මේ නම ඇති පොතේ කථා 95 ක් තිබේ. එබැවින් එය සිහලවත්‍ථුවට වඩා තරමක් විශාලය. ස - හස්සත්‍ථුව සීහළවත්‍ථුවට පසුව සම්පාදිත වූවකි. එහි ව්‍යාකරණදෝෂ බොහෝය. සීහළවත්‍ථුවේ එක් පිටක සදොස් තැන් දෙකක් තිබේ නම් ස - හස්සත්‍ථුවේ එක් පිටක සදොස් තැන් දශයක් දොළසක් සෙවිය හැක. රසවාහිනිය සම්පාදිත වූයේ මේ ස - හස්සත්‍ථුව සකස් කිරීමෙනි. රසවාහිනිය සම්පාදිත වූ පසු “සද්ධර්මාලංකාර” නමැති සිංහළපොතට ඒ කථාවස්තු ගන්නා ලදි. ස - හස්සත්‍ථුව ඉතා කෙටියෙන් දැක් වූ කථා රසවාහිනියෙහිදී තවත් විස්තර යොදා විශාල කොට තිබේ. ස - හස්ස (=සහාස) වත්‍ථුවෙ තත්ත්වය දැන ගැනීම සඳහා එයින් කථා කීපයක අනුවාදය මෙහි දක්වනු ලැබේ.
අනු මාතෘකා
keyboard_arrow_right1. සද්ධාතිස්ස ඇමතියාගේ කථාවshare
keyboard_arrow_right2. ඵුස්සදේව මහතෙරුන්ගේ කථාවshare
keyboard_arrow_right3. ඉන්දගුත්ත මහ තෙරුන්ගේ කථාවshare
keyboard_arrow_right4. තම්බසුමන තෙරුන්ගේ කථාවshare
keyboard_arrow_right5. සංඝ ඇමතිගේ කථාවshare
keyboard_arrow_right6. මූදේ පීනා ගිය ස්ත්රියගේ කථාවshare