තවද දැන් තෝ යම් යම් දුශ්චරිතයක් කරන්නෙහි වී නම් මතු උපනුපන්නාවූ ස්ථානයෙහි වාසනාදෝෂයෙන් ඊට අනුව දුශ්චරිත කෙරෙමින් බොහෝ කලක් ඉකුත් වූ කල්හි කිසිම දෛවබලයකින් අනාගතයෙහි උපදනා සර්වඥකෙනකුන්ට සම්මුඛ වන්නෙහිය. එතැන්හිදී ඒ සර්වඥයෝ තට නිග්‍රහ කොට ලජ්ජාකරවා දිව්‍ය, මනුෂ්‍යපර්ෂද් මධ්‍යයෙහි තාගේ වාසනාදෝෂය ගෞතම සර්වඥයන්ගේ ශාසනයෙහි වෘද්ධභික්‍ෂුකෙනකුන් වහන්සේ හා ළදරුභික්‍ෂූන් දෙදෙනකුන් වහන්සේගේ වාසනා දෝෂය මෙන්ද, උපනන්‍ද - මක්ඛිකාවධක - වාරුණීදූසක - කුටිදූසක - පුටදූෂක -ආරාමදූෂක - අම්බගොපත - දුර්වච කුහකාදීන්ගේ වාසනා දෝෂය මෙන්ද ප්‍රකාශ කොට කියන්නාහ. ඒ තාගේ වාසනා දෝෂ ප්‍රකාශ කොට කීමෙන් දිව්‍යමනුෂ්‍යපර්ෂද් මධ්‍යයෙහි තට මහත්වූ නින්‍දා වන්නේය යි, අවවාද කරන සේක.
අනු මාතෘකා
keyboard_arrow_rightවෘද්ධ භික්ෂූන් හා ළදරුභික්‍ෂූන් දෙදෙනාගේ වාසනා දෝෂshare
keyboard_arrow_rightඋපනන්‍දස්ථවිරයන් වහන්සේගේ වාසනාදෝෂshare
keyboard_arrow_rightමක්ඛිකාවධකාවගේ වාසනාදෝෂshare
keyboard_arrow_rightවාරුණීදූෂකයාගේ වාසනාදෝෂshare
keyboard_arrow_rightකුටිදූෂකයාගේ වාසනාදෝෂshare
keyboard_arrow_rightපුටදූෂකයාගේ වාසනාදෝෂshare
keyboard_arrow_rightආරාමදූෂකයාගේ වාසනාදෝෂshare
keyboard_arrow_rightඅම්බගෝපකයාගේ වාසනාදෝෂshare
keyboard_arrow_rightදුර්වචයාගේ වාසනාදෝෂshare
keyboard_arrow_rightකුහකයාගේ වාසනාදෝෂshare
keyboard_arrow_rightඅවවාද අනුශාසනාshare