"දීපට්ඨානෙ ජිනෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ
තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
-
ජාතිමා අංගසම්පන්නො පඤ්ඤවා බුද්ධිසම්මතො
ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං"
බුදුනට ද සඟනට ද පහන් දල්වන භාණ්ඩ පුදා කර්මයට අනුරූප අනුසස් තුනක් ලබමි. උසස් කුල ඇත්තේ වෙමි. අංග සම්පූර්ණ වූයේ වෙමි. නුවණැත්තේ ය යි සම්මත කරන ලද්දේ වෙමි. එහි අනුසස් වශයෙන් මේ ගුණයන් ලබමි.