පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍රමයකින් කියත හොත් දීම සිදු කරන්නා වූ චේතනාව ය. ත්‍යාග යනු ද දක්ෂිණා යනු ද යාග යනු ද එයට ව්‍යවහාර කරන්නා වූ නාමයෝ ය.
දීම සාමාන්‍යයෙන් එකක් වුව ද දානය ය, පූජාව ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. ගුණයෙන් තමා හා සම වූ ද තමාට හීන වූ ද තැනැත්තන් හට අනුග්‍රහ වශයෙන් දීම දාන නම් වේ. ගුණයෙන් තමාට උසස් වූ බුද්ධාදි උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වේ. දාන, පූජා දෙකට අයත් නොවන්නා වූ කුලිය දීම අඹුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නො ගනු ලැබේ.
අනු මාතෘකා
keyboard_arrow_rightපූජා ප්‍රභේදshare
keyboard_arrow_rightකුශලයන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක භේදයshare
keyboard_arrow_rightචේතනා තුනshare
keyboard_arrow_rightදක්ෂිණා විශුද්ධි සතරshare
keyboard_arrow_rightත්‍රිවිධ දාන සම්පත්තියshare
keyboard_arrow_rightදශ දාන වස්තුshare
keyboard_arrow_rightඅෂ්ට පානයshare
keyboard_arrow_rightවිනය පර්‍ය්‍යායයෙන් හා අභිධර්ම පර්‍ය්‍යායයෙන් දානයෝshare
keyboard_arrow_rightආමිෂදාන අභයදාන ධර්මදානයෝshare
keyboard_arrow_rightපෞද්ගලික දාන (14) තුදුසshare
keyboard_arrow_rightපෞද්ගලික දානයේ විපාකshare
keyboard_arrow_rightසාංඝික දාන සතshare
keyboard_arrow_rightසාංඝික දානයේ අනුසස්share
keyboard_arrow_rightපොහොසතුන්ගේ හා දුප්පතුන්ගේ දානshare
keyboard_arrow_rightකාල දානයෝshare
keyboard_arrow_rightඅසත්පුරුෂ දාන පසshare
keyboard_arrow_rightඅසත්පුරුෂ දානයේ විපාකshare
keyboard_arrow_rightවෘත්ත නිඃශ්රිතාදි දානත්රයshare
keyboard_arrow_rightකඨින චීවර දානයshare
keyboard_arrow_rightපින් නො වන පව් සිදු වන දානshare
keyboard_arrow_rightදුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානයshare
keyboard_arrow_rightදායකයෝshare
keyboard_arrow_rightනො දීමේ වරද හා දීමේ අනුසස්share