3. පරසන්තානදමන නම් පරිච්ඡේදය

මෙසෙ බුදු වැ උපන් අනා හිඳැ “මම් සියුරා[1] සැකි කප් සුවහසක් මෙ පලග සඳහා දිවීමි. මෙ තාක් කල් මෙ[2] පලග සඳහා මැ[3] හිස් කඩා දින්මි. ඇස් උපුරා[4] දින්මි. හදමස් උපුට දින්මි. රන්ලිය සෙයින් වොරොජනා[5] දරුවනුදු නවයොව්නෙන් දිළියෙන අඟනනුදු අන් හට[6] දස් කොටැ දින්මි. මෙහි මැ හිඳැ මාරවිජය කෙළෙමි. මා මෙහි හුන්නහු ගෙ මනදොළ පිරිණ. මෙ පලගින් දන් නො නැංග මැනැවැ”යි අනෙකෙළ සුවහස් සමවත් සමවජමින්[7] සතියක් එහි මැ වැඩැ-හුන්හු.

එකල්හි ඇතැම් දෙවි කෙනෙක්,[8]සිද්ධත් කුමර තව පලග නො පියයි. බුදු නු[9] වූ බන්දැ”යි සිතූහු.

එකල්හි බුදුහු දෙවියන්[10] ගෙ අදහස් දැකැ අහසට නැඟි අහස් යුවළ යුවළ කොටැ ගිනිකඳ දියකඳ විහිදුවමින් සවනක් රස් වීරමින් ‘යමාමහපෙළහර’ දක්වා දෙවියන්16 ගෙ කුකුස් හැරැ, අහසින් බැසැ මහබොයින්[11] ඉසාන[12] දෙසෙහි වැඩැ සිටැ “මෙ රුක්මුල්හි හිඳැ බුදු වීමි” යි සියුරා සැකි කප්සුවහසක් පිරු පැරුමෙහි පල[13] ලද තුන් සත්දවසක් එක ඉරියව්වෙන් වැඩැ-සිටැ ඇසිපිය නො හෙළා පස්පෑ දිස්නා දිගුපුළුලැසින් පිදුහු. එක්බිති බොපලග හා නුවණින් පිදු තැන් හා දෙඅතුරෙහි[14] දෙවියන් මැවූ පැළපැදුන් දිග්[15] රුවන් සක්මන්හි සද්දවසක් සක්මන් කොළො. එක්බිති මහබොයින්[16] වායව්‍යාදෙසෙහි දෙවියන් මැවු රුවන්ගෙයි වැඩැ-හිඳැ සද් දවසක් දහම් සිමිඳියො. මෙසෙ සතර සතියක් බොමැඬැ දවස් යවා අජපල් නුග මුලට එළබැ එහි වැඩැ හිඳැ සද් දවසක් සමවත්සුව අනුභව කොළො. එ කල්හි මාරකන්‍යාවො තුන් දෙන “බුදුන් කාමපාසයෙන් බැඳැ- ගෙනැ යම්හ”යි අවුදු තුන් දෙන සියක් විලස් දක්වා නොඑක් ලීලායෙන් භාවභාවයෙන් නො පැලැඹියැ හී[17] පැරැදැ ගියො.

එක්බිති[18] මුදලිඳුවිල්[19] තෙරට එළබැ මිදෙල්රුක් මුල්හි වැඩැ-හුන්හ. එකල්හි මුදලිඳු නාරජ විලින් නැඟී දසදෙසෙහි ගැවැසි-සිටි නිල් වදුල් දැකැ බුදුනට වැසිසුළඟ මැසිමදුරු පිරිපත් වළකනු සඳහා වටා සද්දරණ පටක් එවැ පණයෙන්[20] සොයා ගෙනැ සිටියෙ යැ. බුදුහු පිළිමිණිමුවා ගඳකිළියෙක්හි වසනුවන් සෙයින් දරණගැබැ සද්දවසක් සමවත්සුවෙන්[21] දවස් යවුහු.

එක්බිති කිරිපළුවනට එළබැ කිරිපළු රුක්මුල්හි වැඩැ හිඳැ සද්දවසක් සමවත් සුවෙන් මැ දවස් යවුහු. මෙසෙ සත්සතියැ එකුන් පනස්දවසක් අතර කිස නැති වැ සමවත් සුවෙන් දවස් යවු කල්හි සක්දෙව්රජ අමාඅරළු ඇරැ-දිනැ. එ වැළඳු කල්හි බුදුනට සිරිරු කිස[22] ඇති වි යැ. එක්බිති ඔහු මැ දුන් නාලිය දැහැටි[23] වළඳා නුතන්දහතළා[24] පැනින් මුව දෙවැ එ මැ රුක්මුල්හි වැඩැ - හුන්හු.

එ සඳැ තපුස්ස භල්ලික[25] නම් දෙ බෑ වෙණෙඳො[26] පන්සියක්[27] ගැලින් බඩු ගෙනැ කිරිපළුවනය වෙත[28] ගෙනැ යෙති. පෙරැ ඔවුන් නෑ වූ දෙව්දුවක්[29] එ වනයෙහි වසන්නී, ඔවුන් ලවා බුද්නට[30] දන් දෙවී යැටි වැ ඔවුන් ගෙ පන්සියක් ගැල් නැබ දක්වා පොළොව ගලා-පිව. ඔවුන් ගඳමල්දුම් පුදා දෙවියන් අයදනට වන් කල්හි දෙව්පිරිස් පිරිවරා අහස්හි සිටැ දෙව් දු බුදුන් ගෙ අපමණ ගුණ කියා බුදුනට දන් දෙනු කළා. ඔහු[31] මිහිපිඬු ගෙනැ බුදුන් කරා එළැබැ මීපිඬු පිළිගන්නට අයජියහ.[32] මහබඹුහු දුන් පය බුදුන් කිරිපිඬු පිළිගන්නා දවස්[33] අතුරුධන් වී.[34] කිරිපිඬු පිළිගත් පය නාලොවැසියනට[35] සෙත් නිසා නිවාමින් ගියෙ. බුදුහු “කිමෙකින්[36] මී-පිඬු පිළිගන්මි හො!” යි සිතූහු. එ සඳැ සතරවරම්මහරජහු ඉඳුනිල් මිණිමුවා සතරපයක් එළවූහ. බුද්හු[37] එ පා නො ගත්හු.[38] එ සඳැ මුඟුවන් පැහැ ඇති සෙල්මුවා සතරපයක් එළවුහු. බුද්හු සතර දෙව්පුතුන් කෙරෙහි අනුකම්පායෙන් සතර පය පිළිගෙනැ මතුමත්තෙහි තබා “එක්[39] වෙව” යි ඉටුහු. සතර පය මුවවිටි[40] පැනෙන සතර හිරක් ඇති එක්පය[41] වි යැ. බුදුහු එ පයින් මීපිඬු පිළිගෙනැ වළඳා අනුමෙව්නි[42] කොටැ දෙවෙණෙඳන් බුද්සරණ-දහම්සරණ[43] දෙකැ පිහිට්වුහැ.[44] එව්හු පුදන්නට නිසි[45] වතක් ඇරැවූහු. බුදුහු ජලවුල’ත්ලෙන්[46] හිස් පිරිමැදැ කෙස්දා දී වදාළහ. එව්හු රුවන් කරඬියෙන් පිළිගෙනැ රථයෙ වඩා-තබා පුද කෙරෙමින් සිය නුවර ඇරැ දාගප්[47] කොටැ දා නිදන් කළහ.

බුදුන් හුනස්නෙන් නැඟී අජපල් නුගමුලට එළැබැ එහි වැඩැ-හිඳැ “තමන් පිළිවුදු දහම් ගැඹුරුසෙ, සතුන් කෙලෙස්බැරිසෙ, සිතත්, සිතත් බුදුනට “ධම්[48] දෙසම්හ.” යන සිත් නො උපන. එකල්හි මහබඹ බුදුන් ගෙ අදහස් දැනැ[49] මුළුලො නස්සි”යි දසදහස්[50] ලොධා උපුල්වා[51] මහහඬින් හඬා දසදහසක් සක්වැළැ බඹපිරිස් දෙව්පිරිස් පිරිවරා දික් කළ අතක් වක් නොකරන තුරු අවුදු බුදුන්[52] පෙරට පෙනි බුදුන් වැඳැ වටදැණි[53] වැ මුදුනෙහි ඇඳිලි බැඳැ හිඳැ ධම්[54] දෙසුව මනා සෙයට ආරාධනා කෙළෙ.[55]

එ සඳැ බුදුහු බුදු ඇසින් දසදහස්[56] ලොධා බලනුවො, විනෙජනන් දැකැ මහබඹහු අයජමෙහි[57] ගිවිසැ, පළමු ධම් කහට දෙසමි හො!” යි සිතා “ආළාර-කලම් නම් උදරම් නම් දෙමහතව්සො නුවණ ඇතියව්හු”යි බලනුවො, ඔවුන් පෙරට[58] මැ මියැ අරූතල ගියසෙ දැකැ පස්වග සඟුන් තම හට[59] වහල්සෙ සිතා “ඔහු කොහි වෙසෙති[60] හො!” යි බලනුවො, බරණැස් නිසා ඉසිපතන්හි වසනුවන් දැකැ එයට ගොස් එව්නට[61] ධම්සක් පැවැත්වුව මැනැවැ”යි කිහිපදවසක් බොමඩ අබියෙස්හි වැසැ ඇසළපුනුපොහො දවස් බරණැස් වඩනට අටළොස් යොජුන් මඟ පිළිපන්හ.[62]

බුදුහු අතර මඟැ උපක නම් ආජීවකයක්හු දැකැ මත්තෙ ඔහට[63] වන වැඩැ දැකැ තමන් බුදු පරිදි[64] වදාරා එ මැ දවස් සවස් වෙලෙ ඉසිපතනයට වැඩියො.

පස්වග සඟහු බුදුන් - වඩනවුන්, දුරින් දැකැ “මෙ පධනින් පහ වැ ඉසුරුකුලෙහි ඉපැදු[65] සිනිඳු අහර වළඳා පිරිහුන්[66] සිරිරු ඇති වැ, පහන් ඉඳුරන් ඇති වැ, රන්වන් වැ එයි. “මුහු[67] නො[68] වඳම්හ; හුනස්නෙන් නො ද නැඟෙම්හ; උතුම් කුලෙයි උපන් වන බැවින් හිඳුනා අසුන් දෙම්හ”යි අස්නක් පන්වා තබා කතිකා කොටැ-ගෙනැ හුන්හු.

බුදුහු ඔවුන් අදහස් දැනැ හැම සතුන් කෙරෙහි පැතිරැ සිටි මෙත් සිත් හකුළුවා ඔවුන් කෙරෙහි පැවැත්වූහ. ඔහු[69] බුදුන් වඩුත් වඩුත්, තමන් ගෙ කතිකායෙහි නො සිටියැ හී හුනස්නෙන් නැඟී ගොස් වැදැ පාසිවුරු ගෙනැ වඩා-හිඳුවා පා දොවා බුදුබව නොදන්නාහු, නම්[70] කිය කියා බෙණෙති. එ කල්හි බුදුහු, “මහණෙනි, මට නමිනුදු ‘ආවුසො වාද’[71] යෙනුදු ව්‍යවහාර නො කරව.[72] මම රාත්මි[73]” තමන් බුදු බව් හඟවා පැන්වූ උතුම් අස්නෙහි දසදහස් ලොධාහි දෙව්බඹපිරිස් පිරිවරා වැඩැ හිඳැ, පස්වග සඟුන් අමතා දම්සක් පවතුන්[74] සුතන්[75] දෙසූහු. ඔවුන් කෙරෙහි කොණ්ඩඤ්ඤ මහතෙරහු සොවාන් වූහු. අටළොස් කෙළක් බඹහු රාත් වූහු. අසඞ්ඛ්‍යක් දෙවියො සොවන් සෙදගැමි අනගැමි වූහු. බුදුහු එහි මැ වෙස් එළබැ, තුබූ සතර දෙන හට සතර දවසක් අවවාද කොටැ සොවන් කළහ.

විසේණියැ පස් දෙන හට අනත්ලකුණුසුත් දෙසා රහත් කොළො.

එකල්හි බරණැසැ යස නම් සිට්දැරියෙක්[76] හිමන් ගිමන් වසන් තුන්[77] සෘතුවට කරවන ලද[78] තුන් පහාහි නළුපිරිස්[79] පිරිවරා උඩුමහලින් යටිමහල් නො[80] බැසැ වසනුයෙ, එ දවස් රෑ නැටුම් ගඳෙවු[81] විඳුමින්[82] හෙවැ නිදනුයෙ, පිබිදැ, තමන්[83] තමන් ගත් පසඟතුරුයෙහි වැතිරැ හෙවැ නිදන මාගමුන් ගෙ විකාර දැකැ සංවෙග ඇති වැ හොත් යහනින් නැඟී රුවන්මරවැඩි සඟල පයින් ගෙනැ පහයින් බැසැ නුවරින් නික්මැ ඉසිපතන් ගොස්, අලුයම්හි විහාරයෙන් නික්මැ අබවස්හි[84] දිළියෙන පහන්රුක්[85] සෙයින් සිටැ සක්මන් කරන බුදුන් දැකැ “මොබ[86] එ යස[87]”යි වදාළ කල්හි නිසැක වැ අවුදු වැඳැ ධම්දෙසුන්[88] අසා සොවාන් වැ අලුයෙහි සොස්නෙන්[89] ආ පිය හට දෙසූ දෙස්නෙන් රාත් වි යැ. පියෙ සොවන් වී. ඔහු සබඳ සෙසු සිට් දරුවො සූපනස්දෙනෙක්, “ඔහු පැවිජි වූහැ.” යනු අසා ඉසිපතන් ගොස්, දැකැ, බුදුන් කෙරෙ බණ අසා එහි භික්‍ඛුභාවයෙන්[90] පැවිජි වැ රාත් වූහු.

මෙසේ ලොකයෙහි බුදුන් ඇතුළු වැ රාතන් එක් සැට දෙනකු නිපන් කල්හි, බුදුහු වස් වැසැ පවරා, “මහණෙනි, දනවු සැරී සරන්නට එළබෙව. දෙදෙනෙක් එක් මඟින්[91] නො යව. ගිය ගිය තන්හි ධම් දෙසව. සත්වැඩ සාහව[92]” යි සඟුන් සැට දෙනා එ එ තැනට නඟා-යවා තුමුහු[93] උරුවෙල් දනවු වඩනාහු, අතර මඟැ කපුවන උයන්[94] කෙළනට ගිය රජ කුමරුවන් තිස් දෙන හට ධම් දෙසා සොවාන් සෙදගැමි අනගැමි කොටැ එහි භික්‍ඛුභාවයෙන් පැවිජි දී සැරිසරනුවට නඟා-යවා, උරුවෙල් දනවු එළබැ තුන් දහස් පන්සිය සොළොස් පෙළහරක් දක්වා තවුස් දහස් පිරිවර ලද[95] උරුවෙල් කසුඛු,[96] ගයාකසුඛු13 නදීකසුඛු13 නම් තුන් මහතව්සන් ගෙ දුලද බිඳැ, එහි භික්‍ඛුභාවයෙන් පැවිජි දී ගයාසීසයෙහි වැඩැහිඳ “ආදිත්තපරියාය”-සුතන්[97] දෙසා රාත් කොටැ ගෙනැ එ රාත් සඟුන් දහසක් දෙනා පිරිවරා බිම්සරමහරජ හට[98] දුන් පිළිනයෙන් මිදෙනු සඳහා රජගහා නුවර අබියෙස්හි යටිවන උයන් වැඩියො.

එ කල්හි රජ බුදුන් වැඩි පරිදි උයන්පල්ලා අතින් අසා දොළොස් නුහුවක්[99] බමණන්[100] හා ගහපතීන්[101] පිරිවරා අවුදු තරුපිරිවර ලද[102] පුන්සඳක් සෙයින් සඟපිරිස් පිරිවරා සවනක් ගණ බුදුරසින්[103] දිළියෙමින් වැඩැහුන් බුදුන් දැකැ, සක්ලකුණින් විසිතුරු පතුල් දැකැ වැඳැ, සහපිරිවරින් එකත්පස් වැ හිනි.[104][105] පිරිසැ ඇතැම් කෙනෙක්, “කිම හො? මහමහණ උරුවෙල්කස්බන් නිසා බඹසරවස් සෙරෙයි[106] හො? යි සිතුහු. බුදුහු ඔවුන් ගෙ අදහස් දැනැ[107] “කස්බ, ජනයන්[108] සිතැ කුකුස් හර”යි වදාළො. එ කල්හි උරුවෙල්කසුබ් මහ තෙරහු හුනස්නෙන් නැඟි බුදුන් වැඳැ ‘බුදුහු මට ගුරුහ. මම්[109] බුදුන් ගෙ සවුයෙමි” යි අහස්හි[110] තලයක් පමණ තැනට නැඟී දුමදුමා දිළිදිළී හොමින් හිඳිමින් සිටිමින් සක්මන් කෙරෙමින් අතුරුධන් කෙරෙමින්[111] අහසින් බැසැ බුදුන් පා වැඳැ තමන් සවු පරිදි භගවා, දෙවන වටැ අහස්හි දෙ තලයක් පමණ තැනට නැඟී,[112] තුන් වන වටැ තුන් තලයක් පමණ තැනට නැඟී, පස් වන වටැ පස් තලයක් පමණ තැනට නැඟී, සවන වටැ ස තලයක් පමණ තැනට නැඟී, සත් වන වටැ, සත් තලයක්[113] පමණ තැනට නැඟී දුමා දිළී හෙවැ හිඳැ සිටැ සක්මන් කොටැ අතුරුධන් පැමිණැ පෙළහර දක්වා අහසින් බැසැ, “බුදුහු මාගෙ ගුරුහ. මම්[114] බුදුන් ගෙ සවුයෙමි”යි බුදුන් පා වැඳැ එකත්පස් වැ හුන්හු.

එ කල්හි මුළු පිරිස් වැසියො එ පෙළහර[115] දැකැ, “අහො! බුදුහු මහානුභාව ඇතියව්හැ. එබඳු දුලද්[116] ගෙනැ ‘රාත්මී’ වැටෙන උරුවෙල් කස්බො පවා දුල්ද් බිඳැ බුදුන් විසින් දමන ලදහ”යි බුදුන් ගෙ ගුණ වැනුහු බුදුහු “මුහු[117] දැන් මතු දැමුයෙම් නො වෙමි. අතීතයෙහි දු දැමුයෙමි”යි ඔවුන් මියුලු[118] නුවරැ අඞ්ගාති නම් රජක් වැ ගුණ නම් නුවටක්හු කරා එළබැ “මෙලො නැති. පරලො නැති. කම් නැති කම්හි[119] ඵල නැතී” දුලද්[120] ගෙනැ වැටෙන කල්හි, තමන් බඹ[121] වැ ඉසිවෙසින්[122] අවුදු ධම් අසා දුලද් බුන්[123] පරිදි දක්වමින් මහානාරදකස්සප[124] ජාතකය දෙසා සිවුසස් වදාළහ.

එ කල්හි, බිම්සර රජ[125] එකොළොස් නුහුවක්[126] දෙනා හා සමඟ සොවාන් වි යැ. එක් නුහුයෙක්[127] වැඳැ සරණ ගියෙ[128]. රජ බුදුන් කෙරෙහි හිඳැ තමාගෙ පස් මනදොළක් පිරුණු[129] සෙ කියා සරණ ගොස් සෙට දවසට පවරා හුනස්නෙන්[130] නැඟී බුදුන් වැඳැ පැදකුණු කොටැ නුවර ගියෙ[131]. අලුයෙහි බුදුන් දුටු නුදුට්[132] අටළොස් කෙළක් රජගහා වැසියො[133] බුදුන් දක්නට උදයැ මැ නුවරින් නික්මැ යටිවන උයන් ගියො. තුන් ගවු මඟ[134] නොපොහොනු වි යැ. සියලු යටිවන උයන් මිනිසුන් විසින් අතුරු නැති වි යැ. සියලු යටිවන උයන් මිනිසුන් විසින් අතුරු නැති වි යැ. මහජනයො තමන් ගෙ ඇස්පසුරෙන් බුදුන්ගෙ රූමුහුදු[135] පිහිනා[136] පරතෙර සො දැක්කැ හෙත්. මෙසෙ දෙතිස්වරලකුණෙන් සැදුම් ලද අසු අනුව්‍යඤ්ජනයෙන් දිළියෙන බුදුන් බඳ බලන මහජනා[137] අතුරු නැති වැ උයනද් මඟද්[138] හැසි ගැවසි සිටි කල්හි, එක් පැවිජිකෙනකුදු[139] නික්මෙන්නට මඟ අවසර නොවී.

එ කල්හි සක්දෙව් රජ බුදුන් සඟුන් සුන්බත් වන බියෙන් යහපත් මණව්වෙසක් මවා-ගෙනැ බුදුන් පෙරමඟට[140] බැසැ-සිටැ දෙවානුභාවයෙන්[141] අවසර කොටැ-ගෙනැ බුදුන් ගෙ ගුණ වනා යසගී කියමින් පෙරට[142] වැ ගියෙ. මහජනයො ඔහුගෙ රූසිරි[143] දැකැ “ඇප්25 මෙවෙනි දරුවකු යම් කලෙකැ නුදුටුවිරිම්හ. මෙ කෙසෙ වු දරුයෙකැ[144] හො!” යි කීහු. එකල්හි දෙව්රජ “තමා බුදුන් ගෙ මෙහෙකරු[145] පරිදි” කී යැ. බුදුහු සක්දෙව් රජහු අවසර කොටැ දුන් මඟ පිළිපැදැ මහණ දහස් පිරිවරා රජගහා නුවරට වන්හැ.

රජ බුදුපාමොක් සඟනට[146] දන් දී “වහන්සෙ, මම තුණුරුවන් විනා වාස[147] කරන්නට නොහැක්කෙමි. වෙලෙ වුව, මැනෑ මැ යැ; නොවෙලෙ වුව, මැනෑ මැ යැ; බුදුන් කරා එළබෙමි.[148] යටිවන උයන් ඉතා[149] දුරැ; මෙ මා ගෙ වෙළුවන උයන් නොදුරු;[150] නො ද ආසන්න යැ; යන එන කලට සුව යැ; බුදුනට නිසි සෙනස්නැ. මාගෙ මෙ උයන් පිළිගන්නෙ මැනැවැ”යි රන් කොතුරුයෙන් මලින් ගඳින් වැසුණු මිණි වන් පහන් දිය ගෙනැ වෙළුවන උයන් දෙනුයෙ, බුදුන් අතැ දිය ඔත. බුදුන් උයන් පිළිගත් විගසැ “බුදුසස්නෙහි මුල් බටැ” යි මහා පොළො ගුගුළෙ. දඹදිව් තෙලෙහි වෙළුවන උයන් තබා, පොළො ගුගුරුවා ගත් අනෙක් වෙහෙරෙක් නැති. ලක්දිවැ මහවෙහෙර තබා පොළො ගුගුරුවා ගත් අනෙක් වෙහෙරෙක් නැති. බුදුහු වෙළුවන උයන් පිළිගෙනැ රජ හට අනුමෙව්නි[151] කොටැ හුනස්නෙන් නැඟී සඟුන් පිරිවරා වෙළුවන උයන් වැඩියො. එකල්හි සැරියුත් මුගලන්[152] දෙදෙන දෙසිය පනස් දෙනකු[153] ගෙනැ බුදුන් කරා එළබැ එහි භික්‍ඛුභාවයෙන් පැවිජි වැ සහපිරිවරින් රාත් වැ අගසවු තන් පත් වූහු.

මෙසේ බුදුන් වෙළුවන උයන්හි සත් වැඩ සාහමින් වසන කල්හි, සුදොවුන්[154] මහරජාණො “මපුතණුවො බුදු වැ ධම්සක් පවත්වා රජගහා[155] නිසා වෙළුවන උයන්හි වෙසෙති” යනු අසා එක් “මහ ඇමැත්තක්හු දහසක් පුරුෂයන් පිරිවරා රජගහා[156] නුවර ගොස් සුදොවුන් මහරජාණො තොප දැක්කැටියහයි, ම පුතණුවන් ගෙනැ[157] තා අව මැනැවැ”යි නඟා යවුහු. “හෙ ඉතා මැනැවැ”යි සුදොවුන් මහරජාණන් ගෙ තෙපුල් මුදුනෙන් පිළිගෙනැ දහසක් පුරුෂයන් පිරිවරා වහා මැ සැට යොජුන් මඟ ගෙවා ගොස් බුදුන් පිරිස් මැදැ වැඩැහිඳැ ධම් දෙසන වෙලායෙහි වෙහෙරට වැදැ, “රජු ගෙ හසුන් දැන් තබම්හ”යි පිරිස් අන්තයෙ සිටැ බුදුන් කෙරෙහි[158] බණ අසා සහපිරිවරින් රාත් වැ නො බැණැ බුදුන් කෙරෙහි විසි. රජානො එ මැ නියායෙන් අනෙක් අට වරෙක්හි දහස් දහස් පුරුෂයන් පිරිවර දී ඇමැත්තන් අට දෙනකු යවූහු. ඔහු හැමදෙන[159] රාත් වැ පැවිජි වැ නො බැණැ බුදුන් කෙරෙහි මැ වුසුහු. රජාණො හස්නකුදු ඇරැ[160] කියන කෙනකුන් නො ලදින්, “එ තෙක් දෙනා කෙරෙහි මට සැනැහැත්තන්[161] නැත්තෙන්[162] මට හස්නකුදු ඇරැ[163] නො කීහැ.[164] මා කීවක්[165] කරන්නෙ[166] කවර හො!”යි, සියලු රජබල බලනුවො, තමන්ගෙ හැම කාර්ය[167] සාධන, ඇතුළත්, විස්වස් ඇති, පුතණුවන් හා එක දවස් උපන්, වැලි කෙළියෙහි පටන් ගෙනැ ඔවුන්[168] හා පුරුදු සබඳ, කාලුදායි[169] නම් ඇමැත්තක්හු දැක ඔහු කැඳවා-ගෙනැ, “මපුතණුවන් දැක්කැටි වැ නව වරෙකා නව ඇමැත්තකු දී නවදහසක් පුරුෂයන් යවීමි.[170] එකෙකුදු[171] අවුදු[172] හස්නකුදු නො කී.[173] දිවියෙහි නියන නැති. මා දිවි ඇති විගසැ මපුතණුවන් ඇරැ මා දක්වන්නට[174] නිස්සෙහි දැ?”යි කීහැ. “මහරජ මම් පැවිජි වන්නට අවසර ලැබෙම් නම්, නිස්සෙමි” කී යැ. “තො පැවිජි වැ හො, නොපැවිජි වැ හො මපුතණුවන් ඇරැ මා දක්ව”යි කීහැ. හෙ[175] “මහරජ[176] ඉතා මැනැවැ”යි රජාණන් ගෙ හසුන් ගෙනැ රජගහා නුවර ගොස් බුදුන් ධම් දෙසන වෙලෙහි පිරිස් අන්තයෙහි සිටැ බණ අසා සහපිරිවරින් රාත් වැ එහි භික්‍ඛුභාවයෙන් පැවිජි වී.

ඔහු සතට දවසක්[177] ගිය කලැ මැදින්දිනැ පුර පොහො දවස් “හිමන්[178] කල් ඉකුත්යෙ යැ; වසන්[179] කල් පත්තෙ යැ; පොළො තල හීතණයෙන් ගැවැසීගත්තෙ යැ; වන ළැව් සුපිපියෙයැ;[180] වඩනට නිසි කලැ”යි සළකා[181] බුදුන් කරා එළබැ සැට ගයෙකින් බුදුන් කුලනුවර වැඩිය[182] මනා බව් කියා ගමන් වැනුහු.[183] එ කල්හි බුද්හු “කිම, උදය, මියුරු සරයෙන් ගමන් වනහි?”යි වදාළො. එ සඳැ මහතෙරහු, “වහන්සෙ මුබ පියාණො සුදොවුන් මහරජාණො මුබ දැක්කැටියහ”යි කීහු. “මැනැවැ උදය, නෑයනට සංග්‍රහ කෙරෙමි, බික්සඟනට සැල කරව”යි වදාළො. “මැනැවැ, වහන්සෙ” යි ගොස් නඟනට සැළ කළහ. සඟහු අවුදු බුදුන් පිරිවැරුහු. බුදුහු අඟු-මගධ දෙරටවැසි කුල දරුවන් දසදහසක් දෙනා හා කිඹුල්වත් වැසි දසදහසක් දෙනා හා මෙසෙ විසිදහසක් රාත් සඟුන් පිරිවරා හස්ගණ[184] පිරිවර[185] ලද මහහස්රජක්හු[186] සෙයින් රජගහා නුවරින් නික්මැ එක් දවසකට එක් යොජනක් බැවින්[187] රජගහා නුවරින්[188] සැටයොජුන් කිඹුල්වත් නුවර,[189] යොජුන් යොජනෙහි[190] වෙහෙරැ වෙසෙමින්, “දෙමසෙකින් ගිය මැනැවැ”යි නික්මුණුහු.

මහතෙරහු, “බුදුන් නික්මුණු පරිදි රජ හට සැල කළ මැනැවැ”යි අහසින් ගොස් රජගෙයි පාල වූහු.[191] රජානො මහතෙරුන්[192] දැකැ සතුටු වැ මහාරඟ පලක් මත්තෙ වඩා හිඳුවා තමනට යුතු කොටැ තුබු නන්[193] රසබොජනෙන්[194] පය පුරා දුන්හු. මහතෙරහු, හුනස්නෙන් නැඟි යන ආකාර දැක්වූහු. “හිඳැ වළඳන්නේ යැ”යි කීයෙන්, “බුදුන් කරා ගොස් වළඳම්හ”යි කීහු. “බුදුහු කොහි යැ පුතණුවෙනි?” කීයෙන්, “විසිදහසක් සඟුන් පිරිවරා තොප දක්නට නික්මුණුහු”යි කීහ. රජාණො සතුටු වැ “තෙප් වළඳව. මපුතණුවන් මෙ නුවර එන තන් දක්වා මොබින් බත් ගෙනැ වඩව[195]” යි කීහු. මහතෙරහු ගිවිස්සහ. රජාණො මහතෙරුන් වළඳවා පය ගඳසුන්නෙන් උළා-පියා උතුම් බොජනෙන් පුරා, “බුදුනට දෙව”යි මහතෙරුන් අතැ තුබූහු. මහතෙරහු හැමදෙනා දක්නාසෙ මැ පය අහසට විහිදැ තුමුහු ද අහසට නැඟි බත් ඇරැ බුදුන් අතැ තුබූහු. බුදුහු වැළැඳූහු. එ නියායෙන් මහතෙරහු දවසැ දවසැ බත් ගෙනැ යෙති. බුදුහු අතරමඟැ පියමහරජාණන් ගෙ මැ බත් වැළැඳූහු. මහතෙරහු බුදුන් බත් වැළඳවූහු. එක්බිත්තෙන දවසැ දවසැ “බුදුහු මෙ තෙක් තන්[196] වැඩියහ. මෙතෙක් තන් වැඩියහ”යි බුදුනු ගෙ ගුණ කියා සියලු රජකුලන් බුදුන් නුදුටු[197] ද, බුදුන් කෙරෙහි ප්‍රසාද ඉපදවූහු[198] එයින් ඔව්නට බුදුහු කුල පහදවන්නන් කෙරෙහි අග තනතුරු වදාළො.

රජහු බුදුන් වැළැතැ[199] වැඩි කල්හි, “අප ගෙ නෑ උතුමා දක්මහ”යි රැස් වැ බුදුන් වාස[200] කරන්නට නිසි තැන් බලන්නාහු, නිග්‍රොධ නම් ශාක්‍යරජහු ගෙ උයන රමණීසෙ දැකැ එ සදන්නට යොදා තුමූ[201] ගඳමල් ගෙනැ පෙරමඟට යන්නාහු, පළමු[202] සව්බරණින්[203] සැදි ළදරු ළදරු දරුවන්[204] හා දැරියන් නඟා-යවුහු. එක්බිති රජකුමරුවන්[205] හා රජ කුමරියන් නඟා-යවූහු. ඔවුන් එක්බිති තුමුහු ගොස් ගඳින් මලින් පුදමින් බුදුන් ගෙනැ නිග්‍රොධරාමයට වැඩුහු. බුදුහු එහි[206] විසිදහසක් සඟුන් පිරිවරා පැන්වූ බුදුඅස්නෙහි වැඩැහුන්හු. සැහැමහරජහු[207] අභිමානයෙන්, “සිද්ධත් කුමර අපට ළදැරි යැ. අප මලැ, අප බෑනෙ යැ, පිතැ, මුනුබුරෙ යැ”යි සිතා ළදරු ළදරු රජකුමරනට, “තෙපිවඳව. ඇපි තොප පිටිපසැ හිඳුම්හ” කීහු. ඔවුන් එසෙ හුන් කල්හි, බුදුහු ඔවුන්ගෙ අදහස් දැනැ “මා නැයො නො වඳිති. ඔස! ඔවුන්[208] වැඳැවුව මැනැවැ”යි සතර වන ධැන්[209] සමවැදැ හුනස්නෙන් නැඟී ඔවුන් හිසැ පියපස් ඕනවුන් සෙයින් අහසට නැඟී සියල් සිරිරින් දියකඳ ගිනිකඳ විහිදමින් සවනක් රැස් විරමින් යමාමහපෙළහර දැක්වූහු.

පියමහරජාණන් එ අසිරි මහපෙළහර දැකැ, “වහන්සෙ, මම තොප, උපන් දවස් කළුදෙවුල්[210] මහතව්සා වඳවන්නට එළවුවන් ගෙ, පා පෙරැළී ඔහු මුදුනෙ පිහිටිසෙ දැකැ තොප වහන්සෙ වැන්දෙමි. හෙ මාගෙ පළමු වන වැඳම යැ.[211] වප්මඟුල් දවස් දඹරුක් පයැ සිරියහන් මතුයෙහි පලක්[212] බැඳැ වැඩහුන්නා දැක, දඹසෙයද් නොපෙරෙළෙනසෙ දැකැ, වැන්දෙම් මැ යැ. හෙ දෙවන වැඳුම යැ දැන් මෙ[213] නොදුටු විරි පෙළහර දැකැ වඳිමි.[214] මෙ මාගෙ තුන් වන වැඳමැ”යි[215] වැඳි කල්හි, බුදුන් නො වැඳ සිටිනට නිසි එක රජෙකුදු නො වීයැ. හැම දෙන මැ වැඳියො.

මෙසෙ බුදුහු නෑයන් වඳවා[216] අහසින් බැසැ පැන් වූ අස්නෙ වැඩැ-හුන්හ. බුදුන් වැඩ-හුන් කල්හි නෑයන් ගෙ සමාගම මුදුන් පැමිණි යැ. හැමදෙන[217] එකඟසිත් වැ හුන්නාහු. එ කල්හි මහමෙ නැඟී පොකුරුවැසි වට. එ වැස්සෙහි[218] “තෙමෙම්හ”[219] යි සිතුවො තෙමෙති. “නො තෙමෙම්හ”14 යි සිතුවන් වෙරැ එක දිය බිඳෙකුදු නො හෙයි. එ අසිරි පෙළහර[220] දුටු රජහු විස්ම පත් වූහු. බුදුහු “දැන් මතු නොවෙයි, මාගෙ නෑ සමාගමයෙහි පොකුරු වැසි වටුයෙ[221]; අතීතයෙහි දු වට” යි වෙසතුරුදා වදාළහ. ධම්දෙසුන්[222] අසා හැම දෙන[223] හුනස්නෙන් නැඟි වැඳැ නුවර ගියහ. එක රජෙක් හො, රජඇමැත්තෙක් හො, අනෙක් දවසට පැවැරු කෙනෙකුදු නොවූහු.

බුදුහු අනෙක් දවස් විසිදහසක් සඟුන් පිරිවරා කිඹුල්වත් නුවර සිඟන්නට වැඩියහ. පෙරමඟට ගොස් පා ගත් කෙනෙක් හො, පැවැරු කෙනෙක් හො, නොද වූහු. බුදුහු එළිපතැ වැඩැ සිටැ, පෙරැ බුදුහු, කුලනුවරැ කිසෙ පිඬු සුරූහ[224] හො! ගෙපිළිවෙළ හැරැ ඉසුරු ජනන් ගෙ ගෙට එළඹියහ හො! නොහොත්, සපදන්සැරි සුරුහ, හො!”යි බලනුවො, ගෙ-පිළිවෙල පියා එක් බුදු කෙනකුනුදු[225] නො වැඩිසෙ දැකැ, “දැන් මයිදු එ මැ වංසය[226] රැක්ක මැනැවැ.[227] අනාගතයෙහි මාගෙ සව්වො මා අනුවැ හික්මෙන්නාහු, සපදන්සැරිවත් පුරනු වෙතී” කෙළවරැ ගෙහි පටන්-ගෙනැ සිඟමින් වඩිති. “අප හිමි සිද්ධත් කුමර පිඬු සෙරෙල”යි දෙබුමු තුන්ඛුමු ආදි පහාහි සිහිමැදුරු[228] විවර කොටැ බලන ජනයො දැක්මෙහි[229] ව්‍යාවට වුහු.

යසොධරා දෙවි වනාහි “හිමිහාපිත් මෙ මැ නුවරැ රුවන්රිය අරා දෙව්පිරිස් බඳු පිරිස්[230] පිරිවරා දැන් මුඬු වැ කහවත් හැඳැ පෙරෙවැ පා කබලක් ගෙනැ අහර සිඟා ල. හෙ ඔහට හොබී[231] හො! නොහොබී හො!” යි සිහිමැදුරු[232] විවර කොටැ බලන්නී, බුදුන්, නන් විසිතුරු පැහැයෙන් දිළියෙන සිරිරු රසින් නුවර මහවෙ බබුළුවනුවවන්, බ්‍යාම ප්‍රභායෙහි[233] ගැලී-සිටි අසුඅනුව්‍යඤ්ජනයෙන් බබළන දෙතිස් වරලකුණෙන් සැදුම් ලද රූපකය ඇතියවුන්, උපමා නැති බුදුසිරින් වොරජනන්, දැකැ හිස පටන්-ගෙනැ පතුල් දක්වා නරසීගා නම් අට ගයෙකින් බුදුන් වනා සුදොවුන් මහරජාණන් කරා ගොස්, “තොප පුතණුවො අතුරුවෙ බැසැ සිඟති”යි වැ.[234] රජාණො[235] බිය පත් වැ සළුව හඳිමින් වෙළෙවි[236] වැ ගොස් බුදුන් පෙරට[237] සිටැ, “වහන්සෙ, මට ලජ්ජා කුමට කරව? කුමක් සඳහා සිඟව? මා මෙ සඟනට බත් නොදිය හෙතී,[238] ගත්තාව?”යි කීහ. “මහරජ, මෙ අප[239] ගෙ වංස යැ”යි වදාළො.[240] “වහන්සෙ, තොප ගෙ මහාසම්මතවංසයෙහි එක රජෙකුදු නොසිඟුයෙ නො[241]?”යි කීහු. “මහරජ, හෙ තොප ගෙ වංස යැ. අපගෙ වූ කල බුද්ධවංසයැ. හැම බුදුහු[242] සිඟා-වැටුණහ.” යි, අතුරුවෙයැ සිටැ ගාථාවක් වදාළහ. එ[243] ගාථාව අසා සොවන් වූහ; දෙවන ගාථාව අසා සෙදගැමි වූහ; මහධම්පල්දා අසා අනගැමී[244] වූහ; මීයන කලැ සෙසත් යටැ සිරියහන් මත්තෙ හෙවැ රහත්වූහු.

රජාණො, සෙදගැමි වූවාහු, බුදුන් අතින් පා ගෙනැ විසිදහසක් සඟුන් හා බුදුන් පහයට වඩා සිනිඳු මියුරු බත් දුන්හු. බත් වළඳා උන් කල්හි සතලිස්දහසක් නළුවො බුදුන් වැන්දාහ. යසොධරා දෙවී වනාහි, “බුදුන් වඳනට එව”යි කීයෙන් “සැබවින් මම ගුණවත් වීම් නම්, ඔහු මැ ම කරා එති. එ කලැ මැ[245] වඳිමි”යි නොගියා[246] බුදුහු පියමහරජාණන් ලවා පය ගෙන්වාගෙනැ දෙඅග සව්වන් හා සමඟ ඇය ගෙ සිරියහන් ගබට එළබැ ‘ඇය[247] රිසි සෙ වඳනා කල්හි නොවළක්කෙ යැ[248]” යි වදාරා පැන්වූ අස්නෙහි වැඩැ-හුන්හු. දෙවි වෙළෙවි වැ ගොස් ගොප් මසැ අත්ලා-ගෙනැ [249]පා-පිටැ හිස් තබා වනවනා වැලැපැ රිසි සෙ වැන්ද. රජාණො, ඇය බුදුන් කෙරෙහි[250] සනාබුහුමන් ඇති පරිදි කියන්නාහු, “වහන්සෙ, මදු ‘තොප කහවත් හන්හ’ යනු අසා කහවත් හන. ‘තොප එක් වෙලෙ වළඳතී[251] අසා එක් වේලෙ වළඳයි. ‘තොප මහත් සම්පත්[252] පී-බව්’ දැනැ මහත් සම්පත් පිටවැ. ‘මහයහන් පීහ’ යනු දැනැ මහ යහන් පියා පට හැඳෙකැ[253] හොවී, ‘තොප මල්ගඳ[254] නොපළඳනා බව් දැනැ මල්ගඳ හළ. තමා නෑයන් කෙරෙහි, ඇපි ඇපි පස්වටම්හ’යි හසුන් දුන් කලැ, එක් රජක්හු දු කීයෙහි නො ගිවිස්සි. මදු මෙසේ ගුණවතැ”යි කී හැ. “මහරජ, දැන් තොප විසින් රක්නා ලද්දිය මෙසෙ වැටෙනු කිසි පෙළහරෙක්[255] නොවෙයි. පෙරැ කිසි කෙනකුන් විසින් නොරක්නා ලද්දී, නොපිරිපැසුණු නුවණ[256] දු තමා රැක්කැ”යි වදාරා සන්කිඳුරුදා[257] දෙසා ඇය අස්වසා හුනස්නෙන් නැඟි වැඩියො.

දෙවන දවස් තමන් මලු[258] නන්‍ද කුමරහු ගෙ තනතුරු මඟුල්, ගෙවදනා මඟුල් විවාමඟුල් මෙ තුන් මඟුලට සරහන කල්හි ඔහු[259] ගෙට එළබැ පැන්වූ අස්නෙ[260] වැඩැ හිඳ මඟුල් වදාරා ඔහු පැවිජි කටැටි වැ පය අතැ නඟා තබා හුනස්නෙන් නැඟි වැඩියො. ජනවුකලණ නම් රජ කුමරි[261]බුදුන් හා යන කුමරහු දැකැ, “හිමියාපිත, වහා එ”යි කියා කර දික් කොටැ කවළියෙන් බැලුව[262]. හෙද බුදුනට “පය ගන්ව, වහන්සෙ”යි කියන්නට නොපොහොසත් වූයෙ, බුදුන් හා[263] වෙහෙ මැ ගියෙ. බුදුහු ඔහු නොකැමැති සෙ පැවිජි කැරැවූහු. මෙසේ බුදුහු කිඹුල්වත් නුවර ගොස් තුන් වන දවස් නඳ[264] කුමරහු පැවිජි කළහ.

සත්වන දවස් යසොධරා දෙවි තමා පුතු රාල් කුමර[265] කුමරබරණින්[266] සදා මෙ “විසිදහසක් මහණ ගණ පිරිවර[267] ලද, රන්වන් උතුම් රූ ඇති, මහබඹහු සෙයින් දිළියෙන, මහණ තා පියෙ[268] යැ. ඔහු ගෙ මහානිධි සතරෙක් ඇති. ඔබ නික්මැ ගිය තැන් පටන්-ගෙනැ එ නො දක්මහ. උහු කරා ගොස් දායාද ඉල්ලා-ගන.[269] පියන් ගැති[270] දෙයෙක් නම්, පුතුන් ගැති වේ ද!”යි නඟායවු.[271] කුමර බුදුන් කරා ගොස්, “මුහු ම පියාණහ” යන සෙනෙහෙන් සතුටු සිත් ඇතියෙ, “මහණ, තාගෙ සෙවණ සුව යැ”යි ළඳ බොළඳ බස බෙණෙයි. බුදුහු වළඳා අනුමෙව්නි කොටැ හුනස්නෙන් නැඟී වැඩියහ. කුමර ද දායාද ඉල්ලමින් බුදුන් හා මැ ගියෙ. බුදුහු දරුවා[272] නො නැවතුහ. පරියනයොද් බුදුන් හා යන්නහු නවතන්නට නොපොහොසත්[273] වූහු. මෙසෙ හෙ බුදුන් හා සමඟ අරම් ගියෙ.[274]

එ සඳැ බුදුහු, “මෙ පිය අයත් ධන ඉල්ලයි. මොහට සසරවැසිකරණ[275] ධන නො දුන මැනැවැ. මා බො-මඬහි[276] ලද[277] සත්වැදෑරුම් අරීධන දුන මැනැවැ. ලොවුතුරු දායාද යෙහි මොහු හිමි කළ මැනැවැ”යි සැරැයුත් [278]මහතෙරුන් කැඳවා මොහු පැවිජි කරා[279]”යි වදාළහ.[280] ඔහු රාල් කුමරහු පැවිජි කොළො.

ඔවුන් පැවිජි වූ කල්හි සුදොවුන්[281] මහරජාණනට බලවත් දුක් උපන. අධිවාසනා කරන්නට නොපොහොසත් වූවාහු, බුදුන් කරා එළබැ, “මවුපියන් නො අනුදත් දරුවන් පැවිජි නොකරන්නට[282] වරයක් මට වදාරනු මැනැවැ, වහන්සෙ”යි කීහ. බුදුහු ඔව්නට[283] එ වරය දුන්හ.

අල්ලෙ[284] දවස් බුදුන් රජගෙහි[285] වළඳා වැඩැ-හුන් කල්හි, රජාණො “වහන්සෙ, මම්, පධන්හි යොග කරන කල්හි එක් දෙව්දුවක්[286] අවුදු, මහරජ, තපිත්[287] මෙළෙ’යි කී කල්හි, ම පිත් ‘බුදු වැ මිසැ, නො මියෙ’ යි දෙව්දුව කීවා නො හැදැහිමි”[288] යි කීහු. බුදුහු “මහරජ, තෙපි දැන් කිසෙ හදහව? පෙරැ ‘ත පිත් මෙළෙ’ යි ඇට ඇරැ-පෑ කල්හි දු නො

හැදැහුවාව[289]!” යි වදාරා මහධම්පල්දා දෙසූහ. දෙසුන් අවසන් හි රජාණන් අනගැමිපල පසක් කොළො. මෙසෙයින් බුදුහු පියාණන් තුන් මඟ තුන් පල[290] පමුණුවා සඟපිරිස් පිරිවරා කිඹුල්වතින් නික්මැ රජගහා නුවර ගොස් සීතවනයෙහි වැඩැවුසුහු.

එ කල්හි සැවැත් නුවරැ අනෙවඩුමහසිටු පන්සියක්[291] ගැලින්[292] බඩු ගෙන්වා[293] ගෙනැ රජගහා නුවරැ තමා සබඳ සිට්හු[294] ගෙට එළබැ එහි සිටැ බුදුන් උපන් බව් දැනැ රැ බොහො වෙලෙහි මැ දෙවියන් වළ[295] දොරින් නික්මැ බුදුන් කරා එළබැ බණ අසා සොවාන් වැ අනෙක් දවස් බුදු පාමොක් සඟනට මහදන් දී බුදුන් සැවැත් නුවර[296] වඩනට ගිවිස්වා-ගෙනැ අතරමඟ පන්සාලිස් යොජනක් තන්හි ලක්‍ෂ ලක්‍ෂ විසදා යොජනෙහි[297] යොජනෙහි මහ වෙහෙර කරවා සැවැත් නුවර ගොස් ජෙත[298] නම් රජකුමරහු ගෙ උයන මසු සුළසින් අතොට අටළොස් කෙළෙකින් විකිණිගෙනැ එ රමණි[299] උයන් මැදැ බුදුනට ගඳකිළි කරවා එ වටා සෙසු සෙනසුන් කරවා පවුරු දොරොටු යොදා රැ වටන් දිවා වටන් සක්මන්[300] පිරි පොකුණු කරවා අටළොස් කෙළක් ධන විසදා මනොරම[301] කොටැ වෙහෙර කරවා බුදුන් කරා යවී.

බුදුහු මහසඟුන් පිරිවරා රජගහා නුවරින් නික්මැ අනුක්‍රමයෙන් සැවැත් නුවර[302] වැඩියහ. මහසිට්[303] වෙහෙර මහන් සරහා[304] බුදුන් දෙව්රම් වෙහෙර වඩනා දවස් පුතු සව්බරණින් සදා[305] එ සෙයින් මැ සැදි පන්සියක්[306] දරුවන් දී බුදුන් පෙරමඟට යවීයැ. දරු සහපිරිවරින් පස් පැහැයෙන් දිළියෙන පන්සියක් දද ගෙනැ බුදුනට පෙරටු වි යැ. ඔවුන් පස් පස් ‘මහා සුභද්දා’[307] නම් ‘චුලසුභද්දා’[308] නම් දෙසිට් දුහු සව්බරණින් සැදි පන්සියක් කුමරියන් හා සමඟ පුන්පැන[309] ගෙනැ නික්මුණහ. ඔවුන් පස්පස්[310] සිට්දු සව්බරණින් සැදී එ සෙයින් මැ සැදුණු පන්සියක් අඟනන් හා සමඟ පුන් පැණ[311] ගෙනැ නික්මුණු.[312] එක්බිති කොසොල් රජහු දු සමන් කුමරි පන්සියක් රථපිරිවරින් ගඳමල් ගෙනැ නික්මුණු.[313] හැම දෙන හට පසු වැ දහවළු හන් පන්සියක් සිටුන් හා සමඟ ගඳමල් ගෙනැ බුදුන් කරා ගියෙ.[314] බුදුහු මෙ උපාසක පිරිස් පෙරට කොටැ මහසඟුන් පිරිවරා සවනක් ගනරසින්[315] දසනුදස බබළවමින්[316] අනත් අපරිසෙ[317] බුදුසිරින්[318] වොරජමින් දෙව්රම් වෙහෙර වන්හු. එකල්හි සිට් බුදුපාමොක් සඟනට[319] වෙහෙර දිනැ, බුදුහු අනුමෙවුන් කළහ. සිට් අනෙක් අටළොස් කෙළක් ධන විසඳා වෙහෙර මහන් කැරැවී.

මෙ සෙයින් බුදුහු තමන් පුරිසධම්මසාරථී වන බැවින් ධම්සක් පවත්නෙහි පටන්-ගෙනැ අනෙකසෘද්ධි ප්‍රාතිහාර්යයෙන් හා දෙශනාවිලාසයෙන් හා මහණ දුළුලු බමුණු ගැහැවි සැහැරජ[320] ඈ අනෙසිය දහස් සතුන් සතන්හි දුලද්[321] බිඳැ-දමා අමාමහනිවනින් පමුණුවමින් ගොස් අනෙවඩු මහසිට්හු සූපනස් කෙළෙක් ධන විසඳා කරන[322] ලදු දෙව්රම් වෙහෙරැ හැම බුදුන් වුසු තන්හි අමා රස වහන පුන්සඳක් සෙයින් විනෙකුමුදුවන පුබුදුවමින් වැඩැ වුසුහු.

පරසන්තාන දමන නම් තුන්වන පරිච්ඡෙද නිමි.

  1. සිවුරා

  2. මෙ මැ පලග-මු

  3. ද-හැම

  4. උපුට

  5. ඔරොජනා

  6. අන්නට

  7. සමවදිමින්

  8. දෙවියෝ

  9. නොවූයෙ, නොවූ-මු

  10. ඒ දෙවියන්ගේ-මු

  11. මහා-බොධින්

  12. ඉසානා

  13. ඵල

  14. දකුරෙහි

  15. දික්, දිග

  16. මහා බොධින්

  17. පැළැමි හී, ලබියහී, ලැබියහි

  18. එ කල්හි

  19. මුවලිඳුවිල්

  20. පෙණයෙන්

  21. සමවත්සුවයෙක

  22. සිරිරුකිස, සිරුරුකිස

  23. දවිට, දවටී, දවිටි

  24. අනොතත්දහතලා, අනුතත්දහතලා

  25. තපස්සු-භල්ලුක

  26. දෙ වෙණෙඳෝ, ද්වෙ ‘හාතරො වාණිජා’ - සමන්ත පාසාදිකා, ‘වෙ වාණිජා’ - ජාතකඅටුවා

  27. පන්සියයක්

  28. වෙතට

  29. දෙව්දුවක්

  30. බුදුනට, බුදුන්ට

  31. ඔව්හු

  32. අයදියහ-මු

  33. පිළිගත් දවස්

  34. වීයැ

  35. නාලොව වැසියනට

  36. මීපිඬු කිමෙකින්

  37. බුදුහු,

  38. නොපිළිගත්හු-මු

  39. එකක්-මු

  40. මුවවිටු

  41. එක්පසෙක්

  42. අනුමෙවෙනි

  43. ධම්සරණ

  44. පිහිටුවූහ.

  45. කිසි

  46. දලවුල්අත්ලෙන්

  47. දාගබ්

  48. දම්

  49. දැකැ

  50. දසදහසක්

  51. උපුල්ලා

  52. බුදුන්ගෙ

  53. අඩදැනී-මු

  54. ධර්මය-මු

  55. කොළෝ-මු

  56. දහස්ලෝ

  57. අයජමෙන්

  58. එයට පෙරටු වැ මැ-මු

  59. තමනට

  60. වසති

  61. උන්ට

  62. පිළිපන්හැම

  63. ඔහුට

  64. බුදු වූ පරිදි

  65. ඉපිදු-මු

  66. පිරිපුන්-මු

  67. ඔහු-මු

  68. නො ද

  69. ඔව්හු

  70. නම-මු

  71. ආවුසවාද

  72. කරවු-වු

  73. රාත්මී බුදුමි,

  74. පැවතුන්

  75. සුතන්, සුන්

  76. සිටිදැරි, සිටුදැරි

  77. යන තුන්-මු

  78. කරනලද

  79. නළුවන්

  80. නො හැඳින

  81. ගඳැවි

  82. විඳිමින්

  83. තමන්ගත්

  84. අහස්හි

  85. පහන් රුකක්

  86. මුඹ

  87. යසස, සගය

  88. දෙසුම්

  89. සොයමින් සොස්මින්

  90. එහි භික්‍ෂුභාවයෙන්

  91. එකමහකින්

  92. සාහවව-මු

  93. තුඹු

  94. උයන්හි

  95. ලදු, ලද්-මු

  96. කසුඛ්, කසුප්

  97. සුතත්, සුන්ත

  98. මහරජහුනට

  99. නුවත්

  100. බමුණන්

  101. ගෘහපතීන්-මු

  102. තරු පිරිවරන ලද

  103. බුදුරැසින්

  104. හුණි. හිඳ-මු

  105. එ කල්හි ඒ පිරිස් අතුරෙන් ඇතැම් කෙනෙක්

  106. කෙරෙයි

  107. දැක

  108. දනයන්

  109. මම්

  110. අහස්තලයක්

  111. වෙමින්

  112. බැසැ නැඟී

  113. සත්තලක්

  114. මම

  115. පෙළහැර

  116. දුලද

  117. මොහු

  118. මිළු

  119. කම්පල නැතැයි

  120. දුලද

  121. බඹලොවැ

  122. ඉසින්වෙසින්

  123. බිඳැ-පු

  124. මහානාරදකාශ්‍යප

  125. මහරජ

  126. නුවක්

  127. නුහුවක්

  128. ගියෝ

  129. පිරු

  130. හුන් අස්නෙන්

  131. ගියො

  132. දුටු නුදුටු

  133. ..........කෙළක් මිනිස්සු

  134. තුන් ගව්වක් මඟ

  135. බුදුරූමුහුදු

  136. පිනා

  137. මහජනයා

  138. උයනුදු මගදු, උයනදු, මගදු

  139. කෙනකුනුදු

  140. පෙරට

  141. දෙවතානු භාවයෙන්

  142. පෙරමඟට

  143. රුසිරු රු

  144. දැරියෙක් දෝහො යි, දැරියෙකැ, දරුවෙක්

  145. මෙහෙකරුවකු

  146. මහ සඟනට

  147. වාසය

  148. එළඹෙමියි

  149. ඉතා ම

  150. නො ද දුර

  151. අනුමෙවෙනි

  152. මහමුගලන්

  153. දෙනකුන්-මු

  154. සුදවුන්

  155. රජගහ

  156. රජගහ

  157. ගෙන්නා-මු

  158. කෙරේ

  159. හැමදෙන මැ, ඇමදෙන

  160. හැරැ

  161. සෙහෙහැත්තන්

  162. නැතිහෙයින්

  163. හැරැ

  164. කීහු

  165. කීවා

  166. කරන්නෙක්

  167. කාරිය

  168. ඔවුනොවුන්

  169. කළුදායි-හැම

  170. යවීමියි-මු

  171. එකතු

  172. ඇවිත්. අවිදු

  173. කීහ-හැම

  174. දක්වාලන්නට

  175. හෙතෙම

  176. සමහර පොතෙක නැති

  177. සතටක් දවස් මු

  178. හිමත්

  179. වසත්

  180. මල් පිපියෙ ය

  181. අමතා-හැම

  182. එළඹි-ය මනා පරිදි

  183. පැනවූහු

  184. හස්ගනු

  185. පිරිවරන

  186. හස්රජක-

  187. බැගින්

  188. නුවර සිට

  189. නුවරට

  190. යොදුන්, යොදුනෙහි

  191. පාමුන වුහු

  192. මහ තෙරුන් වහන්සෙ

  193. නන්නන්

  194. භොජනයෙන්

  195. වඩ-යි

  196. තැන්

  197. නුදුට-මු

  198. ඉපැදව හැ

  199. වැලතට

  200. වයස-හැම

  201. පළමු වැ

  202. සව්බරණින්

  203. ළදරු දරුවන් “දහර දහරෙ නාගර දාරකෙ ච දාරිකායො ච” යනු අටුවා

  204. කුමරුන්

  205. ඔවුන්ගෙ එහි-හැම

  206. සැහැරජහු

  207. මොවුන්

  208. ධන්, ධ්‍යාන්, දන්

  209. කළුල් දෙවූ. කුළුල් දෙවූ, කළුන්දෙවූ, කළුදෙවුල්නම්-මු

  210. වැඳීම යැ

  211. පගලක්

  212. මා

  213. වැන්මදෙමි

  214. වැඳැමැයි, රජාණන්-හැම

  215. වඳවාගෙන-මු

  216. දෙන මැ

  217. වැස්සෙන්

  218. තෙමුමුව

  219. මහපෙළහර

  220. වටුයෙ යැයි

  221. එ ධම්දෙසුන්

  222. දෙන මැ

  223. සැරූහ

  224. ද්

  225. ‘අයමෙව’ ව වංසො-අටුවා

  226. මැනැවැයි

  227. සිවු

  228. දැක්මෙහි මැ

  229. මහපිරිස්-මු

  230. සොබී

  231. සිහි මැදුර-මු

  232. රශ්මිප්‍රභාවයෙහි, රශ්මප්‍රවාහයෙහි-මු

  233. කීහු

  234. මහරජාණො

  235. වෙළෙයි වැ

  236. පෙරට වැ

  237. දියහෙතියි.

  238. මා

  239. වදාළහ.

  240. සිඟුයේ නොවෙයි

  241. බුද්හු ම, බුදුහු ම

  242. හෙ

  243. අනාගාමි

  244. ම්ම-මු

  245. ගියාහ

  246. එය-හැම

  247. වළකන්නෙ යැ.

  248. අල්වා-ගෙන

  249. කෙරෙ

  250. වළඳනු

  251. සම්පතක්

  252. පටු හැඳෙක-මු

  253. මල්ගඳවිලෙවුන්-මු

  254. පෙරහරයෙක්

  255. නොපිර පැසුණු නුව දුක් මා, නොපිරිපැසුණු නුවණ දුන් මා-මු

  256. සඳකිඳුරුදා-මු

  257. මල්

  258. ඔහුගෙ-මු

  259. අස්නෙහි

  260. රජ කුමරිය

  261. බැලුහැ

  262. හා මැ

  263. නන්‍ද

  264. කුමරහු

  265. සව්බරණින්

  266. පිරිවරන ලද

  267. පියෝසැ

  268. ගෙන ගනයි

  269. නැති

  270. යවූහ යවුයැ,-මු

  271. දරුවාණන්-මු

  272. නො පොහොසත්හු

  273. ගියො

  274. සසරවැඩි-මු

  275. බොමඩ හිඳ

  276. ලත්

  277. සැරියුත්

  278. කරවායි, කරවයි-මු

  279. වදාළො

  280. සුදවුන්, සුදෙවුන්

  281. කරවන්නට

  282. ඔවුන්ට

  283. අනෙක්-මු

  284. රජගෙයි

  285. දෙවිදුවක්

  286. කා පිත්

  287. හැදිහිමි

  288. හැදහුහයි, හැදවුවයි

  289. ඵල

  290. පන්සියයක්

  291. ගැළින්

  292. ගන්වා

  293. සිටුහු

  294. හළ

  295. නුවරට

  296. යොදුන්යොදුතෙහි

  297. ජෙතවන

  298. රමණීය

  299. සක්මන්හල්

  300. මනොරම්‍ය

  301. නුවරට

  302. මහසිටු

  303. සදා, සරසා-මු

  304. සරහා-සදා

  305. පන්සියයක්

  306. මහාසුභද්‍රා

  307. චූලසුභද්‍රා

  308. පුණ්ණකලස, පූර්ණකලස

  309. පස්පස්හි

  310. පුන් පැන, පුන්පැන කලස-මු

  311. නික්මුණහ - හැම

  312. නික්මුණ, නික්මුණෙ, නික්මුණහ

  313. ගියෝ

  314. ඝනරසින්

  315. බබළමින්

  316. අපිරිසෙ

  317. බුදුරසින්

  318. සඟ හට

  319. සහරජ

  320. දුලදු

  321. කරනු