සොළොස් විචිකිච්ඡා ප්‍රහාණය

‘සියලු භව-යොනි-ගති-ස්ථිති-සත්ත්‍වාවාසයන්හි හේතු-ඵල සම්බන්ධ වශයෙන් පවත්නේ නාම-රූප මාත්‍ර‍ය ම යැ’යි වැටහේ. ඒ යෝගාවචර තෙමේ හේතුවෙන් මත්තෙහි කාරණයක් නො දක්නේ විපාක පැවැත්මෙන් මත්තෙහි විපාක විඳින්නකු නො දකී. ‘කාරණය ඇති කල්හි කාරකය යි ද, විපාක ප්‍ර‍වෘත්තිය ඇති කල්හි ඵල විඳින්නේය, යි ද ව්‍යවහාර මාත්‍රයෙකින් පණ්ඩිතයන් ව්‍යවහාර කෙරෙති’ යි මෙසේ මේ යොගී තෙමේ මනා නුවණින් මොනවට දකී.

එයින් කීහ පැරැණියෝ :

“කම්මස්ස කාරකො නත්‍ථි - විපාකස්ස ච වෙදකො

සුද්ධධම්මා පවත්තන්ති - එවෙතං සම්මදස්සනං

එවං කම්මවිපාකෙච - වත්තමානෙ සහෙතුකෙ

බීජරුක්‍ඛාදිකානංච - පුබ්බාකොටි න දිස්සති

අනාගතෙපි සංසාරෙ-අප්පවත්තං න දිස්සති

එතමත්‍ථමනඤ්ඤාය - තිත්‍ථියා අසයං වසී

සත්ත සඤ්ඤං ගහෙත්‍වාන - සස්සතුඤච්ඡෙදදස්සීනො

ද්‍වාසට්ඨිදිට්ඨි ගණ්හන්ති - අඤ්ඤමඤ්ඤං විරොධිතා

දිට්ඨිබන්‍ධන බද්ධා තෙ - තණ්හාසොතෙන වුය්හරෙ

තණ්හාසොතෙන වුය්හන්තා - න තෙ දුක්‍ඛා පමුච්චරෙ

එවමෙතං අභිඤ්ඤාය - භික්ඛු බුද්ධස්ස සාවකො

ගම්භීරං නිපුණං සුඤ්ඤං - පච්චයං පටිවිජ්ඣති

කම්මං නත්‍ථි විපාකම්හි - පාකො කම්මෙ න විජ්ජති

අඤ්ඤමඤ්ඤං උභො සුඤ්ඤං - නව කම්මං විනා ඵලං

යථාන සුරියෙ අග්ගි - න වණිම්හි න ගොමයෙ

න තෙසං බහි සො අත්‍ථි - සම්භාරෙහි ච ඡායති

තථා න අන්තො සම්මස්ස - විපාකෙ උපලබ්භති

බහිද්‍ධාපි න කම්මස්ස - න කම්මං තත්‍ථ විජ්ජති

ඵලෙන සුඤ්ඤාකං කම්මං - ඵලං කම්මෙ න විජ්ජති

කම්මං ච ඛො උපාදාය - තතො නිබ්බත්තතී ඵලං

න හෙත්‍ථ දෙවො න බ්‍ර‍හ්මා - සංසාරස්සත්‍ථී කාරකො

සුඤ්ඤධම්මා පවත්තන්තී - හෙතුසම්හාරපච්චයා

“කම් කරනුවෙක් නැති - විවා විඳිනෙක් නො ද ඇති,

හුදු දහම් පවතින්නේ - මේ මැයි දැකුම් තතු සේ”

“මේ ලෙසින් සහේතුක - කම් හා විවා ඇති කලැ,

බිජුවට රුක් - ලිය සේ - මුල් කොණ නො දක්නේ වේ”

“මතු කල සසරෙහි ද - නො පැවැත්මෙක් නො දිස්නේ,

මෙ අරුත නො දැක තොටුවෝ - මිසදිටු වසග වූවෝ”

“සත් සන් ගෙන සහස් වත*[1] උසිඳු+ දිටු ගැත්තේ,

එකිනෙක විරුදු බව් ඇති - දෙසැටක් කුදිටු ගත්තේ”

කුදිටු බැමි බැඳුණෝ - තණ සැඩ පහර ගිල්වත්,

තණ හෝ වාර වැටුණෝ - සසර දුකින් නො මිදෙනෝ

“මෙසේ මෙ නියත තතු-දතු බුදු සව් මහණතෙමේ,

ගැඹුරු සියුම් අත් බැවින් - සුන් පස දහම පිළිවිදි’

“කර්‍ම විවායෙහි තැත් - කම්හිදු විවා නැත්මැයි,

ඒ දෙක උනුත් සුන් වේ - කම් නැත විවා නැත්තේ”

“ඉරැ හිරුකැන්මිණෙහි - ගොම සුන්නෙහි ද ගිනි නැත්,

ගිනි ඉන් බැහැර ද නො වේ - මොවුනතුරෙහි මැ වනුයේ”

“කර්‍ම ඇතුළත විවා - නොලැබේ කැමින් පිටත ද,

විවා ඇතුළත එලෙසින්න - කර්‍ම නො ලැබේ කිසි ලෙසින්”

“පෙලෙන්** කම් සුන් වේ - කම්හිදු පලය නැත්තේ

එතෙකුදු වුව කම් ඇසිරැ - විවා පලය උපද්දී”

“දෙවියෙක් බඹෙක් හෝ - මෙ සසර කරන්නෙක් නැති,

හේ පස++ නිමිත්තෙන් මෙහි - හුදු දම් මතු පවත්නේ”

විශේෂ:- බීජයෙන් වෘක්‍ෂයැ, වෘක්‍ෂයෙන් නැවැත බීජයැ යි මෙසේ වෘක්‍ෂ බීජ සන්තතිය අනාදිකාලික හෙයින් පූර්‍ව කෝටිය නො පැනෙන්නා සේ ‘කර්‍මප්‍ර‍ත්‍යයයෙන් විපාක යැ විපාක ප්‍ර‍ත්‍යයයෙන් නැවැතැ කර්‍මයැයි කර්‍මවිපාක සන්තතිය අනාදි කාලික හෙයින් පූර්‍වකෝටිය නො පැනේ.

  1. * ශාස්වත +උච්ඡෙද තෘෂ්ණා තෘෂ්ණා සැඩ පහර

    ආත්ම භාවයෙන් ශුන්‍ය වූ කර්‍මය නැති කල්හි **ඵලයෙන්

    ++ හෙතු ප්‍ර‍ත්‍යය ශුද්ධධර්‍ම මාත්‍ර‍ය