3. චක්ඛුද්වාරික මහන්තාරම්මණ චිත්ත වීථි.

එක් චිත්තක්‍ෂණයක් ඉක්ම ගිය රූපය චක්‍ෂුසට අරමුණු වීමෙන් “අතිමහන්තාරම්මණ චිත්ත වීථිය” ලැබුණු සැටි යට දක්වන ලද්දේය. මෙහි වනාහි චිත්තක්‍ෂණ දෙකක් තුනක් ඉක්ම යාමෙන් “මහන්තාරම්මණ චිත්ත වීථි” ලැබෙන සැටි දක්වනු ලැබේ.

1. චිත්තක්‍ෂණ දෙකක් ඉක්මැ ගිය පසළොස් චිත්තක්‍ෂණායුෂ්ක රූපයක් චක්‍ෂුර්ද්වාරයට ආපාතගත වූයේ යයි සලකනු. එවිට තුන්වන, සතර වන චිත්තක්‍ෂණාවස්ථායෙහි භවඞ්ගචලන භවඞ්ගුපච්ඡේද වේ. ඔවුනුදු භවාඞ්ග ම බැවින් ඔවුනට අරමුණු වන්නේ මේ රූපය නොව පූර්වකර්ම, කර්මනිමිති, ගතිනිමිති අතුරෙන් එකක් බව සැලකිය යුතු. පස් වන, සවන, සත් වන, අට වන, නව වන චිත්තක්‍ෂණාවස්ථායෙහි පඤ්චද්වාරාවර්ජන, චක්ඛුවිඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ, වොත්‍ථපන උපදී. ඔවුන්ට අරමුණ මේ රූපය මැ යි. එහි දු පඤ්චද්වාරාවර්ජනය ක්‍රියා සිතෙකි. චක්ඛුවිඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ විපාක ය. එහි දු රූපය ඉෂ්ටනම් කුශල විපාක ය. අති ඉෂ්ට නම් සන්තීරණය සෝමනස්ස සහගත වේ. රූපය අනිෂ්ට නම් අකුශල විපාක යි. වොත්‍ථපනය ක්‍රියා මාත්‍රයෙකි.

දස වන, එකොළොස් වන, දොළොස් වන, තෙළෙස් වන, තුදුස් වන, පසළොස් වන, සොළොස් වන චිත්තක්‍ෂණාවස්ථානයෙහි ඒ ම අරමුණු කරමින් ජවන් සත උපදී. මෙහි ජවන් ප්‍රත්‍යය ලත් පරිදි අකුශල හෝ කාමාවචර කුශල හෝ රහතනට ක්‍රියා හෝ වන බව දත යුතු.

තව ඇත්තේ රූපය පිළිබඳ එක් චිත්තක්‍ෂණ මාත්‍රයෙකි. එය අරමුණු කොට උපදිතොත් එක තදාලම්බනයක් උපදිත හැකිය. එහෙත් දෙකම උපදින්නට අරමුණ නො පොහොනේ නම් එකකු දු නො ඉපදීම තදාලම්බනයන්ගේ ධර්මතායෙකි. එබැවින් මෙහි තදාලම්බන එකකු දු නො ඉපිද සිත භවාඞ්ගයට බස්නේ ය. භවාඞ්ගයට අරමුණු වන්නේ මේ රූප ශේෂය නොව යට කී ලෙස කර්මාදීන් අතුරෙන් එකක් බව මෙහිදී ද සැලකිය යුතුයි.

තදාලම්බන නො ඉපිද ජවනවලින් අවසන් වූ බැවින් මෙය චක්ඛුද්වාරික මහන්තාරම්මණ චිත්ත වීථිය යි කියනු ලැබේ. එහෙයින් ම මෙයට ජවන වාරය යි ද කියත්.

අවසානයෙහි තලු මරා ගිලීම හැර සෙසු සියල්ල අම්බොපමායෙහි දැක්වුණු පරිදි යි. එහි වින්‍යාසය මෙසේය.

චක්ඛුද්වාරික මහන්තාරම්මණ චිත්ත වීථිය-1

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

පා

සං

තී

වො

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

අවසානයෙහි තදාලම්බන එකක් උපදින්නට රූපයේ ආයුෂ ඇතිවත් එය නො ඉපිදැ භවඞ්ග වූ සැටි මෙයින් දත හැකිය. යටින් කුඩා ඉරි කැබැලි භවඞ්ගයන් ගේ අරමුණු දක්වනු සඳහා ය. සෙස්ස යට කී සේ යි.

2. චිත්තක්‍ෂණ තුනක් ඉක්ම තුදුස් (14) චිත්තක්‍ෂණායුෂ්කරූපයක් චක්‍ෂුර් ද්වාරයට ආපාතගත වූයේ යයි සලකනු. එවිට සතර වන, පස් වන චිත්තක්‍ෂණාවස්ථායෙහි භවඞ්ග චලන භවඞ්ගුපච්ඡේද වේ. සවන, සත් වන, අට වන, නව වන, දස වන, චිත්තක්‍ෂණාවස්ථායෙහි පඤ්චද්වාරාවර්ජන, චක්ඛුවිඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ, වොත්‍ථපන උපදී. එකොළොස් වන, දොළොස් වන, තෙළෙස් වන, තුදුස් වන, පසළොස් වන, සොළොස් වන, සතළොස් වන චිත්තක්‍ෂණාවස්ථායෙහි ජවන් සත උපදී. චිත්තක්‍ෂණ සතළොස ඉක්මුණු හෙයින් රූපය නිරුද්ධ විය. තදාලම්බන උපදින්නට කැලම අවකාශ නැත්තෙන් සිත භවඞ්ග විය.

ජවනයෙන් අවසන් වූ බැවින් මෙ ද චක්ඛුද්වාරික මහන්තාරම්මණ චිත්ත වීථිය යි කියනු ලැබේ. එසේ ම ජවන ද්වාරය යි ද කිය යුතු. එහි වින්‍යාසය මෙසේ ය.

චක්ඛුද්වාරික මහන්තාරම්මණ චිත්ත වීථිය-2

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

පං

සං

තී

වො

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

චිත්තක්‍ෂණ තුනක ආයු කාලය ඉක්ම ගිය රූපය චක්‍ෂුර්ද්වාරයෙහි හැපුණු බැවින් ජවන්වලින් ඔබ තදාලම්බන උපදින්නට අවකාශ නැති වූයෙන් සිත භවඞ්ගයට බැස්ස සැටි මෙයින් දත හැකිය. සෙස්ස යට කී සේයි.

විවිධ මහන්තාරම්මණ පිළිබඳ සොතද්වාරික, ඝාණද්වාරික, ජිව්හද්වාරික, කායද්වාරික චිත්ත වීථි අට ද මේ නයින් ම සැලකිය යුතු ය. ශබ්ද, ගන්‍ධ, රස, ඵොට්ඨබ්බ අරමුණු වූ කල්හි සොතවිඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හාවිඤ්ඤාණ, කාය විඤ්ඤාණ සිත් උපදීම ම වෙනසි.

ප්‍රශ්න.

  1. මහන්තාරම්මණය වන්නේ ප්‍රසාදයෙහි හැපෙන විට කෙතෙක් ආයු ඉක්මුණු කෙතෙක් ආයු ශේෂ රූප ද?
  2. මහන්තාරම්මණ චිත්ත වීථි කී ආකාර ද? රූපය පිළිබඳ කොටැ වින්‍යාසයෙන් පැහැදිලි කරනු.
  3. මහන්තාරම්මණයෙහි තදාලම්බන නූපදනේ කිම?
  4. මහන්තාරම්මණ වීථියෙහි කර්ම විපාක ක්‍රියා වෙන් කරනු.
  5. මෙයට නාමාන්තරයක් දක්වනු.