7. අර්පණා චිත්ත වීථි

පරිත්ත වීථි, අර්පණා වීථි වශයෙන් දෙ වැදෑරුම් වූ මනොද්වාරික චිත්ත වීථි අතුරෙන් පරිත්ත වීථියට දක්වන ලදි. මෙහි අර්පණා වීථි දක්වනු ලැබේ. අර්පණා වීථි නම් මහග්ගත ලෝකොත්තර චිත්ත වීථි යි. එ ද වනාහි අර්පණා වීථි, සමාපත්ති වීථි ය යි දෙවැදෑරුම් වේ. ආදි කාර්මිකයාගේ මහග්ගත ලෝකොත්තර චිත්ත වීථි අර්පණා වීථි ය. එහි දු ඔහු ලබන මහග්ගත ලෝකොත්තර සිත් අර්පණා නම් වේ. ආදි කාර්මිකයා නම් පළමු වරට ධ්‍යාන, මාර්ග උපදවන්නා ය. එසේ ඉපදවූවෙක් නැවැත නැවැත ඒ ධ්‍යාන ඵලයන්ට සමවදින්නේ ද, එවිට ඒ සමාපත්ති වීථිය යි කියනු ලැබේ. මේ දෙ ආකාරය ම මතු දැක්වෙන බව සැලකිය යුතු යි.

මහග්ගත ලෝකොත්තර අර්පණා අතුරෙන් රූපාවචර කුශල ක්‍රියාවන්ගේ ද අරූපාවචර ප්‍රථම, තෘතීය කුශල ක්‍රියාවන්ගේ ද අරමුණ කසිණාදී පඤ්ඤත්තාලම්බනය. අරූපාවචර ද්විතීය, චතුර්ථ කුශල ක්‍රියාවන්ගේ අරමුණ මහග්ගතය. ලෝකොත්තරන මාර්ග ඵලයන්ගේ අරමුණ නිර්වාණය යි. (ප්‍රකීර්ණක පාදයේ ආලම්බන විභාගය බලනු.)

මේ අර්පණා ජවන ද්වාරයෙහි අරමුණ පිළිබඳ විභූත අවිභූත භේදයක් නැත. අරමුණ විභූත (-ප්‍රකට) ම බැවිනි. අප්‍රකට අරමුණෙහි අර්පණා ජවන නූපදනේය. ප්‍රකට අරමුණෙහි ම උපදනේය. අරමුණ විභූත වුව ද පරිත්ත මනොද්වාරික චිත්ත වීථියෙහි මෙන් තදාලම්බන නූපදනේය. තදාලම්බන උපදනේ කාමලෝකයෙහි කාමාවචර සත්ත්වයනට කාමාවචර අතිමහන්ත විභූත අරමුණෙහි මැ යි.

දැන් ප්‍රථමධ්‍යානය අර්පණා වන චිත්ත වීථියක් සඳහා කසිණාදි පඤ්ඤත්තාලම්බනයෙක් මනොද්වාරයට ආපාතගත වූයේය යි සලකනු. එවිට ම භවඞ්ග චලන භවඞ්ගුපච්ඡෙද වැ මනොද්වාරාවර්ජනය උපදනේය. මනොද්වාරාවර්ජනයට අනතුරු වැ එම අරමුණු කරමින් ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ජවන අට (මෙය මතු පැහැදිලි වේ.) අතුරෙන් එකක් සතර වරක් උපදනේය. ඉන් පළමු වන ජවනය පරිකර්මය යි ද, දෙ වන ජවනය උපචාරය යි ද, තුන් වන ජවනය අනුලෝමය යි ද, සතර වන ජවනය ගෝත්‍රභුය යි ද කියනු ලැබේ. ගොත්‍රභූ ජවනය නිරුද්ධ වත් ම පස්වන ජවනය වශයෙන් ඒ පඤ්ඤත්තාලම්බනය ම අරමුණු කරමින් පුහුදුනෙකුට නම් පඨමජ්ඣාන කුසල චිත්තය උපදනේය. අර්පණා නම් එය යි. ඒ අර්පණාවසානයෙහි තව ජවන හෝ ආරම්මණය විභූත වුව ද තදාලම්බන හෝ ඉපිද සිත භවඞ්ග වන්නේය. එහි වින්‍යාසය මෙසේය.

මන්ද පඤ්ඤයාගේ පඨමජ්ඣාන අප්පණා චිත්ත වීථිය.

...

...

...

...

....

...

...

....

...

...

....

...

...

....

...

...

....

ඡෙ

ගො

ඣා

භ-භවඞ්ග. ල-භවඞ්ග චලන. ඡෙ-භවඞ්ගුපච්ඡෙද ම-මනොද්වාරාවර්ජන. ප-පරිකර්ම උ-උපචාර අ-අනුලොම. ගො-ගොත්‍රභූ ඣ-ඣාන. හෙද මෙහි පඨමජ්ඣාන යි.

පරිකර්ම නම් ඉන්‍ද්‍රිය සමතාදියෙන් අර්පණාව පිළියෙල කිරීමය. මේ ප්‍රථම ජවනය එසේ අර්පණාව පිළියලෙ කරන බැවින් එයට පරිකර්මය යි කියනු ලැබේ.

උපචාර නම් ඉතා ආසන්නත් නොවැ ඉතා දුරත් නොවැ සමීපයෙහි හැසිරීම ය. දෙවන ජවනය එසේ හැසිරෙමින් ඇසිල්ලෙකින් අර්පණාව ගෙන දෙන බැවින් උපචාරය යි කියනු ලැබේ.

අනුලෝම නම් අනුකූලව පැවැත්ම ය. තුන්වන ජවනය එසේ පවතිමින් අර්පණා උපදීමට විරුද්ධ ධර්ම නැති කරන බැවින් අනුලොමය යි කියනු ලැබේ. ඉන් ඔබ්බෙහි අර්පණා ලාභය නියතයි.

ගොත්‍රභූ නම් පරිත්ත හෝ පෘථග්ජන ගොත්‍ර මැඩීමය. නැතහොත් මහග්ගත හෝ ආර්ය ගොත්‍ර වැඩීම ය. මෙහි සතර වන ජවනය එබන්දක් බැවින් එයට ගොත්‍රභූය යි කියනු ලැබේ. ගොත්‍රභූ ළඟට ධ්‍යාන හෝ මාර්ග සිත් මැ යි. ආදි කාර්මිකයා නිසා ඣානයට අනතුරු වැ භවඞ්ග ඉපිද තිබෙන සැටි බලනු.

මේ පරිකර්මාදි සතරට ම ඇතැම් විටෙක පරිකර්මය යි ද උපචාරය යි ද, අනුලොමය යි ද කියනු ලැබේ. ගොත්‍රභූ නාමය එයට ම පමණකි.

තව ද මෙහි කිය යුත්තෙක් ඇත. මේ පරිකර්ම උපචාර, අනුලෝම, ගොත්‍රභූ නමින් උපදින ජවන් පුහුදුනට හා ශෛක්‍ෂයනට ඥානසම්ප්‍රයුක්ත කාමාවචර කුසල සිත් සතරින් එකෙක. රහත්නට ඤාණසම්පයුත්ත ක්‍රියා සිත් සතරින් එකෙකි. (මෙය මතු ද පැහැදිලි කරනු ලැබේ.)

මේ දැක්වුණේ මන්‍දපඤ්ඤයාගේ පඨමජ්ඣාන අප්පණා වීථිය යි. මන්‍දපඤ්ඤයා නම් තීක්‍ෂණ ඥාන තැනැත්තාය. ඔහුට පරිකර්ම නැති වැ ධ්‍යානය නො ලද හැකියි. එහෙයින් මේ චිත්ත වීථියේ පස්වන ජවනය ඣාන විය. පස්වන ජවනයෙන් ඔබ ජවනයෙක් කිසි විටෙක ඣාන නොවේ. භවාඞ්ගපාතයට ආසන්න බැවිනි.

තීක්‍ෂණ ප්‍රාඥභට වනාහි පරිකර්ම වුවමනා නැත. ඔහුට ඣාන චිත්ත වීථිය උපචාරයෙන් ම ආරම්භ කළ හැකිය. එවිට වින්‍යාසය මෙසේය.

තික්ඛපඤ්ඤයාගේ පඨමජ්ඣාන අප්පණා චිත්ත වීථිය.

...

....

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

ගො

ඣා

මෙහි මනොද්වාරාවර්ජනයට අනතුරු වැ පරිකර්ම නැති වැ මැ උපචාර යෙදී තිබෙන සැටි බලනු. එසේ ම සතර වන ජවනය ඣාන වූ සැටි ද සලකනු.

යට දැක්වුණේ මන්‍ද ප්‍රාඥ තීක්‍ෂණ ප්‍රාඥ පුද්ගලයන් දෙදෙනා පිළිබඳ අර්පණා වීථි යි. එසේ අර්පණා ප්‍රාප්ත පුද්ගලයා හෙවත් ප්‍රථමධ්‍යානය ලැබගත් පුද්ගලයා ඉදින් නැවත ඒ ප්‍රථමධ්‍යානයට සමවදිනු කැමැත්තේ නම් එසේ කළ හැකිය. එවිට ඒ පිළිබඳ උපදනා චිත්ත වීථිය සමාපත්ති වීථිය යි කියනු ලැබේ. භෙද ධ්‍යාන සම්බන්ධ බැවින් ධ්‍යාන සමාපත්ති වීථිය යි කියයුතු. සමාපත්ති වීථියෙහි දී අර්පණා වීථියෙහි දී මෙන් ඣානයට අනතුරු වැ සිත භවඞ්ග නො වැ දිගට මැ ඣාන වැ ම පවත්නේ ය. එසේ ඔහුට අතර භවඞ්ගයෙහි නො වැටී අභොරාත්‍රය (-රෑ දාවල් දෙක) ක් ඒ ධ්‍යාන චිත්ත පරම්පරාව පිට ම සිටිත හැකිය. එහි වින්‍යාස මෙසේය.

මන්දපඤ්ඤයාගේ පඨමජ්ඣාන සමාපත්ති වීථිය

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

‍ඡෙ

ගො

ඣා

ඣා

ඣා

ඣා

ඣා

ඣා

ඣා

ඣා

මන්දපඤ්ඤ බැවින් පරිකර්ම ලැබිණි. සමාපත්ති වීථිය බැවින් භවඞ්ග නො වැ දිගට ම ඣාන ලැබිණි.

තික්ඛපඤ්ඤයාගේ පඨමජ්ඣාන සමාපත්ති වීථිය.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

ගො

ඣා

ඣා

ඣා

ඣා

ඣා

ඣා

ඣා

ඣා

ඣා

ඣා

තික්ඛපඤ්ඤ බැවින් පරිකර්ම නැති වැ උපචාරයෙන් ම ආරම්භ විය. සමාපත්ති වීථිය බැවින් භවඞ්ග නො වැ ධ්‍යාන සිත් පරම්පරාව ම ලැබිණි.

මන්දපඤ්ඤ හෝ තික්ඛ පඤ්ඤ වූ දුතියජ්ඣානික තතියජ්ඣානික චතුත්‍ථජ්ඣානික පඤ්චමජ්ඣානික ආකාසානඤ්චායතනික විඤ්ඤාණඤ්චායතනික ආකිඤ්චඤ්ඤායතනික නෙවසඤ්ඤානාසඤ්ඤායතනික පුද්ගලයන් පිළිබඳ අර්පණා වීථි සමාපත්ති වීථි ද මෙබඳු මැයි.

සංස්කාර ධර්මයන් විදර්ශනා කිරීමෙන් සෝතාපත්ති මග්ග චිත්තය ලැබීමේ පිළිවෙල ද මෙසේ ය. එය ලෝකොත්තර වීම වෙනසි. වින්‍යාසය මෙසේ ය.

මන්දපඤ්ඤයාගේ සෝතාපත්ති මග්ග වීථිය.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

ගො

භ-භවඞ්ග ල-භවඞ්ග චලන ඡෙ-භවඞ්ගුපච්ඡෙද ම-මනොද්වාරාවර්ජන ප-පරිකර්ම. උ-උපචාර අ-අනුලොම ගො-ගොත්‍රභූ ම-මග්ග ඵ-ඵල. භ-භවඞ්ග,

භවඞ්ග භවඞ්ග චලන භවඞ්ගුපච්ඡේදයන්ට අරමුණ කර්ම කර්මනිමිතින ගතිනිමිති අතුරෙන් එකෙකි. ම, ප, උ අනුලෝමයන්ට අරමුණ සංස්කාර ධර්මයි. ගොත්‍රභූ, මග්ග; ඵලයන්ට අරමුණ නිර්වාණය යි. භවඞ්ගයන්ට අරමුණ කර්මාදිය යි.

මෙහි ගොත්‍රභූ චිත්තයට අනතුරුව මග්ග සිත උපනි. එය ද මෙහි සෝතාපත්ති මග්ග යි. මග්ග සිතට අනතුරු වැ ඵල සිත් දෙකක් ඉපදීම ධර්මතා යි. ඉන් ඔබ භවඞ්ග වේ. මෙහි අර්පණා වන්නේ මග්ග සිත යි.

තික්ඛපඤ්ඤයාගේ සෝතාපත්ති මග්ග වීථිය.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

ගො

මෙහි පරිකර්ම නො වැ උපචාරයෙන්ම පටන් ගැන්ම වෙනසි.

සෝතාපත්ති මග්ග සිත වරක් උපදවා ගත්තහුට එය නැවත කිසිකලෙක නූපදනේය. එයින් සිඳ ලූ කෙලෙස් සෙනපහරින් නසා ලූ වෘක්‍ෂ ශාඛා මෙන් ඒ සන්තානයෙහි නැවත කිසි කලෙක නූපදනා බැවිනි. එහෙත් ඵල සිත් නම් කෙතෙක් වත් උපදවත හැකිය. එසේ උපදවත් හොත් ධ්‍යානයන්ට කී පරිද්දෙන් එය ඵල සමාපත්ති වීථිය යි කියනු ලැබේ. එහි වින්‍යාසය මෙසේයි.

මන්දපඤ්ඤ සෝතාපන්නයාගේ ඵලසමාපත්ති වීථිය.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

ගො

මෙහි ගොත්‍රභුවට අනතුරු වැ මග්ග නො ඉපිද දිගට ම ඵල සිත් ඉපිදැ තිබෙන සැටි බලනු. මෙසේ අභොරාත්‍රයක් මුළුල්ලේ නිවන් අරමුණු කොටැ ඵල සිත් පිට ම විසිය හැකිය. මේ දැක්වුණේ මන්‍දපඤ්ඤ සෝතාපන්නයාගේ ඵලසමාපත්ති වීථිය යි.

තික්ඛපඤ්ඤ සෝතාපන්නයාගේ ඵලසමාපත්ති වීථිය.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

භි

ඡෙ

ගො

මෙහි පරිකර්ම නැති වැ උපචාරයෙන්ම ආරම්භ විය.

සකදාගාමි අනාගාමි අර්හත් මන්‍දපඤ්ඤ තික්ඛපඤ්ඤයන්ගේ අර්පණා වීථි හා ඵලසමාපත්ති වීථිද මෙබඳු මැයි වෙනසෙක් නම එහි ගොත්‍රභූ සිත වොදාන නමින් ව්‍යවහාර කරන බවයි. සෝවාන් වීමෙන් පෘථග්ජන ගොත්‍රය සිඳලූ බැවින් එය මෙහි වොදාන නම් වේ. වොදාන නම් පිරිසිදු යි. ඒ පිළිබඳ වින්‍යාසයෙක් ද මෙසේය.

මන්දපඤ්ඤයාගේ සකදාගාමී මග්ග වීථිය.

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

ඡෙ

වො

මෙහි වො-වොදානය. ම-සකදාගාමි මග්ගය ඵ-සකදාගාමිඵලය.

සෙසු වීථි ද මෙසේ දත යුතු යි.

ප්‍රශ්න.

  1. අර්පණා වීථි සමාපත්ති වීථින්ගේ වෙනස දක්වනු.
  2. පරිකර්ම උපචාර, අනුලෝම ගොත්‍රභූ සිත් පැහැදිලි කරනු. මේ නම් ලබන්නේ කවර සිත් කොටසක්ද?
  3. මන්දපඤ්ඤයාගේ පඨමජ්ඣාන අප්පණා චිත්තවීථියේ සටහනක් අඳිනු.
  4. තික්ඛපඤ්ඤයාගේ පඨමජ්ඣාන සමාපත්ති වීථිය පැහැදිලි කරනු.
  5. වොදාන නම් කිම? එය කවර චිත්ත වීථියෙක කවර ස්ථානයෙක ලැබේද? තික්ඛපඤ්ඤ අරහන්ත අප්පණා වීථිය සටහනකින් දක්වනු.