“කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා - දොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා - දොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා - දොමනස්සං.”
පාලි පාඨයෙහි තේරුම
ඒ සතර සතිපට්ඨානයෝ කවරහු ද? මේ සර්වඥ ශාසනයෙහි කෙලෙස් තවන වීර්යය සහ යහපත් සිහි නුවණ ඇති මහණ තෙමේ, නොහොත් භාවනානුයෝගී තෙමේ, අනිත්‍ය - දුක්ඛ- අනාත්ම -අසුභ වූ මේ රූප කයෙහි රූප කය අනුව අනිත්‍යාදී වශයෙන් බලමින් එම රූපකය වූ උපාදානස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ක්‍රෝධය තදඞ්ග - විෂ්කම්භණ වශයෙන් දුරු කොට වාසය කරයි.
එසේ ම යට කී භාවනානුයෝගී තෙමේ සැප - දුක් විඳීම් ආදී වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව අනිත්‍යදී වශයෙන් බලමින් එම වේදනා සංඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව (දැඩි ලෝභය) හා දොස (ක්‍රෝධය) තදඩ්ග - විෂ්කම්භණ වශයෙන් දුරු කොට වාසය කර යි.
අරමුණු දැන ගන්නා සිතෙහි එම සිත අනුව අනිත්‍යාදී වශයෙන් බලමින්, එම සිත ය යි කියන ලද ලෝකයෙහි ලෝභය හා ක්‍රෝධය තදඞ්ග-විෂ්කම්භණ වශයෙන් දුරුකොට වාසය කර යි.
නීවරණ ආදී ස්වභාව ධර්මයන් කෙරෙහි ඒ ඒ ස්වභාව ධර්ම අනුව අනිත්‍යාදී වශයෙන් බලමින්, එම ස්වභාව ධර්ම සංඛ්‍යාත ලෝකයෙහි ලෝභය හා ක්‍රෝධය තදඞ්ග-විෂ්කම්භණ වශයෙන් දුරුකොට වාසය කර යි.