙමි[73]යි සිටැ බුදුනට “සිට[74] මහණ,” යි කී යැ. බුදුහු “මම සිටියෙමි. තොද සිට” යි වදාළො. එ සඳැ අඟුල්මල් සොර “මෙ සෑ[75] මහණහු සබව් කියති. මෙ මහණ යනුයෙ මැ “මම සිටියෙමි. තොද සිට’යි යෙයි. යම් කාරණයෙකින් මෙ මහණ යනුයෙ ‘සිටියා’ නම් වෙද, මම සිටියෙමි ‘නොසිටියා’ නම් වෙම් ද, එ කාරණය පිළිවිසැ බැලුව මැනැවැ”යි සිතා “මහණ,

‘තො යන්නෙහි, ‘සිටියෙමි’යි යෙහි. මා සිටියා හට ‘නොසිටියාහ’ යෙයි. තො කිසෙ සිටියෙහි?[76] මම් කිසෙ නොසිටියෙමි? පිළිවිත්.

එ සඳ බුදුහු “අඞ්ගුලිමාලය, හිංසා සඳහා සතුන් කෙරෙ පැවැත්විය යුතු යම් දඬෙක් ඇද්ද, ඒ හැම කල්හි පියා ක්‍ෂාන්ති මෛත්‍රියැ සිටි වන බැවින් මම් ‘සිටියා’ නම් වෙමි. මෙතෙක් දහස්[77] සතුන් මරණ තා ක්ෂාන්ති මෛත්‍රියැ නොසිටි වන බැවින් තො ‘නොසිටියා’ නම් වෙහි.[78] දැන් තො ඉරියවු විසින් සිටියෙහි ද, නිරයැ හො සිට්හි,[79] තිරිසන් යොනියැ හො ප්‍රෙත විෂයයෙහි හො අසුරකායයෙහි නො සිටිහි”යි[80] වදාළො.

එකල්හි අඟුල්මල් සොර[81] බුදුන් ගෙ දේශනා අසා “මෙවෙනි සිංහනාදයෙක් අනෙකක් හට වන්නෙ නොවෙයි. මෙ මහාමායා දෙවිය යුතු සිද්ධත් මහණ රජහුගෙ ගර්ජනා යැ. මම් තියුණු නුවණ ඇති සම්මාසම්බුදුන් විසින් දක්නා ලද බන්දෙමි.[82] බුදුහු යැ මට සඞ්ග්‍රහ සඳහා සඳහා මෙයට වැඩියහ”යි සිතා “දෙව්මිනිසුන් විසින් පුදන ලද බුදුරජ බොහො කලක් ගිය කලැ මට වැඩ සඳහා මෙ මහ වලට වැඩියැ. මෙතැන් පටන්-ගෙනැ පව් නො කෙරෙමි; තොපගෙ මියුරු කථා අසා යැ”යි තමාගෙ පඤ්චායුධ ප්‍රපාතයෙහි බහා-පියා බුදුන් වැදැ පැවිජි අයදි යැ. බුදුහු ඔහට එහි භික්‍ෂුභාවයෙන්[83] පැවිජි දුන්හ.

බුදුන් මොවුන් පැවිජි කරන කලැ “කර සෙවුව මැනවැ පාසිවුරු සෙවුව මැනැවැ” යන කිස[84] නැති. මොහු පූර්වයෙහි සිල්වත්නට[85] අටපිරිකර දුන් බව් දැනැ “එ,[86] මහණැ”යි දකුණත දික් කළහ. එ විගස ගිහිවෙස් අතුරුධන් වීයැ. මහණ වෙස් පහළ වී යැ. සෘද්ධිමය පා සිවුරු ශරීරයෙහි ප්‍රතිමුක්ත වියැ. මෙ මැ ඔහට[87] පැවිජි වි යැ. හෙ මැ උප සපත්කම්[88] වි යැ. එහි භික්‍ෂුභාවයෙන් උපසපන්නානට[89] සඟුන් ගෙ උපසපන්කම් ඇත්තෙ නොවෙයි.

මෙසෙ බුදුහු අඟුල්මල් සොරහු දමා මහණ කොටැ පා සිවුරු ගන්වා[90]-ගෙනැ සැරිසරමින් සැවැත් නුවර ගොස් දෙව්රම් වෙහෙරැ වැඩ වෙසෙති. එදවස් ඔවුන් මවු එ වනයට ගොස් අට ඉස්බක් පමණ තැනින් අන්තරික වැ “පුතැ අහිංසකය, කොහි සිටියෙහි? කොයි හුන්නෙහි? කොයට ගියෙහි? පුතැ, මා හා නො බෙණෙහි[91] නො?” යි කියමින් වැදැ ඇවිදැ නො දැක ගෙට ගියා.

එකල්හි මහාජනයො කොසොල් රජු ගෙ ගෙවද්දොර[92] රැ ස් වැ “මහරජ, තොපගෙ රට අඟුල්මල් නම් සොරෙකැ. දරුණැ.[93] ලෙමඬු අත්[94] ඇත්තෙ යැ, සතුන් කෙරෙහි කුළුණු නැත්තෙ යැ. ගම් නොගම් කෙළෙ, නියම්ගම් නොනියම්ගම් කෙළෙ, දනවු නොදන වූ කෙළෙ, මිනිසුන් මරා ඇඟිලි විදැ මාලා කොටැ ධරයි. ඔහු වළකා”යි කියා මහා හඬින් හැඬුහු.

රජ නොඑක් වරැ “ඔහු ඇතැණියෙන් තිරු[95] කොටැ ගන්නෙ යැ”යි ඇතුන් දී යවී යැ. “අසැණියෙන් තිරු6 කොටැ ගන්නෙ යැ”යි අසුන් දී යවී යැ. “රථණියෙන්[96] තිරු6 කොටැ ගන්නෙ යැ”යි රථ දී යවී යැ. ඔවුන් ගොස් එ[97] වටා-ගත් කල්හි[98] ඔහු නැඟී “මම අඟුල්මල්මි’ ශබ්ද කරන්නා හා[99] ආවුධ පෙරළන්නට නිසි එකෙකුදු නැති. හෙ හැමදෙනා කොටා මරයි. ඇත්හු වල්ඇත්[100] වෙති. අස්හු වල් අස් වෙති. රථ එහි මැ තිබී නස්සි. එකල්හි රජ මහජනාගෙ ගිගිරියෙන් “මා මැ ගිය මැනැවැ. ඉදින් සොර හට පරාජය වී නම්, ලුහුබැඳැ ගන්මි. ඉදින් මට පරාජය වී නම් සල්හු වැ පලායෙමි”[101] පන්සියයක් අසුන් සදා-ගෙනැ සිවුරඟ සෙනඟ ගෙනැ සැවැත් නුවරින් නික්මැ සොරු කෙරෙ බිරි සිතින්[102] නොයාටි[103] වූයෙ ද ගරහනු බියෙන් යනුයෙ “බුදුන් දැකැ ගිය මැනැවැ”යි දෙව්රම් වෙහෙර ගියෙ. කුමක් සිතා ගියෙ යත්: “ගොස් බුදුන් වැඳැ එකත්පස් වැ හිඳිමි. ‘කවර හෙයින් බැල[104] ගෙනැ නික්මුණුහි?[105]යි බුදුන් වහන්සෙ මා පුළුවුස්නා දෑ යැ. එකලැ මම් කියමි. බුදුහු වනාහි මට හුදු පරලොවින් මැ සඞ්ග්‍රහ කරන්නාහු නොවෙති. මෙලෙවි නුදු සඞ්ග්‍රහ කෙරෙත් මැ යැ. ඉදින් මට ජය වෙ නම්. ගිවිසැ නොබැණැ වැඩහිඳිනා දෑ යැ. පරාජය වෙ නම්, “මහරජ, එක් සොරකු සඳහා තා ගිය මනා නොවෙ’යි වදාරන දෑ යැ. එකලැ මහජනයො ‘රජ සොරු නසන්නට යන්නෙ බුදුන් විසින් නවත්නා[106] ලද’ යනු දන්ති. එසෙ වන්නා හා මා නොගරහති” යන සිතින් වෙහෙර ගියෙ, ගොස් බුදුන් වැඳැ එකත්පස් වැ හුන්නෙ යැ.

එකල්හි බුදුහු “කිම, මහරජ, තට බිම්සර මහරජ කුපිත වි යැ හො? විසාලා මහනුවර වැසි ලිච්ඡවි රජහු කුපිත වූහ. හො? සෙසු ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් කුපිත වූහ.[107] හො?” වදාළහැ. “වහන්සෙ, මට දැහැවි රජ කෙනෙක් ඇත්තාහු නොවෙති. මාගෙ රට අඟුල්මල් නම් සොරෙකැ, උහු ගන්නට යෙමි”කී යැ. එකලැ බුදුහු “ඉදින් මහරජ, තො අඟුල් මල්හු[108] කෙහෙ බහා සිවුරු හැඳැ පෙරෙවැ පැවිජි වැ පණිවා ඈ පව්කැමින් විරත වැ[109] එක් වෙලෙ වළඳා බඹ[110]සරවස් රැකැ සිල්වත් වැ කලණදහම්[111] පුරා වසන්නහු[112] දිටිහි නම්, උහුට කුමක් කෙරෙහි?” යි වදාළහැ. “වහන්සෙ, ඇප්[113] උන් වඳම්හ.[114] දුටු කලැ හුනස්නෙන් නැඟෙම්හ. හිඳුනා අසුන් දෙම්හ. සතර පසයෙන් උපස්ථාන කෙරෙම්හ”යි[115] කී යැ. කියා තබා “බුදුහු ඔහුගෙ උපනිඃශ්‍රය බලා උහු ඇරැ පැවිජි කළාහු වුහු නම්, යහ යැ”යි[116] සිතා බුදුන් පිරික්සනු සඳහා “වහන්සෙ, එ දුසිල් පවිට්හට[117] මෙබඳු සීලසංයමයෙක් කොහි වෙදැ!”යි කී යැ. එසමාහි අඟුල්මල් මහතෙරහු බුදුනට නුදුරු තන්හි වැඩහුන්නාහ.[118] බුදුහු දකුණත නඟා “මහරජ, මෙ අඟුල්මලැ”යි වදාළහ.

එ සඳ කොසොල් රජ බිය පත් වැ වෙවුළා ‘ගියෙ. තුබු මහජනයො බිය පත් වැ කඩු පලඟ දමා-පියා එ එ දසායෙහි[119] හි පලා නුවර වැදැ දොර පියා-ලා අගුළු ගෙනැ අටල්ලට නැඟී බලමින් සිටියාහු[120]අඟුල්මල් සොර ‘රජ මා කරා එ[121]’ යනු දැනැ පළමු අවුදු දෙව්රම් හි හුන්නෙ යැ, රජු[122] ගත, ඇපි පලා ආවාමො[123] දිවි ලදුම්හ”යි කීහු. බුදුහු රජ හට භය උපන් බව් දැනැ “නොබව, මහරජ, නොබව, මහරජ, මෙ දැන් කිහිඹිබයකු දු දිවි නොගළවයි. මුහු කෙරෙන තට භය නැති” වදාළො.

බුදුන් මෙසෙ වදාරත් මැ රජ හට භය සන්හින. රජ අඟුල්මල් මහතෙරුන් කරා එළබැ “වහන්සෙ, අඟුල්මල් දෑ යැ හො?”යි කී යැ. “එසෙ යැ මහරජ” යි කී යැ. රජ පැවිජියනට දරුණු කැමින් ලද නම් කියනු නො යෙදෙයි. මවුපියන් ගෙ ගොත් විසින් බැවැහර[124] කරනු මැනැවැ”යි සිතා “වහන්සෙ, තො පියෙ කවර? මවු කවර?”යි පිළිවිත. “මහරජ, මා පියෙ භර්ග[125] නම් බ්‍රාහ්මණ යැ. මවු මන්තාණි නම් බ්‍රාහ්මණි යැ”යි කීහු. “වහන්සෙ, අප වත්හිමියො භර්ගයො[126] මන්ත්‍රාණි පුත්‍රයො සස්නෙහි අභිරත වෙත්ව යි, මම සතර පසයෙන් උපස්ථාන කෙරෙම්ව”යි කී යැ. කියමින් මැ බඩැ බඳ සළුව ඇරැ-ගෙනැ මහතෙරුන් පාමුලැ තිබී යැ. මහතෙරහු තමන් තෙළෙස් ජුහඟ[127] සමාදන් වැ පහුල් සිවුරු[128] පොරෝනෙන් “මහරජ, තුන් සිවුරු සැපිරැ[129] ඇතී” කීහ. රජ බුදුන් කරා එළබැ වැඳැ එකත්පස් වැ හිඳැ “ආශ්චර්යය යැ! වහන්සෙ, අද්භූත යැ! වහන්සෙ, යම්තාක් අදාන්ත සතුන් දමන දෑ යැ. අශාන්ත සතුන් සන්හිඳුවන දෑ යැ. නොපිරිනිවී සතුන් කෙලෙස් පිරිනිවනින් නිවන දෑ යැ. වහන්සෙ, ඇපි දඬියෙනුදු සැතිනුදු සතුන් දමන්නට නො හැක්කම්හ. වහන්සෙ සතුන් නොදඬියෙන් මැ නොසැතින් මැ දමන දෑ යැ වහන්සෙ, අපි යම්හ. බොහො කාර්යය[130] ඇත්තම්හ”යි කී. “කල් දැනැ, මහරජ” යි වදාළහැ. රජ බුදුන් වැඳැ පැදකුණු කොටැ ගියෙ.

මහතෙරුන්[131] කුලගම් සිඟන්නට ගිය කලැ මිනිස්සු ඔවුන් දැකැ වෙවුළත් මැ යැ. පලත් මැයැ. දොරපියා-ලත් මැ යැ. ඇතැම්හු අඟුල්මල් නම[132] අසමින් මැ පලා වලට හො වදිති.[133] ගෙට වැදැ දොර පියා-ලා අගුළු හො ගන්ති. පලා නොයා හෙන්නාහු පිට් පෑ සිටුති.[134] මහතෙරහු ළුවක්[135] හඹු දු කෙණෙස්සක් බතු දු නො ලැබෙති. අහරින් ක්ලාන්ත වෙති. අහර නොලබන්නාහු “නුවර නම් සර්ව සාධාරණයැ”යි නුවරට වදිති.4 යම් දොරෙකින් වන්හු ද, එහි මිනිස්සු “අඟුල්මල් අය” යි කළ[136] දහස් බිඳිමින් පලත්. එක් දවසක් අඟුල්මල් මහතෙරහු පෙරවරු පා සිවුරු ගෙනැ සැවැත් නුවර වැදැ, සපදන්සැරි වන බැවින්, ගෙපිළිවෙලින් කෙණෙසි අහර සිඟන්නාහු මූඪගර්භ වැ නො වැදිය[137] හෙන මාගමක දැකැ කරුණායෙන් කම්පිත වූහු ඔවුන් පෙරැ එකක්හු[138] උනු දහසක් මිනිසුන් මරන්නානට එක දවසකුදු කුළුණු නො උපන. මූඪගර්භ මාගම දුටු පමණින් කුළුණු කිසෙ උපන යත්: පැවිජි බලයෙන් උපන්.

එකල්හි අඟුල්මල් මහතෙරහු අහරකිස කොටැ බුදුන් කරා එළබැ වැඳැ එකත්පස් වැ හිඳැ “වහන්සෙ, සැවැත් නුවරැ කෙණෙහි අහර සිඟනුයෙම් මූඪගර්භ මාගමක දිටිමි. ඇය විඳුනා[139] දුක් මට නුරුස්සී” කීහ. “එසෙ බැවින් තො ඇයදරා ගොස් ‘මා උපන් තැන් පටන්-ගෙනැ දැනැ සතක්හු දිවි නො ගැළවී[140] නම් එ සයින් තිට දු ගබට දු සෙත් වෙව’යි සස්[141] කරා”යි වදාළො. “වහන්සෙ, හෙ මට මුසවා වෙයි. මා විසින් බොහො සත්හු දැනැ මරන ලදහ”යි කීහු. “අඞ්ගුලිමාලය, හෙ තා ගිහිමිනිස් කලැ. ගිහිමිනිස්හු නම් සතුන් මරනු ආදි කෙරෙති. දැන් තට ආර්ය නම් ජාතියෙක් ඇති එසෙ බැවින් තො ‘මා උපන් තැන් පටන්-ගෙනැ යැ’යි කියන තැනැ කුකුස් ඇති විහි නම්, ආර්ය ජාතියැ උපන් තැන් පටන්-ගෙනැ යැ’ කියා”යි නඟා යවුහු.

මහතෙරහු “මැනැවැ වහන්සෙ” යි එයට ගොස් “තමන් සස් කොටැ සෙත් කරන්නට ආ පරිදි කියා”යි යවුහු. මිනිස්හු වටා ජවනිකා බැඳැ මහතෙරනට ජවනිකායෙන් පිටතැ පුටුවක් තුබුහ.[142] මහ තෙරහු ඉහි වැඩහිඳැ “මා ආර්ය ජාතීන් උපන් තැන් පටන්-ගෙනැ දැනැ සතක්හු දිවි නො ගැළවී නම් එ සයින් තිට දු ගබට දු සෙත් වෙව”යි සස් කළහ. පසක් තෙපුල් හා සමඟ ඩබරායෙන් ගුළු දියක්[143] සෙයින් දරු නික්මිණි. දිපිත්[144] මවුනට සෙත් වී.

මහතෙරුන් හිඳැ සස් කළ තන්හි පිළක් කළහ. මූඪ ගර්භ වූ තිරිසන් ගතියැ සත්හු දු ඇරැ එහි හොවති. එ විගස මැ සුවයෙන් බර මුසිත්. යමක්[145] දුර්බල ද, ගෙනැ එන්නට නොහැකි ද, ඇයට පිළ දෙවි දිය ඇරැ හිසැ ඔත් කලැ එකෙණෙහිම බර මූසී. සෙසු රොග ද සන්හිඳී.[146] මෙ කප සිටුනා පෙළහරයි.

කිම හො බුදුහු මහතෙරුන් ලවා වෙදකම් කරවූවා වෙති හො! යත්: එසෙ නොවෙයි. කිසෙ යැ යත්: මහතෙරුන් දැකැ මිනිස්සු බා පලති. ඔහු කෙණෙසි අහර නොලදින් ක්ලාන්ත වැ මහණුවම් කරන්නට නොනිස්සහ.[147] මෙසෙ වන්නා හා “දැන් අඟුල්මල් මහතෙරහු මෙත්සිත් පිළලදින් සස් කොටැ මිනිස්නට සෙත් කෙරෙති”යි මිනිස්හු මහතෙරුන් නොබා එළැබියටි වෙති. එකල්හි අහරින් ක්ලාන්ත නොවැ[148] මහණුවම් කරන්නට නිසි වෙත්. එයින් බුදුහු ඔවුන් කෙරෙ අනුග්‍රහයෙන් සත්‍යක්‍රියා කැරැ වූහ. සස් කොටැ සෙත් කරනු වෙද්දම්[149] නොවෙ. මහතෙරුන් “මහණුවම් කෙරෙමි”යි කමටහන් ගෙනැ උන් කල්හි අට වියෙහි මිනිසුන් මැරු තැන් මැ පහළ වෙයි. “වහන්සෙ, දුගීමි. බොහො දරුබිළිඳුන් ඇත්තෙමි. මට දිවි දෙව”යි මරණ බියෙන් වලප්නා පරිදි දු, අත් පා සපන[150] පරිදි දු, ආපාතයට එයි. ඔහු විපිළිසර[151] ඇති වැ හුන් තැනින් නැඟි යෙති. එයින් බුදුහු ඔව්නට එ ජාතිය අබ්බොහාරික කොටැ “එසෙ වන්නා හා මෙ විදර්ශනා වඩා රාත් බව ගන්නි”යි පැවිජි වූ තැන් මුල් කොටැ ආර්ය ජාතීන් සත්‍යක්‍රියා කැරැවූහු.

එකල්හි අඟුල්මල් මහතෙරහු නොපමා වැ මහණුවම් කොටැ රාත් වූහ. මහතෙරුන් කෙණෙසි අහර සිඟන්නට නුවර වන් කල්හි කපුටු බලු ආදීන් නෙරනා සඳහා වටා හීසනක්[152] පමණ තන්හි යම් කවර දිශාභාගයෙකින් දමා-ලූ දඬු පහණ හකුරු අවුත් මහතෙරුන් මැ වෙරැ හෙයි. ඔහු මහසම් සිඳී ඇට දක්වා බුන් ඉසින් ලෙස වගුරුවමින් බුන් පා ඇති වැ හිණැ. හිරුණු සිවුරු ඇති වැ බුදුන් කරා ගියාහැ. බුදුහු ඔවුන් දැකැ “බ්‍රාහ්මණය, අධිවාසනා කරා. බ්‍රාහ්මණය, අධිවාසනා කරා. යම් කමක්හු ගෙ විපාකයෙන්[153] සසරැ සිටියහොත් නොඑක් වා දහස් සුවහස් නිරයැ පස්හි[154] එ කම්හු ගෙ විපාක තො මෙ අත්බැවැ විඳිහි”[155] වදාළො.

මෙහි සත් ජවන්සිත්හි කුසල් වැ හො අකුසල් වැ හො උපන් පළමු ජවන් සිත් මෙ මැ අත්බැවැ විපාක දෙයි. මෙ අත්බැවැ විපාක දෙන්නට නොපොහොසත් වී නම්, විපාක නොදෙන බවට පැමිණෙ.[156] සත් වන ජවන් සිතින් අනතුරු අත්බැවැ විපාක දෙයි. අනතුරු අත්බැවැ විපාක දෙන්නට නොපොහොසත් වී නම්, වටාලා විපාක නොදෙන බවට පැමිණෙ. එ දෙදෙනා අතුරෙහි පස් ජවන් සිත් අනාගතයෙහි යම් කලෙකැ අවකාශ ලද නම්, එ කලැ විපාක[157] දෙයි. සසරැ සිටුනා තාක්7 කලැ විපාක නොදෙන

බවට නොපැමිණෙ මෙ කර්මයන්ගෙ විභාග ධර්ම ප්‍රදීපිකා නම් මහාබොධිවංශ පරිකථායෙන් දන්නෙ යැ. හෙ බුද්ධ ධර්මයැ. මෙ බුද්ධ චරිතයැ.[158]

මෙ මහතෙරනට වූ කල[159] අනතුරු අත්බැවැ දු අනාගතයෙහි යම් කලෙකැ දු විපාක දෙන කර්මයො රාත් මැඟින් කැඩුණහ. මෙ අත්බැවැ විපාක දෙන කර්ම[160] වූ කල රාත්බවට පතානට ද[161] වෙ. එයින් එ වී. එ කල්හි අඟුල්මල් මහතෙරහු රහොගත වැ වැඩහිඳ ඵලසමවත් සුව විඳැ එයින් නැඟී බුදුන් තම හට වහල් වුසෙ සිතා සොම්නස් වැ උදන් අනන්නාහු-

“දණ්ඩෙනෙකෙ දමයන්ති - අඞ්කුසෙහි කසාහි ච,

අදණ්ඩෙන අසත්‍ථෙන - අහං දන්තොම්හි තාදිනා”

යනාදි ගාථායෙන් උදන් ඇනුහු.

මෙසෙයින් බුදුහු තමන් ‘පුරිසදම්මසාරථී’ වන බැවින් අඟුල්මල් සොරහු දු[162] ආදි ශබ්දයෙන් ගත් සඞ්කිච්ච නම් හෙරණපාණන් අතැවැසි පන්සියක් සොරුනුදු අතිමුත්තක නම් හෙරණපාණන් ඇතැවැසි පන්සියක් සොරනුදු ඛාණු කොණ්ඩඤ්ඤ නම් මහතෙරුන් අතැවැසි පන්සියක් සොරු නුදු කෙළදරුවන් කෙළකන්සුණු[163] මහතෙරුන් අතැවැසි නවසියක් සොරුනුදු මෙ ඈ නොඑක් සිය නො එක් දහස් සොරුන් දමා අමා මහනිවන් පැමිණිවූහු.

අඟුල්මල්දමන නම් සත් වන පරිච්ඡේදය නිමි.

  1. රජහු

  2. භාර්ගව ගර්ග

  3. රූ

  4. ප්‍රසුත

  5. රජුන් ගෙ ආයුධ ‘සකල නගරෙ ආවුධානි’-අටුවා

  6. අවි ද

  7. දැක

  8. අවි, ඇවිදු, කඩු

  9. රජහට හො දිවිහට, රජහට ගො වියට හො, රජහට ගොවිහට, රජගට දෙවියට

  10. නුබව

  11. පුළුවුස්නෙන්

  12. හැරපිය, හැරපිව, හැරැපියව

  13. කුමක්

  14. ඔහු

  15. වඩනා

  16. වූහ

  17. ඔහු

  18. නොදැකිය

  19. සමඟ

  20. දැරියෙනි

  21. වරද්දහයි, වැරැද්දහයි

  22. ගත්තම්හයි

  23. දැහැ

  24. කෙරෙ

  25. බිඳැපියටියවයි, බිඳවයි

  26. නෙරපියා

  27. රස

  28. ඇතිවන් වැ, ඇති බැවින්

  29. මැරුයෙ වී නම්

  30. වටලා

  31. නේති

  32. එසෙ වන්නාහ

  33. සංහාරයට සමහාරයට සම්හාරයට, සමහාදනයට, ‘පරියොසානුපවාරො’-අටුවා

  34. කළා නම් වෙයි

  35. උපන් නෙම්හ.

  36. සිටි

  37. සිත් ගෙන

  38. මිනිස්සු

  39. මපුත්

  40. තී පුතු (-පුත්)

  41. කුමරුයැ

  42. කටයුත්තෙදැයි-මු

  43. එවයි

  44. නොදකට යුත්තේය-මු

  45. අතුට

  46. විස්වස්, විශ්‍ය, විසි-මු

  47. යුත්ති-මු

  48. නික්මිණ

  49. අලුයම්හි, අලුසමාහි

  50. උහුට

  51. සිවුපදයක්

  52. මහපවුල්

  53. වඩ්නාහු, වඩනවුන්

  54. සොරෙක්

  55. ලෙහෙමුසු, ලෙමුඩු

  56. වග වැ වග වැ

  57. සොරහු, සොරුදු

  58. එසමයෙහි දු

  59. සපුරෙමි

  60. පෙරවැලැ, හෙළා

  61. අභිභවමින් එයි

  62. හියවුරු, හියොහර, හියොහුරු, හියෙර

  63. යන්නවුන්, වඩිනවුන්-මු

  64. බලපමණින්

  65. හඹා ගත නොහේද

  66. සිටිවයි සිටුවයි

  67. අන්තැ, අන්තයෙ, අන්ත

  68. යෙති

  69. ගන්වමි

  70. දක්වමින් යෙති

  71. දිවන, දුවන

  72. යන්නාහු

  73. යෙමි

  74. සිට සිට

  75. ස, හැම, සැහැ-මු

  76. සිට්හි

  77. දවස්

  78. වෙයි

  79. සිටියෙහි, සිටිහි

  80. සිටිහි, සිටුහි

  81. සොරහු

  82. ලදුබනොමි, බන්දොමි

  83. එහි භික්ඛුභාවයෙන්

  84. කිසිත්

  85. සිල්වත්හට

  86. එව

  87. ඔහුහට

  88. උපසම්පත්කම්

  89. උන්නාහට, උපන්නානට

  90. ගෙන්වා

  91. බැණෙහි, බෙණෙහි

  92. ගෙවදුදොර, ගෙවදුන දොර, ගෙවදො, ගෙවදු, වත්දොර-මු

  93. ලෙමුසු ගත්

  94. තිරැ

  95. රථැණියෙන්-මු

  96. එය

  97. එවාගත්කල්හි

  98. කරන්නාහ

  99. ඇත්තු

  100. සොරහට පරාජය වී නම් සල්හුවැ පලායෙමි, (පලාඑමි)

  101. හයින් සිතන්නෙ, බිරින්සිතින්

  102. නොයටි.

  103. බල, බලා

  104. නික්මුණුහු-මු

  105. නවතන-මු

  106. කුපිත වූවා නොයි

  107. අංගුලිමාලයා

  108. විතරවැ, විතවැ

  109. බිම්සර

  110. කලණධම්

  111. වසන්නාහු

  112. අපි

  113. වඳිම්හ

  114. කරම්හයි

  115. යහපතැයි

  116. පවිටුහට

  117. වැඩහුන්නහ (-හුන්නහු)

  118. දසයෙහි

  119. සිටියාහ

  120. එයි, ඒල-මු,

  121. රජ

  122. ආවමො

  123. පියො දවරහ

  124. භාර්ගව

  125. භාර්ගවොය

  126. ධූතාංග දුහ(ව) ඟ

  127. පවුල්සිවුරු

  128. තුන්සිවුරු ඇති

  129. කාරිය

  130. මහතෙරුන් වහන්සේ

  131. අඟුල්මල් නම් නම

  132. වදති

  133. පිටි(ටු) පා සිටිති

  134. සරළුවක්

  135. අයයි අසත්, කළහදස් ගණන්

  136. වැදහෙන, වැද්දහෙන-මු

  137. විඳිනා

  138. නො ගැළවීම නම්

  139. සත්

  140. තිබූහ

  141. දියයක්, දියත්තක්

  142. දිපතමවුනට, දිපුතුමවුනට-මු

  143. යමක්හු

  144. සන්හිඳිණැ සන්හින්දි-මු

  145. නොරිස්සහ

  146. ක්ලාස්ත නොවෙති

  147. වෙත්දදැම්, වෙදදහම් වෙදහම්-මු

  148. සිපන

  149. විපිළිසර

  150. හිසක්, හීයක්

  151. විපාකයෙන්

  152. පස්සී, පසයි

  153. විනාහි, විහි

  154. පමුණුවයි

  155. විපාකඵල

  156. තෙක්

  157. වුකල විපාක නොදෙන බව-ඇතැම්

  158. කළකර්ම

  159. ප්‍රාර්ථනාවට, ප්‍රාප්තයනට-මු

  160. සොරහුද් දමා

  161. කෙළරුවන් කල (කළ), කෙළරුවන්කසුබු