අභ්‍යාසය 21.

සිංහලට නැගියයුතු:

  1. ගාමං ගච්ඡන්තො දාරකො එකං ගොණං දිස්වා භායි.
  2. දාරිකා රොදන්තී අම්මාය සන්තිකං ගන්ත්‍වා පීඨෙ නිසීදි.
  3. වාණිජා භණ්ඩානි වික්කිණන්තා නදියං නහායන්තෙ මනුස්සෙ පස්සිංසු.
  4. කඤ්ඤායො හසමානා නහායන්තියො ගච්ඡන්තිං වනිතං අක්කොසිංසු.
  5. පුරිසො හසන්තො රුක්ඛං ආරුහිත්‍වා ඵලානි ඛාදන්තො සාඛායං නිසීදි.
  6. භගවා සාවත්‍ථියං විහරන්තො දෙවානං ච මනුස්සානං ච ධම්මං දෙසෙසි.
  7. සා සයන්තිං ඉත්‍ථිං උට්ඨාපෙත්‍වා හසමානා තම්හා ඨානා අපගච්ඡි.
  8. තුම්හෙ භූමියං සයමානං ඉමං දාරකං මඤ්චෙ ඨපෙථ.
  9. සීහං දිස්වා භායිත්‍වා ධාවමානා තෙ මිගා අස්මිං වනෙ ආවාටෙසු පතිංසු.
  10. ඉමස්මිං ගාමෙ වසන්තානං පුරිසානං එකො වනං ගච්ඡන්තො එකායං කාසුයං පති.
  11. නිසීදන්තියා නාරියා පුත්තො රොදමානො තස්සා සන්තිකං ගමිස්සති.
  12. යාචකා භත්තං පචන්තිං ඉත්‍ථිං ආහාරං යාචන්තා තත්‍ථ නිසීදිංසු.
  13. වනම්හා දාරූනි ආහරන්තී කඤ්ඤා උදකං පිවමානා එකස්මිං පාසාණෙ නිසීදි.
  14. වාණිජා භණ්ඩානි කිණන්තා ච වික්කිණන්තා ගාමෙසු ච නගරෙසු ච ආහිණ්ඩන්ති.

පාලියට නැගියයුතු:

  1. දාසයා ගඟට යන්නේ ගෙඩි කමින් ගසක් මුල හුන්නේය.
  2. මව හඬන ළදැරිය ඔසවා බොන්ට කිරි දුන්නීය.
  3. අපි ගං ඉවුරේ ඇවිදින්නාහු ගඟෙහි නාන මිනිසුන් දුටිමු.
  4. මුවෙක් එහි සිටින අප දැක දුවගොස් වළක වැටුණි.
  5. වනයෙන් පිටතට එන සිංහයා කෙතෙහි තණ කන දෙනක දුටුවේය.
  6. මේ වනයෙන් දර ගෙනෙන කන්‍යාව අර වැවෙන් වතුර බීවාය.
  7. මේ ගමෙහි වසන මිනිහෙක් අර පර්‍වතයට දුවන සිංහයකු දුටුවේය.
  8. අපේ පියවරුත් සොහොයුරෝත් බඩු විකුණමින් ද මිළට ගනිමින් ද ගම්වල ඇවිදින්නාහ.
  9. එදා කන්ද උඩ සිටි මම ගුහාවෙහි නිදන සිංහදෙනක දුටුවෙමි.
  10. ළමයා සිනාසෙමින් දුවගෙන මා වෙතට ආවේය.
  11. ගොවියා බෙරයක් ගෙන යන්නේ මේ ගස් හා කුඹුරු බලමින් මේ ගලඋඩ උන්නේය.
  12. බුදුරද බොහෝ කලක් සැවැත් නුවර වසමින් එනුවර මිනිසුන්ට ධර්‍මය දේශනා කෙළේය.
  13. ඔහුගේ සොහොයුරිය ඇගේ සොහොයුරන්ට බත් පිසන්නී පුටුවක හුන්නීය.
  14. යාචකයන්ට දන්දෙන සිටු තෙමේ තමාගේ සියලු ධනය දුන්නේය.



50.
නාමවිශේෂණ (පද)

පාලි වචනය

සිංහල තේරුම

පාලි වචනය

සිංහල තේරුම

මහන්ත

මහත්

සෙත

සුදු

ඛුද්දක

කුඩා

නීල

නිල්

දීඝ

දික්

රත්ත

රතු

රස්ස

කොට, ලුහුඬු

කාල

කළු

උච්ච

උස්, උසස්

පීත

කසාවන්

නීච

පහත්, මිටි

උත්තාන

නොගැඹුරු

මජ්ඣිම

මධ්‍යම

ගම්භීර

ගැඹුරු

බහු

බොහෝ

ඛර

කර්‍කශ

අප්පක

අල්ප, (අඩු)වූ, ටික වූ

මුදු

මෘදු

ආම

අමු

සුරූප

මනා රූ ඇති

පක්ක

ඉදුණු, පැසුණු

විරූප

මනා රූ නැති

බාල, දහර

වයසින් අඩු

සුවණ්ණ

මනා පැහැ ඇති

තනු

තුනී වූ

මහල්ලක

මහලු

සමීප

ළං වූ

දුබ්බණ්ණ

මනා පැහැ නැති

විත්‍ථත

පතළා වූ, පළල් වූ

ඝන

ඝන වූ

දූර

දුර වූ

 

 


සෙතො ගොණො ’ (=සුදු ගොනා) යි කී කල්හි සෙතො යන්නෙන් ගොනාගේ විශේෂයක් දක්වනු ලැබේ. (වෙන පදයක් නැතිව) ‘ ගොනා ’ යි කී විට සුදු ගොනෙක්, රතු ගොනෙක්, තර ගොනෙක් යනාදි විශේෂයක් නැතිව සාමාන්‍යයෙන් ගොනෙක් අදහස් කරනු ලැබේ. ‘ සුදු ගොනා ’ හෝ ‘ රතු ගොනා ’ යි කී කල්හි පිළිවෙලින් සුදුපැහැ ඇති ගොනෙක් ද, රතුපැහැ ඇති ගොනෙක්ද අදහස් කරනු ලැබේ. ඉතිරි ගොනුන් අදහස් නොකරනු ලැබේ. එබැවින් ‘ සෙතො ’ යන පදය ‘ ගොණො ’ යන පදයාගේ විශේෂණයකි. විශේෂය (වෙනස) කරන්නා විශේෂණ නම් වේ. විශේෂණය හෙවත් වෙනස් කිරීම ලබන්නාවූ ‘ගොණො’ යන්න විශේෂ්‍ය නම් වේ.


51.
ඉංග්‍රීසි භාෂාවෙහි ගුණවචන හෙවත් විශේෂණපද (Adjectives) වලට විභක්ති යෙදීමක් නැත: හැම ලිඞ්ගයේදී ම හැම විභක්තියේදී ම නිපාතපද මෙන් වෙනස් නොවී සිටිත්. නමුත් පාලි භාෂාවෙහි විශේෂණපදය විශේෂ්‍ය පදයාගේ ලිඞ්ගය ද විභක්තිය ද සංඛ්‍යාව ද ගනී. “ සෙතො ගොණො ” යන තැන ‘ සෙතො ’ යන විශේෂණ පදය ‘ ගොණො ’ යන පදයෙහි වූ පුල්ලිඞ්ගය ද පඨමා විභක්තිය ද ඒකවචනය ද ගෙන සිටී.

විශේෂ්‍ය පදය ‘ ගොණා ’ යි බහු වචනයෙන් සිටියේ නම් විශේෂණය ද ‘ සෙතා ’ යි පඨමා බහුවචනය ගනී. විශේෂණය ලබන්නී ස්ත්‍රියක් වීනම් විශේෂණය ඒ ලිඞ්ගය ගනී. ‘ සෙතා ගාවී ’ = ‘සුදු ගවදෙන’ යනු උදාහරණයයි. විශේෂ්‍යය නපුංසක ලිඞ්ගයෙහි වීනම් විශේෂණය ද ඒ ලිඞ්ගය ගනී. “ සෙතං වත්‍ථං ” = “සුදු වස්ත්‍ර‍ය” යනු උදාහරණයයි. (මේ සමානාධිකරණයයි.)


52.
ගච්ඡන්ත - පචන්ත - ගච්ඡමාන ’ ආදී අන්ත - මාන - ප්‍ර‍ත්‍යාන්ත කිතකපදයන්ද විශේෂණ පද වශයෙන් තුන් ලිඟුවෙහි යෙදෙන බව කියන ලදී. බොහෝ සර්‍වනාමයෝ ද සංඛ්‍යානාම ද අන්‍ය පදයන්ට විශේෂණ වෙති.


53.
මය්හං ගොණො (=මගේ ගොනා) බ්‍රාහ්මණස්ස පුත්තො (=බ්‍රාහ්මණයාගේ පුත්‍ර‍යා) යි කී කල්හි ගොනා ද පුත්‍ර‍යා ද අන්‍යයන්ගේ ගොනුන්ගෙන් ද පුත්‍ර‍යන්ගෙන් ද වෙන් කරනු ලබන බැවින් “ මය්හං, බ්‍රාහ්මණස්ස ” යන පද දෙක පිළිවෙලින් “ගොණො - පුත්තො” යන පද දෙකට විශේෂණ වේ. මෙසේ භින්නාධිකරණයෙන් සිටි කල්හි විශේෂණය විශේෂ්‍ය පදයාගේ ලිඞ්ගය ද විභක්තිය ද සංඛ්‍යාව (වචනය) ද නොගනී .