- යම් භික්ෂුවක් (භික්ෂූන් විසින්) සම්මත නො කරන ලදුව භික්ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිති වේ.
- යම් භික්ෂුවක් (භික්ෂූන් විසින්) සම්මත කරන ලදුවත් හිරුබට කල්හි භික්ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිති වේ.
- යම් භික්ෂුවක් මෙහෙණවරකට අවුත් නො කල්හි භික්ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිති වේ. භික්ෂුණියක් ගිලන් වූවා නම් එය කාලයයි.
- යම් භික්ෂුවක් “මේ භික්ෂූහු චීවරාදි ආමිෂ ලාභය කැමැත්තෙන් භික්ෂුණීන්ට අවවාද කරන්නාහු යයි” කියා නම් ඕහට පචිති වේ.
- යම් භික්ෂුවක් නො නෑ වූ භික්ෂුණියකට සුළුදෙයකින් හෝ මාරුකර ගැනීමක් නැතිව සිවුරක් දෙයි නම් පචිති වේ.
- යම් භික්ෂුවක් නො නෑ වූ භික්ෂුණියකගේ සිවුරක් ගෙත්තම් කෙරේ නම් හෝ කරවා නම් පචිති වේ.
- යම් භික්ෂුවක් වාහනයකින් යායුතු තරම් සැක සහිත වූද භය සහිත වූද කාලයක මිස නො කාලයෙක්හි භික්ෂුණියක සමග දීර්ඝ මාර්ගයකට පැමිණියේ යටත්පිරිසෙයින් තමාහුන් ගමින් අනිත් ගමකට හෝ යේ ද පචිති වේ.
- යම් භික්ෂුවක් ගඟකින් එතරවීම පිණිස ගඟ හරහා යාමකදී හැර උඩුගං බලා හෝ යටිගං බලා යන නැවකට භික්ෂුණියක හා එක්ව නැගේ නම් පචිති වේ.
- යම් භික්ෂුවක් මුලදී හෝ ගිහියන් විසින් පිළියෙළ කිරීමක් නැතිව හුදෙක් භික්ෂුණියක විසින් පිසන ලද පිණ්ඩපාතය දැන දැන අනුභව කෙරේ නම් පචිති වේ.
- යම් භික්ෂුවක් භික්ෂුණියක සමග හුදකලාව රහසිගතව හිඳී නම් පචිති වේ.
තෙවැනි භික්ඛුනෝවාද වගයි.