“වත්ථු කාලො ච ඔකාසො - ආයුධං ඉරියාපථං
කිරියා විසෙසොතිමෙ - ඡ ආණත්ති නියාමකො”
වස්තුව ය, කාලය ය, අවකාශය ය, ආයුධය ය, ඉරියව්ව ය, ක්‍රියා විශේෂය ය යන මේ කරුණු සය ඇණවීම සම්බන්ධයෙන් දත යුතු ය.
- වස්තුව යනු මරනු ලබන තැනැත්තා ය. මරන්නට අණ කරන්නා වූ තැනැත්තා යම් සත්ත්වයෙක් මරන්නට නියම කරන ලද්දේ නම්, අණ ලැබූ තැනැත්තා විසින් නො වරදවා ඒ සත්ත්වයා ම මැරුව හොත් අණ කළා වූ ද මැරුවා වූ ද දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. නියමය ලැබූ තැනැත්තා වරදවා අන්‍ය සත්ත්වයකු මැරුවහොත් මැරූ තැනැත්තාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදු වේ. අණ කළ තැනැත්තා නිදහස් වේ.
- කාලය යනු රාත්‍රී කාල දිවා කාලාදිය ය. අණ කරන තැනැත්තා රාත්‍රී කාලයේ දී මරන්නට අණ කල කල්හි මරණ තැනැත්තා කාලය වරදවා දවාලෙහි මැරුව හොත් කර්මය මැරූ තැනැත්තාට ම වේ. අණ කළ තැනැත්තා මිදේ. නියම කළ වේලාවේ ම මැරුව හොත් දෙදෙනාට ම පාපය වේ.
- අවකාශය යනු මැරීම කරන තැනය. යම් තැනක සිටින සත්ත්වයකු මරන්නට අණ කළ කල්හි, අණ ලැබූ තැනැත්තා විසින් ඒ නියම කළ තැන ම සිටින සත්ත්වයා මැරුව හොත් දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. වරදවා අන් තැනක සිටින සත්ත්වයකු මැරුව හොත් මැරූ තැනැත්තාට ම කර්මය හිමි වේ.
- ආයුධය යනු මැරීම සඳහා පාවිච්චි කරන ආයුධය ය. අණ කරන්නා පිහියකින් ඇණ මරන්නට නියම කළ කල්හි, අණ ලැබූ තැනැත්තා එසේම කළ හොත් දෙදෙනාට ම කර්මය හිමි වේ. අන් ක්‍රමයකින් මැරුවහොත් අණ කළ තැනැත්තා මිදේ.
- ඉරියවුව යනු මරනු ලබන සත්ත්වයා සිටින ඉරියවුව ය. නිදා සිටිය දී මරන්නට නියම කරනු ලැබූ තැනැත්තා විසින් සත්ත්වයා ගමන් කරද්දී මැරුව හොත් අණ කළ තැනැත්තා මිදේ. නිදා සිටියදී ම මැරුව හොත් මරවන මරන දෙදෙනාට ම කර්මය හිමි වේ.
- ක්‍රියා විශේෂය යනු මරනු සඳහා කරන උපක්‍රමය යි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එසේ ම කළ හොත් මරවන මරන දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. අන් ක්‍රමයකින් මැරුව හොත් මැරූ තැනැත්තා පමණක් කර්මයට හිමි වේ.