‘ කෙරෙන් ’ යන අර්‍ථය ප්‍රකාශ කිරීම සඳහා බොහෝ ශබ්දයන් කෙරෙන් තො - ප්‍රත්‍යය යොදනු ලැබේ. පඤ්චමියගේ ඒකවචන බහුවචන දෙක්හිම එය යෙදේ. ඒ ප්‍රත්‍යයෙන් යුත් පද නිපාත සංඛ්‍යාවට වැටෙත්.
පාලි වචනය |
සිංහල තේරුම |
පුරිසතො |
පුරුෂයා කෙරෙන්, පුරුෂයන් කෙරෙන් |
රුක්ඛතො |
ගස හෝ ගස් කෙරෙන් |
ගාමතො |
ගමෙන් |
ගෙහතො |
ගෙයින් |
නගරතො |
නුවරින් |
මාතිතො |
මව කෙරෙන් |
චොරතො |
සොරා කෙරෙන් |
අග්ගිතො |
ගින්නෙන් |
සබ්බතො |
සියල්ල කෙරෙන් |
පිතිතො |
පියා කෙරෙන් |
77. කර්මකාරකයෙහි සිද්ධ වූ කිතකපද මින් පෙර දක්වන ලදහ. කර්‍තෘ කාරකයෙහි සිද්ධවන කිතක පද ද ඇත්තාහ. එයින් ස්වල්පයක් මෙහි දැක්වේ.
පාලි වචනය |
සිංහල තේරුම |
පාලි වචනය |
සිංහල තේරුම |
|
ගත |
ගිය; ගියාවූ |
ඨිත |
සිටි |
|
ආගත |
ආ; ආවාවූ |
නිසින්න |
හුන් |
|
මත |
මළාවූ |
වුත්‍ථ |
විසූ |
|
භූත |
වූ; සිදු වූ |
කුද්ධ |
කිපි, කිපුණු |
|
සුත්ත |
නිදාගත් |
තිණ්ණ |
එතර වූ |
|
ඔතිණ්ණ |
බැස්සා වූ |
ආරුළ්හ |
නැඟි; නැඟුණු |
|
නහාත |
නෑ; නෑවා වූ |
|
|