4. ගහපතිදමන නම් පරිච්ඡේදය

මෙසෙ බුදුහු දෙව්රම් වෙහෙරැ දහම් අමාවහරෙ වස්වමින් වැඩැ වසනුවො, තුන් ලොව්හි සැරිසැරැ[1] උපාලිගහපතිහි ඈ සිට්නු[2]දු කූටදන්ත ඈ බමණනුදු අජාසත් ඈ රජනුදු[3] අඟුල්මල් ඈ සොරුනුදු3 සහිය ඈ පරිබ්‍රාජක යනුදු3 සච්චක ඈ නුවටදරුවනුදු3 පාඨිකපුත්‍ර ඈ දිගම්බරයනුදු3 සච්චබද්ධක[4] ඈ ජටිලයනුදු බාවරික[5] ඈ තව්සනුදු3 ශාක්‍යභික්‍ෂු[6] ඈ මහණනුදු3 නන්‍දොපනන්‍ද ඈ නාගරාජයනුදු[7] නාලාගිරිහි[8] ඈ මහානාගයනුදු3 ආලවක ඈ යක්‍ෂයනුදු3 රාහු ඈ අසුරනු[9]දු3 සක්දෙව්රජහු ඈ දෙවියනුදු3 බක ඈ බඹනු[10]දු3 දමා අමා මහනිවන් පැමිණිවූහු.[11]

මෙහි උපාලි ගහපතිහි දැමු පරිදි කිසෙ යැ යත්:

එක් සමයෙක්හි බුදුහු මිණිකව ද පෙරෙවි ගඳැතුන් බඳු රත්පහුල් පෙරෙවි මහානුභාව[12] සඟපිරිස් පිරිවරා දෙව්රමින් නික්මැ ගම් නියම්ගම් නුවර දනවු[13] මලමඬුලු ගල්වල් සවනක් ගනබුදුරස්හි කුමුදුවමින්[14] දනවු සරමින[15] ගොස් මගධ රට නාලන්දා නුවර නිසා පාවාරික නම් සිට්හු[16] ගෙ අඹ උයන්හි වැඩැ වෙසෙති. එ කල්හි නිගණ්ඨනාථපුත්‍ර නම් නුවට[17] මහත් නුවටපිරිස් පිරිවරා නාලන්දායෙහි උහු[18]ගෙ දීර්ඝතපස්වී නම් නුවටෙක් නාලන්දායෙහි වළඳා පාවාරික නම් අඹ වනයට[19] බුදුන් කරා එළබැ සාමීචි කොටැ අවසන් ගෙනැ එකත් පස් වැ හුන්නෙ යැ. හුන්නා හට බුදුහු, “කියග තපස්විය,

නිගන්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට කිහි කමක් දක්වයි?” වදාළහ. “ගොයුම් ගොතුව, හෙ ‘කැමැ, කැමැ’[20]යි නො දක්වයි. ‘දඬ, දඬ,[21] යත්, මිසැ”යි කීයෙ.

එ සඳැ බුදුහු නුවටුන් ගෙ සමයෙන් පුළුවුස්නාහු, “හෙ පව්කම් කිරීමට කිහි දඬක්[22] දක්වයා? වදාළහ. “කායදණ්ඩ යැ, වාග්දණ්ඩ යැ, මනොදණ්ඩ යැ යන තුන් දඬක් දක්වයි”කී. එහි පළමු[23] දණ්ඩද්වය නුවටහු අචිත්තක කොටැ දක්වත්, කිසෙ යැ යත්: “යම්සෙ[24] සුළඟ හමන කල අතු සැළෙයි. දිය සැලෙයි, එහි සිත් නැති, එසෙයින් මැ, ‘කායදණ්ඩ දු [25]අචිත්තක වෙයි. යම්සෙ සුළඟ හමන කලැ තල්පත් ආදීහු හඬත් මැ යැ, දිය හඬා මැ යැ, එහි සිත් නැති, එසෙයින් මැ වාග්දණ්ඩදු[26] අචිත්තක (මැ) වෙයි. යෙත්. මෙසෙ මෙ දණ්ඩද්වය අචිත්තක කොටැ දක්වති. සිත් වූ කලැ ‘මනොදණ්ඩ’ කොටැ දක්වත්.

එ සඳැ බුදුහු උහු[27] ගෙ තෙපුල් සිටිවියටි වැ “කියග, තපස්විය, කායදණ්ඩ අනෙකෙක් මැ යැ හො? වාග්දණ්ඩ අනෙකෙක් මැ යැ හො? මනොදණ්ඩ අනෙකෙක් මැ යැ හො?” යි වදාළො. “ගොයුම්ගොතුව, කායදණ්ඩ අනෙකෙක් මැ යැ. වාග්දණ්ඩ අනෙකෙක් මැ යැ. මනොදණ්ඩ අනෙකෙක් මැ යැ”යි කී. “මෙ තුන් දණ්ඩයන් කෙරෙහි පව්කම් කිරීමට නිගණ්ඨනාථපුත්‍ර කවර දණ්ඩය මහාසාවද්‍ය කොටැ දක්වයි?” වදාළො. “ගොයුම්ගොතුව, කායදණ්ඩ මහාසාවද්‍ය කොටැ දක්වයි” කී. “කායදණ්ඩයෙහි[28] තපස්විය?” යි වදාළහ. ‘කායදණ්ඩ යෙමි. ගොයුම්ගොතුව” යි කී යැ. (“කායදණ්ඩ යෙහි තපස්විය?”යි වදාළහ. “කායදණ්ඩ යෙමි, ගොයුම්ගොතුව” යි කී යැ. “කායදණ්ඩ යෙහි තපස්විය?”යි වදාළහ. “කායදණ්ඩ යෙමි, ගොයුම්ගොතුව”යි කී යැ.)

මෙසෙ බුදුහු තුන් යලක් ඔහු මෙ[29] කථා වස්තුවැ පිහිට්වූහු[30] බුදුහු මෙසෙ කුමට කළාහ යත්: “මෙ කථා වස්තුව ගෙනැ ගොස් මෙ තමා ගෙ ස්ථරහු මහනුවට හට කියයි. එ[31] පිරිසැ හුන් උපාලි මහසිට්[32] එ අසා මට වාදාරොපණයට එයි. මම් උහු[33] පුළුවුත් පැන විසජමි. හෙ පැහැදැ තුන් යලක් සරණ යෙයි. එක්බිති සිවුසස් දෙසමි. හෙ[34] දෙස්නෙන් සොවන් වෙයි. අන්නට[35] වැඩ සඳහා යැ, මා පැරුම් පිරුයෙ[36]”යි දක්නා බුදුහු තුන් යලක් ඔහු කථාවස්තුවැ පිහිට්වූහු.[37]

එ කල්හි නුවට “ගොයුම්ගොතුව පව්කම් කිරීමට කිහි දඬක්[38] දක්ව?” යි කී යැ. “තපස්විය, තථාගත[39] ‘දඬ දඬ’[40] යි නො දක්වයි. ‘කැමැ කැමැ’ යත්, මිසැ[41]” යි වදාළහ. එ සඳැ නුවට බුදුන් ගෙ සමයෙන් පුළුවුස්නෙ, “ගොයුම්ගොතුව පව්කම් කිරීමට කිහි කමක් දක්ව[42]?”යි කී යැ. “තපස්විය මම් කායකර්ම යැ, වාක්කර්ම යැ, මනඃකර්ම යැ, යන තුන් කමක් දක්වමි” යි වදාළො.

සැකෙවින් මෙහි[43] ත්‍රිවිධකායදුශ්චරිත කායකර්ම නම් වෙයි. චතුර්විධවාග්දුශ්චරිත වාක්කර්ම නම් වෙයි. ත්‍රිවිධ මනොදුශ්චරිත මනඃකර්ම නම් වෙයි. කායද්වාරයෙහි පැවැති චෙතනා කායකර්ම යැ; වාග්ද්වාරයෙහි පැවැති චෙතනා වාක් කර්ම යැ; මනොද්වාරයෙහි පැවැති චෙතනා මනඃකර්ම[44] යි. කුමට චෙතනා කර්ම නම් වී යැ යත්: චෙතනා මුල්කොටැ ඇත්තෙ යැ කර්ම. එයින් කියත්,[45] මෙහි අකුසලට පැමිණැ “කායකර්ම වාක්කර්ම මහතැ”යි කියන්නෙ නො කලකිරෙයි. කුසලට පැමිණැ “මනඃකර්ම මහතැ යි කියන්නෙ නො කලකිරෙයි. කිසෙ යැ යත්: පස් අනතුරු කම්හි මවුන් මරනු ආදි සතර කම් කයින් කෙරෙයි.[46] නිරයැ කපක් දවස් පස්නා සඞ්ඝභෙද කම් වාග්ද්වාරයෙන් කෙරෙයි.18 මෙසෙ අකුසලට පැමිණැ “කායකර්ම වාක්කර්ම මහතැ”යි කියන්නෙ නො කලකිරෙනු නම් වෙ.[47] එක ධ්‍යානචෙතනායෙන්[48] සුවාසූදහසක්[49] කප් සුගිසපු වළඳයි.[50] එක මාර්ග චෙතනායෙන්[51] හැම අකුසල් නසා රාත් කෙරෙයි. මෙසෙ කුසලට පැමිණැ “මනඃකර්ම මහතැ”යි කියන්නෙ නො කලකිරෙනු නම් වෙ. මෙතැනැ[52] බුදුහු අකුසලට පැමිණැ මනඃකර්ම මහාසාවද්‍ය කොටැ දක්වන්නාහු. නියත මිසදිට්හ[53] සඳහා වදාරත්. එයින් (මැ) වදාළහ:-[54]

“නා ‘හං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, (යං) එවං මහාසාවජ්ජං, යථයිදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි, මිච්චාදිට්ඨිපරමානි භික්ඛවෙ වජ්ජානි”යි.

එකල්හි නුවට කියන්නට නිසි අනෙකක්[55] නො දැකැ බුදුන්[56] ගත් මඟ ගෙනැ “කිම ගොයුම්ගොතුව, කායකර්ම අනෙකෙක් මැ යැ හො? වාක්කර්ම අනෙකෙක් මැ යැ හො? මනඃකර්ම අනෙකෙක් මැ යැ හො?”යි කී යැ. “තපස්විය, කායකර්ම අනෙකෙක් මැ යැ. වාක්කර්ම අනෙකෙක් මැ යැ. මනඃකර්ම අනෙකෙක් මැ යැ”යි වදාළො. “මෙ තුන් කර්මයන් කෙරෙහි පව්කම් කිරීමට කවර නම් මහාසාවද්‍ය කොටැ දක්ව[57]?”යි කී යැ. “මනඃකර්ම මහාසාවද්‍ය කොට දක්වමී” වදාළො. “මනඃකර්ම යෙහි ගොයුම්ගොතුව?”යි කී යැ. “මනඃකර්ම[58] යෙමි, තපස්විය”යි වදාළො.[59]මනඃකර්ම යෙහි ගොයුම්ගොතුව?”යි කී යැ. “මනඃකර්ම යෙමි, තපස්විය”යි වදාළො. (“මනඃකර්ම යෙහි ගොයුම්ගොතුව?”යි කී යැ. මනඃකර්ම යෙමි, තපස්විය”යි වදාළො.) මෙසෙයින් දීර්ඝ තපස්වී බුදුන් මෙ කථාවස්තුවැ තුන් යලක් පිහිට්ටා[60] හුනස්නෙන් නැඟී නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ. හෙ[61] මහත් නුවටපිරිස් පිරිවරා හුන්නෙ යැ.[62]

උපාලි ගහපති දූ තමා ගෙ බාලකලොණකාර නම් ගැමෙකින්[63] අය අළ මිනිස්නට “එව, අප සථරහු දක්නට යම්හ”යි පිරිස් පිරිවරා නිගණ්ඨනාථපුත්‍රයා කරා ගොස් වැඳැ එකත්පස් වැ හුන්නෙ යි. එ සඳැ නිගණ්ඨනාථපුත්‍ර දීර්ඝතපස්වී ආවහු[64] දැකැ “කොයට ගොස් ආහි[65]?” යි පිළිවිත. හෙ මහණගොයුම්හු කරා ගොස් ආමි” යි කී යැ. “උපන් කථා කිමැ?” යි කීයෙන් බුදුන් හා තමා හා කළ තාක් කතා හැම කී යැ. එකල්හි නිගණ්ඨනාථපුත්‍ර දීර්ඝතපස්වී හට සාධුකාර දී “සථරහු[66] සසුන දත්තෙහි නම් තො යැ. ලාමක වූ මනොදණ්ඩ ය මහත් වූ කායදණ්ඩය හා සම වන්නෙ නො වෙයි. පව්කම් කිරීමට කායදණ්ඩ ය මැ මහාසාවද්‍ය යැ. වාග්දණ්ඩ මනොදණ්ඩ එසෙ වන්නෙ නොවෙ” යි කී.

එ කල්හි උපාලි ගහපති දීර්ඝතපස්වි හට ඔහු සෙ මැ සාධුකාර දී නිගණ්ඨනාථපුත්‍රයා හට[67] “වහන්සෙ, මම මෙ කථාවස්තුවැ මහණ ගොයුම් හට[68] වාදාරොපණය කරන්නට[69] යෙමි. යම්සෙ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවක්හු ලොමැ[70] ගෙනැ මොබට ඔබට ඇදැ[71] ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙ ද, එසෙයින් මැ මහණ ගොයුම්හු ගෙ වාදයෙන් වාද කොටැ කථා මාර්ගයෙන් දොස් දක්වා මොබට ඔබට ලා[72] ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි. යම්සෙ සුරාධූර්තයෙන් රහ පරහන[73] මටුලු කස්ස දෙවියටි[74] වූයෙ, කසට හරනා සඳහා දෙකනැ[75] ගෙනැ ඇදැ කිබිසිනි කොටැ පිඹැ[76] පියා ද, උඩුකුරු[77] කොටැ පිඹැ[78] පියා ද, පුනපුනා ගසා-පියා ද, එසෙයින් මැ මම[79] මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ අවධුනන නිර්ධුනන නිෂ්පොටන[80] කෙරෙමි. යම්සෙ බල ඇති මිනිස්සු සණපිළි කරනු සඳහා සණවැහැරි ගෙනැ, මිටිමිටි කොටැ, බැඳැ, දියෙහි ගලා-තබා විලික්සැ-ගිය කලැ, තුන් වන දවස් එ තුබු තැනට[81] ඇඹුල[82] හඹු[83] රහ ඈ උපකරණ ගෙනැ ගොස් දකුණත් පසැ පුවරුවක් තබා, වමත් පසැ පුවරුවක් තබා, පෙරට පුවරුවක් තබා, කෙළවර අත් ලා හැරැ-ගෙනැ එක් යලක් දකුණත් පුවරියෙ[84] පැහැරැ, එක් යලක් වමත් පුවරියෙ[85] පැහැරැ, එක් යලක් පෙරට පුවරියෙ පැහැරැ, කන්නාහු බොන්නාහු සණ දොවුන් කෙළි කෙළිද්ද, මම ද සණදොවුන් කෙළි කෙළෙනා මිනිසුන් සෙයින්, “මහණ ගොයුම්හු හා වාද කෙළියක් කෙළිමි.[86] යම්සෙ රදු ගෙ[87] ඇත් සණ දොවුන් කෙළි කෙළෙනා මිනිසුන් දැකැ, ගැඹුරු දියට වැදැ, සොඬින් දිය ගෙනැ, එක් යලක් කුඹැ එවැ, එක් යලක් පිටැ එවැ, එක් යලක් දකුණත් පසැ එවැ, එක් යලක් වමත්පසැ එවැ, එක් යලක් කළවෙ අතුරෙ[88] එවැ, කෙළී ද, එසෙයින් මැ මම[89] ද මහණ ගොයුම්හු හා වාදයෙන් වාද කොටැ සණ දොවුන් කෙළි කෙළෙනා සෙ-ඇතක්හු[90] සෙයින් මොබට ඔබට ලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරෙමි” යි කී යැ.

එ කල්හි නිගණ්ඨනාථපුත්‍ර, “මහසිට[91] මහණ ගොයුම්හු[92] හා වාදයට මම හො[93] නිස්සෙමි. දීර්ඝතපස්වී හො නිස්සැ. තො හො නිස්සෙහි” යි කී යැ. “එකල්හි දීර්ඝතපස්වී නිගණ්ඨනාථපුත්‍රයා හට, “වහන්සෙ, උපාලි මහසිට්හු මහණ ගොයුම්හු හා වාදයට යනු මට නො රිසුණෙ[94] යැ. හෙ මායාවී යැ. අනුන් ගෙ සව්වන් ආවර්තනය කොටැ ගන්නා මායාවක් දන්නි”[95] කී යැ. එ සඳැ නිගණ්ඨනාථපුත්‍ර, “තපස්විය, උපාලි මහසිට් මහණ ගොයුම්හු ගෙ සවු වන්නට නො නිස්සැ. මහණ ගොයුම්හු[96] උපාලි මහසිට්හු ගෙ සවු වන්නට නිස්සැ. තො යා මහසිට” යි කී යැ.

මෙසෙ තුන් යලක් දීර්ඝතපස්වීහි[97] කියතුද්, උපාලි මහසිට් කුමට නඟා යවයි යත්: නිගණ්ඨනාථපුත්‍ර බුදුන් හා එක් නුවර නිසා වසතුදු, බුදුන් නුදුටුවිරි, යමෙක් ‘බුදුමි’ යන පිළින කෙළෙ වී නම්, එ පිළින නො පියා, හෙ බුදුන් දක්නට නොනිස්සැ. එයින් මෙබුදුන් නුදුටුවිරි වන බැවින් බුදු ගෙ දර්ශනය සම්පතුදු නෛර්යාණික කථා දු නො දන්නෙ[98] සිට්හු බුදුන් කරා යන්නට අවසර දින්.[99]

දීර්ඝතපස්වී වනාහි කලින් කලැ බුදුන් කරා එළබැ සිටි;[100] හිඳි;[101] පැන පුළුවුස්සි. හෙ බුදුන් ගෙ දර්ශන සම්පතුදු කථා නෛර්යාණික පරිදි දු දන්නි. එයින් හෙ, “මෙ සිට්[102] ඉතා නුවණ ඇත්තෙ යැ. මහණ ගොයුම්හු කරා ගොස් දැක්මෙහි දු පහද්දි. නෛර්යාණික කථායෙහි දු පහද්දි. එසෙ වන්නා හා වටාලා අප කරා නො වද්දි[103] යි තුන් යලක් නොගිය මනා සෙ කී.

එකල්හි උපාලි ගහපති නිගණ්ඨලාථපුත්‍රයා[104] තෙපුල් ඉතා මැනැවැ, වහන්සෙ” යි පිළිගෙනැ හුනස්නෙන් නැඟී වැඳ පැදකුණු කොටැ පාවාරික නම් අඹ වනයට ගොස් බුදුන් කරා එළබැ[105] වැඳැ එකත්පස් වැ හුන්නෙ”යි. බුදුන්[106] දුටු කලැ මැ, පහන්නාහු දු[107] නොපහන්නාහු දු බොහො සෙ වඳිත් මැ යැ, නොවඳනාහු[108] ඇලුපහ. කවර කරුණෙනැ[109] යත්: “බුදුහු ඉතා සියුම් කුලෙහි උපන්නාහැ. ගිහිගෙයි වසතුදු[110] වැන්දැයුතුවහ.” එයින් වඳත්. මෙ සිට්[111] වූ කලැ පහන්නෙන් මැ වැන්ද.[112] දැක්මෙහි[113] මැ බුදුන් කෙරෙ ප්‍රසාද කෙළෙ.

මෙසෙ බුදුන් වැඳැ එකත්පස් වැ හුන් උපාලි මහසිට්, “වහන්සෙ, දීර්ඝතපස්වි මෙයට ආ යැ[114] හො?” යි කී යැ.

ආ යැ මහසිට”යි වදාළො. “උහු[115] හා උන් කථායෙක් හා ඇත හො?” යි කී යැ. “ඇත, මහසිට” යි වදාළො. “කුමන කථායෙකැ හො?” යි කී යැ. බුදුහු උහු හා උපන් කථා තාක් වදාළො.

එ සඳැ උපාලි මහසිට් දීර්ඝතපස්වි හට සාධුකාර දී “සථරහු ගෙ සස්න දත්තෙ නම්: හෙ යැ. ලාමක වූ මනො දණ්ඩය මහත් වූ කායදණ්ඩය හා සම වන්නෙ නොවෙයි.[116] පව්කම්[117] කිරීමට කායදණ්ඩ මැ මහාසාවද්‍ය යැ. වාග්දණ්ඩ මනොදණ්ඩ එසෙ වන්නෙ නොවෙයි” කී බුදුහු “ඉදින් මහසිට, තොරැසෙකැ[118] ඉඳුවූ[119] කණුවක් සෙයින් නොසෙල්වී[120] සැබැවැ පිහිටා සිටිනෙයි[121] වී, නම්, තා හා කථා කරම්හ” යි වදාළො. “වහන්සෙ, මම සැබැවැ පිහිටා සිටිමි. වදාරනු මැනැවැ”යි කී. “කියග, මහසිට, මෙ ලොකයෙහි සිහිල් දිය නො ගෙනැ හුණු දිය වළඳ කරන[122] නුවටෙක් බලවත් ලෙඩක් වැ සිහිල් දිය නොලදින් මෙළෙ වී නම්, නිගණ්ඨනාථපුත්‍ර උහු කොයි උපද්දී[123] යෙයි” වදාළහ. “වහන්සෙ, ‘මනස්සත්ත්ව’[124] නම් දෙවි කෙනෙක් ඇති. ඔවුන් කෙරෙහි උපද්දි. මනස්හි බැඳි මෙළෙන් හා යැ”යි කී යැ.

ඔහු සිහිල් දිය වළඳ නොකරනු කුමට යැ යත්: නුවටහු “දියෙහි[125] දිවි ඇත” යන සිතින් සිහිල් දිය නො ගත්ති. එහි “කුඩා දිය බිඳු කුඩා පණුවහ” යන සිතින් සිහිල් දිය වළඳ නොකරනුවහට පිත්තජ්වරයෙක් ඇති. ඔහට[126] හුණු දිය බොනු හො අත් පා දෝනෙ හො පරිෂෙක[127] කරනු හො නො රිසියෙයි. රොගය බලවත් වෙයි. සිහිල් දිය වුව මැනැවැ. එයින් රොග සන්හිඳී. මෙ වනාහි හුණු දිය මැ වළඳ කෙරෙයි. එ නොලද කලැ කාඩි[128] වළඳ කෙරෙයි. සිතින් වූ කල සිහිල් පැන් බියටිද් වෙයි. වළඳ කටටිද් වෙයි. එයින් ඔහුගෙ මනොදණ්ඩ එහි මැ බිඳෙයි. හෙ “කායදණ්ඩ වාග්දණ්ඩ රක්මි”යි “මම් සිහිල් පැන් බියටියෙමි, මට සිහිල් පැන් දෙව” යි කියන්නට නොනිස්සැ. ඔහු මෙසෙ රක්නා ලද කායදණ්ඩ වාග්දණ්ඩයො චුතිය හො පිළිසිඳ හො අරන්නට නොහැක්කාහ. මනොදණ්ඩය වනාහි බුදුන්නෙ ද,[129] චුති දු[130] පිළිසිඳ දු2 අරා මැ යැ. මෙසෙ දුර්වල වන බැවින් කායදණ්ඩ. වාග්දණ්ඩයො ලාමකයහ. මනොදණ්ඩ ය මැ බලවත් වෙ. මහත් වෙ.

මෙසෙ උපාලි ගහපතිහි “බුන්[131] මනොදණ්ඩ ඇති නුවට[132] මනස්සත්ත්ව[133] නම් දෙවියන් කෙරෙහි උපද්දී” කී කලැ “මහසිට, සිහි එළවා කියා.[134] තා කායදණ්ඩ මහතැ යි පළමු කී බස් හා දැන් මනොදණ්ඩ මහතැ යි පසු වැ කියන බස්[135] හා ඝටිත නොවෙයි” වදාළො.

මෙ සිට්[136] බණන කලැ මැ සිති: මූර්ච්ඡා වශයෙන් සංඥා නැත්තා හට සතියකුදු අසස් පසස් නො පවත්ති. සිත ඇති තාක් කලැ ‘මළ හ’ යි නො කියැ හැක්කැ. යම් කලෙක්හි ඔවුන් සිත නො පවත්නෙ වී නම්, “මුහු[137] මළහ. ඇරැ දවාපියව”[138] යි යෙති. කායදණ්ඩ නිරීහ යැ; නිවර්යාපාර යැ. වාග්දණ්ඩ දු එ තෙක් මැ යැ. ඔවුන් ගෙ චුති දු පිළිසඳු දු[139] සිතින් මැ වෙයි. මෙ සෙයිනුදු මනොදණ්ඩ ය මැ මහතැ, බිඳී දු චුති[140] පිළිසිඳ[141] දෙන බැවින්, අප ගෙ මහනුවටහු ගෙ කථා අනෛර්යාණික යැ”යි සළකා බුදුන් ගෙ විසිතුරු පැන විසජුන් ඇසියටි වැ “එසෙ ද හොත්, වහන්සෙ, කායදණ්ඩ ය මැ මහාසාවද්‍ය යැ”යි කී.

එ සඳැ බුද්හු[142] අනෙක් කාරණයක් දක්වන්නාහු, “මහ සිට, මෙ ලොකයෙහි නුවටෙක් තෙමෙ සතුන් නො මරයි. නො ද මරවයි. සමාදන් නො ද කෙරෙයි. සොරකම් නො[143] කෙරෙයි; නො ද කරවයි; සමාදන් නො ද කෙරෙයි; බොරු නො කියයි; නො ද කියවයි; සමාදන් නො ද කෙරෙයි; පස්කම්ගුණ අනුභව නො කෙරෙයි; නො ද කරවයි. සමාදන් නො ද කෙරෙයි. සිහිල්දිය මළදඬු පරණලා හකුරු කැබිලි[144] ‘පණුවහ’ යෙයි. හෙ ඇක්මෙන්නෙ, බොහො පණුවන් මිරිකා මරයි. උහුට[145] නිගණ්ඨනාථපුත්‍ර කිනම් විපාකයක් දක්වයි?” වදාළහැ. “චෙතනා නැත්තෙන් මහා සාවද්‍ය කොටැ නො දක්වයි” කී යැ. “ඉදින් චෙතනා ඇත්නම්, (කිනම් විපාකයක් දක්වයි?” වදාළහ. “මහාසාවද්‍ය කොටැ දක්වයි” කී යැ. “චෙතනා කවර කොටසැ එවැ දක්වයි?” වදාළහ.[146] “මනොදණ්ඩයෙහි එවැ දක්වයි” කී යැ. “මහසිට,[147] සිහි එළවා කියා[148] තා පළමු කී බස් හා දැන් පසු වැ කියන බස් හා ඝටීත නො වෙයි” වදාළො.[149]

මේ සිට්[150] කලැ මැ සිතී: “අප ගෙ මහනුවට චෙතනා නැතිකම් ‘අල්පසාවද්‍ය’ කොටැ චෙතනා ඇති කම් ‘මහාසාවද්‍ය කොටැ දක්වා,[151] චෙතනා[152] ‘මනොදණ්ඩ’ යැ යෙයි.[153] ඔහු ගෙ කථා අනෛර්යාණික යැ.[154] මොවුන් ගෙ කථා නෛර්යාණික යැ” සිතා වැළි දු බුදුන් ගෙ විසිතුරු ප්‍රශ්නව්‍යාකරණ[155] ඇසියටි වැ නො අනුදත්.

එ සඳැ බුද්හු[156] අනෙක් කාරණයක් දක්වන්නාහු, “මහ සිට, මෙ නාලන්දා නම් නුවර[157] බොහො ඇතුන් අසුන් මිනිසුන් විසින් ගහන යැ. ඉදින් පුරුෂයෙක් කඩුවක් ගෙනැ අවුදු ‘මෙ නාලන්දායෙහි යම් තාක් සත්හු ඇද්ද, ඔවුන් එක පහරින් මරා මස් රැසක් කොටැ පියමී’ කියන්නෙ වී නම්, හෙ එ කරන්නට[158] නිස්සැ හො?” යි වදාළහ. “වහන්සෙ, පුරුෂයො දසදෙනෙකුදු[159] විසිතිස්සතලිස් දෙනෙකුදු එයට නොනිස්සහ. එක පුරුෂයෙක්[160] කුමට නිසි දැ!”යි කී යැ. “කියග මහසිට, මෙ ලොකයෙහි සෘද්ධිමත් මහණෙක් හො බමුණෙක් හො අවුදු[161] දැහැවැ, මෙ නාලන්දා එකවට භස්ම කොටැ පියමී” කියන්නෙ[162] වී නම්, හෙ එ කරන්නට නිස්සැ හො?” යි වදාළහ. වහන්සෙ, මෙවෙනි දස නාලන්දාවකුදු විසිතිස්සතලිස්පනස් නාලන්දාවකුදු එක වට භස්ම කොටැ පියන්නට නිස්සැ. එක නාලන්දායෙක් නම් උහුට කිමෙක් දැ!”යි කී යැ. ‘මහසිට’[163] සිහි එළවා කියා.[164] තා පළමු කී බස් හා දැන් පසු වැ කියන බස් හා ඝටිත නො වෙයි” වදාළහ.

මෙ සිට් බණන කලැ මැ සිතී: ‘කායප්‍රයොගයෙන්[165] මිනිස්හු පනස්දෙනෙකුදු එක නාලන්දාව එක මස්රැසක් කරන්නට නොනිස්සහැ.[166] සෘද්ධි ඇති. එකෙක්[167] වනාහි එක වට දැහැවැ හළු කරන්නට නිස්සැ. අප මහනුවටහු ගෙ කථා අනෛර්යාණික යැ. බුදුන් කථා නෛර්යානික යැ”යි සලකා වැළි දු බුදුන් ගෙ විසිතුරු ප්‍රතිභාන[168] දැක්කැටි වැ නො අනුදත්.

එ සඳැ බුද්හු[169] අනෙක් කාරණයක් දක්වන්නාහු, “මහසිට, ‘දණ්ඩකාරණ්‍ය - කාලිඞ්ගාරණ්‍ය - මෙධ්‍යාරණ්‍ය මාතාඞ්ගාරණ්‍ය’ වල් වූ පරිදි හා ඇසුවිරි දැ”යි වදාළහ. “ඇසුවිරිම් වහන්සෙ” යි කී යැ. “එ කිමෙකින් වල් වි යැ යනු ඇසීහි[170]?” වදාළහ. “සෘෂින් ගෙ දැහැවිලින් වල් වී යැ යනු ඇසීමි” කී. එ[171] වනාහි: රදුන් සෘෂිනට කළ අපහාස දැකැ දැහැවි දෙවියන් විසින් ඔවුන්ගෙ රට නසන ලද. ලොකයො[172] වූ කල “සෘෂිහි දැහැවැ නැසුහ” යි ගත්හු, ලොකයන් ගත් පරිද්දට කොටැ මෙ වාදාරොපණය කරන ලද.[173]

එහි දණ්ඩකාරණ්‍ය වල් වූ පරිදි කිසෙ යැ යත්; සරභඞ්ග බොධිසත්ත්වයන් ගෙ තවුස් පිිස් අතිවිපුල භාවයට ගිය කල්හි බොසතාණන් අතැවැසි, සත් තව්සන් කෙරෙහි කිසවච්ඡ නම් තවුස්පාණ කෙනෙක් විවික්ත වැ වාස[174] කටටි වැ තවුස්ගණ[175] පියා ගොදාවරී හො තෙරෙහි ගිවුළු වනයෙන් නික්මැ කලිඟු රට දණ්ඩකී නම් රදු ගෙ[176] කුම්භවතී නම් නුවරක් නිසා උයන්හි වෙසෙති. ඔව්නට සෙනාපති[177] උපස්ථාන කෙරෙ. එ කල්හි එ නුවරැ ගණිකාවක් රථයට[178] නැඟී පන්සියක්[179] මාගමුන් පිරිවරා නුවර හොබවමින් ඇවිද්දි. මහාජනයො[180] ඇය[181] බල-බලා පිරිවරා-ගෙනැ[182] ඇවිදුති. මිනිසුන් ගෙ ගැළියායෙන් මහවෙ නො පොහොයි. රජ සිහිමැදුරෙහි සිටැ බලනුයෙ, ඇය දැකැ “හො[183] කවර?”[184] යි පිළිවිත. “මහරජ, තොප ගෙ නගරසොභිනී[185] යැ” යි කීහු. හෙ ඊර්ෂ්‍යායෙන් “කිම? නුවර ඇය විසින් හොබී ද! තෙමෙ තමා විසින් මැ හොබී” යි ඇයට උදහස් වැ තනතුරු හරවා ගතැ.[186] හො ඔවුනොවුන් හා සසග[187] කොටැ තම හට වහල් වනුවන් සොයා[188] ඇවිදුනී[189] එක් දවසක් රදු ගෙ[190] උයනට වැදැ සක්මන් කෙළවරැ ආලම්බන ඵලකයෙහි වැතිරැ පහණ සලවටැ හුන් තවුස්පාණන්[191] දැකැ “මෙ තවුස් කිලිට්.[192] පහයින් නොගත්තෙ යැ. උඩුදැළියෙන් මුව[193] වැසුණෙ යැ. යටි දැළියෙන් ළමැඬි[194] වැසුණෙ යැ. දෙකිසිල්ලෙහි කෙහෙ දිගැ. මම එක් දැයක් සඳහා ඇවිදුනෙයිම්.[195] දැන් කාලකණ්ණියක්හු දිටිමි. දිය ගෙනෙව, මා ඇස් දෝනටයැ”යි දිය දැහැටි[196] ගෙන්වා-ගෙනැ දැහැටි23 කා[197] තවුප්සාණන්[198] වෙරැ පිඬි[199] කොටැ කෙළ පියා, දැහැටි23 දළමඬුලුමුදුනෙහි බහා-ලා මුව සලා[200] මුදුනෙහි දිය එවැ[201] “මා විසින් කාලකණ්ණි[202] දුටු ඇස්[203] දෝනා ලද. පව් පුවහන ලදැ”යි කියා[204] ගියා.

එ දවස් රජ ඇය සඳහන් කොටැ “නගරසොභිනි කොහි යැ?” පිළිවිසැ[205] “මෙ[206] නුවරැ (මැ) යැ” යනු අසා “ඇය ගෙ තනතුරු ඇයට මැ දෙන්නෙ යැ” යි දෙවි. හො තමා පෙරැ කළ පිනින් ලද තනතුරු තවුස්පාණන් සිරිරැ[207] කෙළ ඔත්තෙන් ලදැ”[208] යි සිතු.

එයින් කිහිපදවසක් ගිය කලැ රජ පෙරෙවි බමුණු ගෙ තනතුරු ගත. හෙ නගරසොභිනිය කරා ගොස් “සොඳුර, තො කුමක් කොටැ තනතුරු පිළිලදහු දැ[209]?” යි පිළිවිත්. “බමුණ, අනෙක් කළමනා දෙයෙක්[210] ඇත්තෙ නො වෙයි. රජ උයන්හි කූටජටිලයෙක් ඇති. හෙ කාලකණ්ණියෙකැ, ඔහු ගෙ ශරීරයෙහි කෙළ ඔව,[211] එසෙ වන්නා හා තනතුරු ලැබෙයි” කිව,[212] “ඉතා මැනැවැ”යි බමුණු එයට ගොස් ඇය කළ තාක් දෑ කොටැ ගියෙ. රජ එ[213] දවස් උහු[214] සඳහන් කොටැ “බමුණු කොහි යැ?” යි පිළිවිසැ, “මෙ[215] නුවරැ මැ යැ” යනු අසා, අප විසින් නො පිරික්සා[216] කරන ලද. “උහුගෙ තනතුරු උහුට මැ දෙව”යි දෙවී. හෙ ද තමා පෙරැ කළ පිනින් ලද තනතුරු, “තවුස්පාණන් සිරිරු[217] කෙළ ඔත්තෙන් ලදැ[218]” යි සිති.

එයින් කිහිප දවසක්[219] ගිය කලැ රජු ගෙ පසන්[220] දනවු කුපිත වි යැ. රජ “පසන්16 දනවු සන්හිඳුවමි” යි සිවුරඟ සෙනඟ ගෙනැ නික්මිණ. පෙරෙවි බමුණු ගොස් රජු[221] පෙරට ජය කියා සිටැ, “මහරජ, තෙප් ජය කැමැති වැ යව්[222] දැ? යි කී යැ. “එසෙ යැ බමුණැ”යි කී යැ.[223] “එසෙ වුවහොත්, රජ උයන්හි කූට ජටිලයෙක් ඇති, හෙ කාලකණ්ණියෙකැ, ඔහු ශරීරයෙහි කෙළ ඔව” යි කී යැ. රජ ඔහු කියමන් ගෙනැ[224] උයනට වැදැ ගණිකාව විසිනුදු පෙරෙවි බමුණු විසිනුද් කළ තාක් දෑ කොටැ ඇතොරනුදු[225] “මෙ කූටජටිලයා ගෙ ශරීරයෙහි කෙළ ඔව” යි යෙදී යැ. ඇතොරො[226] දු ඇතොරන්[227] රක්නාහුද එසෙ මැ කොළො. එක්බිති රජ උයන් දොරොට්යෙහි[228] රකවල්[229] ගන්වා, “මා හා එන තාක් දෙනා තව්සා සිරිරැ[230] කෙළ එවැ මිසැ,[231] නොයා දෙන්නෙ යැ” යි යෙදී. එකල්හි බලකාය[232] දු හැම මෙහෙතන් වැස්සො දු එමැ නියායෙන් තවුස්පාණන් මුදුනෙහි කෙළ දු දැහැටි දු[233] මුවදෙවි[234] දිය දු ඔත්හ. කෙළින් හා දැහැටි සියල් සිරිරු[235] මුවහ වී.[236]

සෙනාපති පසු වැ එ පවත් අසා “මාගෙ පින්කෙත්, සගපුරට රුවන්හිණි,[237] භගවත්, සථර හට ගහට කළො ල” යි කකියන හදවත් ඇති වැ කටින් සුසුම් විහිදුවමින් වහා උයන් ගොස් කෙළින් හා දැහැටින්[238] මුවහ වැ හුන් තවුස් පාණන් දැක කැසපට ගළා හැඳැ-ගෙනැ දෙ අතින් දැහැටි[239] පා කොටැ-පියා, නඟා, හිඳුවා, දිය ගෙන්වා ගෙනැ නහවා,[240] වෙර බෙහෙත් ගල්වා,[241] දෙවනු[242] සිවුදෑගඳින් උළා, සියුම් සළුවෙන් පිසැ, පෙරට ඇඳිලි බැඳැ, සිටැ, “වහන්සෙ, මිනිසුන් විසින් කළ[243] දෑ නො යෙදෙයි. ඔව්නට කිමෙක් වෙයි හො?” යි පිළිවිත්.

එ කල්හි තවුස්පාණො “සෙනාපතිය, දෙවියො තුනක් වැ බුන්.[244] ඇතැම් කෙනෙක් ‘රදු මැ[245] නසම්හ’ යි යෙති. ඇතැම් කෙනෙක් ‘රදු පිරිස් හා සමග නසම්හ’ යි යෙති. ඇතැම් කෙනෙක් ‘රදු[246] රට හා නසම්හ’යි යෙති (මෙසෙ කියා)[247] තුමුහු මඳ කොපයකුදු නො කොටැ ලොවට සෙත් සඳහා උපාය’[248] ද දක්වන්නාහු, “වරදෙක් නම් හෙ, වැඳැ[249] කැමැති තැනින් මත්තෙ සෙත් මැ වෙයි” කීහ.

සෙනාපති නය ලදින් රජු කරා ගොස් “මහරජ, තොප නිවරද, මහත් ඉදුහ ඇති, තවුස්පාණනට වරදන වුන් විසින්, බැරි කමෙක් කරන ලද. දෙවියො තොපට දැහැවියාහු ල. කැමවූ කලැ සෙත් වෙයි. රට නො නසව. තවුස්පාණන් කමව”යි කී යැ. රජ “තම හට කළ දොස් දැකැ එස කියයි. මම එහු නො කමවමි[250]” යි කී යැ. සෙනාපති තුන් යලක් අයදැ රජු නොගිවිස්නෙන්[251] “මහරජ, මම තවුස්පාණන් ගෙ බල දන්මි,[252] ඔහු මුසවා නො කියති. නො දැහැවියහැ. මෙයිද්[253] සතුන් කෙරෙහි කුළුණින් කියති. ඔවුන් කමව”යි බැණැ[254] “නො කමවමී’ කී කලැ[255] “ඔස මහරජ, සෙනෙවි තන් අනෙකක් හට දෙව[256]. මම තො ගෙ අණසක් පවත්නා[257] තන්හි[258] නො වෙසෙමී” කී යැ. ‘තො රිසියුණු තැනකට[259] යා. මම මට සෙනාපතියක්හු[260] ලැබෙමි” යි කී යැ.

එ කල්හි සෙනාපති තවුස්පාණන් කරා ගොස් වැඳැ “වහන්සෙ, කුමක් කෙරෙමි හො?” යි කී යැ. “සෙනාපතිය, යම් කෙනෙක් තා කීවා කෙරෙද්ද, ඔවුන් හැමදෙනා ගෙනැ ධන ගෙනැ වළඳ ගෙනැ සරක් ගෙනැ[261] සත් දවසෙකින් ඇතුළතැ රාජ්‍යසීමායෙන්[262] පිටත් වැ යා. දෙවියො ඉතා[263] දැහැවියහ. එකාන්තයෙන් රට නසති[264]” යි කීහ. සෙනාපති එ සෙයින් මැ නික්මැ ගියෙ,[265] රජ යෙමින් මැ ශත්‍රැමථන[266] කොටැ ගොස් ජයකඳවුරෙහි හිඳැ සැදු[267] නුවර වනැ.

එකල්හි දෙවියො පළමු වැසි වැස්වූහ. මහාජනයො “කූටජටිලය හට වැරැද්[268] තැන් පටන්-ගෙනැ අප මහරජ හට වැඩ වි යැ.[269] විජය කොටැ ආ දවස් මැ වැසි වට”යි සතුට්[270] වූහු. දෙවියො වැළි දු සමන්මල් වැසි වැස්වූහ. මහාජනයො ඉතා[271] සතුට්[272] වූහ. එක්බිති කුදු මසු5 වැසි වැස්වූහ. එක්බිති කහවුන්[273] වැසි වැස්වූහ. එක්බිති රුවන් අබරණ වැසි වැස්වූහ. මහාජනයො සත්බුමුපායැ[274] සත් වන මාලෙහි සිටියාහු, බැසැ දිව අබරණ පළඳනාහු, කූට ජටිලයා වෙරැ කෙළ පී තන් පටන් ගෙනැ අප මහරජ හට වැඩ වි යැ.[275] රිපුවිජය[276] කෙළෙ. නුවර වන් දවස් මැ වැසි වට, එක්බිති සමන්මල් වැසි වට, මසු වැසි වට, කහවුන්[277] වැසි වට, රුවන් අබරණ වැසිවට” යි සතුට්[278] වැ බණන්නාහු, රජහු[279] කළ පව් අනුමෙවියහැ.

එකල්හි දෙවියො සියුම් ධාරා ඇති, දිළියෙන, සැත්වැසි[280] වැස්වූහු. මහාජනයො සැත්[281] වැස්සෙන් පුවරියෙහි[282] තබා කොටන[283] මස් සෙයින් සුන් සුන් වැ ගියහ. එක්බිති දුම් නැති, දල[284] නැති, කැහැලමල්[285] සුදුසු. අඟුරුවැසි වැස්වූහ. එක්බිති කුළාරගෙ සා රත් කළ ලොහො පිඬු සෙයින් දිළියෙන, පහණවැසි වැස්වූහ. එක්බිති[286] ඇතුළු මීට්[287] නොසිට්නා[288] පමණ සියුම් ගිනි වන් වැලිවැසි වස්වා පොළොවින් අසූ හතක් තැන් පුරා-පීහු. රජු[289] ගෙ විජිතයෙහි කිසවච්ඡ නම් තවුස්-පාණන් හා සෙනාපතිහි[290] හා මවුන්[291] පුස්නා රාම නම් වෙණෙඳ දරුවකු හා මෙ තුන් දෙන දිවි ලදහු.[292]

රජු ගෙ[293] පව්කැම්හි[294] නො සභා තෙසු[295] තිරිසන් ගතියැ සත්නට පැන් ඇති තන්හි පැන් නො වී යැ.[296] තණ ඇති තන්හි තණ නො වීයැ. ඔහු “පැන් කොහියැ හො! තණ කොහි යැ[297] හො!” යි සොයමින් ගොස් සත්දවසින් ඇතුළතැ මැ රාජ්‍යසීමායෙන් පිටත් වූහු. එයින් කීහ. සරභඞ්ග බොධි සත්ත්වයො:

“කිසං හි වච්ඡං අවකිරිය දණ්ඩකී

උච්ඡින්නමූලො සජනො සරට්ඨො

කුක්කුලනාමනිරයම්හි[298] පච්චති

තස්ස ඵුලිඞ්ගානි පතන්ති කායෙ”යි.

මෙ සෙයින් දණ්ඩකාරණ්‍යය වල් වූ පරිදි දත යුතු. කාලිඞ්ගාරණ්‍යය වල් වූ පරිදි කිසෙයැ යත්: කලිඟුරට නාළිකීර[299] නම් රජක්හු රජ කරන කල්හි හිමවු[300] යෙහි පන් සියක් තව්සො බ්‍රහ්මචාරී වැ අඳුන් දිවිසම් ජල මඬුලු[301] වල්කල[302] ධර වැ වනමූලඵල[303] වළඳා වසන්නාහු, බොහො දවසක් ගිය කලැ ලුණු ඇඹුල් සෙවුනා සඳහා මිනිසුන් වසන තැනට අවුදු අනුක්‍රමයෙන් කලිඟු රට නාළිකීර[304] රජුගෙ නුවරට පැමිණැ පා සිවුරු ගෙනැ හැඳැ, පෙරෙවැ, ජළ මඬුලු බැඳ අඳුන්දිවිසම් එකස් කොටැ බහා-ලා, පැවිජි වෙසට හොබනා උපසමසිරි දක්වමින් අහර සඳහා නුවර වන්හු. මිනිස්හු[305] බුද්ධොත්පාද නැති කල්හි තවුස් පැවිජියන් දැකැ පැහැදැ, හිඳුනා[306] තැන් සංවිධාන කොටැ අතින් භික්‍ෂාභාජන ගෙනැ, වඩා හිඳුවා, අහර තන් කරවා, දුන්හු. තව්සො බත් වළඳා හිඳැ අනුමෙව්නි[307] කළහ. මිනිස්හු බණ අසා සතුටු[308] වැ “භවත්හු[309] කොයට වඩිතී[310]?” පුළුවුත්හු. “සැප තැනකට[311] යම්හ”යි කීහ. “වහන්සෙ, බැහැරැ නො වඩව.[312] රජ උයන්හි වසව. ඇප්[313] බත් කා අවුදු[314] බණ අසම්හ”යි කීහ.

තව්සො ගිවිසැ[315] උයන් ගියහ. නුවරවැස්සො බත් කා, සුදු පිළී හැඳැ, උතුරුසළු එකස් කොටැ, “බණ අසම්හ”යි රැස් වැ උයන් යෙත්.[316]

එකල්හි රජ පහයැ උඩුමහලෙහි සිටියෙ, ඔවුන් යනු වන්, දැකැ2 මොහු කොට යෙති? මොවුන් කෙරෙහි නටන ගයන[317] වයන මිනිස්හු හා ඇද්දැ?”යි පිළිවිසැ, “නැති, මහ රජ, මොහු තව්සන් කෙරෙහි බණ අසන්නට උයන් යෙති” යනු අසා, “ඔස, මම ද යෙමි.[318] මා හා සමඟ[319] යන්නෙ යැ”යි කියා යවි යැ.[320] නුවර වැස්සො “අපගෙ රජ සැදැහැ නැත්තෙ යැ; සිල්වත් ගුණවතුන් කෙරෙහි නො පහන්නෙ[321] යැ; දුශ්ශීල යැ; තව්සො ධැමිට්හ. නොධැමිට් රජ ධැමිට් වෙ”යි සතුටු[322] වූහු. රජ නික්මැ ඔවුන්[323] පිරිවරා උයන් ගොස් තව්සන් හා පිළිසථර[324] කොටැ එකත් පස් වැ හුන්නෙ යැ. තව්සො රජු දැකැ පරිකථා කරන්නට නිසි තව්සක්හු රජ හට බණ කියනු කළහැ.

තවුස් පිරිස් බලා පස්දුසිල්කැම්හි ආදීනව හා පන්සිල්හි අනුසස් හා[325] කියනුයෙ, “පණිවා නොකට යුත්තෙ යැ. අයිනාදන් නො ගත යුත්තෙ[326] යැ. මීස හසර නො සිරියැ යුත්තෙ[327] යැ. මුසවා නොකියැ යුත්තෙ යැ. රහ නො බියැ යුත්තෙයැ. පණිවා නිරූහිද්[328] තිරිසන් යොනිහිද්14 ප්‍රෙතවිෂයෙහිද්14 අසුකයෙහිද්14 පිළිසිඳ[329] දෙයි. අයිනාදන් ආදීහුදු[330] එතෙක් මැ යැ. පණිවා කෙළෙ නිරූහි[331] ඉපැදැ,[332] අනෙවා[333]දහස් සුවහස් පැසී[334] සතර අපායෙහි වෙහෙසී, මිනිස් පියට[335] ආයෙ වී නම්, සම්පත් නො වළඳා නව යොව්නෙහි[336] මැ මියෙයි.[337]

අයිනාදන් ගත්තෙ[338] දිළිඳු වෙයි. මිසහසර සෙවියෙ සතුරන් ඇති වෙයි. මුසවා කීයෙ[339] අභූතයෙන් අවඥා[340] කරනු ලැබෙයි. රහ පූයෙ[341] උන්මාද ඇති වෙ”යි පස්දුසිල්කම්හි ආදීනව දැක්වී.

රජ සැදැහැ[342] නැත්තෙ යැ, දුශ්ශීල යැ. දුශ්ශීලය හට සීලකථා කනැ යහුල්[343] දෙන කල් තැනි වෙයි. එයින් රජ: “මම් මොවුන් සගන්මි’යි ආයෙමි. මොහු මා ආ තැන් පටන්-ගෙනැ ඔවිජැ පිරිස් මැදැ තෙපුල් කෙරෙති. මොව්නට කළමනා[344] දන්මි.” යි සිතා බණ සමහර කළ කලැ, “සෙට මාගෙ ගෙහි[345] වළඳන්නට වඩනෙයැ”යි කියා ගියෙ. දෙවන[346] දවස් මහත් මහත් සැළි[347] ගෙන්වා-ගෙනැ එහි අසූචි පුරවා කේල්පතින්[348] මුව වසා බඳවා[349] තන්හි තන්හි තැබැවි යැ.[350] බොල් මී තෙල් හා කුබුක්[351] බෙලසුල් හා කෙළෙහි පුරවා හිණිහිසැ තැබැවි යැ. මල්ලවයන් කැඳවාගෙනැ, “තෙප්[352] කැසපට ගළා හැඳැ මුගුරු ගෙනැ සිටැ කූටතාපසයන් පහයින් බස්නා කලැ කෙළෙන් බෙලසුල්[353] හිණි හිසැ සිටැ වටා[354] පියා හිසැ මුගුරෙන් පැහැරැ කැරැ අත්ලා[355] ගෙනැ හිණැ හෙළා-පියව”යි යෙදී යැ. හිණි[356] පාමුලැ කැකුළු බල්ලන් බඳවා සිටිවී. තව්සොද්, “සෙට රජගෙහි වළඳන්නට ගිය මැනැවැ. රජගෙ නම්, සාසඞ්ක යැ. සභය යැ. පැවිජියන් විසින් සදොරට හමු වූ සඅරමුණෙහි සඤ්ඤම[357] ඇති වියැ යුත්තෙ යැ, දුට් දුට්[358] අරමුණෙහි නිමිත්[359] නොගත යුත්තෙ යැ”යි ඔවුනොවුනට[360] අවවාද කොටැ වේලා බලා තවුස් පිරිකර ධරා[361] භික්‍ෂාභාජන ගෙනැ පිළිවෙළින් රජගෙට නැංගාහැ.

රජ ඔවුන් මහලට නැඟි බව දැනැ සැළමුවවිට බන්[362] කේල්[363] පත් මුදවා-පී යැ. දුගඳවා තව්සන් නාසායෙ පහළ. හිස්මුල[364] වැම්හ යන පමණ පිළිකුල් වියැ. මහතවුස් රද බැලි යැ, රජ: “මෙහි තොප කන පමණ කව. ගෙනැ යන පමණ ගෙනැ යව. තොපට මෙ නිස්සැ. ‘ඊයෙ[365] මම් තොප සගන්මි’ යි ගියෙමි. තෙපි[366] මා ඔවිජැ[367] පිරිස් මැදැ බිණුව[368] මෙ තොපට නිසි භොජන යැ. වළඳව’යි මහතවුස් හට[369] එවින්[370] අසුචි ගෙනැ එළැවි යැ. තවුස්[371] ‘ධිග් ධිග්’[372] ගරහමින් පසුපස්නෙන්[373] බට. “තෙපි මෙ තෙකින්[374] යාටියාව නො[375]!” යි කෙළෙන් බෙලසුල් හිණිහිසැ ඔවා-පියා මල්ලවයනට හිඟි[376] කෙළෙ. මල්ලවයො මුගුරෙන් හිස්පළා, පැහැරැ[377] කරැ[378] ගෙනැ, හිණැ හෙළා-පීහ. එක් කෙනකුදු[379] හිණැ සිට්නට[380] නොනිසි වැ[381] වැටෙමින් ගොස් හිණිමුලැ හුණුහැ. හුණුහුණුවන් ප්‍රචණ්ඩ බල්ලො, “පටත් පටත්” යන අනුකරණ ඇති කොටැ[382] සිඳැ බිඳැ කා-පීහ. ඔවුන් කෙරෙහි[383] යමෙක් නැඟී[384] පලායෙ ද, හෙද් ගොස් බිඳැ තුබූ වළැ හෙයි. එහි ද[385] කීණ[386] බල්ලො ඔහු[387] ලුහුබැඳ ගොස් කත් මැ යැ.

මෙසෙ එ රජ සිල්වත් ගුණවත් පන්සියක් තව්සන් එක දවිසන් මැ දිවි ගැළැවී. එක්බිති දෙවියො ඔහු[388] රටැ පෙරැ සෙයින් මැ නවවිධ වර්ෂා[389] වැස්වූහු. ඔහු ගෙ රජය[390] සැටයොජනෙක් තැන්, උස අසූහත්[391] වැලිතෙලෙන් පිළිසන් වී. එයින් කීහ, සරභඞ්ගබොධිසත්ත්වයො:

“යො සඤ්ඤතෙ පබ්බජිතෙ අවඤ්චයි

ධම්මං භණන්තෙ සමණෙ අදුසකෙ[392]

තං නාළිකීරං සුනඛා පරත්‍ථ

සඞ්ගම්ම ඛාදන්ති විඵන්‍දමානං”යි

මෙසෙයින් කාලිඞ්ගාරණ්‍යය වල් වූ පරිදි දත යුතු.

මෙධ්‍යාරණ්‍යය වල් වූ පරිදි කිසෙ යැ යත්: අතීතයෙහි බරණැස් නුවරැ සතලිස් කෙළද් ධන ඇති, සිටක්හු ගෙ දිට්ඨමඞ්ගලිකා නම් එක මැ දුවක් වැවැ. යහපත, පැහැපත, රූපත. හො රූපසම්පත්තීන් භොග සම්පත්තීන් කුලසම්පත්තීන්[393] සම්පන්න වන බැවින් බොහො දෙනා විසින් පතන ලදු.[394] යමෙක් යමෙක් ඇය කැමැති වී[395] ද, ඔහු ඔහු[396] දැකැ උහු[397] ජන්මයෙහි හො අත්පා ආදියැ හො දොස් දක්වා “උහු කෙරෙහි කවුරු වෙසෙති![398] ඔබ[399] නෙරව[400]” යි නෙරවා,[401] මෙසෙ වූවක්හු දිටිමි. දිය ගෙනෙව, ඇස් දෝනට යැ”යි දිය ගෙන්වා-ගෙනැ අසු දෙවු.[402] එයින්[403] දිට්ඨමඞ්ගලිකා නම් වුවැ. මුල නම් අතුරුධන් වී. හො එක් දවසක්[404] ගඟැ දිය කෙළෙනට[405] යාවි[406] වැ තොට සදවා, බොහො කන බොන දෑ ගැල් පුරා සරහවා-ගෙනැ, බොහො ගඳමල් දුම් ආදි[407] ගෙනැ[408], පිළිසන් යානයකට[409] නැඟී, නෑ නො පරිජනයන් පිරිවරා, ගෙන්[410] නික්මුණු[411].

එකල්හි අප මහසත් කර්මපරවශ වැ සැඬල්[412] කුලෙහි ඉපැදැ[413] පිට්නුවරැ සම්ගෙකෙකැ[414] වෙසෙ.[415] උහුට[416] මාතඞ්ග නම් නමෙක් වි යැ. හෙ සොළොස් හැවිරිදි කල්හි කිසි කාර්යයක්[417] නිසා[418] ඇතුළු නුවර[419] වැද්දැටි වූයෙ, එක් නිල් පියල්ලක් හැඳැ, එක් නිල් පියල්ලක් අතැ බැඳැ, එක් අතෙකින් පැසක් ගෙනැ, එක් අතෙකින් ඝණ්ටාවක්[420] ගෙනැ, “පහ වව. සැඬෙලෙක්මි” දන්වනු සඳහා වයමින් යටත් සිතින් දුටු දුටුවන් වඳමින්[421] නුවර[422] වනැ.

එකල්හි දිට්ඨමඞ්ගලිකා ඝණ්ටායෙහි හඬ අසා ජවනිකා අතුරෙන් බලන්නී, ඔහු දුරින් එන්නහු, දැකැ “මෙ කවරෙ[423]?”යි පිළිවිසැ “සැඬෙලෙකැ[424]” යනු අසා. “ඇපි කිනම් අකුසලයක් කළම්හ හො! මෙ කවර පාපයක්හු ගෙ[425] විපාක යැ හො! මා නස්නා කලෙක් වන්නෙ වෙයි. පිරිසිදු වන්නට යනුයෙම්[426] සැඬලක්හු[427] දිටිමු[428]” යි සිරුරු වෙවුළුවා, ගරහා, කෙළ පියා, දැස්නට, “වහා දිය ගෙනෙව. සැඬලක්හු[429] දුට්[430] ඇස,[431] නම් කී මුව,[432] දෙවියැ මැනැවැ”යි දෙවැ රථය නවතා-ගෙනැ[433] හැම[434] ගෙට දී යවා ගොස් පහයට නැංග.

රහසොඬ ආදීහුද් ඇයගෙ පරිජනයොද් “සැඬල්හු[435] නිසා රහමස් ගඳමල් ආදි වළ කරනු නො ලදුම්හ. ඔහු ගත මැනැවැ”යි ගොස් නිවරද මාතඞ්ගපණ්ඩිතයා තර්ජන[436] කෙරෙමින් කෙහෙයෙහි ගෙනැ,[437] බිම පැහැරැ හෙළා[438] පියා, විළුමින්[439] වැළමිටින්[440] පහණින් තලා, ‘මළහ’ යි සිතා, පයැ,[441] ගෙනැ ඇදැ කසළගොඩැ දමා-පියා ගියො. මහසත් සන්[442] ලදින් අත් පා පිරිමැදැ, “මෙ දුක් මට[443] දිට්ඨමඞ්ගලිකා නිසා[444] උපන්නෙ යැ. ඉදින් මම පිරිමියෙකිම් වීම් නම්, ඇය මට පාදපරිචාරිකා කරවමි”යි සිතා වෙවුළමින් ඇය[445] ගෙට ගොස් දිට්ඨමඞ්ගලිකාව ලද හොත් මෙතෙනින් නැඟෙමි. නො ලද, මෙහි මැ වැදැ[446] - හෙවැ මීයෙමි” ගෙඅඟණයෙහි[447] හොති.

එ සමාහි දඹදිවැ “යමක්හු ගෙ ශබ්දොරැ[448] සැඬෙලෙක්[449] දැහැවැ හෙවැ මෙළෙ වී නම්, යම් කෙනෙක් එ ගබැ[450] වෙසෙද්ද, ඔහු හැම සැඬල්[451] වෙති. ගෙ මැදැ හෙවැ මෙළෙ වී නම්, ගෙ වැස්සො හැම දෙන සැඬල්[452] වෙති. දොරැ හෙවැ මෙළෙ වී නම්, දෙ එක්බිති ගෙහි[453] ඇත්තො සැඬල්[454] වෙති. ගෙ-අඟණයෙහි හෙවැ මෙළෙ වී නම්, දෙපසින් සත් සත් ගෙ බැවින්6 තුදුස් ගෙකෙකැ මිනිස්හු සැඬල්4 වෙති” යන7 ව්‍යවස්ථාවයි. මහසත් වනාහි ගෙ අඟණයෙහි හොත්තෙ යැ.[455]

එකල්හි සිට්හු ගෙ පරිජනයො “ස්වාමිය, ගෙ අඟණයෙහි සැඬෙලෙක්[456] හොත්තෙ යැ”යි කීහ.[457] “කුමට හොත්තෙ දොහොයි ගොස්[458] පිළිවිසැබලා, මෙමස්සඋහුට[459] දී නඟා-පියව”යි යවී යැ. ජනයො ගොස්, “මෙ මස්ස ගෙනැ නැඟී යා[460]” යි කීහ. “මම්[461] මස්සක් නිසා හොත්තෙම් නොවෙමි. දිට්ඨ මඞ්ගලිකාව නිසා හොත්තෙමි” කී යැ.[462] “ඇය කවර වරදැ?”යි කීහැ.[463] “මා නිරපරාධය හට[464] ඇය ගැත්තන් කළ දෑ නො දක්ව? ඇය[465] ලද, හොත් තැනින් නැඟෙමි. නො ලද, නො නැඟෙමි” යි කී යැ. සිට්[466] එ පවත් අසා දුව ගෙ දොස් බව් දැනැ එක් කහවනුවක් දී යවී යැ. “මම් දැරිය කැමැත්තෙමි. කහවුනු[467] නො කැමැත්තෙමි” කීයැ. සිට් ද[468] සිට් දු ද21 “අප සැනැහැති[469] එක මැ දුවැ. වංස රක්නට නිසි අනෙක් දැරයෙක්[470] ඇත්තෙ නොවෙ”යි බිය පත් වැ “යව, දරුයෙනි,[471] අප නොසහන[472] යමෙක් ඔහු මැරුයෙ[473] වී නම්, ඇප් හැම දෙනමො[474] නස්මහ. ඔහු රක්ව”යි වටා ඔහට[475] රකවල්[476] දෙවා හඹු[477] දී යවූහැ.[478] බත් දී යවූහැ. (ධන දී යවූහැ) හෙ එයිදු පිළිඛෙව් කෙළෙ. මෙ නියායෙන් දවස් යත් යත්, දෙපස්හි සත් සත් ගෙහි මිනිස්හු[479] නැඟී, “ඇපි තොප නිසා සැඬල්[480] වන්නට නො නිස්සම්හ[481] අප නො නසව. දැරිය දී උහු හොත් තැනින් නඟා පියව[482]” යි කීහ. උහු ක්‍රමයෙන් සියක් දී දහසක් දී ලක්‍ෂයක් දී[483] යවුහැ. හෙ එය පිළිඛෙව් කෙළෙ.

මෙසෙ සදවසක්[484] ගිය කලැ දෙපස්හි තුදුස්ගෙහි මිනිස්හු රැස් වැ “අප සැඬල්[485] නො වුව මැනැවැ. තොප නොකැමැතුදු, දැරිය ඇපි ඔහට ඇරැ දෙම්හ”යි කීහු. මවුපියො සොක පත් වැ සන්[486] නැති වැ යහන්හි ගැළැ[487]-හුණහ. ඔහු දැරිය ගෙ සිරියහන් ගබට වැදැ[488] දැරිය හැරැ ගෙනැ සුපිපි කැහැල රුකෙක්හි මල් අතු බිඳිනවුන්[489] සෙයින්[490] ඇය ගෙ සව්බරණ ගළවා[491] නියෙන් සීමන්ත[492] දක්වා, සැඬල්[493] කෙහෙ බැඳැ, නිල් පියල්ලක්[494] හඳවා, නිල් පියල්ලක් අතැ බැඳැ, කනැ තුබූ[495] පට[496] පළඳවා තල්පන[497] පැසක්[498] දී, දෙ අත් කරැ ගෙනැ පහයින් බහා ඇරැ,[499] “තී සැමියා ගෙනැ යා[500]” යි මහසත් හට දුන්හු.

මානෙල් මලකුදු “ඉතා බරැ”යි නොපළඳනා සිවුමැලි[501] දැරි “නැඟෙව හිමි”[502] කියන්නී, ‘උට්ඨාන සාමි’ යි කිවැ. මහසත් “මම් ‘උට්ඨාහ’ නම් නො වෙමි” යි කී යැ. වැළි කුම් යෙම්[503] දැ”යි කිව. “නැඟෙව, හිමි මාතඞ්ගය, (කියා”යි) කී යැ. ඇය එසෙ කී කල්හි, “තී ගෙ මිනිස්හු මා නැඟී හිඳුනා[504] පමණ ශක්ති නැති කළහ. දෙ අත්කරැ ගෙනැ නඟාගනැ”යි කී යැ. ඇය තමා නඟා ගන්නා කලැ නැඟෙන වන් වැ පෙරැළි බිමැ වැටී හි දිට්ඨිමඞ්ගලිකාව විසින් නටමි. පළමු මා තමාගෙ මිනිසුන් ලවා තළවා දැන් තොමො තළයි” හැඬී යැ.[505]

එකලැ අත් ලා නඟා-හිඳුවා, “යම්හ, හිමි, කියන්නී, ගච්ඡාම, සාමි”යි කිවැ. මහසත් “ගච්ඡයො” නම් වන ළැවැ වෙති.”[506]

මම තී ගැත්තන් විසින් තර කොටැ තළා පියන ලද්දෙමි. පයින් නොයා - හෙමි. පිටින්[507] මා ගෙනැ යා” යි කී යැ. හො නැමී පිට[508] දී මහසත්හු තමා පිට[509] නැඟි කලැ “කොයට ගෙනැ යම් ද හිමි?”යි කිවැ. “පිට්නුවරට ගෙනැ යා” යි කි යැ. හො පැදිදොරතුරට ගොස්, “හිමි, තා වසන්නෙ මෙහි වෙදැ?” යි කිවැ. “මෙ කොතෙනෙක්[510] දැ?”යි කී යැ. “පැදිදොරතුර යැ, හිමි” යි කිවැ. “පැදි දොරතුරෙහි සැඬල්[511] නො විසියැ-හැක්කැ”යි කී.[512] මෙසෙ තමා වසන තන්[513] නො කියා ඇය හැම දොරතුරෙහි ඇවිදුවා-පී.[514] මෙසෙ කුමට කෙළෙ[515] යත්: භව අග් දක්වා නැඟි ඇයගෙ[516] මන් බිඳුනා[517] සඳහා කෙළෙ. මහාජනයො “තොප[518] තබා මැය ගෙ මන් බිඳුනට[519] නිසි අනෙක්[520] කෙනෙක් නැති[521]”යි ගුගුළො. හො පැළදොරතුරට පැමිණැ “හිමි[522] තා වසන්නෙ මෙහි වෙදැ?”යි පුළුවුත. “මො කොතෙනෙක්[523] දැ?”යි කී කල්හි “පැළදොරතුරැ[524] හිමි” කිවැ. “මෙ දොරින් නික් මැ සම්ගෙ[525] බලමින් යා” යි කී යැ. හො එයට ගොස් “මෙ සම්ගෙ තා වසන තන්[526] ද හිමී?” කිවැ, “මා වසන තැනැ[527]” යි ඇය පිටින් බැසැ සම්ගෙට වනි.

එහි සතක’ටක් දවස්[528] වසන මහබොසතාණො ඇයගෙ ජන්මභෙද නො කොටැ දවස් යවා, “ඉදින් මෙ කුලදු මා නිසා මහත් යශස් නො ලදු නම්, මා[529] සූවිසිබුදුන් අතැවැසියෙක්[530] නම් නොවෙයි.[531] මැය පා දෙවි දිය මුළු[532] දඹදිවැ රජනට අභිෂෙකොදක[533] කළ මැනැවැ,[534] ගිහිමිනිස් වැ එ නො පාළ කට[535] හැක්කැ. පැවිජි වුව, මැනැවැ”යි සිතා, දිට්ඨමඞ්ගලිකාව,[536] මම[537] හුදකලා කලැ මෙහෙ කොටිනුදු[538] නෙකොටිනුදු වැටෙන්නට නිස්සෙමි. දැන් වූ කලැ නො[539] හුදකලා බැවින් මෙහෙ නො කොටැ වැටෙන්නට නො පිළිවනැ. මා එන තන් දක්වා තො උකටලී නො වා” යි කියා ගොස් වනයට වැදැ, සොහොන් පියළි සොයා හඳනා පොරෝනා සිවුරු කොටැ රඳා, පෙරෙවැගෙනැ[540] පැවිජි වැ, කිසුණු පිරියම්[541] කොටැ සත් දවසින්[542] ඇතුළතැ අටසමවත් හා පස් අභිඥා නිපයා, දැන් කලි දිට්ඨමඞ්ගලිකාවට වහල් වන්නට නිස්සෙමි”යි අහසින් ගොස් සැඬල්[543] ගම්දොරැ[544] බැසැ සිඟමින් දිට්ඨමඞ්ගලිකාව ගෙ ගෙදොරට ගියො.[545] හො දොරැ සිටියන්[546] දැකැ නො හැඳිනැ “වඩඩ[547] වහන්සෙ, සැඬල් ගෙකෙකැ[548]”යි කිවැ. ඔහු නොගොස් එහි මැ වැඩැ සිටියො.

හො පුනපුනා බලන්නී, හැඳිනැ අතින් ලෙහි[549] පැහැරැ හඬා පාමුලැ හී “හිමි, තොපට මෙවෙනි[550] සිතක් ඇති බැවින් මා මහත් යශසින් පිරිහෙළා අනාථ කුමට කළාව[551]?” යි නොඑක් සෙ වැහැසැ ඇසැ කඳුළු පිසැ-පියා නැඟී, අතින් පය ගෙනැ, ඇතුළු ගෙයි වඩා-හිඳුවා, බත් දුන. වළඳා හිඳැ දිට්ඨමඞ්ගලිකාව, නො සොස්;[552] නො වහස; මම් තී පා දෙවි දිය මුළු දඹදිවැ රජනට අභිෂෙකොදක කරන්නට පොහොසත්මි. තො මා කීවා කර. නුවර වැදැ ‘ම-සැමි සැ‍ඬෙලෙක්[553] නො වෙයි. මහබඹහ[554] හි හඬ ගසා ඇවිද” යි කීහැ. හො “මම් මාගෙ මුවදොසින්[555] මැ දුක්පත් වීමි. එසෙ කියන්නට නොනිස්සෙමි”යි කිවැ. ඔහු “මම ගිහි මිනිස් කලැ දු බොරු නො කීයෙමි.[556] දැන් පැවිජි වැ කුමට කියම් ද! අද පුර අටවකැ. තො ‘අන් සත්දවසෙකින් පනුරැසි පොහොදවස් ම-සැමි මහබඹ සඳමඬල බිඳ පියා මා කරා එයි’. මුළු නුවරැ හඬ[557] ගහා[558]” යි කියා, නැඟී ගියො. හො හදහා සූර වැ සතුටු වැ සවසැ හා රැයිම්මෙ[559] නුවර වැදැ කී පරිද්දෙන් හඬ ගහයි.[560]

මිනිස්හු අත් පිඬු ගසා, “බලව, දිට්ඨමඞ්ගලිකා අපට සැඬල් දරුවා මහබඹ කෙරෙයි” සෙමින්[561] කෙළි[562] කෙරෙත්. හො අනෙක් දවස්හි දු එසෙයින් මැ සවසැ හා රැයිම්මෙහි නුවර වැදැ “අන් සදවසෙකින් පස්දවසෙකින් සතර දවසෙ කින් තුන් දවසෙකින් දෙදවසෙකින් එක් දවසෙකින් ම-සැමි මහබඹ සඳමඬල බිඳැ-පියා මා කරා එයි” හඬ ගැහු.

එකලැ බමුණො “මෙ දිට්ඨමඞ්ගලිකා ඉතා සූර වැ කියයි. සැබැවෙක් වන්නෙ වෙයි. එ,[563] දිට්ඨමඞ්ගලිකාවගෙ සදම්හ”යි ගොස් ‘සම්හෙ’ වටා වැලි එවුහු. හො ද පොහො දවස් රැයිම්මෙහි නුවර වැදැ “අද ම-සැමි[564] එයි” හඬ ගැහු. බමුණො ‘මො නුදුරු[565] කොටැ කියයි. අද[566] මහබඹ ඵල වසන තැනක් බලම්හ”යි ගොස් සම්ගෙ පිළින් වසා බිම ගඳින් තෙවෙර[567]-ගෙනැ උඩ සෙල්වියන් බැඳැ ගඳදුම් දී, මල්දැමින් ලල් දී, සුදුහු[568]. ගෙ සදත්[569] සදත්[570] හිරි එප්සිණ.[571] ‘මහසත්’ සඳු නැඟෙත් මැ ඉදුහයෙන්[572] දොළොස් යොදුන් බඹවෙසක් මවා-ගෙනැ[573] අහසට නැඟී සඳවිමන් ඇතුළට වැදැ වනාන්තයෙන්[574] නැඟෙන සඳ බිඳැ නික්මැ සඳවිමනට පෙරට වැ “මහාජනයො මා දකිත්ව” යි ඉටුහු, ජනයො ඔවුන් දැකැ, “දිට්ඨමඞ්ගලිකාව කී දෑ සැබැවැ. එන්නෙ, මහබඹ. බඹහු පුදම්හ[575]” යි ගඳ-මලු ආදි ගෙනැ[576] ඇය[577] ගෙ පිරිවරා සිටියො. මහසත් නුවර මුදුනෙහි ගෙනැ සත් යලක් වටා ඇවිදැ මහජනා[578] දුට්[579] බව් දැනැ දොළොස් යොදුන් අත්බව් හැරැ මිනිස් පමණ[580] කොටැ මවා හැමදෙනා දක්නා සෙ සම්ගෙට ගොස් වනැ.[581] ජනයො දැකැ, “අපගෙ මහබඹ බට”යි ජවනිකා ගෙන්වා-ගෙනැ වටා[582] බඳවා පිරිවරා සිටියාහ. මහසත් සිරියහන් මැදැ වැඩැහිඳැ, දිට්ඨමඞ්ගලිකාව වැළත් වැ සිටියට[583] “තො ඔසප්හු වෙහි[584]දැ?”යි කී යැ.[585] “එසෙ යැ[586] හිමි” යි කිවැ. “මා දුන් පුතක්හු ගනැ”යි ඇඟිල්ලෙන් නැඹමඬුලු පිරිමටට එ මැ විගස ගබ[587] පිහිටි යැ[588] “මෙ පමණෙකින් තී පා දෙවී දිය මුළු දඹදිවැ රජනට අභිෂෙකොදක වෙයි. තො සිට” යි කියා බඹ අත්බව් මවා හැම දෙනා දක්නා සෙ[589] නික්මැ අහසට[590] නැඟි සඳමඬලට ගොස් වනි. හො එතැන් පටන් ගෙනැ බ්‍රහ්මපජාපති[591] නම් වුව.

බමුණො “මහබඹහු අඹුව ඇතුළු නුවරැ වුව මැනැවැ”යි ඇය සව්බරණින්[592] සදා ස්වර්ණශිවිකායෙකැ[593] හිඳුවා-ගෙනැ සත් වන කුල කෙළවර දක්වා නොපිරිසිදු කුල[594] ඇතියන් සිවිගෙහි[595] නො ගත දී, පිරිසිදු කුල ඇති බමුණන් සොළොස් දෙනක්හු[596] ලවා ගන්වා, ගඳ මල් ආදීන් පුදමින් නුවරට[597] ගෙනැවැදැ “බ්‍රහ්මපජාපතිය ඉඳුල් ගෙහි නොවිසියැ හැක්කැ. බිම් පිසැ[598] ගෙකක්[599] කරවම්හ. කරවන තැන් දක්වා මඬුයෙහි[600] වුසුව මැනැවැ”යි මඬු ගෙකෙක්හි වාස කැරැවූහු. එතැන් පටන් ගෙනැ ඇස් හමුයෙහි සිටැ ඇය වැඳැසිටියො කහවුනක්[601] දී වඳති. බස් ඇසෙන[602] තැනැ සිටැ වැඳැටියො සියක්[603] දී වඳති[604], ළඟවැ සිටැ වැඳැටියො පන්සියක්[605] දී වඳති[606]. පා-විටැ[607] හිස් තබා වැඳැටියො දහසක් දී වඳති. පා දෙවි දිය කැමැත්තාහු දස දහසක් දී ගන්ති.[608] පිට්නුවර පටන් ගෙනැ ඇතුළුනුවරැ මඬුව නැඟු තැන්[609] දක්වා එන්නිය ලද්[610] ධන සියක් කෙළ පමණ වියැ. සියලු දඹදිවැ හැම රජහු “බ්‍රහ්මපජාපතිය පා දෙවි දියෙන් අභිෂෙක කරම්හ[611]”යි ලක්‍ෂ ලක්‍ෂ දී ඇය පා දෙවි දිය ගෙන්වාගෙනැ මුදුනෙහි ඕති.[612]

මඬුයෙහි වෙසෙමින් පුතකු ලද. මහපුරිසා පිණිසැ උපන් කුමර ඔහු සෙ මැ යහපත් වි යැ[613]. හැම ලකුණෙන් පරිපූර්ණ වී. “මහබඹහු පිතෙක් උපනැ” යි සියලු දඹදිවැ එකකොලාහල වී යැ. කුමර හට “කිරිමිල වළ මිල[614] යැ” යි එ එ තැනින්[615] අල ධන සියදහසක්[616] කෙළ යැ. පහය[617] දු දසමසින්[618] නිමි[619] යැ. “කුමරහු[620] නම් තබම්හ[621]”යි ගෙ සදා, දරුවා ගඳදියෙන් නහවා කුමරබරණ පළඳවා, පහයට[622] වඩා “මණ්ඩපයෙහි උපන්නෙන් මණ්ඩව්‍ය[623] නම් කළො.[624] කුමරහු සුවයෙන්[625] මහත් පෙරහරින්[626] මහත් පිරිවරින් වැඩැ සත’ට හැවිරිදි[627] වය[628] පත්[629] කල්හි, සියලු දඹදිවැ ශිල්ප දන්නා තාක් දෙන අවුදු,[630] ශිල්ප උගන්වති. දරු නුවණැත්තෙ යැ. ඇසු-ඇසුවා මුතු අවුණන්නක්හු සෙයින් ගන්නි. ගත් ගත් දෑ රන්බජනෙහි ඔත් සී-තෙල්[631] සෙයින් සිටි. බසින් උගන්නා තාක් දැයින් ඔහු නො උගත් දෑ නම් නැති. බමුණො ඔහු පිරිවරා ඇවිදිති.

හෙ ද බමුණන් කෙරෙහි භක්ති ඇත්තෙ[632] යැ. සොළොස් හැවිරිදි කල[633] පටන් ගෙනැ බමුණනට[634] බත් දෙයි. නිත්තෙන් ගෙහි බත් කන්නාහු අසූදහසක්[635] බමුණහ. ඔවුන් සතර වන දොටුයෙහි හිඳුවා දන්[636] දෙයි. එසෙ දන් දෙමින් සිටි කලැ එක් දවසක් ගෙහි කිරිබත් පක්හ.[637] අසූදහසක් බමුණො සතර වන දොරටුයෙහි හිඳැ ගිතෙලින් හා (පක්) මීකඬසකුරෙන්[638] කිරිබත් කති. දරු සව්බරණින්[639] සැදි, රන් මරවැඩියට නැඟි, අතින් ලද දඬුවක්[640] ගෙනැ “මුහු[641] පෙර සකුරු තබව. මුහු පෙරට ගිතෙල් ඔව,[642] මිහි ඔව” යි විචාරමින්[643] ඇවිද්දි.

එ කෙණෙහි[644] මාතඞ්ග පණ්ඩිත හිමවත්හි ආශ්‍රමපදයෙහි[645] වසනුයෙ, දිට්ඨමඞ්ගලිකාව පුතුගෙ පවත් කිම හො!”යි බලනුයෙ, දලදු සැඬ සළා කිඹුල් මුවරසියො, නොතොටට බට බව්[646] දැනැ “අද (මැ) ගොස් දරුවා දමා යම් කෙනක්හට දුන් දනැ[647] ඵල මහත් වෙ ද, ඔව්නට දන් දෙවා අව මැනැවැ”යි සිතා අහසින් ගොස් අනුතත්දහතළායෙහි දැහැටි[648] වළඳා රක්[649] ගල් තෙලෙහි සිටැ, දෙපට සිවුර හැඳැ, වළඳා රක්19 ගල් තෙලෙහි සිටැ, දෙපට සිවුර හැඳැ, පටිය බැඳැ, පහුල්සඟළසිවුර පෙරෙවැ, මැටිපස ගෙනැ, අහසින් ගොස්, සතර වන දොරටුයෙහි අසූදහසක් බමුණන් බත් කන තැනැ මැ බැසැ සිටියෙ.[650]

මණ්ඩව්‍ය[651] කුමර බලනුයෙ, මහසත්හු දැකැ දැහැව’ගතැ[652] පහයින් නො ගත් බැවින් කසළපිස්සක්හු[653] වැනි වූ, තොට පියලි ගොතා හන්[654] බැවින් ලාමක වූ, මා දෙ දන් ගන්නට නොනිසි වන බැවින් දක්ෂිණිය[655] නො වූ තො[656] මාගෙ පරමදක්‍ෂිණිය වූ බමුණන් හුන් තනට කුමට ආහි?[657]” කී යැ. එ අසා මහසත් මෙළෙක්[658] සිතින් අවවාද කරනුයෙ, “යශස්විය, තා ගෙ බත් යුතු කෙළෙ යැ. ජන්මවත්හු එ බත් වළඳන්නාහු, බොන්නාහු, යම් තැනෙක් හිදු ලැබෙති.[659] සැඬල්නට දෙනුවො කවරහ? මට නො දැහැව[660] මා යපෙන පමණක් දෙ යි කී යැ.

එ සඳැ කුමර: “මෙ බත් මට වැඩ සඳහා සැදැහැයෙන් ජන්මවත් බමුණනට[661] යුතු කෙළෙ යැ. අප වැන්නො තා වැනි සැඬල්නට[662] දන් නො දෙති; යා. කුමට සිටිහි[663] දැ?”යි කී යැ. මහසත්: ‘දන් නම් ගුණවත්නට දු[664] නොගුණ වන්නට දු දියැ යුත්තෙ යැ. යම්සෙ දෙණැ ද ගොඩැ ද වපුල බිජු පොළොව්රස දු[665] දියරස දු ගෙනැ ඵල දෙයි, එ සෙයින් ඵල නොදෙන දෙනෙක්[666] නම් නැති. එ බැවින් යම් කෙනෙක්නට මැ දියැ යුත්තෙ යැ. එතෙකුදු[667] හොත් ශස්‍යඵල කැමැත්තාහු ගොඩැද් දෙණැද් අනුඛුයෙහිද්[668] බිජ්[669] වපුරති.[670] වැසි බොහො වී නම් ගොඩැ වපුල බිජ් ඵල[671] දෙයි. දෙණැ[672] වපුල විජ් කුණු වෙයි. හො කිදා ගඟ නිසා වෑවළවිලැ[673] වපුල බිජ් හො-දියෙන් යෙයි. ගඟැ දියෙන් හො යෙයි. වැසි මඳ වී නම්, දෙණැ වපුළ බිජ් ඵල දෙයි. තුබු තැනැ වපුල බිජ් මියෙයි. සමවැසි වී නම් තුන් කෙතැ[674] මැ වපුළ බිජ් ඵල දෙයි.[675] තොද් එ සෙයින් මැ

ඵල කැමැති විහි[676] නම්, ආ තාක් දන හට සැදැහැයෙන්[677] දන් දෙ. එසෙ දෙන කලැ සිල්වත් ගුණවත් කෙනෙක් සමුඩු වුහු නම්, සරුකෙතැ වපුල පිජ් සෙයින් තට ඵල මහත් වෙ” යි කී යැ.[678]

කුමර: “මම් කෙත් හැඳිනැ බිජ් පිහිට්වමි.[679] ජාතිමත්, වෙද දන්නා බමුණො සරු[680] කෙත්හ”යි කීයැ.[681] මහසත්: ජාතිමදමානලොභද්වෙෂමොහෙයො යම්[682] කෙනකුන් කෙරෙහි ඇද්ද, ඔහු ඇසිවසන් පිරුණු තුඹස්[683] වැන්නහ.[684] ඔව්නට දුන් දනැහි ඵල මහත් නොවෙයි.[685] යම් කෙනකුන් කෙරෙහි ජාතිමදමානලොභද්වෙෂ (මොහ) යො නැද්ද, මෙත්කුළුණු නුවණ ඇද්ද, ඔහු සියුමියුරු[686] පිරු[687] බඳුන් වැන්නහ. ඔව්නට දුන් දනැ ඵල මහත් වෙයි. එ දන තට සුගිසපුව දෙන්නෙ[688] යැ”යි කී යැ.[689]

මෙසෙ මහසත්හු පුනපුනා සිල්වත් ගුණවත්නට දුන් දනැ[690] ඵල[691] මහත් පරිදි කියත් කියත්, දඬුයෙන් පහළ ඇසිවසක්හු[692] සෙයින් කුපිත වැ “මෙ තුන් දොරොටුයෙහි ගොව්වො කොයට[693] ගියහ?” යි කී යැ. ඔහු අවුදු[694] වෙළෙවි[695] වැ වැඳැ සිටියාහ. “මොහු කුමට වැද්ද[696] දුන්ව?” යි කී යැ. “වදනා කලැ නො දුටුවම්හ.[697] ‘මෙ නම් තෙනෙකැ[698] ගෙනැ අය’ ය නු නො දුටුවම්හ.22 ‘මෙ නම් තෙනෙකැ23 ගෙනැ අය’ යනු නො ද දන්මහැ. මායාකාරයෙක් දො හො! විද්‍යාධරයෙක් දො හො! අප විසින් කළ මනා කිමෙක් දැ? යි කීහ.[699] “මොහු[700] මුහුණ (මැ) පැහැරැ පළා-පියා[701] දඬුයෙන් හුණුපත්තෙන් සපා, පිටවරළු නඟාපියා, කරැ[702] ගෙනැ සත් වන දොරොටුයෙන් පිටතට නෙරව[703]” යි කී යැ. මහසත් ඔහු ළඟ නොවන තුරු මැ, නැඟී අහසැ සිටැ[704] “තො විදුරුගල් නියෙන් කැණියටියෙහි වහනෙ දතින් කැයටීයෙහි[705] ගින ගිලියටියෙහි” කියා ඔහු දු බමුණනුදු දක්නා සෙ අහසින් නැඟී ගියො. එයින් වදාළහ බුදුහු

“ඉදං වත්වාන මාතඞ්ගො

ඉසි සච්චපරක්කමො,

අන්තලික්ඛස්මිං පක්කාමි

බ්‍රාහ්මණානං උදික්ඛතං”යි.

මහසත් පැදුන් දස[706] බලා ගොස් එක් වෙයෙකැ බැසැ[707] “මා පියවර දිට්ඨමඞ්ගලිකාවට පැනෙවයි, ඇත් අස් ආදීන් විසින් නො මැකෙව”යි ඉටා කෙණෙසිඅහර සිඟා-ගෙනැ එක් සාලායෙකයැ වළඳති.[708] එ නුවරැ දෙවියො: “අපගෙ සිල්වත් ගුණවත් වහන්සෙට ඔහු බුණු සෙ නොයෙදෙ”යි, දැහැවැ ගියහ.[709] ඔවුන් කෙරෙහි නායක යක් දරුවා ග්‍රීවා ගෙනැ පෙරලා තිබී යැ. සෙසු යක්හු සෙසු බමුණන් ග්‍රීවා[710] ගෙනැ පෙරළා තුබූහ.[711] “මෙ මහපුරිසා පිතැ”[712] යි, මෙළෙක්[713] සිතින් (කුමරු) නො මැරුහ. කුමරහු මුහුණ[714] පෙරැළී සිටි පස්[715] බලා තුබුයෙ යැ. ඇස් පෙරැළී මළ මිනිසුන් ඇස් වැනි වි යැ. මීයෙන් කෙළ පෙණ වැහෙයි. සිරිර[716] තද වි යැ. අත්-පා දැඩි වී.[717] සෙසු බමුණො මීයෙන් පෙණ නඟමින්[718] පෙරැළි-පෙරැළී අත්-පා සපත්![719] ඔහුගෙ රපිජනයො ගොස්[720] එ පවත් දිට්ඨමඞ්ගලිකාවට කීහ. හො වෙළෙවි[721]වැ පහයින් බැසැ ගොස් “ම-පුත්[722] හට මෙ කළාහු කවරහ[723]!” යි කිව. ජනයො: මෙයට ආ පහුල් පෙරෙවි මහණෙකැ මෙ කෙළෙ[724]” යි කීහ. හො එ අසමින් මැ. “අනෙක් කෙනකුන් ගෙ බල නො වෙයි. මට මහත් සම්පත් දුන් මාතඞ්ග පණ්ඩිතයන්[725] ගෙ බල යැ.[726] ම-පුතු[727] පමා සෙ දැකැ ආයෙ යැ. හෙ මෛත්‍රිභාවයෙන් සම්පන්න යැ. මෙතෙක් දෙනා[728] දුක් පත් කොටැ හොවා-පියා නොයෙ”යි සිතා “හෙ කොයට[729]ගියෙ?” යි පිළිවිසැ, “පුන් සඳක් සෙයින් තෙව්මින්[730] අහසින් පැදුන්දස බලා[731]” ගියෙ යැ” යනු අසා, “ම පුතු දිවි සඳහා එ උතුමා අයදනට[732] ගිය මැනැවැ”යි රන්කලස රන්මාලා[733] ගන්වා ගෙනැ දැසිගණා[734] පිරිවරා ගොස්, මහපුරිසා පියවර දැකැ, “මෙ ම-හිමියා[735] පියවරැ”යි, බලමින් ගොස්, ඔවුන් පුටුයෙකැ හිඳැ වළඳනුවන් දැකැ, වැඳැ සිටියා.[736]

මහසත් ඇය දැකැ මද බතක් පයැ තිබි යැ. හො මහපුරිසා රන්කලසයෙහි දිය ගෙනැ[737] අත් දොවා, මුව දොවා, “ම-පුත් හට මෙ දුක් කළාහු කවරහ[738] හො?” යි කිව.[739] තී පුතු තපස්වීනට කළ ආක්‍රොශ දැකැ, ඔවුන් ගෙ ගුණ දන්නා දෙවියහ[740] උහුට[741] මෙ තෙක් දෑ කළාහ[742]” යි කී යැ.[743] “මම පුත්‍රශොකයෙන් ආයෙමි. තොප පා සරණ යෙමි. ම-පුත් හට නො දහව[744]” යි කිව. “තී පුතු මට ආක්‍රොශ කරන කලැ හො, දැන් තී අයජනා[745] කලැ හො, මා සිතැ දොම්නස් ඇත්තෙ නො වෙයි. හෙ වෙදමදයෙන් මතැ. අර්ථ අනර්ථ නො දන්නී” යි කී යැ.

“ඔහු දිවි ගැළැ නොයන තුරු එ[746] බාලය හට ක්‍ෂමා කරන්නෙ යැ වහන්සෙ”යි කමවා වැන්ද.[747] එසෙ බැවින් “යකුන් පලා-යනු සඳහා තිට අමා ඔස්සක් දෙමි. මා ඉඳුල් බත් එව්නට ගෙනැ යා” යි කී.[748] “මැනැවැ වහන්සෙ” යි රන්මලාව[749] එළවුව. මහසත් එහි ඉඳුල්බත් එවැ, ඉඳුල්දිය එවැ “මෙයින් සමහරක් තී පුතු[750] මියෙහි[751] ඔව[752], තුබුවා සැළැ දිය නඟාපිය එහි ලා, අළලා සෙසු බමුණන් මියෙහි ඔව. ඔහු හැම දෙන[753] නීරොග වෙති”යි කියා අහසට නැඟී හිමවත් ගියහ.

හො එ රන්මාලාව හිසින් ගෙනැ, “අමා-ඔස්සක් ලදුමි[754]” යි කියමින් ගෙට ගොස් පළමු පුතු මියෙහි ඔතැ.[755] නායක යක්රජ[756] “ස්වාමිහි[757] තමා බෙහෙත් කරන කලැ, අප කිසි දෑ නොකට[758] හැක්කැ” යි පලා-ගියෙ. දරු වෙරැ ධූලි පිස්මින්[759] නැඟී, “අන්න, මට මෙ කෙළෙ කිමෙකැ?” යි කී යැ. “තා කළ දෑ තො මැ දන්හි[760]” මොබැ[761] එ, තා පරමදක්ෂිණිය කොටැ ගත් බමුණන් ගෙ විප්‍රකාර[762] බල” යි කිව. හෙ බමුණන් ගෙ විප්‍රකාර දැකැ විපිළිසර ඇති වි යැ. එ කල්හි ඔහු මවු: “පුතැ, මණ්ඩව්‍යය,[763] තො බාලයෙහි. දානඵල මහත් වන තැන් නොදන්හි. පරමදක්ෂිණාර්හයො[764] නම් මෙසෙ නොවෙති; මාතඞ්ග පණ්ඩිතයා සෙ වෙති. මෙතෙනැ පටන් ගෙනැ මෙ දුශ්ශීලයනට දන් නො දෙ; සිල්වත්නට දෙ.[765] මෙ බල,[766] තා ගෙ කුලුපගයන් අමාඔසු පොවා නීරොග කරම්හ” යි ඉඳුල් කැඳ දිය සැළැ එවැ, අළලා, අසූදහසක්[767] බමුණන් මියෙහි[768] එවුව.[769] බමුණො වෙරැ ධූලි පිස්මින්[770] නැංගහ. එකල්හි සෙසු බමුණො එ බමුණන් “සැඬල්හු ඉඳුල් දිය පූහ”යි නොබමුණු කළහ. ඔහු ලජ්ජා ඇති වැ පලා-ගොස් මෙධ්‍ය මහරජහු කෙරෙහි වුසූහ. මණ්ඩව්‍ය[771] කුමර බරණැසැ මැ විසි.

එක්බිති වෙත්‍රවතී නම් නුවර[772] නිසා වෙත්‍රවතී නම් හො-තෙරැ ජන්මවත් බමුණෙක් පැවිජි වැ ජන්ම නිසා මහත් මන් කොටැ වෙසෙයි.[773] මහසත්, “ඔහු ගෙ මන්

බිඳුමි[774]”යි, එයට ගොස් උඩු-හොයැ[775] වාස කරනුයෙ, එක් දවසක් දැහැටි[776] කා “මෙ ජාතිමත්හු ගෙ ජටායෙහි[777] ලග්න වෙව” යි ඉතා හොය දියෙහි බහා-පී යැ.[778] දැහැටි[779] ගොස් නහන්නහු[780] ගෙ ජටායෙහි ලග්න වී යැ. හෙ දැකැ දැහැවැ උඩු හොයට යනුයෙ, මහසත්හු දැකැ “තා ගෙ කවර ජාති යැ?” පිළිවිසැ, “සැඬල්[781] ජාති යැ” යනු අසා, “තො යැ දියහි දැහැටී[782] බහා-ලූයෙහි?”[783] පිළිවිසැ “මම” යැ[784] කීයෙන් “නස,[785] යටත, සැඬල්[786] කළුවණ, මෙහි නො වසා. යට හොසැ වසා[787]” යි, කී යැ. යට හොයැ වසන්නහු[788] විසින් බහා-ලූ දැහැටි[789] උඩු හොයට ගොස් ජටායෙහි ලග්න වූ කල්හි “යටත, ඉදින් තො මෙහි වෙසෙයි නම්, සත් වන[790] දවස් තා හිස සත්කඩ[791] කොටැ පළා-පියමී[792]” කී යැ. මහසත් “ඉදින් මම මුහුට දැහැවියෙම් නම්, මාගෙ සිල් නො රැකෙයි. උපායෙන් මුහුගෙ මන් බිඳැ-පිව[793] මැනැවැ”යි, සත් වන දවස් හිරු[794] නො නැංග[795] දින.

මිනිස්හු[796] ප්‍රතිහත[797] වැ රජු ගෙනැ[798] ජාතිමත් තව්සාණන්[799] කරා ගොස් “තෙපි යැ[800] හිරුනො නැංග දෙන්නාව?[801]” යි, පුළුවුත්හ. හෙ “මා කළ දැයෙක් නො වෙයි. හො-තෙරැ එක් සැඬෙලෙක් වෙසෙයි. ඔහු කළ දැයෙක් වන්නෙ වෙයි” කී යැ. මිනිස්හු මහසත් කරා එළබැ[802] “තෙපි යැ, වහන්සෙ, හිරු නො නැංග දෙන්නාව[803]?” යි, පුළුවුත්හ. “මම” යැ[804] කීහ. “හිරු කුමට නො නැංග[805] දෙව?” යි පුළුවුත් කල්හි, “තොප ගෙ කුලයට එළබෙන තවුස් මා නිවරද් හට[806] සාප කෙළෙ. ඔහු අවුදු[807] මා කමවා[808] පා-විටැ[809] හොත් කලැ හිරු විහිද්වමි[810]” කීහ. ඔහු ගොස් එ තව්සා අත පය අත්ලා ඇදැ-ගෙනැ අවුදු මහසත්හු පා-මුලැ හොවා, වඳවා, “හිරු විහිදුව, වහන්සෙ” කී කලැ “මම වූ කල ක්‍ෂමා කෙරෙමි.[811] මොහු ක්‍ෂමා නොකළ තාක් කල්[812] හිරු නො විහිද්ද හැක්කැ”යි, කීහ. ඔස,[813] වහන්සෙ, කුම් කරම්හ!යි කීහ. මහසත් “මැඩිපිඬක් ගෙනෙව” යි ගෙන්වා-ගෙනැ “මෙ මැටි පිඬ තව්සා හිසැ[814] තබා, ඔහු දියට බහා, දියෙහි සිට්ව[815]” යි, සිට්වා හිරු[816] වුහුට. හිරු රස්[817] පහළ විගස මැටි පිඬ සත්කඩක් වැ පැළී-ගියෙ.[818] තව්සා[819] දියෙහි ගැලී කිමි දැ අනෙක් තොටෙකින් නැඟී, ගොස්, එතන්[820] පටන් ගෙනැ “ජාතීන් කම් නැති, පැවිජියන් සිතැ ගුණදහම් මිසැ යැ”යි, මන්විසි නො වැ විසී.

මහසත් ඔහු දමා, “අසූදහසක්[821] බමුණො කොහි[822] වෙසෙති හො!”යි, අවජනෙ, මෙධ්‍ය නම් රජු කෙරෙහි වසනුවන් දැක, ඔවුන් දමනු සඳහා ඉදුහයෙන්[823] ගොස්, නුවර අබියෙස්හි බැසැ, පය ගෙනැ, නුවර වැඳ, සිඟන්නට වන. බමුණො දැකැ, හැඳිනැ, “මෙ මෙහි එක් දෙදවසක්[824] විසි නම්, අපට පිහිට නැතැ”යි, වෙළෙවි[825] වැ ගොස්, “මහරජ, මායාකාර එක් විජ්ජාධරයෙක්[826] මෙ නුවරට ආ යැ.[827] ඔහු වහා හරවා-පියව” යි, කීහැ. රජ “මැනැවැ”යි, ගිවිස්සැ.[828]

මහසත් කෙණෙසි[829] අහර සිඟා-ගෙනැ, එක් තැනෙක්හි හිඳැ වළඳා, උයන් ගොස්, අතීතයෙන් හා අනාගතයෙන් අසූකපක් දකුතුද්[830] ආවර්ජනා නැති වැ, නිවරද වන බැවින් සැක නැති වැ, මඟල්සලවට හුන්නෙ යැ. රජ අනුන් කියමන්[831] ගෙනැ තෙමෙ මැ ගොස්, කඩුයෙන් මහසත්හු හිස්[832] සින්ද.[833] හෙ මිය බඹලොවැ උපනැ.

දෙවියො දැහැවැ පෙරැ කී සෙයින්[834] නවවිධ වර්ෂා වැස්වූහ. මෙහි අට වනු වැ විරුවු ලොහො දිය බඳු ලොහො මඬවැසි[835] වටැ. නව වනු වැ එමැ බඳු හුණු කලල්වැසි[836] වටැ. කැලැණි රජු[837] සඟනට කළ වධයෙන් ඔහු ගෙ රජය[838] මුහුදු ගැලුවා[839] සෙයින්[840] මෙධ්‍ය නම් රජු මාතඞ්ග නම් සෘෂීන් හට[841] කළ වධයෙන් උහු[842] ගෙ රට නොරට වි යැ. එ රජ සහපිරිවරින් ගොස් මහා නරකයෙහි[843] උපන්.[844] එයින් කී හ, සඞ්කිච්ච පණ්ඩිතයො:

“උපහච්ච[845] මනං මෙජ්ඣො

මාතඞ්ගස්මිං යසස්සිනො

සපාරිසජ්ජො උච්ඡින්නො

මෙජ්ඣාරඤ්ඤං තදා අහු[846]” යි

මෙ සෙයින් මෙධ්‍යාරණ්‍යය වල් වූ පරිදි දත යුතු. මාතඞ්ග සෘෂිහි[847] නැමින් හෙ මැ මාතඞ්ගාරණ්‍ය නම් වී.

මෙසෙ උපාලි මහසිට්හු[848]දණ්ඩකාරණ්‍යාදීන් සෘෂින් ගෙ[849] දැහැවිලින් වල් වූ පරිදි ඇසීමි[850]” කී කල්හි බුදුහු,[851] “මහසිට,[852] සිහි එළවා කියා.[853] තා “කායදණ්ඩ මහතැ” යි පළමු කී බස්[854] හා දැන්. ‘මනොදණ්ඩ මහතැ’ යි පසු වැ[855] කියන බස් හා නො ගැළැපෙයි” වදාළො. එ සඳැ උපාලිගහපති “වහන්සෙ, මම[856] පළමු උපමායෙන් මැ ප්‍රසාද කෙළෙමි. එතෙකුදු[857] වුව, භගවත්හු[858] ගෙ (මෙ) විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණ ඇසියටි වැ විරුද්ධයක්හු[859] වැනි වීමි”[860] පැහැදැ සරණ ගියෙ “මහසිට, සිතා[861] පිරික්සා සරණ යනු මැනැවැ. තොප වැන්නවුන් මා දැකැ මා සරණ යන කලැ, නුවටු[862] දැකැ නුවටු29 සරණ යන කලැ, ‘මෙ උපාලි මහසිට් දුට් දුට්වන්[863] සරණ යෙ’[864] යනු නො කියවුව[865] මැනැවැ. තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන් සිතා[866] පවත්නා තැන්[867] යෙදෙයි” වදාළො. “වහන්සෙ, මම ‘සිතා පිරික්සා සරණ යනු මැනැවැ’ යන මෙයින් මැ ඉතා සතුටිම්.[868] වහන්සෙ, තීර්ථකයො සව්වන් ලද[869] කලැ ‘අසුවල් රජ, අසුවල් ඇමැති, අසුවල් සිට්, අප සරණ ගියෙ. සවු වී යැ’යි දද[870] නඟා, නුවරැ හඬ ගහා, ඇවිදුති.[871] තමන් මහත් බව්[872] පාළ[873] කරනු සඳහා යැ. මා දු[874] ලද කලැ එසෙ මැ කළහැ. වහන්සෙ සිතා, පිරික්සා, සරණ යන්නට[875] වදාරන දෑ යැ. වහන්සෙ, මම් දෙවන වටැ දු සරණ යෙමි”[876] සරණ ගියෙ. බුදුහු “මහසිට, තාගෙ ගෙය බො දවස්[877] නුවටනට පැන් පොකුණක් සෙ සිටියෙ යැ. පෙරැ තො[878] ආ තාක් දෙන හට ‘නැත’[879] නො කියා දෙහි.[880] දැන් මා සරණ ගිය බැවින් මැ ඔව්නට දෙන දෑ නො සිඳැ ආ කෙනක්නට දෙන්නෙ යැ”යි වදාළහ. “වහන්සෙ, මම් මෙ[881] නුවටුන් කියන්නා ඇසුයෙමි: ‘මහණ ගොයුම් මට මැ දන් දිය යුත්තෙ යැ, මාගෙ සව්වනට මැ දන් දිය යුත්තෙ යැ. මට මැ[882] දුන්නෙහි ඵල මහතැ. මාගෙ සව්වනට මැ දුන්නෙහි ඵල මහතැ, අනුන් ගෙ සව්වනට දුන්නෙහි ඵල මහත් නො වෙයි’ කියන්නා යැ.[883] දැන් වහන්සෙ මා නුවනටුන්[884] කෙරෙහිද්[885] දනැ[886] සමාදන් කරවන දෑ යැ.[887] මම් මෙයට[888] කටයුතු[889] දන්මි. වදාරන දැයට සතුට්මි.[890] ‘වහන්සෙ, මම් තුන් වන වටැ දු සරණ යෙමි” යි මෙසේ තුන් යලක් තුණුරුවන්[891] සරණ ගියෙ. එ කල්හි[892] බුදුහු ඔහට සිවුසස් දෙසූහ. හෙ සොවාන් ඵල පසක් කොටැ

දුට්ධම්[893] ඇති වැ, පත්ධම් ඇති වැ, දත්ධම් ඇති වැ, “වහන්සෙ, ඇප්[894] බොහො කාර්ය ඇත්තම්හ”යි කී යැ. “කල් දන[895] මහසිට” යි වදාළහ.

එ කල්හි උපාලි ගහපති හුනස්නෙන් නැඟී බුදුන් වැඳැ පැදකුණු කොටැ තමා ගෙ ගෙට ගොස් දොරොට්[896] ගොව්වා කැඳවා-ගෙනැ අද පටන් කොටැ නුවටුන් ගෙට නො වැද්ද දෙන්නෙ යැ. බුදුන් සඟුන් උපාසකයන් උපාසිකාවන් ආ කලැ වැද්ද දෙන්නෙ යැ. ඉදින් කිසි නුවටෙක්[897][898] නම්, උහු[899] කැමැත, බත් ගෙන්වා දෙන්නෙ යැ” යි යොදා ගොට වනැ.

එකල්හි දීර්ඝතපස්වී ඔහු බුදුන් කරා ගිය තැන් පටන් ගෙනැ “සිට්[900] මහනුවණැත්තෙ යැ.[901] මහණගොයුම් දර්ශන සම්පත් ඇත්තෙ යැ. නෛර්යාණිකකථා ඇත්තෙ යැ. උහු[902] ගෙ දර්ශනයෙහිද් පහද්දි. (නෛර්යාණික කථායෙහිද් පහද්දි.) පැහැදැ සරණ යෙයි, “තව සරණ ගියෙ හො, නොගියෙ හො!” යි කන්රු[903] කොටැ-ගෙනැ ඇවිදුනෙ,[904] ඔහු සරණ ගිය පරිදි[905] අසා නිගණ්ඨනාථපුත්‍රයා කරා ගොස් “උපාලි සිට්[906] මහණ ගොයුම්හු සරණ ගියෙ ල”යි කී යැ. එ අසා නිගණ්ඨනාථපුත්‍රඋපාලි මහසිට්, මහණ ගොයුම්හු ගෙ සවු වන්නට[907] නිසි නො වෙයි. මහණ ගොයුම් උපාලි මහසිට්හු ගෙ සවු වන්නට නිස්සැ”යි කී යැ.

මෙසෙ දීර්ඝතපස්වී තුන් යලක් කියා නිගණ්ඨනාථපුත්‍රයා නොහදහන සෙ දැකැ[908] “වහන්සෙ, මම් උපාලි ගහපති[909] මහණ ගොයුම්හු ගෙ සවුබවට ගියෙ! නොගියෙ! යනු ගොස් දන්මි හො?”යි කී යැ. “මැනැවැ, ගොස් අතුරැ දනැ”යි කී යැ.

එ සඳැ දීර්ඝතපස්වි උපාලි ගහපතිහි ගෙ ගෙට ගියෙ[910] දොරොට්ගොව්[911] ඔහු නො වැද්ද දී “සිට, අප මහසිට් මහණ ගොයුම්හු ගෙ සවුබවට ගියෙ.[912] නො වැද්ද දෙමි. බත් කැමැත, මෙහි මැ සිට. මෙයට ගෙනැ එතී[913]” කී යැ. “මට බතින් කම් නැති”යි එහි මැ සිටැ නැවැතැ[914] නිගණ්ඨනාථපුත්‍රයා කරා ගොස් “උපාලි ගහපතිහි මහණ ගොයුම්හු ගෙ සවුබවට ගියෙ සැබැවැ. මම් මුහු වැළැකීම්,[915] වහන්සෙ උපාලි මහසිට්හු මහණ ගොයුම් හට වාදාරොපණයට යනු මට නොරිසුණෙ යැ. හෙ මායාවී යැ. අනුන් ගෙ සව්වන් ආවර්තනය කොටැ ගන්නා මායාවක් දන්නෙ යැ. දැන් තොප ගෙ උපාලි මහසිට් මහණ ගොයුම්හු සෙ ආවර්තිනී[916] මායාවෙන් ආවර්තික[917] වි යැ”යි කී.[918]

එකල්හි නිගණ්ඨනාථපුත්‍ර දීර්ඝතපස්විහි තුන්යලක් කීව ද, නො හදහා “මම් මැ ගොස් දන්මි”[919] යි මහත් නුවට පිරිස් හා සමග උපාලි ගහපතිහි ගෙට ගියෙ. දොරොට් ගොවු[920] ඔහු නො වැද්ද දි “සිට, අප මහසිට් මහණ ගොයුම්හු සවුබවට ගියෙ. තොප නො වැද්ද දෙම්හ. බත් කැමැතැ, මෙහි මැ සිට[921]. මෙයට[922] ගෙනැ එතී” කී යැ.

හෙ බලවත් ශෝකයෙන් අභිභූත වැ “මෙහි මැ සිට[923]” යන බස්[924] නො සළකා “තො ඔහු කරා ගොස් මා අවුදු[925] දොරොට්යෙහි[926] පිටතැ තමා දැක්කැටි වැ සිටි පරිදි කියා”යි කී යැ. දොරොට්ගොවු ගොස් සිට් හට කී. උපාලි මහසිට්හු ගෙ පහය වටා පවුරැ සත්දොරොට් යැ.[927] හෙ දොරොට් ගොව්වහට මධ්‍යයෙහි සතර වන දොරොට්යෙහි[928] තමා හිඳිනා අසුන් පනවන්නට[929] කී යැ. හෙ අසුන් පනවා ගොස් කී යැ. සිට් එයට ගොස් හැමයට උතුම් අස්නෙ[930] හිඳැ “නුවටුන්[931] එම්හ[932] යි සිතුව[933], එනු කරා”යි කී යැ.[934] දොරොට් ගොවු ගොස් නුවටනට කී යැ. එ කල්හි නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවට පිරිස් හා සමඟ සතර වන දොරොට්වට[935] ගියෙ.

පෙරැ[936] උපාලි මහසිට් නිගණ්ඨනාථපුත්‍රයා එන කලැ දුරැ මා දැකැ පෙරමඟට ගොස් අත වටා[937] ගෙනැ ගෙට ඇරැ හැමයට උතුම් අස්නෙහි, උතුරු සළුයෙන් පිසැ-පියා, එ මැ උතුරුසළුව බඩ වටා ඕමින් “ආචාර්යය,[938] සෙමෙන් හිඳුව, සෙමෙන් හිඳුව” යෙමින් මහත් තෙල්කළක්[939] බහා තබන්නක්හු සෙ[940] දොහො අතින්[941] ගෙනැ බහා හිඳුවයි. හෙ දැන් හැමයට උතුම් අස්නෙ තෙමෙ හිඳැ, “හිඳැටි වුව, තිලි බැසැ හිඳුව”යි කී යැ.[942]

එ සඳ නිගණ්ඨනාථපුත්‍ර බලවත් ශොකයෙන් අභිභූත වැ “මහසිට, ඇළල ගියෙහි? මහසිට, ඇළල ගියෙහි? ‘වහන්සෙ, මම් මහණ ගොයුම් හට වාදාරොපණයට යෙමි[943]’යි ගොස් මහත් වාදබන්ධනයෙන් තිරැ වැ උහු ගෙ ආවර්තනී මායායෙන් ආවර්තිත වැ ආහි[944]” කී.[945]

එකල්හි සිට් තමා පිළිවුද්[946] සොවන් මඟ සඳහා, “වහන්සෙ, ආවර්තනී මායා භද්‍රයැ, සුන්දර[947] යැ, කල්‍යාණ යැ. මා සැනැහැති නෑයො මෙ ආවර්තනී[948] මායායෙන් ආවර්තික වෙත්වයි, හෙ[949] මා සැනැහැති නෑයනට බොහො කල් හිතයට සුවයට වැටෙයි.[950] හැම රජ්ජුරුවො හැම බමුණො හැම වෛශ්‍යයො හැම ශුද්‍රයො හැම දෙවියො හැම මිනිස්හු[951] මෙ ආවර්තිනී[952] මායායෙන් ආවර්තිත වෙත්වයි, හෙ ඔව්නට[953] බොහො කල්[954] හිතයට සුවයට වැටෙයි. තොපගෙ සසුන් අනෛර්යාණික යැ. අප බුදුන්ගෙ සසුන් නෛර්යාණික යැ. තොපට උපමාවක් දක්වමි. නුවණැති කෙනෙක් දන්ති. “පූර්වයෙහි එක්තරා මහලු බමුණක්හු ගෙ ළදැරි[955] භාර්යාවක් වුව. හො ගබ[956] ගෙනැ වදන වර වූ කලැ, “යා,[957] බමුණ, අවුණුදොරැ දිවි ඇති නැති කෙළිබඩු,[958] තබා විකුණිති.[959] තිලින් මිලයක් ගෙනැ ගොස් ම-පුතු කෙළෙනට[960] නිසි වඳුරුපැටකු[961]. විකිණි-ගෙනැ එ” යි කිව.[962] දැන් බල[963]. තී වැදු[964] කලැ “පිතෙක් වී නම්, වඳුරු පැටකු7 ගෙනැ එමී. දුවක් වූ නම්, වඳුරු[965] පැටියක[966] ගෙන එමී” කී යැ. මෙසෙ දෙයලත් තුන්යලක්[967] ඇය කී[968] කලැ “කැමැත්තා කළ මැනැවැ”යි බමුණු අවුණු[969] දොරින් වඳුරු පැටකු7 විකිණීගෙනැ ඇරැ, “පුතු කෙළෙනට මුහු බලා-ගනැ” යි කී යැ. එකල්හි බැමිණිය: “බමුණ, මෙ වඳුරු පැටහු[970] රඟ පොවන රදා දරුවා[971] කරා ඇරැ[972] රන්වන් කොටැ පොවා තළා ගුළා මට කොටැ ඇරැ දක්වා දෙනු කරා[973]”යි කිව. බමුණු, “ඇය[974] කැමැත්තා[975] කළ මැනැවැ”යි රදා දරුවා කරා ගොස් “මුහු රන්වන් කොටැ පොවා තළා ගුළා මට කොටැ දෙ[976]”යි කී යැ. එකල්හි රදා දරු “දිවි ඇති නැති වත් රඟ පොවන බැවින් ම වඳුරු පැටෙ16 රන්වන් කට හැක්ක. කඳැ තබා[977] කොළන මුගුරෙන්[978] කුසැ[979] පහළ[980] කලැ කුස මිරිකෙයි. වසුරු නික්මෙයි. හිසැ[981] පහළ කලැ හිස මිරිකෙයි. මුල් නික්මෙයි. මිණි වහණැ[982] තබා ගුළන කලැ ලොම් නැති වෙයි. සිවි දු නැති වෙයි. දිවි[983] නැති වන්නහු[984] වුව, තළන කලැ කඩ කඩ[985] වැ යෙයි. ගුළන කලැ සුනු සුනු වැ[986] යෙයි. මෙ වඳුරු පැටෙ[987] රඞ්ගක්‍ෂම වෙයි[988]. ආකොට නක්‍ෂම නො[989] වෙයි. විමාර්ජනක්‍ෂම නො ද[990] වෙයි” කී යැ. එ සෙයින් මැ බාල නුවටුන් ගෙ කථා ප්‍රිය වැ රාගමාත්‍රයක් ජනවන[991] බැවින් රඞ්ගක්‍ෂම වෙයි.[992] පණ්ඩිතජනයන් විසින් නුවටුන්ගෙ කථාද්[993] සෙසු බරත-රාමායණාදි නිරර්ථක කතා මාර්ගද්5 විමසා බලත් බලත්, තොහො පෑරැ[994] සාල් සොයන්නා සෙයින්, කේල්ගසැ හර සොයන්නා සෙයින්, සිස්වන බැවින් අනුයොගක්‍ෂම නො[995] වෙයි; විමාර්ජනක්‍ෂම නො ද වෙයි.

එ බමුණු අනෙක් සමයෙකැ හා පිළී සඟළක් ගෙනැ රඟ පොවන රදා දරුවා කරා ගොස්, “මෙ සඟළ රන්වන් කොටැ පොවා තළා ගුළා මට කොටැ දෙ” යි කී යැ. එකලැ රඟ පොවන රදා දරු, “වහන්සෙ, මෙ සඟළ වූ කල රඞ්ගක්‍ෂම යැ, ආකොටනක්‍ෂම යැ, විමාර්ජනක්‍ෂම යැ” යි කී යැ. එ සෙයින්[996] මැ අප සම්මා සම්බුදුන් ගෙ සිවුසස් දිස්නා කථා පණ්ඩිත ජනයනට ප්‍රිය[997] වන බැවින් රඞ්ගක්‍ෂම යැ. අනුයොගක්‍ෂමයැ. විමාර්ජනක්‍ෂ[998] ම යැ. හවුරුදු[999] සියකුදු අසත්, තෘප්ති නැති. මහ මුහුදු[1000] සෙයින් ගැඹුරු වෙයි කී.

එ කල්හි නිගණ්ඨනාථපුත්‍ර, “මහසිට, සරාජික[1001] පර්ෂද්”[1002] තා අප ගෙ සවුබව් දන්නි,[1003] දැන් තා ‘කාගෙ සවු යැ’ යනු දන්මහ?” යි කී යැ. එ සඳැ උපාලි ගහපති හුනස්නෙන් නැඟී, උතුරුසළු[1004] එකස් කොටැ ලා බුදුන් වසන[1005] දසට[1006] ඇඳිලි බැඳැ, “මම් යමක්හු ගෙ සවුයෙම් ද, ඔහු ගෙ ගුණ අසව” යි බුදුන් ගෙ ගුණ වනනුයෙ, තමා සැකෙවින්[1007] කී දැයක්[1008] අනෙකාකාරයෙන් දන්නා උද්ඝටිතඥ පුඟුල් වන බැවින් සොවන්මඟින් මා ආ පිළිසිඹියා විසයෙහි[1009] සිට[1010] වන බැවිනුද්-

ධීරස්ස විගතමොහස්ස[1011]

පහින්නඛිලස්ස විජිතවිජයස්ස

අනීඝස්ස සුසමචිත්තස්ස[1012]

වුද්ධසීලස්ස[1013] සාධුපඤ්ඤස්ස

වෙස්සන්තරස්ස විමලස්ස

භගවතො තස්ස සාවකො ‘හමස්මි’

යනාදි විසින් දස ගාථායෙකින් සියක් පදයෙන් බුදුන් ගෙ ගුණ වනා, “මම් මෙබඳු ගුණ ඇති බුදුන් ගෙ සවුයෙමි” කී යැ.

එකලැ නිගණ්ඨනාථපුත්‍ර තෙ මහණ ගොයුම්හු කරා දැන් ගොස් ආහි.[1014] එ විගසැ මෙ ගුණ කිසෙ කියන්නට නිසි විහි[1015]” කී යැ. එ සඳැ සිට් ‘යම්සෙ නානාපුෂ්පයන් ගෙ[1016] මහත් මල්රැසක් දක්‍ෂ වූ මල්ලරෙක් තමා දක්‍ෂවන බැවිනුදු[1017] මල්හි නොඑක්[1018] පැහැ ඇති වන බැවිනුදු විසිතුරු කොටැ ගොතා ද, එසෙයින් මැ බුදුන් ගෙ නන් නන් ගුණ කුසුම් ගොතන්නට මා වැනි දක්‍ෂ[1019] පුරුෂයෙක් නොනිසි වෙ දැ!”යි කී යැ. එ අසා නිගණ්ඨනාථපුත්‍ර, “මෙ සිට්[1020] අප කෙරෙන් පහ[1021] වියැ. දැන් කලි නටම්හ.[1022] අප ගෙ බත් කුඹ[1023] බුනැ”[1024]යි සිතන්නා හට බලවත් ශොක උපනැ. හදවත කකියා ගියෙ. පයක් පමණ ලේ කටින් නැංග.[1025] එහි මැ දණින් හිණ. ඔහු හිදොළුයෙකින්[1026] පිට්නුවර හැරැ[1027] හැඳෙකින් පාවා නුවර ගෙනැ-ගියහ. හෙ පාවා නුවරැ මෙළෙ.

මෙසෙයින් බුදුහු තමන් ‘පුරිසදම්මසාරථී’ වන බැවින් උපාලි මහසිට්හු දු[1028] ආදි ශබ්දයෙන් ගත් දසමගහපති සිට්හු දු,[1029] දමා අමාමහනිවන් පැමිණිවූ[1030] හු.

ගහපතිදමන නම් සතර වන පරිච්ඡේද[1031] නිමි.

  1. සැරිසරා, සැරිසර, සැරිසැරූ-මු

  2. සිටිනුදු

  3. ද්

  4. සච්චබද්ද

  5. බාවාරික

  6. සාතිභික්‍ෂු

  7. නාරජුනුදු

  8. නාලාගිරි

  9. අසුරයනුදු

  10. බඹනුදු

  11. පැමිණවුහු

  12. මහානුභාව සම්පන්න-මු

  13. දනවුමඩුළු

  14. කුමුටුවමින්

  15. සැරිසරමින්

  16. සිටුහු

  17. නිවට

  18. ඔහු

  19. අඹවනය

  20. කැමැයි කැමැයි

  21. දඬදඬ යයි මිස යයි කීය, දඬදඬය යත් මිසයයි කිය

  22. දඩයක්

  23. පළමු වන

  24. සමහර පොතෙකැ නැත

  25. ද්

  26. වාග් දණ්ඩයටත්

  27. ඔහු

  28. කායදණ්ඩය

  29. ගෙ

  30. පිහිටුවූහු

  31. එම

  32. මහසිටු

  33. ඔහු

  34. අන්හට-මු

  35. මා බුදුවුයෙ

  36. පිහිටුවූහු, පිහිටවූහු

  37. දඩයක්

  38. තථාගතයන්

  39. දඬදඬයයි

  40. කෑම කෑමයක් මිසයයි

  41. දක්වහි-මු

  42. මේ

  43. මනඃකර්මයයි

  44. චෙතනා මුල්කොට ඇත්තෙ කර්ම විසින් කියත්.

  45. කැරෙයි

  46. වෙයි

  47. ධ්‍යානචෙතනායෙක්

  48. සුවාසූදහසක්

  49. වළඳවයි

  50. මාර්ග චෙතනායෙක්

  51. තන

  52. මිසදිටිය

  53. කීහ-හැම

  54. අනිකක්

  55. බුදුහු

  56. දක්වයි

  57. මනඃකර්මය යි

  58. වදාළහ

  59. පිහිටුවා

  60. මහත් නුවට පිරිවරාගොස් හුන්නෙ යැ

  61. ගමෙකින්

  62. ආවාහු

  63. අහි

  64. සථරහුගෙ

  65. නිගණ්ඩනාතපුත්‍රයහට

  66. ගොයුම්හුට

  67. කරන්ට

  68. ලොම-හැම

  69. ලා-මු

  70. නොයාදි

  71. පහන

  72. දෙවියටියෙ

  73. දෙකන

  74. බිම

  75. උඩකරු, උකරු

  76. බිම

  77. මම්

  78. නිස්ඵාටන, නිස්පොටන, නිෂ්ඵොටන-මු

  79. තනට තෙන

  80. ඇඹුල්

  81. අඹු

  82. දකුණු පුවරුවෙහි, දකුණත පුවරුවෙහි

  83. වමත පුවරුයෙහි

  84. කෙළපාමි

  85. රජු, රජහු

  86. අතුරෙහි

  87. මම්

  88. ඇතක්හු

  89. මහසිට්

  90. ගොයුම්

  91. නො

  92. නොරිසිහායැ

  93. දන්නීය යි

  94. ගොයුම්හු

  95. දීර්ඝතපස්වී

  96. දන්නෙන්

  97. දිනු

  98. සිට-හැම

  99. හිඳ-හැම

  100. සිටු

  101. වද්ද

  102. නිගන්ඨනාතපුත්‍රයා ගෙ

  103. එළඹ ගොස්

  104. බුදුන් කරා ගොස්

  105. “පහන් නාහුද් බොහො සෙ වඳිත්මය” “පහන්නාහු වඳිත් මැ යැ, නො පහන්නාහු බොහොසෙ වඳිත් මැ යැ. නො වඳනා මනාහු” පොත් “පසන්තා පි අප්පසන්තා පි යෙභූය්‍යෙන වන්‍දන්තියෙව. අප්පකා න වන්‍දන්ති. “කස්මා?” - අටුවා.

  106. වඳනාහු - මු

  107. කරුණෙයැ, කරුණෙක-මු

  108. වසනුවන් විසින් “අගාරං අඤ්ජාව සන්තො පි, වන්‍දිතබ්බොයෙව” - අටුවා

  109. සිටුහු, සිටු

  110. වැඳැ-මු

  111. දක්මින්, දැක්මෙන්-මු

  112. අය

  113. උන්, ඔහු

  114. නොවෙයි කී යැ.

  115. පව්

  116. තෝරයෙක

  117. හිඳිවු

  118. නොසෙල්වී, නොලස්වී

  119. සිටිනෙ

  120. කරනු

  121. උපදිතියි, උපදි, උපද්දියි-මු

  122. මනස්සත්‍ය-හැම, මනස්සක්ත මු

  123. දියෙයි

  124. ඔහුහට

  125. පරිකෂෙප

  126. කාඩිදිය

  127. ත්, දු

  128. ද්

  129. බුදුන්

  130. නුවටහු

  131. මනස්සත්‍ය-හැම

  132. කිය

  133. බස

  134. සිටු

  135. ඔහු

  136. දවා-පියව

  137. පිළිසැඳුද්-මු

  138. චුනිද්

  139. පිළිසඳුද්, චුතිපිළිසිදු දු

  140. බුදුහු

  141. නොද

  142. කැබිලිති

  143. ඔහුට

  144. වදාළො

  145. මහසිට මහසිට

  146. කීය

  147. වදාළහ

  148. සිටු, සිට

  149. නො දක්වා

  150. චෙතනාවට

  151. යෙහි

  152. අනෛර්යාණිකය යි සිතා

  153. ප්‍රසන්න විසිතුරු ව්‍යාකරණ-මු

  154. බුදුහු

  155. නුවරැ-මු

  156. හෙ කරන්නට

  157. දහස් දෙනෙකුද් එයට නොනිස්සහ-සමහර

  158. පුරුෂයෙක් නම්

  159. ඇවිද්

  160. භස්ම කරමි කියෙ

  161. මහසිට මහසිට

  162. කිය

  163. කායප්‍රයොගයෙහි

  164. නොහැක්කහ

  165. එකෙකුදු එකෙකුද්

  166. ප්‍රාතිහාර්යය

  167. බුදුහු

  168. ඇසීදැසි

  169. එහි-මු

  170. ලොකෙයහි, ලොකයෙ

  171. ලදු ලද්.

  172. වාසය

  173. තවුස්ගණන්, තවුසන්

  174. රදාගෙ, ඛරදාගෙ

  175. ඔහුනට ඔවුන්ට

  176. රථයකට

  177. පන්සියයක්

  178. මහරජ

  179. පිරිවරගෙන, පටිවාර ගෙන

  180. හෙ

  181. කවුරුයි

  182. නුවරැ-සොභනීයයි

  183. හරවාගත්

  184. සමඟ

  185. සොයසොයා

  186. ඇවිදිති

  187. රජුන්ගෙ

  188. තවුසාණන්

  189. කිලිටි, කිලිට

  190. මුවය

  191. ලමීඬී, ලමැඬිය-මු

  192. ඇවිදුනෙම්

  193. දැවටු, දැහැටි, දැහැටු

  194. කකා-හැම.

  195. තවුසාණන්

  196. පිඬු පිඬු.

  197. ‘මුවසලා’ මුද්‍රිත පොත්වලැ නො එයි. ‘මුඛං වික්ඛාලෙත්වා’ අටුවායි.

  198. හෙට

  199. කාලකණ්ණිහු

  200. දුටැසු

  201. කිය කියා.

  202. පිළිවිත

  203. මෙමැ

  204. සිරුරැ ලදිමියි’.

  205. ලද දෙය යි.

  206. පිළිලදුදැයි

  207. දැයෙක්

  208. එව

  209. කීවහු

  210. එම

  211. ඔහු, ඔවු-මු

  212. මෙමැ

  213. පිරික්ස, පරීක්‍ෂා

  214. සිරුරැ

  215. ලද්දෙයයි, ලදුදෙයයි

  216. දවසෙකින්

  217. පසල්

  218. රජුගෙ, රජහට ජය කියා

  219. කැමැති වාදැයි, කැමැතියව්දැ යි

  220. මෙ වැකිය සමහර පොතෙක නැත

  221. අසාගෙනැ.

  222. ඇතෙවුරනටදු, ඇතොවුරනුදු, ඇතෙවුරතටද්

  223. ඇතොවුරොද්

  224. ඇතොවුරන්

  225. දොරටුයෙහි, දොරටයෙහි

  226. රැකවල්

  227. සිරුරැ, සිරැ

  228. කෙළ නො එවැ

  229. බලකායුදු, බලකායුද්-මු

  230. දැවටිද්

  231. මුව දිව්

  232. සිරුරු

  233. කෙළෙන් හා දැහැටින් මුවහ ව හුන්-තවුසාණන් - සමහර

  234. හීන්, හීණ්, හිණු-මු

  235. දැවටින්

  236. දැහැටු, දැහැට්-මු

  237. නහවා දිය ගෙන්වා ගෙනැ-පොත්

  238. ගල්වාගෙනැ

  239. දේම, දෙව, දෙවූ, දෙවැ-මු

  240. මිනිසුන් කළ-සමහර

  241. ඛුන්හැ

  242. රදුව මරම්හ.

  243. රදුහෙ

  244. හැම-මු

  245. උපායක්

  246. නො වෙද-හැම

  247. වඳිමියි

  248. ගිවිස්සෙන්

  249. දනිමි-මු

  250. මෙද, මෙයිදු

  251. කීයෙන්

  252. දෙවව

  253. පවතිනා

  254. තැනැ

  255. තෙනෙකට

  256. සෙනාපතිය, සෙනාපතියකුදු

  257. ධන ගෙන වළඳ ගෙන සරක් ගෙන - ඇතැම් පොත්වල නැත

  258. රාජ්ජසීමායෙන්

  259. ඉතා මැ

  260. නසිතියි

  261. ගියො

  262. ශත්‍රැමථනය-මු

  263. සැදි

  264. වරදු

  265. වියයි

  266. සතුටු-මු

  267. ඉතාම

  268. මසුන්වැසි

  269. කහ වුණු

  270. සත්බුමු මහා පහය

  271. වියයි

  272. රුපුවිජය

  273. කහවුණු වැසි

  274. සතුටු

  275. රජු

  276. සත්වැසි

  277. සත්

  278. පුවරුයෙහි

  279. කපන

  280. ජල

  281. කෑලමල්

  282. ඉග්බිති

  283. ඇතුලු මිටි, ඇතුලු පිටු ඇතුළු මිටැ-මු

  284. සිට්වුනා

  285. එ රජුගෙ

  286. සෙනාපතිහු

  287. ඔවුන්-හැම “මාතුපොසකාරාමො” අටුවා

  288. ලද්හු

  289. එ රජු ගෙ

  290. පවුකම්හි

  291. සෙසු

  292. නැති විය

  293. කොහි ගිය හො

  294. කුක්කුල නිරයම්හි, කුක්කුලනාමෙ නිරයම්හි-මු

  295. නාළිකෙර

  296. හිමව්යෙහි-මු

  297. ජටාමඬුලු

  298. වල්කලා

  299. වනමුල්ඵල

  300. නාළිකෙර

  301. මිනිස්සු

  302. හිඳිනා

  303. අනුමෙවෙනි

  304. සතුටු වැ

  305. භවත්

  306. වඩිති

  307. තෙනකට, තැනෙකට-මු

  308. නො වඩුව

  309. අප

  310. ගොස්-හැම, ‘ආගන්ත්‍වා,-අටුවා

  311. ‘අධිවසෙත්වා’ - අටුවා

  312. ඔවුන් දැක

  313. ගසන

  314. ඔවුන් හා මම ද යෙමි - සමහර

  315. මා හැ මැ

  316. යවා කියවිය

  317. නො පහදින්නේය.

  318. සතුටු

  319. ඔහුන්

  320. පිළිසඳර.

  321. අනුසස්

  322. නොකට යුත්තෙ ය

  323. නොකට යුත්තෙය, නො රිසිය යුත්තෙය

  324. ත්, දු

  325. පිළිසැඳ-මු

  326. ද්

  327. නිරය

  328. උපැද, ඉපිද,

  329. අනෙවු

  330. නිරය පැසි

  331. මිනිස් පියසට

  332. නවයෝ නෙහි, නව යෞවනහි

  333. මියයෙයි-මු

  334. කෙළෙ

  335. කීයෙන්

  336. අවෂ්‍යා, අවශ්‍ය, අවර්ස්‍ය කර, අමා-මු

  337. පීයෙ

  338. සැදැ

  339. යවල්, යවුල්

  340. කළමනා දෑ

  341. ගෙයි

  342. ගොස්දෙවන

  343. මහත් සැළී

  344. කේලිපතින්

  345. බැඳ

  346. තැබ්බ විය, තබවියැ, තැබ්වියැ-මු

  347. කුඹුක්

  348. තෙපි

  349. බෙලසුල් හා

  350. වඩා

  351. අල්වා

  352. හින්, හිණ

  353. සංයම්

  354. දුටු දුටු

  355. නිමිත්ත

  356. ඔවුනොවුන්ට

  357. ධරවැ

  358. බැඳි, බඳ, බද

  359. කෙහෙල්

  360. හිස මුල්, හිසමුල

  361. තොපි

  362. ඔවිඳ

  363. ඛුන ව

  364. මහ තවුසාට, මහ චවුසා හට

  365. පාමින් ලුවින්-මු

  366. මහ තවුස්

  367. දිදි, දිග්, දිග්

  368. පසුව පස්සෙන්

  369. මෙපමණකින්

  370. ‘යාටියා නො ව’යි, යාටියා නො වව යි, “එත්ත කෙනෙ’ ව ගච්ඡිස්සථ තුම්හෙ’ති?” - අටුවා, යටුයෙහි නො දෙව යි’ - කිසි

  371. ඉඟි

  372. පැහැරැගෙන

  373. කර අල්ලා

  374. ද්

  375. සිටිනට

  376. නො හැකිව

  377. පැහැරැගෙන

  378. කෙරෙන්

  379. නැඟිට

  380. එයිදු, එහි දී, එහිදීද්-මු.

  381. දීන

  382. ඔහුද්

  383. ඔහු ගෙ, උහු ගෙ

  384. වර්ෂාවන්

  385. රට

  386. සට්ඨියොජනුබ්බෙධෙන’-සඟි අටුවා

  387. අදොසකෙ

  388. කුලසම්පත්තීන් භොගසම්පත්තීන්

  389. ලද

  390. වේද-මු

  391. ඕ ඔහු-මු, “යො යො පන’ස්සා විවාහත්ථාය පහිණාති. තං තං” - අටුවා

  392. ඔහුගෙ

  393. කවර

  394. ඔහු මම

  395. නෙරපීයව යි

  396. නෙරපියවා

  397. දොවී, දෙවි

  398. එයින් හො

  399. එග්දවසක්

  400. කෙළිනට

  401. යායටි, යටැටි

  402. ආදිය

  403. ගෙන්වා ගෙනැ

  404. යානාවකට යානායකට

  405. පිරිවරාගෙන-හැම

  406. නික්මුණුහු

  407. සැඬොල්, සැඬුල්

  408. උපෙද, උපද, ඉපද

  409. ගෙයෙක

  410. වෙසෙයි

  411. ඔව්හට, ඔහුට

  412. කාරියක්, කාරියයක්

  413. සඳහා

  414. නුවරට

  415. හඬාවක්, ඝණ්ඨාවක්-මු

  416. වඳිමින්

  417. නුවරට

  418. කවුරු

  419. සැඬලෙක

  420. පාපයා ගෙ

  421. යනුයම් - ඉපැරණි පොත්

  422. සඬලක්හු

  423. දුටිමි, දුටිමි.

  424. සඬලක්හු, සැඬෙලක්හු

  425. දුටු

  426. ඇසන්දු, ඇසත් ඇසදු

  427. මුවයද

  428. නවත්වාගෙන

  429. හැමදැ

  430. සැඩොල්හු

  431. තර්ජනා

  432. කෙහෙයෙන් හිස, කෙහෙයෙන්හි, කෙහෙයෙයි.

  433. ගසා

  434. විළුඹින්, විළුබින්

  435. වැලමිටින්

  436. ප, පා

  437. සන්නිය, සන්‍ය, සන්‍යා, සන්න-මු

  438. මට වූයෙ

  439. නිසා යැ

  440. ඇය ගෙ

  441. හිඳ, හෙව

  442. ගෙ අහණයෙ, අඞ්ගණයෙහි

  443. ගම්දොර-හැම

  444. සැඬොලෙක්

  445. එ ගම, එම ගම

  446. සැඩුල්

  447. දෙක භික්තියෙහි, දෙ භික්තියෙහි, ‘උභතො අනන්තරගෙහවාසිකා’-ුටුව

  448. බැගින්

  449. යනු

  450. යි

  451. සැඩොලෙක්, සැඩලෙක්

  452. ගොස් කීහ

  453. ගොස් බලා-සමහර

  454. ඌහට, උහට, උන්ට, ඔහුට

  455. ‘ගෙන ය’ යි

  456. මෙ

  457. කීහැ

  458. කීහු-මු

  459. නිරපරාධයාට, නිරපරාධයහට

  460. සිටු

  461. කහවණු

  462. දු

  463. සෙනහැති

  464. දැරියෙක්, දැරියක්

  465. දරුවෙනි

  466. නො පසස්නා, නො පසස්නාව, නො නසනා

  467. මැරුයෙහි

  468. හැමදෙනා මැ

  469. ඔහුහට

  470. රක්වල්

  471. සමු

  472. යවීයැ-බොහො

  473. මිනිස්, මිනිස්සු

  474. සැඬුල්, සැඬොලින්

  475. නො හැක්කම්හ

  476. නඟා යවයි

  477. ලක්‍ෂයක් දී - සඟි අටුවායෙහි නැ.

  478. සත් දවසක්

  479. සැඬොල්හු-මු

  480. සන්න

  481. ගැලැ

  482. ගොස්

  483. බුන්නවුන්

  484. සෙ

  485. ගළවා

  486. සීමාන්ත

  487. සැඬොල්

  488. පියලියක්, පිළියක්

  489. කුඹු

  490. පටක්

  491. පත්-පත

  492. තල් පැසක්

  493. ඇරැ-ගෙනැ

  494. යවයි

  495. ඉතාසියුමැලි

  496. හිමි යි.

  497. යෙමි, යෙම

  498. හිඳිනා

  499. හැඬිව

  500. වනළ වෙසෙති

  501. පිට හිඳුවා

  502. පිටු

  503. පිටට

  504. කොතනෙක්

  505. සැඩෙළුන්, සැඬලුන්

  506. කීයැ

  507. තැන්

  508. ඇවිද්දාපිහ, ඇවිද්දාපි

  509. කෙළෙය

  510. මිනිසුන්ගෙ - හැම “භවග්ගප්පත්තම’මස්සා මානං” - අටුවා

  511. බිඳුවන

  512. බිඳුමට

  513. අනෙකෙක් නම්

  514. නැතැයි

  515. හිමිය

  516. කොතනෙක්

  517. පැළදොරතුරය

  518. ගෙය

  519. තැන්හි, තැන

  520. තැනයයි

  521. සතටදවසක්, සතකටක් දවසක්

  522. මම්-මු:

  523. අතැවැසියෙම් - මු.

  524. වෙම් - මු

  525. මුලු

  526. අභිෂෙකකොට

  527. මැනැවැයි සිතා

  528. පළකොට

  529. දිට්ඨමඞ්ගලිකාය - හැම

  530. මා - හැම

  531. ද්

  532. තා, තෝ

  533. පොරෝගෙන

  534. පිළියන්

  535. දවසකින්

  536. සැඩොල්

  537. ගම්දොරට

  538. සිටියො, ගියෙ

  539. සිටියා

  540. වඩ

  541. ගෙයකැයි

  542. ළෙහි අත්පැහැර-මු

  543. වැනි

  544. කළව, කළහයි.

  545. නොසය, දොම්නස් නොව, තො, සොස්නොව - මු නො සොස - මු

  546. සැඬැලෙක්, සැඬොලෙක්

  547. මහබඹයි

  548. මුවදොරින් - හැම, ‘මුඛ දොසෙනෙ ‘ව’ - අටුවා

  549. කියමි

  550. හඬා

  551. ගසායි

  552. රැයින්හි රැයිම්හි, රැයිම්මෙහි දු - මු

  553. ගසයි

  554. යෙති

  555. සැනකෙළි

  556. මා ස්වාමි

  557. නොදුරු, දුරු

  558. අදම

  559. ගෙවර, ගේවර

  560. ගඳදුමින් මල්දුමින් ලල් දී සැදුහු, ගඳදුමින් මල්මින් ලල් දී සැදැහු, ගඳින් මලින් සරා සැදුහු. ‘ධූමංදත්වා’ ජා:අටුවා.

  561. සඳද් සදද්

  562. හිරු, සිරි,

  563. එප්සින්

  564. ඉදහයෙන්, ඉද්හයෙන්

  565. මවා

  566. වනඅන්තයෙන්

  567. දුටුම්හයි

  568. ඇරගෙන

  569. ඇයගේ ගෙය

  570. මහජන, මහජනයා

  571. දුටු

  572. මිනිස් පමණකට

  573. වන්හ

  574. වට - මු

  575. සිටිය, සිටිනට

  576. ඔසප්හු දැයි, සවුහු වෙහි දැයි

  577. කීයේයැ

  578. එසෙව

  579. ගැබ්

  580. පිහිටියේය, පිහිටියා

  581. සෙයින්

  582. අහස

  583. බ්‍රහ්මප්‍රජාපති

  584. සවබරණින්

  585. සිවිකායෙක්හි

  586. ජන්ම

  587. සිවිගෙ

  588. දෙනකු

  589. නුවර

  590. පියස, රිස

  591. ගෙයක්

  592. මඩුයෙහිම

  593. කහවනුවක්

  594. අසන

  595. සියයක්

  596. වඳිත්

  597. පන්සියයක්

  598. වඳිත්, වඳිති

  599. පා පිට

  600. ගනිති

  601. මඩුතැන්

  602. ලදු, ලද

  603. “............ කරම්හයි පිටිනුවර පටන් ගෙන ඇතුළුනුවර මඩුතැන් දක්වා ලක්‍ෂ ලක්‍ෂදී” කිසි.

  604. ඔති, ඔචිති-මු

  605. වී

  606. වැලමිල-හැම, වැලිමිල-මු

  607. තන්හි

  608. දස දහසක් - හැම ‘කොටිසතසහස්සං’ - අටුවා

  609. පහයද්; පහයැ දු-මු

  610. නවාම් දසමසින්

  611. වියැ

  612. කුමරහුට

  613. තබන්නාහු

  614. ගෙය

  615. මණ්ඩප්ප

  616. කොළො

  617. සුවසෙ, සමයෙ

  618. පෙල හරින්

  619. සත් - හැවිරිදි - හැම

  620. වයසට

  621. පැමිණි

  622. අවුත්

  623. සීතෙල් - සමහර පොත්වල නැත.

  624. ඇතිව

  625. කල්

  626. බමුණන්ට

  627. සොළසබ්‍රාහ්මණසහස්සානි-ජා: අටුවා

  628. බත්

  629. පත්හ පත්හා, පක්හා, පහ

  630. තෙල්මී හා කඩ-සකුරෙක්

  631. සවබරණින්

  632. ලදඩුවක්, ලාදඬුවක්; දළදඬුවක්

  633. මොහු

  634. තබව

  635. ඔවයි කියමින් විචාරමින්

  636. එකල්හි-හු

  637. ආශ්‍රමපථයෙහි

  638. බව

  639. දන්

  640. දැහැට්, දැවිටි, දැහිටි

  641. රත්

  642. සිටියො සිටියේයි

  643. මණ්ඩප්ප, මණ්ඩප

  644. තා - හැම

  645. පිසසක්හු - මු

  646. හස්

  647. දක්ෂණිය

  648. තොප

  649. අයිහි, අයි, අහියි-මු

  650. මොලොක්

  651. ‘එබත් වළඳාගන්නාහු බොහො ජන්මවෙත්හු යම් තැනෙක් ද ලැබෙති” “එ බත් වළඳගන්නාහු........” “එ බත් වළඳන්නාහු ජන්මවත්හු යම් තැනෙක් ද ලැබෙති” – පොත් “එ බත් වළඳ කරන්නාහු කන්නාහු බොන්නාහු හෝ වෙති” - මු

  652. දැහැයට

  653. බමුණන්ට, බමුණට

  654. සැඬලන්නට

  655. සිටීදැයි

  656. ද්

  657. දනෙක්-මු

  658. එතෙකුද් හොද්

  659. උනුමුයෙහිද්, අමුණුයෙහිද්

  660. බිජු (මෙලෙස ද ඇත.)

  661. වපුරෙති

  662. විපුල වෙයි

  663. තුබු තැනැ-හැම

  664. වෑවළ විල්වල

  665. තුන් තැනක මැ, තුන්තැන ම-මු.

  666. .......... දෙයි වැසි නැත්නම් හො නිසා ගඟ නිසා වැවළවිල්වල වපුළ බිජු දියෙන් හො යෙ යි. දියෙන් හො එයි” - හැම

  667. වී

  668. සැදැහෙන්

  669. කීහ, කීහු

  670. පිහිටිවීමි, පිහිටවමි

  671. සතර

  672. කීහ.

  673. යම් යම්

  674. තුබස

  675. වැන්නාහ

  676. වෙ

  677. සියමියුරු, මියුරු

  678. පිරුණු, පිරි

  679. ගෙනදෙන්නය

  680. කීහ.

  681. දන්

  682. මහත් ඵල

  683. ඇසිවිසක්හු

  684. කුමට

  685. අවුත්

  686. වෙළෙයි

  687. වැද, වදු

  688. නොදුටුමුහ-මු

  689. තැනෙකැ

  690. කීය

  691. මුහු

  692. තළා පියා-මු “භින්දන්තා” - අටුවා

  693. කර

  694. නෙරපියවයී, නොවියවයී

  695. අහසට නැඟි සිට, අහස නැඟී සිට

  696. කැටියෙහි, කැයටිහි

  697. පැදුම් බලා, පැදුම් දසබලා

  698. වැස

  699. වළඳයි

  700. දැහැවැ ගොස්

  701. ගිරිවා

  702. තිබූහ

  703. පුතැයි

  704. මොළොක්

  705. සීසං-ජා: අටුවා

  706. පිටිපස්ස

  707. සිරුරු

  708. වියැ, විනි-මු

  709. නඟා

  710. සිපත්

  711. ගොස් - සමහර

  712. වෙළෙයිවැ ගොස්

  713. මපිත්

  714. කවුරුහ

  715. කෙළෙයයි.

  716. පණ්ඩිතයාගෙ

  717. බැලැයැ

  718. මපුත්, පුතු

  719. දෙනාහට, දෙනාට

  720. මෙතෙක් දුක්

  721. තෙවිමින්

  722. පැදුම්දසබාල අහසින්

  723. අයදුනට

  724. රන්මාලා

  725. දැස්ගණ, දහස්ගණන්

  726. හිමියා, මාහිමියා

  727. සිටි, සිටියැ-මු

  728. දියෙන්

  729. කවරහොයි

  730. කීහ.

  731. දෙවියො

  732. ඔහුට

  733. කළාහුය, කළහයි

  734. කීහු, කීහ

  735. නොදැහැවයි

  736. අයදනා

  737. එම

  738. වැන්දාහ, වැන්දා

  739. කීහ. කී-මු

  740. රන් මාලාව.

  741. ත පුතු

  742. මුයෙහි

  743. දෙනා

  744. ලද්මි, ලත්මී

  745. ඔත්

  746. දෙව්රජ

  747. ස්වහමිහි ස්වාමි

  748. කොට, කොළ

  749. පුස්මින්

  750. දන්නෙහි

  751. මොබට

  752. විකාර-හැම

  753. මණ්ඩප්පය-හැම

  754. දක්ෂිණර්හයො

  755. දියසැළලා අසූදහසක්.......

  756. මුයෙහි

  757. එවූහ.

  758. පුස්මින්

  759. මණ්ඩප්ප - හැම

  760. නුවරක්්ක

  761. වෙසෙති

  762. බිඳිමි

  763. හුඩුහොය

  764. දැහිට්, දැහැට්

  765. ජටාවෙහි

  766. බහාපියා

  767. දැහිට්, දැහැට්

  768. නහන්නාහු

  769. සැඩොල්, සැඬුල්, සැඬැල්

  770. දැහැට්, දහිට්

  771. බහාලුයෙ

  772. යි

  773. නසැ

  774. සැඬල

  775. වස

  776. වසන්නාහු

  777. දැටි, දැහැටු, දෑටිදඬු

  778. වනු

  779. සත්කඩක්

  780. පළමි

  781. පිය, පි

  782. හිරුහු

  783. නැඟිදුන

  784. මිනිස්සු

  785. ප්‍රතිගත

  786. ගෙනගොස්

  787. තවුසා

  788. තෙපි

  789. දුන්නාවයි; දෙන්නාවනැ

  790. ගොස්

  791. දුන්නාහ

  792. මමයයි

  793. නැඟි

  794. නිවරද හට

  795. අවිදු

  796. කමා

  797. මාපිට

  798. විහිදුවමි

  799. විමි

  800. කල

  801. ඔබ

  802. හිසට

  803. සිටුවයි, සිටුවහයි, සිටුවවයි, සිට්ටවයි, සිටවවයි

  804. හිරහු

  805. රැස්

  806. ගියේයැ

  807. තවුස්

  808. තන තැන්

  809. “සොළස බ්‍රාහ්මණ සහස්සානි” ජා: - අටුවා

  810. කොයි

  811. එයින්, ඉදියෙන්

  812. එක්දවසකුදු, එක් දෙදවස්

  813. වෙළෙයි, වෙලයි මු

  814. මායාකාරයෙක් ද විජ්ජාධරයෙක් ද, විද්‍යාධර සොරෙක්

  815. අය

  816. ගිවිස්සහ

  817. එකෙනෙහි, කෙණෙහි

  818. දක්තුද්, දක්තුදු

  819. කිවමන්

  820. හිස

  821. සිඳපීයැ.

  822. සයින් මැ

  823. ලොහොවැසි, ලොහො මඩුවැසි

  824. කල්ල වැසි-මු.

  825. කැලනි මහරජහු

  826. රාජ්‍යය

  827. ගිලුවා

  828. සෙයින් ම

  829. සෘෂිහට

  830. ඔහු

  831. නරකයෙ

  832. උපන, උපන්හ

  833. උපගච්ඡ

  834. ආහු

  835. මහ සෘෂිහු

  836. මහසිටහු

  837. ගෙණ

  838. අසමි - හැම

  839. බුද්හු

  840. මහසිට මහසිට - මු

  841. කිය

  842. බස

  843. පසු

  844. මම්

  845. එතෙකුදු

  846. භවත්හු

  847. ඉර්ධියක්හු

  848. වීමියි

  849. තා

  850. නුවටුන්

  851. දුටුදුටුවන්

  852. යෙයි

  853. කියුවුව

  854. සිත

  855. තැන

  856. සතුටු විමි

  857. ලදු, ලද්

  858. ධ්වජ

  859. ඇවිද්ති

  860. බව

  861. පාලනය, කළ

  862. මා, මාත්-මු

  863. සරණය ගනුව

  864. යෙමියි

  865. බෝදවසක්, බොහෝ දවසක්

  866. තොප

  867. නැතැයි

  868. දෙයි

  869. මම්ම, මම්

  870. මගෙ ගුණ දන්නහු මට ම-ඇතැම්

  871. කරවනසේක්

  872. මම් ම එයට

  873. යුතු

  874. සතුටු වීමි, සතුටුමි, සතුටිමි

  875. තුණුරුවන්හි

  876. මෙතැනැ සමහර පොතෙකැ “උපාලිගෘහපති හුනස්නෙන් නැඟි බුදුන් වැන්ද” - යනු දු ඇත.

  877. දුටුධම්

  878. අප

  879. දැන, දනු-මු

  880. දොරටු, දොරට්

  881. නුවටක්

  882. ආයි

  883. ඔහු, ඔහුට

  884. සිට්හු

  885. නුවණැත්තෙයැ

  886. ඔහු

  887. රූ, කන්කරු, කන්කුරු-මු

  888. ඔ ඇවිදිනෙ

  889. පරිජි

  890. මහසිට්

  891. වනට

  892. නො හදහන් හෙයින්

  893. ගහපතිහි

  894. ගොස්

  895. දොරටුගොව්වා, දොරට්ගොවු

  896. ගියේය

  897. එතියි

  898. නැවතී

  899. මම් මුළ ම කීමි

  900. ආවර්තනය - හැම, ආවර්තනීය - මු

  901. ආවර්තනය, ආවර්තන, ‘ආවට්ටො’-පෙළ

  902. කී යැ

  903. මම් මයෙමි ගොස් දන්මි

  904. දොරටුගොවු, දොරටුගොවු

  905. සිටුව

  906. මෙයට මැ

  907. සිට්ව, සිටුව, සිවු

  908. බස

  909. අවුද්

  910. දොරොට්යෙන්, දොරට්යෙන්, දොරටයෙන්, දොරටුයෙහි

  911. සත්පවුරු සත් දොරටු යැ, සත්පවුරු යැ, සත්දොරටු යැ

  912. දොරටුයෙහි

  913. පන්වන්ට

  914. අස්නෙහි

  915. නුවටු

  916. එව්වයි.

  917. සිතූහ

  918. කියා, යවූහ

  919. දොරටුවට පෙරෙ

  920. පෙරෙ

  921. වඩ වඩා

  922. ආර්යය, ආවාරිය

  923. තෙල් කබලක්, තෙල් කළයක්

  924. සෙයින්

  925. දො අතින්

  926. කීහ

  927. ගියෙමි යි

  928. ආමිහි, ආමි

  929. කීයැ

  930. පිළිවිදි, පිළිවුදු, පිළිලත්

  931. සුනාර යැ

  932. ආවර්තන

  933. මෙ, හෙම

  934. වෙයි

  935. මිනිස්සු

  936. ආවර්තන

  937. ඔවුන්ට, ඔහුම

  938. කලක්

  939. ලැදි, ලෙදැරි

  940. ගබ්, මගව

  941. කෙළිමඩු

  942. විකුණෙති, විකුණෙන

  943. කෙළිනට

  944. පැටවකු

  945. කී යැ

  946. බලා, බැල

  947. වැදැ, වැදා, වැද

  948. වැඳිරි

  949. පැටියෙ

  950. යලක්, දෙයලක්

  951. කියන

  952. අවුන්

  953. පැටවු, පැටව් පැටැව්

  954. රදදරුවා

  955. ගොස්

  956. ක-රයි

  957. අය

  958. කැමැත්ත

  959. දෙව-යි

  960. දෑත බා

  961. කොණනඟු-රෙන්

  962. කුස

  963. පහරන

  964. හිස

  965. මිටිවහන, මිටිමහණ ‘මණිපාසාණෙන’ - අටුවා

  966. සිවිදු

  967. වන්නා, වන්නාහා, වන්නාහ

  968. ඛණ්ඩ ඛණ්ඩව, කඩව

  969. සුනුව

  970. වැටි

  971. නොවෙයි

  972. නොද

  973. නොම

  974. රජවන, රඤ්ජනවන

  975. නො වෙයි

  976. දු, ද

  977. හැර

  978. නුදු, නො ද

  979. එයිම්ම

  980. පිය

  981. අනුමාර්ජනක්ෂම

  982. හවුරුද්

  983. මුහුද්, මුහුඳ

  984. සරදිකා

  985. පර්ෂදු

  986. දන්ති

  987. උතුරුසළුව

  988. වන-හැම

  989. දෙසට

  990. සඛෙවින්

  991. දැයෙක්

  992. විෂයෙහි

  993. සිටින

  994. විගතමොහතමස්ස - හැම

  995. සුසමාහිතවිත්තස්ස

  996. සුද්ධසීලස්ස

  997. අව-හැම

  998. විය

  999. ගෙන

  1000. ද්

  1001. නොයෙක්

  1002. දක්‍ෂ වූ

  1003. සිටු

  1004. කහ

  1005. නටම්හයි

  1006. කුබ

  1007. බිඳිනැයි

  1008. නැඟු

  1009. හිදුඑයෙකින්

  1010. ඇරැ

  1011. ද්

  1012. දසමහගහපති සිට්හුදු - මු

  1013. පැමුණුවූහ, පැමුණවූහ, පැමිණවූහ

  1014. පරිච්ඡේදය