“අන්‍යයෝ රටේ පැරැණි තොරතුරු කිසිවක් නො දන්නෝය, මම වනාහි මේ ගම්වල නගරවල පැරැණි තොරතුරු දනිමිය, මේ මිනිසුන් ගේ කුල පරම්පරාව දනිමිය, බුද්ධවංශ රාජවංශ ශාසනවංශයන් දනිමිය, ලෝකයේ නොයෙක් ජාතීන්ගේ ඉතිහාසය දන්නෙමි’යි සෙස්සන් පහත් කොට පැරැණි දෑ දැනුමෙන් තමන් උසස් කොට ගන්නා මත්වීම ඇති අධික මානය රත්තඤ්ඤුමද නම් වේ. මෙය ඇතැම් මහල්ලන්ට හා ඉතිහාසඥයන්ට ඇති වන මදයෙකි.