“ධම්මතා එසා භික්ඛවෙ, සත්තාහජාතෙ බොධි සත්තෙ බෝධිසත්තමාතා කාලං කරොති. තුසිතං කායං උපපජ්ජති අයමෙත්ථ ධම්මතා” යනුවෙන් මහ බෝසතාණන් ඉපද සත් දිනකින් බෝධිසත්ව මාතාව කලුරිය කොට තුෂිත දිව්‍යලෝකයෙහි ඉපදීම ධර්මතාවකැයි මහාපදාන සූත්‍රයෙහි වදාරා තිබේ. සියලු ම බෝධිසත්ත්වයන් වහන්සේලා මව්කුස පිළිසිඳ ගන්නේ මව ගේ ආයුඃප්‍රමාණය බලා දසමස් සත් දිනකට ආයු ඇති මවක ගේ කුසයෙහි ය. මහාමායා දේවියට ආයුෂ තුබුණේ එපමණකි. මහ බෝසතාණන් ගේ ඉපදීම වූවත් නුවූවත් එදින ඈ කාලක්‍රියා කරන්නී ය. මේ කාරණය මහාපදාන සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.
“කාලංකරොතී ති න විජාතපච්චයා ආයුපරික්ඛයෙ නෙව. බොධිසත්තානං වසිතට්ඨානං හි චෙතියකුටිසදිසං හොති, අඤ්ඤෙසං අපරිභොගාරහං, න ච සක්කා බොධිසත්තමාතරං අපනෙත්වා අඤ්ඤං අග්ගමහෙසිට්ඨානෙ ඨපෙතුන්ති තත්තකං යෙව බොධිසත්තමාතු ආයුප්පමාණං හොති, තස්මා තදා කාලං කරොති. කතරස්මිං පන වයෙ කාලංකරොතීති? මජ්ඣිමෙ වයෙ. පඨමවයස්මිං හි සත්තානං අත්තභාවෙ ඡන්දරාගො බලවා හොති, තෙන තදා සඤ්ජාතගම්භා ඉත්ථි ගබ්භං අනුරක්ඛිතුං න සක්කොති. ගබ්භො බව්හාබාධො හොති. මජ්ඣිමවයස්ස පන ද්වෙ කොට්ඨාසෙ අතික්කම්මෙ තතියෙ කොට්ඨාසෙ වත්ථු විසදං හොති. විසදෙ වත්ථුම්හි නිබ්බන්තා දාරකා අරොගා හොන්ති. තස්මා බොධි සත්තමාතාපි පඨමවයෙ සම්පත්තිං අනුභවිත්වා මජ්ඣිම වයස්ස තතියෙ කොට්ඨාසෙ විජායිත්වා කාලං කරොන්ති. අයමෙත්ථ ධම්මතා.
එහි තේරුම මෙසේ ය.
කලුරිය කරනවාය යනු ප්‍රසූතිය නිසා නොව ආයුෂ ගෙවීමෙන් ය. බෝධිසත්ත්වයන් විසූ තැන චෙතිය කුටියක් වැනි ය. අන්‍යයන්ට පරිභෝග කිරීමට නුසුදුසු ය. බෝධිසත්ත්ව මාතාව පහකොට අනික් තැනැත්තියක් අගමෙහෙසුන් තන්හි ද නො තැබිය හැකි ය. බෝධි සත්ත්ව මාතාව ගේ ආයුඃප්‍රමාණය එතෙක් ම ය. ඒ නිසා කලුරිය කරන්නී ය. කවර වයසක දී කලුරිය කරන්නී ද? මධ්‍යම වයසෙහි දී ය. සත්ත්වයාට ප්‍රථම වයසේ දී ආත්මභාවය ගැන ඡන්දරාගය බලවත් ය. එබැවින් ඒ වයසෙහි ගැබ්ගත් ස්ත්‍රී තොමෝ ගැබ රක්නට නො සමත් වන්නී ය. දරුවා ආබාධ බහුලයෙක් වන්නේ ය. මධ්‍යම වයසින් දෙකොටසක් ඉක්ම තුන් වන කොටසෙහි වස්තුව පිරිසිදු ය. පිරිසිදු වස්තුවෙහි උපන් දරුවෝ නීරෝග වන්නාහ. එබැවින් බෝධිසත්ත්ව මාතාව පළමු වියෙහි සම්පත් වළඳා මැදුම් වියේ තුන් වන කොටසෙහි දී ප්‍රසූත කොට කලුරිය කරන්නී ය.