‘නාග’ ශබ්දයෙන් ඇතුනුදු කියන බැවින් මෙයින් මැ නාලාගිරි ඇත්රජහු දු කියු වෙති. කිසෙ යැ යත්:*
බුදුන් රජගහා නිසා ගිජිකුළු[1] පවියෙහි වැඩැ වසන කල්හි, දෙව්දත් තෙරුන් විසින් බුදුන් මරනු[2] සඳහා මෙහෙයු දුනුවාවන්[3] කෙරෙහි පළමු මෙහෙයු දුනුවාවා අවුදු, “මම, වහන්සෙ, මරන්නට නො නිස්සෙමි. බුදුහු මහත් ඉදුහ ඇත්තාහැ, මහත් අනුභාව ඇත්තාහ” යි කී කල්හි, “තා මහණ ගොයුම්හු මරන්නට නොනිසි[4] බැවින් මම් මැ මරමී” කියා බුදුන් ගිජිකුළු1 පවියෙහි සක්මන් කරන කල්හි ගිජිකුළු1 පව්වට නැඟී, “මෙ ගල්කුළින් මහණ ගොයුම්හු දිවි ගළවමී” යන්ත්‍රවෙගයෙන් මහත් ගල්කුළක් වුහුටහ.[5] දෙ ගල්කුළු කෙනෙක් එක් වැ එ ගල්කුළු පිළිගත්හ. එයින් පපටිකායෙන් නැඟී බුදුන් පයැ හී[6] ලෙස සෙල්වී යැ. බලවත් වෙදනා වී යැ. ජීවකයො බුදුන් පස සැතින් පළා දොස්ලෙ හැරැ, බෙහෙත් එවැ. නීරොග කළහ. බුදුහු පෙරැ සෙයින් මා සඟපිරිස් පිරිවරා මහත් බුද්ධ ලීලායෙන් ඇවිදුති.
එකල්හි දෙව්දත් තෙරහු එ දැක සිතුහු: “මහණ ගොයුම්හු ගෙ රූපයෙහි[7] අග්පත්[8] සිරිරු දැකැ කිසි මිනිසෙක් උපක්‍රම කරන්නට නො නිස්සැ. රජුගෙ නලගිරි නම් ඇති චණ්ඩ යැ. පරුෂ යැ. බුදුරුවන්හි ධමුරුවන්හි සඟුරුව්හි ගුණ නොදන්නි. හෙ ඔහු මරයි”[9] ගොස් රජ හට කී යැ. රජ, “මැනැවැ”යි ගිවිසැ. ඇතැදුරා[10] ගෙන්වා-ගෙනැ “සබඳ, සෙට නලගිරිහි මත් කොටැ පෙරවරු මහණ ගොයුම්හු පිළිපන් වීථියැ[11] විහිද”යි කී යැ. දෙව්දත් තෙරහු දු, “සෙසු දවස් මෙ ඇත් කෙතෙක් රහබො දැ?යි ඔහු පිළිවිසැ, “අට කළක් රහ බො” යි කීයෙන්, “සෙට සොළොස් කළක්[12] රහ පොවා මහණ ගොයුම්හු පිළිපන් වීථියැ විහිද”යි කීහැ. හෙ, “ඉතා මැනැවැ”යි ගිවිස්සැ. රජ, “සෙට නලගිරිහි, මත් කොටැ නුවරැ විහිදුති.[13] නුවරැ වැස්සො රැයිම්මෙහි මැ හැම කිස කොටැ අතුරු වෙයට නො බසිත්ව” යි නුවරැ බෙර පියෙවි කැරැවී යැ.[14] දෙව්දත් තෙරහු දු රජගෙන් බැසැ ඇත්හලට ගොස් ඇත්ගොව්වන් කැඳවා-ගෙනැ, “ඇපි තොප වවන්නට[15] නිස්සම්හ. තොපට ඉදින් යසයෙන් කම් ඇත් නම්, සෙට පෙරවරු නලගිරිහි තිහිණි[16] රා සොළොස් කළක් පොවා, මහණ ගොයුම්හු එන වෙලෙහි තොත්‍ර තොමරයෙන් විදැ විදැ දහවා[17] ඇත්හල් බිඳුවා, මහණ ගොයුම්හු පිළිපන් වීථියට මෙහෙයා, ඔහු මරා-පියව”යි කීහැ. ඔහු “ඉතා මැනැවැ”යි ගිවිස්සහැ.
එ පවත් මුළු නුවරැ පැතිරැ ගියෙ. තුණුරුවන්හි පහන් උපාසකවරහු එ අසා බුදුන් කරා ගොස්, “වහන්සෙ, දෙව්දත් තෙරහු රජු හා එක් වැ සෙට තොප පිළිපන් වෙයට නලගිරිහි විහිදුති.[18] සෙට නුවර නොගොස් මිහි වැඩැ හිඳුනෙ යැ. ඇපි වෙහෙරැ මැ වඩාහිඳුවා බුදුපාමොක් සඟනට දන් දෙම්හ”යි කීහැ. බුදුහු “සෙට නුවර සිඟන්නට යම්හ”යි නො වදාරා මැ, “මම් සෙට නලගිරිහි දමා පෙළහර කොටැ තිථයන් මැඩ රජගහ නුවරැ නො සිඟා මැ බික්සඟන් පිරිවරා නුවරින් නික්මැ වෙළුවන මැ එමි” යන සිතින් ඉවසුහු. ඔහු බුදුන් ඉවසු බව් දැනැ වැඳැ නුවර ගියො.
බුදුහු පෙර යම්හි ධම් දෙසා, මැදිම් යම්හි[19] දෙවියන් පුළුවුත් පැන විසඳා අලුයම්හි පළමු වන භාගයෙහි සිංහශය්‍යා කොටැ දෙවන භාගයෙහි පල සමවතින් දවස් යවා, තුන් වන භාගයෙහි මහකුළුණු සමවත් සමවැදැ, විනෙ ජනන් බලා, නාලාගිරි දමනයෙහි[20] සුවාසූදහසක් දෙන හට[21] අභිසමය[22] වනසෙ දැකැ, පහන් වූ කලැ සිරිරු පිළිදැහැ, අනඳ මහතෙරුන් කැඳවා ගෙනැ, “අනඳ, අද රජගහා නුවර පිරිවරා සිටි අටළොස් වෙහෙරැ හැම මහණන්[23] හා සමඟ රජගහා නුවර වදනට[24] කියා”යි වදාළහැ. මහතෙරහු එසෙ කළහ. හැම සඟහු වෙළුවන වෙහෙරැ රැස් වූහු.
බුදුහු මහබික්සඟුන්[25] පිරිවරා රජගහා නුවර වන්හු. ඇත්ගොව්වො කී පරිද්දෙන් පිළිපන්හ. මහත් සමාගම වියැ. තුණුරුවන්හි පහන් සැදැහැ ඇති මිනිස්හු, “අද මහානාගයන් දෙදෙනාගෙ සඞ්ගාම වෙයි. නිරුපම වූ බුද්ධ ලීලාවෙන් නලගිරිහි දමන සෙ බලම්හ”යි පහා සඳමඬු ගෙසියන්[26] ආදිය නැඟී සිටියහැ සැදැහැ නැත්තාහු,[27] මිසදිට්හ ගත්තාහු, “නලගිරි[28] චණ්ඩ යැ, පරුෂ යැ, කිසි කෙනකුන් ගෙ ගුණ නොදන්නි. මෙ අද මහණ ගොයුම්හු ගෙ රන්වන් සිරිරු දු බිඳැ බිඳැ[29] මරා පියයි. අද අප සතුරා පිටි දක්මහ”යි පහා ආදිය නැඟී සිටියො. ඇතුදු බුදුන් එන්නන් දැකැ, මිනිසුන් උත්ත්‍රාස කරවමින්, ගෙ විදහමින්, ගැල්[30] සුන් කෙරෙමින්, සොඬ මඬිමින් බුදුන් කරා දිවී.[31] ඔහු දැකැ සඟහු බුදුනට “වහන්සෙ, මෙ නලගිරි චණ්ඩ යැ, පරුෂ යැ, මිනීමරු යැ. මෙ වෙයට[32] පිළිපන්නෙ යැ.
බුදුන් ආදීන් ගෙ ගුණ නොදන්නි. වහන්සෙ, නවත්නෙ මැනැව, නවත්නෙ මැනැවැ”යි[33] කීහු. “මහණෙනි, නො බව, මම් නලගිරි දමන්නට පොහොසත්මි” වදාළො. එකල්හි සැරැයුත් මහ තෙරහු “පියනට උපන් කිසියෙක් නම්, දෙට පුත්හු පමණ වෙයි. මම් මැ ඔහු දමමී” කීහැ. බුදුහු, “සැරැයුත, බුද්බල[34] තොරැ, සවුබල තොරැ, තො සිට”යි පිළිබැහුහු.[35] මෙ සෙයින් බොහො සෙ අසූ මහසව්වො අයජියහැ. බුදුහු හැම දෙන මැ පිළිබැහුහු.
එකල්හි අනඳ මහතෙරහු බුදුන් කෙරෙ බලවත් සෙනෙහයෙන්[36] අධිවාසනා නොකටැ හී, “මෙ ඇත් පළමු මා මරාව”යි බුදුන් සඳහා දිවි පියා බුදුන් පෙරට සිටියො. එ සඳ ‘බුද්හු, අනඳ පහ වැයා, මා පෙරට නොසිට”යි වදාළො. “වහන්සෙ, මෙ ඇත්[37] චණ්ඩ යැ, පරුෂ යැ, මිනීමරු යැ, යුගත් ගිනි වැන්නැ පළමු මා මරා පසු[38] තොප වහන්සෙ කරා යෙව”යි කීහු. බුදුන් තුන් යලක් කියතුදු, එසෙ මැ සිටිය හැ. පහ නොවූහු.[39] එකල්හි බුද්හු ඉදුහ බලයෙන් ඔවුන් පිළිබහා සඟුන් අතුරෙහි සිටුවූහ.[40] එ කෙණෙහි එක් මාගමක් නලගිරිහි දැකැ මරණභයභීත[41] වැ පලායන්නී උකුළින්[42] ත් දරුවකු ඇතු හා බුදුන් හා අතුරෙහි දමා-පියා පලා ගියා. ඇත් ඇය ලුහුබැඳැ-පියා නැවතී දරුවා කරා ගියෙ. දරු මහහඬින්[43] හඬයි. බුදුහු නලගිරිහි උදෙසා මෙත් පතුරුවා ඉතා මියුරු බඹගොස්[44] විහිදැ, [45]“භවත් නාලාගිරිය, තා සොළොස් කළක් රා පොවා මත් කරන්නාහු, අනෙකක්හු ගන්නට කළාහු නොවෙති. මා ගන්නට කළහැ.[46] අකාරණයෙ කකුල් කළකුරුවා නො ඇවිදැ[47] මොබ එ”යි වදාළහැ.
හෙ බුදුන් ගෙ බස් අසා, ඇස් විවර කොටැ බුදුන්ගෙ රූසිරි[48] බලා, පිළිලද සංවෙග ඇති වූයෙ, බුදුන් තෙදින් සිඳී ගිය සුරාමද ඇත්තෙ, අත බහා කන්පත් සලමින් ගොස්, බුදුන් පාවිට[49] බැසැ හොති.
එකල්හි බුදුහු “නලගිරිය, තො තිරිසන්වරණෙහි,[50] මම් බුදුවරණෙමි.[51] මෙ තන පටන්-ගෙනැ චණ්ඩපරුෂ නොවා,[52] මිනීමරු නොවා,5 මෙත්සිත් පිළිලබ”යි වදාරා දකුණු අත දික් කොටැ කුඹ පිරිමැදැ, “මා කුඤ්ජර නාගමාසදො” යනාදීන් ධම් දෙසුහැ.[53] ඔහුගෙ සියල් සිරිරු ප්‍රීතින් නිරන්තර වැ පිරිණ. ඉදින් හෙ තිරිසන් නොවී නම්, සොවන් වූයෙ යැ.
මිනිස්හු එ පෙළහර දැකැ සකොබ[54] මුහුදුහඬ සෙයින් ගුගුළහ. සෙණ හඬ සෙයින් අපොළාපීහ.[55] ඔහු සොම්නස් වැ නන් අබරණ ඉසපීහ. එ අබරණින් ඇතු සිරිරු පිළිසන් වි යැ. එතන පටන්-ගෙනැ නාලාගිරි “ධනපාල” නම් විය.
එ සමාගමයෙහි සුවසූ දහසක් දෙන අධිගම කළහ. බුදුහු ධනපාලයා පන්සිලැ පිහිට්වූහු. හෙ සොඬින් බුදුන් ඇතුන් ඇකුන් තැනැ පස් ගෙනැ, තමා මුදුනෙහි එවැ, පසුපස්සෙන් බස්මින් ගොස්, දසුන් විදහන තැනැ සිටැ බුදුන් වැඳැ, නැවතී ඇත්හල් වන. එතැන පටන්-ගෙනැ කිසිවක්හු නො වෙහෙසී.[56] මෙසෙ කොපොලත්හි පැහැරැ මදදැලි මුසු වැ බමන මත් බමරමඬුලු හඬ මැ බෙර ඇති, කො-ගිනින් දිලියෙන, යුගත් ගිනි මෙන්[57] යන ධනපලුවා[58] විසින් ඔවුන් අකුසුසියො මඟුල් ලකුණු පිරිවර ලදු, සක් ලකුණෙන් විසිතුරු, දෙ පත්ලෙහි බැසැ හෙවැ වඳනා ලද.
එයින් කීහ. පාදපඞ්කජස්තවෙයි -
“ගණ්ඩස්ථලීලුඨිතදානමසිනිෂෙක
භ්‍රාන්තොන්තදද් භ්‍රමණමණ්ඩල ඩිණ්ඩිමෙන,
ක්‍රොධාග්නිනාභිදයතා[59] ධනපාලකෙන
පාදද්වයෙ ප්‍රණතමාර්ය ධෘතාඞ්කුශෙ තෙ”යි
බුදුහු නිපන්[60] මනොරථ ඇති වැ, “යම් කෙනකුන් විසින් යම් ධනයෙක් ඉසැ-පියන[61] ලද ද, එ ධන ඔවුන් මැ කරා යෙව”යි ඉටා, “අද මා විසින් මහත් පෙළහරෙක් කරන ලද.[62] මෙ නුවරැසිඟනු[63] සොබනෙ නොවෙ”යි තිථයන් මැඩැ සඟපිරිස් පිරිවරා, දුටු රජක්හු[64] සෙයින්, නුවරින් නික්මැ වෙළුවන වෙහෙර මැ වැඩියො. නුවරැ වැස්සො අපමණ අන්නපාන ගෙනැ වෙහෙර ගොස් මහාදාන පැවැත්වූහු.
මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් නන්දොපනන්ද නම් නාගරාජයා ද, ‘නාඟ ශබ්දයෙන් ඇතුනුදු කියන බැවින් ධනපාල[65] නම් මහානාගයා ද, ආදි ශබ්දයෙන් ගත් අපලාල නම් චුලොදර නම් මහොදර නම් අග්නිශිඛ නම් ධූමශික නම් ආරවාල නම් නාගරාජයනුද්[66] දමා සරණසිලැ පිහිට්වුහු.
නාගමන නම් තුදුස් වන පරිච්ඡේදය නිමි.
-
ගිජුකුළු - මු ↑
-
මරවනු ↑
-
දුනුවායන් ↑
-
නො නිස්ස ↑
-
වුහුට ↑
-
පයහි පායෙහි මු ↑
-
රූපයෙන්-මු: ↑
-
අගපත් *නාග ශබ්දයෙන් ඇතුනුදු කියන බැවින් මෙ සෙයින් මැ නාලාගිරි නම් ඇත් රජහු දැමු පරිදි කියු වෙත්, කිසෙයැ යත්-පොත් ↑
-
හෙ ඔහු මැරීමියි, හෙ ඔහු මරමි යි, හෙ ඔහු ලබා මරවමියි ↑
-
ඇතදුර ↑
-
වීථියට ↑
-
කළයක් ↑
-
විහිදති, විහිදුවති ↑
-
කැරවීයැ ↑
-
වවන්නටත් නසන්නටත් ↑
-
තිහුණු ↑
-
දවා ↑
-
විහිදුවති. ↑
-
මැදින් යම්හි ↑
-
දමනායෙහි ↑
-
සුවාසු දහසක් හට ↑
-
අභිසමය සෙ ↑
-
මහණුන් ↑
-
රජගහා වදනට ↑
-
මහභික්සඟුන් ↑
-
පහාසඳ මඩුළු ගෙසියන් ↑
-
නැත්තා වූ ↑
-
නාලාගිරිහි ↑
-
සිඳ බිඳ, බිඳ සිඳ ↑
-
හල්-හැම ‘සකටානි’ අටුවා ↑
-
දිවෙ ↑
-
මෙයට ↑
-
නවත්නෙ මැනැවැයි ↑
-
බුදුහුබලථ ↑
-
පිළිබැවුහු ↑
-
සෙනෙහසයෙන්, ↑
-
ඇතු ↑
-
පසු වැ ↑
-
නො වූවාහ ↑
-
සිටි වූ, සිටවූහ ↑
-
මරණ භයින් හීත. ↑
-
උකුලෙන් ↑
-
මරණ භයින් ↑
-
බඹගොස් හඬ ↑
-
විහිදුවා ↑
-
කළාහු වෙති ↑
-
ඇවිදු-මු: ↑
-
සිරිරු ↑
-
පාපිට ↑
-
වරණයෙහි ↑
-
වරණයෙමි ↑
-
නොව ↑
-
යනාදීන් දෙසු ↑
-
සඛොබ ↑
-
අත් (ත්) පොළාපීහ ↑
-
නොවෙහෙ සයි. ↑
-
ගිනිකඳ (ක්) මෙන් ↑
-
ධනපාළුවා ↑
-
ක්‍රොධොබ්‍යවාදගියතා, ක්‍රොධොව්‍යවාද, ක්‍රොධොව්‍යාදහිතා, ක්‍රොධොෂ්මසාභිදයතා-මු: ක්‍රොධොෂ්මණාහිදවතා-මු: ↑
-
තමන් ↑
-
ඉසපියසු ↑
-
ලද්දෙයයි ↑
-
සිටුනු ↑
-
රජහු ↑
-
ධන පාලක ↑
-
නාග රාජයන්දු ↑