ඡ දිට්ඨියො:

79. අත්ථි මේ අත්තාති වා අස්ස සච්චතෝ ථෙතතෝ දිට්ඨි උප්පජ්ජති.

80. නත්ථි මේ අත්තාති වා අස්ස සච්චතෝ ථෙතතෝ දිට්ඨි උප්පජ්ජති.

81. අත්තනාව අත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතෝ ථෙතතෝ දිට්ඨි උප්පජ්ජති.

82. අත්තනා වා අනත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතෝ ථෙතතෝ දිට්ඨි උප්පජ්ජති.

83. අනත්තනා වා අත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතෝ ථෙතතෝ දිට්ඨි උප්පජ්ජති.

84. අත වා පනස්ස එවං දිට්ඨි හෝති, සෝ මේ අයං අත්තා වාදෝ වේදෙය්‍යෝ, තත්‍ර‍ තත්‍ර‍ දීඝරත්තං කල්‍යාණපාපකානං කම්මානං විපාකං පච්චනුහෝති. න සො ජාතෝ නාහෝසි න සෝ ජාතේ න භවිස්සති. නිච්චෝ ධුවෝ සස්සතෝ අවිපරිණාමධම්මොති වා පනස්ස සච්චතෝ ථෙතතෝ දිට්ඨි උප්පජ්ජති.

සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් මට ආත්මයක් ඇතය යි ගැනීම එක් දෘෂ්ටියකි. එසේ ගන්නා තැනැත්තේ ආත්මය අතීතයේත් තිබිණ, දැනුදු ඇත, එය අනාගතයේත් එසේ ම ඇත්තේ ය යි ගන්නේ නම් එය ශාස්වත දෘෂ්ටිය වේ. වර්තමානයෙහි පමණක් ඇත්තේ යයි ගන්නේ නම් එසේ ගැනීම උච්ඡේද දෘෂ්ටිය ය.

සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් මාගේ ආත්මය නැතය යි ගැනීම එක් දෘෂ්ටියකි. එයින් අදහස් කරන්නේ අතීතානාගත දෙක්හි නැති බව ය. මරණින් ආත්මය කෙළවර වන බව ය. ඒ උච්ඡේද දෘෂ්ටිය ය. ආත්මය අතීතයෙහි නො තිබී දැන් ඇතය යි ගන්නේ නම් එය ආත්මය ඉබේ ම ඇති වූයේ ය යන අධිච්ච සමුප්පන්න නම් ශාස්වත දෘෂ්ටිය වේ.

සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මයෙන් ආත්මය දනිමි යයි ගැනීම එක් දෘෂ්ටියකි. එයින් අදහස් කරන්නේ පඤ්චස්කන්ධය ආත්ම වශයෙන් ගෙන එයින් එකක් වන සංඥාස්කන්ධයෙන් ආත්ම වශයෙන් ගන්නා ලද රූප වේදනා සංස්කාර විඥාන යන ස්කන්ධයන් ආත්මය යි සැලකීම ය.

සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මයෙන් ආත්ම නො ාවන දෙය දනිමිය යනු එක් දෘෂ්ටියකි. එයින් අදහස් කරන්නේ සංඥාස්කන්ධය පමණක් ආත්ම වශයෙන් ගෙන ආත්ම වශයෙන් නො ගන්නා ලද ඉතිරි ස්කන්ධ සතර දැන ගැනීම ය.

සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්ම නො වන දෙයකින් ආත්මය දැනගනිමිය යනු එක් දෘෂ්ටියකි. එයින් අදහස් කරන්නේ දැනන්නා සංඥාස්කන්ධය ආත්ම වශයෙන් නො ගෙන ඉතිරි ස්කන්ධ සතර ආත්ම වශයෙන් ගෙන සංඥාස්කන්ධයෙන් ඒ ආත්ම වශයෙන් ගන්නා ලද ස්කන්ධ සතර දැනගැනීම ය.

කථා කරන්නා වූ දන්නා වූ විඳින්නා වූ ඒ ඒ භවයන්හි දීර්ඝ කාලයක් කුශලාකුශල කර්මයන්ගේ විපාකය අනුභව කෙරේ. ඒ නූපදනා ස්වභාව ඇති ඒ ආත්මය උපන් දෙයක් නො වේ. අතීතයෙහි නූපන්නේ ය. අනාගතයෙහිදී ද නූපන්නේ ය. ඒ ආත්මය ඇති වීම නැති වීම දෙක නැති බැවින් නිත්‍ය ය. ස්ථිරය, සර්වකාලිකය, නො පෙරළෙන ස්වභාව ඇතියකැයි ගැනීම එක් දෘෂ්ටියෙකි. මේ ශාස්වත දෘෂ්ටියෙකි.

මේ ෂට්ක වශයෙන් දේශිත සුවාසූවක් වන ධර්මයන්ගේ විස්තරය ය.

ෂට්ක නිර්දේශය නිමියේ ය.

__________