දස දසයක් සියයෙකි. 102
සිය දසයක් දහසකි. 103
දහස් සියයක් ලක්‍ෂයෙකි. 105
ලක්‍ෂ සියයක් කෝටියකි. 107
කෝටි ලක්‍ෂ සියයක් ප්‍රකෝටියකි. 1014
ප්‍රකෝටි ලක්‍ෂ සියයක් කෝටි ප්‍රකෝටියකි. 1021
කෝටි ප්‍රකෝටි ලක්‍ෂ සියයක් නහුතයෙකි. 1028
නහුත ලක්‍ෂ සියයක් නින්නහුතයෙකි. 1035
නින්නහුත ලක්‍ෂ සියයක් අක්ෂෝහිණියකි. 1042
අක්ෂෝහිණි ලක්‍ෂ සියයක් බින්දුවකි. 1049
බින්දු ලක්‍ෂ සියයක් අබ්බුදයෙකි. 1056
අබ්බුද ලක්‍ෂ සියයක් නිරබ්බුදයෙකි. 1063
නිරබ්බුද ලක්‍ෂ සියයක් අහහයෙකි. 1070
අහහ ලක්‍ෂ සියයක් අබබයෙකි. 1077
අබබ ලක්‍ෂ සියයක් අටටයෙකි. 1084
අටට ලක්‍ෂ සියයක් සෝගන්ධිකයෙකි. 1091
සෝගන්ධික ලක්‍ෂ සියයක් උප්පලයෙකි. 1098
උප්පල ලක්‍ෂ සියයක් කුමුදයෙකි. 10105
කුමුද ලක්‍ෂ සියයක් පුණ්ඩරීකයෙකි. 10112
පුණ්ඩරික ලක්‍ෂ සියයක් පදුමයෙකි. 10119
පදුම ලක්‍ෂ සියයක් කථානයකි. 10126
කථාන ලක්‍ෂ සියයක් මහා කථානයෙකි. 10133
මහා කථාන ලක්‍ෂ සියයක් අසඞ්ඛ්‍යයෙකි. 10140
(අසඞ්ඛ්‍යයට බින්දු 140 වන බව කියනු ලැබේ.)