40. අතීතං වා අද්ධානං ආරබ්භ කංඛති
41. අනාගතං වා අද්ධානං ආරබ්භ කංඛති
42. පච්චුප්පන්නං වා අද්ධානං ආරබ්භ කංඛති
“තම” යනු අඳුරට නමෙකි. අඳුරක් වන බැවින් අවිද්‍යාවට ද “තම” ය යි කියනු ලැබේ. මෙහි “තීණි තමානි” යනුවෙන් දැක්වෙන්නේ අතීත ස්කන්ධයන් පිළිබඳ අවිද්‍යාව ය, අනාගත ස්කන්ධයන් පිළිබඳ අවිද්‍යාවය, වර්තමාන ස්කන්ධයන් පිළිබඳ අවිද්‍යාව ය යන අවිද්‍යා තුන ය. එය දක්වා ඇත්තේ විචිකිත්සා ශීර්ෂයෙනි. විචිකිත්සාව අනුව ය.
“අතීතං වා අද්ධාං ආරබ්භ කංඛති” යනුවෙන් දැක්වෙන්නේ මම අතීතයේ සිංහලයෙක් වූයෙම් ද දෙමළෙක් වූයෙම් ද ක්ෂත්රියයෙක් වූයෙම් ද බ්‍රාහ්මණයෙක් වූයෙම් ද යනාදින් සැක කරන්නහුට ඇති වන අතීත ස්කන්ධයන් වසන අවිද්‍යාව ය.
“අනාගතං වා අද්ධානං ආරබ්භ කංඛති” යනුවෙන් දක්වන්නේ මම අනාගතයෙහි සිංහලයෙක් වන්නෙම් ද දෙමළෙක් වන්නෙම් ද යනාදීන් සැක කිරීමේ දී අනාගත ස්කන්ධයන් වසන අවිද්‍යාව ය.
“පච්චුප්පන්නං වා අද්ධානං ආරබ්භ කංඛති” යනුවෙන් දක්වන්නේ මම ක්ෂත්රියයෙක් ද බ්‍රාහ්මණයෙක් ද වෛශ්‍යයෙක් ද ශුද්‍රයෙක් ද රූපය මම ද වේදනාව මම ද සංඥාව මම ද සංස්කාරයෝ මම ද විඤ්ඤාණය මම දැයි වර්තමානය ආත්මය ගැන සැක කරන්නවුන්ට ඇති වන වර්තමාන භවය වසන අවිද්‍යාව ය.