“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, කැතිනැකත ලත් හිල්මස පෞර්ණමීපොහොය පටන් හෙමන්තසෘතුයෙහි සූර්යදිව්‍යරාජතෙම කුක් පිණිස ක්‍රෑර ව දිලියේ ද? උතුරුපල්ගුණේ නැකැත ලත් මැදින්දින පෞර්ණමී පොහොය පටන් ගිම්හානසෘතුයෙහි එසේ නැතැ” යි කීහ. “මහරජානෙනි, ග්රීෂ්මසෘතුයෙහි රජස්සමූහය ඌර්ධව අනුගත වන ලද වෙයි. වාතයෙන් කැළැඹෙන ලද්දා වූ දූවිලි ගගනානුගත වෙති. ආකාශයෙහි ද වලා ඉතා බහුල වන්නාහු ය. මහාවාතය ද ඉතා බලවත් ව හමන්නේ ය. රජොජල්ල දූවිලි වලා වාතය යන ඒ සියල්ල නොයෙක් රාශියෙන් යුක්ත වූවාහු සූර්යරශ්මීන් වසා ගණිති. ඒ කාරණයෙන් ග්රීෂ්මසෘතුයෙහි සූර්යදිව්‍යරාජතෙම මඳ ව දිලියෙන්නේ ය. මහරජානෙනි, හෙමන්ත සෘතුයෙහි යට පොළොව සන්හිඳෙන ලද වන්නේ ය. මත්තෙහි මහා මෙඝය පටන් ගන්නා ලද වන්නේ ය. භූමියෙහි රජොජල්ලය ශාන්ත වන ලද්දේ ය. රෙණු සංඛ්‍යාත වූ ධූලිය ද ශාන්ත ශාන්ත ව අහස්හි හැසිරෙන්නේ ය. ආකාශය පහ වූ වලා ඇති වන්නේ ය. වාතය ද මඳ මඳ ව හමන්නේ ය. රජොජල්ලය දූවිලි වලා වාතය යන ඒ උපක්ලේශයන්ගේ වැළකීමෙන් සූර්යරශ්මීහු පිරිසිදු වන්නාහු ය. උපද්‍රවයෙන් මිදුනා වූ සූර්යදිව්‍යරාජයාගේ තාපය ඉතා බලවත් (334) ව දිලියෙන්නේ ය. මහරජානෙනි, යම් කාරණයකින් සූර්යදිව්‍යරාජතෙම හෙමන්තසෘතුයෙහි ක්‍රෑර ව දිලියේ ද, ගිම්හාසෘතුයෙහි එසේ නො දිලියේ ද, මේ මෙහි කාරණ ය” යි වදාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වොපද්රවයෙන් මිදුනා වූ සූර්යදිව්‍යරාජතෙම ක්‍රෑරතර ව දිලියෙන්නේ ය. මෙඝාදි උපද්‍රව සහගත වූ සූර්යදිව්‍යරාජතෙම ක්‍රෑර ව නො දිලියෙන්නේ ය. යහපත, ස්වාමීනි, එසේ ම පිළිගන්නෙමි’ යි කීහ.
ක්රෑරප්රභාප්රශ්නය නිමි.
සකලජන මනොනන්දනීය වූ මේ ශ්රීසද්ධර්මාදාසයෙහි සත්වන වර්ගය නිමියේ ය.