ප්‍රශ්නය:- යථාභූතඥානය, සම්‍යක්දර්‍ශනය, කඞ්ඛාවිතරණය යන මේ ධර්‍මයෝ නනාර්‍ථයෝ වෙද්ද නානා ව්‍යඤ්ජනයෝ වෙද්ද නොහොත් එකාර්‍ථ වෙද්ද ව්‍යඤ්ජනයෝ ම නා නා වෙද්ද
උත්තරය:- යථාභූතඥානය, සම්‍යක්දර්‍ශනය, කඞ්ඛාවිතරණය යන මොහු එකාර්‍ථයෝ යැ, ව්‍යඤ්ජන ම වෙනසි. මේ නුවණින් යුක්ත වූ විදර්‍ශක තෙමේ බුදු සස්නෙහි ලබන ලද ආශ්වාස (=ප්‍රතිෂ්ඨා) ඇත්තේ නියත ගති ඇත්තේ චුල්ලසොතාපන්න නම් වේ.
විස්තර:- පරමාර්‍ථ වශයෙන් ශාසනයෙහි ආශ්වාසය නම් ආර්‍ය්‍ය ඵලය යි. ප්‍රතිෂ්ඨා නම් ආර්‍ය්‍යමාර්‍ගය යි. මේ යොගී තෙමේ මාර්‍ග - ඵලාධිගම නො කළේ ද ඒ අධිගම උපාය වූ ප්‍රතිපත්ති යෙහි සිටි හෙයින් ලබන ලද ආශ්වාස-ප්‍රතිෂ්ඨා ඇත්තකු මෙන් වේ ය යි (මෙසේ) කියන ලදී.
ඒ මෙසේ යි:- නො පිරිහුණු කඞ්ඛාවිතරණවිසුද්ධි ඇති විදර්‍ශක තෙමේ ලෞකික සීල-සමාධි-ප්‍රඥාසම්පත්තියෙන් යුක්ත හෙයින් මත්තෙහි මාර්‍ග-ඵලාධිගමය නො කෙළේ ද සුගති පරායණ ම වේය යි නියත ගතිකයැ යි කියන ලදී. එහෙයින් චුල්ලසොතාපන්න නම් වේ. සොතාපන්නයා ද අපාය දුර්‍ගති විනිපාත ක්‍ෂය කළ හෙයිනි.
තවද දිට්ඨිවිසුද්‍ධි සමධිගමයෙන් ලබ්ධාශ්වාස නම් වේ. ඒ මෙසේ යි : නාම-රූප පරිච්ඡෙදයෙන් ස්කන්ධ-ධාතු-ආයතනයන් ස්වභාව-සරස වශයෙන් සලකා ශාසනයෙහි ධම්මූපසංහිතප්‍රමොද්‍යා ප්‍රතිලාභයෙන් ලබන ලද ආශ්වාස ඇත්තේ වෙයි.
කඞ්ඛාවිතරණවිසුද්‍ධි සමධිගමයෙන් ලබ්ධප්‍රතිෂ්ඨ වේ. ඒ මෙසේ යි:- හේතු ප්‍රත්‍යය සහිත නාම-රූප දර්‍ශනයෙන් මඩනාලද දිට්ඨිකණ්ටක ඇත්තේ අහෙතු-විසමහෙතු වාදයෙන් මැඩ-පියන ලද්දේ තම තමා පිළිබඳ ප්‍රත්‍යයයෙන් ම ධර්‍ම ප්‍රවෘත්තිය දැන ශාසනයෙහි පිහිටුවන ලද ශ්‍රද්‍ධා ඇත්තේ ලබ්ධප්‍රතිෂ්ඨ නම් වේ. නාම-රූප වවත්‍ථානයෙන් දුඃඛසත්‍යය ද, ධම්මට්ඨිතිඤාණයෙන් සමුදය සත්‍යය ද, එය ම මෑත භාගයෙහි අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමාදී ක්‍රමයෙන් මාර්‍ගසත්‍යය ද, විශිෂ්ට ඥානයෙන් දැන නාම-රූප ප්‍රවෘත්තියෙහි දුඃඛභාවය දැක අප්‍රවෘත්තිය ව නිරොධ (නිර්‍වාණ) යෙහි එකනාත් නැමුණු අදහස් ඇති බැවින් ලෞකික ඥානයෙන් ම චතුරාර්‍ය්‍ය සත්‍යයන් අධිගත හෙයින් අපායොත්පත්තියට අභව්‍ය වූයේ සෝතාපත්ති භූමියට භව්‍ය උත්පත්ති ඇත්තේ වන්නේය යි ද නියත ගතිකය යි ද චුල්ලසෝතාපන්නය යි ද එයින් කියන ලදී.
ඉන් නිබඳ සි ඇති - සැක දුරු කරන*[1] රිසි ඇති
මහණ සැමයුරු නම්-රූ- පස පිරිගා+ කරන්නේ
සාධු ජනයන් ගේ ප්‍රමොදය පිණිස කළ විශුද්‍ධිමාර්‍ගයෙහි
ප්‍රඥාභාවනාධිකාරයෙහි කඞ්ඛාවිතරණ විසුද්‍ධි නිර්දේශ නම් වූ එකුන් විසිවන පරිච්ඡෙදය යි.
-
*කඞ්ඛාවිතරණයෙහි ප්‍රත්‍යය +පරිග්‍රහ ↑