ඉක්බිති කෝටිග්‍රාමයට වැඩ එහි වසන සේක්, දිනක භික්ෂූන් අමතා, “ආර්‍ය්‍ය ශීල, ආර්‍ය්‍ය සමාධි, ආර්‍ය්‍ය ප්‍රඥා, ආර්‍ය්‍ය විමුක්ති යන සතර ධර්මයන් අනුබෝධ ප්‍රතිවේධ නො කළ හෙයින් පෙරැ දික් සසරෙහි තමන් වහන්සේත් එ භික්ෂුනුත් ඇවිද්ද බවත්, නමුත් මේ අත්බව්හි එ දෙ පක්ෂය විසින් ම එය අනුබෝධ ප්‍රතිවේධ කළ බවත් එ හෙයින් ඔබට පුනර්භවයක් නැති බවත් වදාළ සේක. මෙහි වෙසෙමින් බෙහෙවින් ශීල සමාධි ප්‍රඥා කථාවම වදාළ සේක.