පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට පාත්‍රයක් පූජා කොට කල්ප අනූහතරක් දුගතියකට නො ගිය බව සඳහන් වේ. (246 වන අපදානය) පිළින්දිවච්ඡ හිමිට පාත්‍ර පිනින් අනුසස් දහයක් ලැබී ඇත්තා හ.
- බොහෝ වටිනා රන් රිදී තලි ලැබේ.
- උපද්‍රව නැත්තෙක් වේ.
- අනතුරු නැත්තෙක් වේ.
- අන්‍යයන්ගේ ගෞරවයට පාත්‍ර වේ.
- ආහාර පාන, වස්ත්‍ර, සයනාසන පහසුවෙන් ලැබේ.
- ලැබෙන සම්පත් අකාලයේ විනාශ නො වේ.
- ස්ථීර සිත් ඇත්තෙකු වේ.
- හැම කල්හි ම ධර්මයට කැමති වේ.
- කෙලෙස් අඩු කෙනෙක් වේ.
- ආශ්‍රව ද රහිත වෙත්.