1. ධම්මො පනෙසො සුගතප්පසත්ථො
තරණීව සංසාර මහණ්ණවස්ස,
බ්‍රහ්මාසුරාදීහි නමස්සනීය්‍යො
රසො රසානං පරමො තිලොකෙ.
2. මහාගදො මච්චුජරා පහානො
සබ්බීතිනාසාය විසෙසමන්තො,
සබ්බත්ථ දානෙන ච කප්පරුක්ඛො
චින්තාමණී භද්දඝටොව ධම්මො,
3. ධම්මං විනා නත්ථි පිතා ච මාතා
තමෙව තාණං සරණං පතිට්ඨා
තස්මා හි භො කිච්චමඤ්ඤප්පහාය
සුණාථ ධාරෙථ චරාථ ධම්මෙ.
(රසවාහිනී)
තේරුම:-
(1) සුගතයන් වහන්සේ විසින් පසස්නා ලද මේ ධර්මය සංසාරමහාර්ණවයට පසුරක් වැනිය. . බ්‍රහ්මාසුරාදීන් විසින් නමස්කාර කළ යුතු වූ මේ ධර්මය තුන්ලොව ම ඇති රසයන් අතුරෙන් උත්තම රසය ය.
(2) මේ ධර්මය ජරාමරණයන් නැති කරන මහෞෂධයෙක. සියලු උවදුරු දුරු කරන විශේෂ මන්ත්‍රයෙක, මේ ධර්මය සකලාර්ථයන් ප්‍රදානය කරන බැවින් කප්රුකක් සිතුමිණක් භද්‍රඝටයන් වැනිය.
(3) ධර්මය හැර සත්වයනට මවක් පියෙක් නැත. ඒ ධර්මය ම සත්ත්වයනට ආරක්ෂාවය, සරණයය, ප්‍රතිෂ්ඨාවය. පින්වත්නි, එබැවින් අන් සියළු වැඩ නවත්වා ඒ දහම අසව් දරව්, ධර්මයෙහි හැසිරෙව්.
තථගත ධර්මයට අනුව පිළිපැද දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබුවෝ ඉතා බොහෝ ය. පිළිපැදීමක් නැතිව පහත් සිතින් ඒ ධර්මය ඇසීම මාත්‍රයෙන්ම ද දෙවිමිනිස් සැප ලැබු තිරිසන් සතුන් පිළිබඳ කථා ද බෞද්ධ සාහිත්‍යයෙහි දක්නා ලැබේ. ඉන් කිහිපයක් මෙසේය.