උදේ 6 පටන් 7 දක්වා
සිල් සමාදන්වීම හා වැඳුම් පිදුම් කිරීම.
7 පටන් 8 දක්වා
ආහාර වැළඳීම. ශීලය ආවර්ජනා කිරීම. විවේක ගැනීම.
8 පටන් 8.45 දක්වා
භාවනා කිරීම.
9 පටන් 10 දක්වා
දහම් ඇසීම හෝ පොත් කියවීම, ධර්ම සාකච්ඡා කිරීම.
10 පටන් 12 දක්වා
නෑම, බුද්ධ පූජාව පිළියෙල කිරීම, පූජා පැවැත්වීම, ආහාර වැළඳීම.
12 තෙරුවන් වැඳීම
2 දක්වා විවේක ගැනීම
2 පටන් 2.45 දක්වා
පෙහෙවස් සමාදන් වූවන්ගේ සමිතිවල රැස්වීම් පැවැත්වීම හෝ දහම් පොත් කියවීම. ඉක්බිති ගිලන්පස ගැනීම.
3 පටන් 3.45 දක්වා
භාවනා කිරීම.
4 පටන් 5 දක්වා
දහම් ඇසීම හෝ පොතක් කියවීම.
5 පටන් 6 දක්වා
වත් පිළිවෙත් කිරීම, පූජාව සඳහා මල් පහන් ගිලන්පස පිළියෙල කිරීම.
රාත්‍රී කාලය
6 පටන් 7 දක්වා
සිල් සමාදන්වීම, වැඳුම් පිදුම් කිරීම.
7 පටන් 8 දක්වා
ශීලය ආවර්ජනා කිරීම, මල් පහන් ගිලන් පස බුද්ධ පූජා පැවැත්වීම, ගිලන්පස ගැනීම.
8-10 දක්වා
භාවනා දහම් ඇසීම, දහම් පොත් කියවීම.
10 පටන් 12 දක්වා
ධර්ම සජ්ඣායනා කිරීම, භාවනා කිරීම.
පාන්දර 4 පටන්
ධර්ම සජ්ඣායනා කිරීම, භාවනා කිරීම.
5 පටන් 6 දක්වා
වත් පිළිවෙත් කිරීම, තෙරුවන් වැඳීම.
උදේ 6 ට
සිල් පවාරණය
මේ කාලසටහන පිළියෙල කර ඇත්තේ පැය දෙකතුනක් භාවනාවේ යෙදිය හැකිවන පරිදි භාවනාවක් පුරුදු කර නැති සාමාන්‍ය ජනයා සඳහා ය. යම්කිසි භාවනාවක් දියුණු කර ගෙන ඇති පින්වත්හු ඒ භාවනාවම වැඩි කාලයක් කෙරෙත්වා.