බුදු සස්නේ ගුරුමුෂ්ටි වශයෙන් සැඟෙවු කිසිත් නැති බව

යට කී පරිදි ගිලන් බැවින් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම වෙහෙර අද්දර සෙවෙණෙහි පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. අනඳ තෙරණුවෝ ද එහි පැමිණ පසෙක උන්හ. එසේ හිඳ භාග්‍යවතුන් වහන්සේ ගේ අසනීපය දැක්මෙන් තමන් තුළ බලවත් ශෝක ඇති වූ බවත්, භාග්‍යවතුන් වහන්සේ පශ්චිමාවවාදය වදාරා මිස නැත හොත් පිරිනිවන් නො පාන සේක්” යි සිතීමෙන් ම යන්තම් අස්වැසිල්ලක් ඇති කැරැ ගත හැකි වූ බවත් කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ධර්මය කිසිත් සැඟෙවිල්ලක් නොකොට සියල්ල ම එළිදරවු කොට වදාළ බව පවසා ආත්මයය (තමාම)[1] (ධර්මය ම) පිහිට කොට ගෙන විසිය යුතු බව විස්තර කොට වදාළ සේක.

  1. මෙ තැන “ආත්ම” යනු ආර්යමාර්ගය හා නිවන යි.