සිංහලට නැගියයුතු:
- ධනවන්තො භාතරානං ධනං දාතුං න ඉච්ඡන්ති.
- දානං දත්‍වා සීලං රක්ඛිත්‍වා සග්ගෙ නිබ්බත්තිතුං සක්කොන්ති[10].
- කුමාරී අලාතං ආහරිත්‍වා භත්තං පචිතුං අග්ගිං ජාලෙස්සති.
- නාරියො නගරා නික්ඛම්ම උදකං පාතුං වාපියා කූලං ගච්ඡිංසු.
- නත්තාරො අරඤ්ඤෙ ඵලානි ආහරිත්‍වා ඛාදිතුං ආරභිංසු[11].
- සීලවා ඉසි ධම්මං දෙසෙතුං පීඨෙ නිසීදි.
- චොරො ආයුධෙන පහරිත්‍වා මම පිතුනො අඞ්ගුලිං ඡින්දි.
- යුවතියො පදුමානි ඔචිනිතුං නදිං ගන්ත්‍වා කූලෙ නිසීදිංසු.
- මයං ඡත්තානි ආදාය සුසානං ගන්ත්‍වා පුප්ඵානි ඔචිනිස්සාම.
- කඤ්ඤා වත්‍ථං ආනෙතුං ආපණං ගමිස්සති.
- තුම්හෙ වනං ගන්ත්‍වා ගාවීනං දාතුං පණ්ණානි ආහරථ.
- මයං ලොචනෙහි රූපානි පස්සිත්‍වා සුඛං දුක්ඛං ච ලභාම.
- ත්‍වං සොතෙන සුණිතුං ඝාණෙන ඝායිතුං ච සක්කොසි.
- කුක්කුටියා අණ්ඩානි රුක්ඛස්ස මූලෙ සන්ති.
- විදුනො අමතං ලභිත්‍වා මරණං න භායන්ති.
- මනුස්සා චිත්තෙන චින්තෙත්‍වා පුඤ්ඤානි කරිස්සන්ති.
- තුම්හෙ ධම්මං සොතුං විහාරං ගන්ත්‍වා පුලිනෙ නිසීදථ.
- ධනවන්තො සුවණ්ණං දත්‍වා ඤාණං ලද්ධුං න සක්කොන්ති.
- දාරකො ඡත්තං ගණ්හිතුං සොපාණං ආරුහි.
- මම භගිනී පුඤ්ඤං ලභිතුං සීලං රක්ඛිස්සති.
පාලියට නැගියයුතු:
- ළමයි ගෙඩි කන්ට ගස මුලට ගියාහ.
- තරුණිය මල් කඩා රැස් කරන්ට ගසට නැංගාය.
- මම කුඩයක් ද වස්ත්‍රයක් ද ගෙන ඒමට ගෙට ගියෙමි.
- කුමරිය ගිනි දල්වන්ට ගිනි පෙනෙල්ලක් ඉල්විය.
- අපි ඇස්වලින් රූප බලන්ට සමර්‍ථවෙමු.[12]
- තෙපි නාස්වලින් ගඳ දැන ගන්නහුය. කන්වලින් අසන්නහුය.
- බණ අසන්ට ගොස් ඔවුහු වැලි මත්තෙහි හිඳගත්හ.
- මිනිස්සු මුදල් දී ඥානය ගන්ට නොහැකි වෙති.
- ධනවතා තමාගේ (=අත්තනො) ධනය බෙදා දූවරුන්ට හා පුතුන්ට දුන්නේය.
- තරුණියෝ ගඟේ නෑම පිණිස නුවරින් පිටත ගියහ.
- සතුරා ආයුධයකින් ගසා මාගේ නැන්දම්මාගේ අත කැපුවේය.
- ඔවුහු උයනට ගොස් ළමයින්ට මල් හා ගෙඩි ගෙනාහ.
- හෙතෙම දෙනුන්ට දීමට තණ හා කොළ ගෙන ඒමට වනයට ගියේය.
- පිරිමි ළමයි ද ගෑණු ළමයි ද චෛත්‍යයට පිදීමට පොකුණෙන් නෙළුම් මල් ගෙනාහ.
- අපේ සහෝදරයෝ ද සහෝදරියෝ ද වැවේ නා කෑමට හා නිදීමට ගෙදර ආවෝය.
- ළමයා දිවියකු දැක උයන හරහා දුව ගොස් ගඟෙන් එතර විය.
- තෙපි දානයෙන් හා ශීලයෙන් පින් ලබවු.
- මාගේ නැන්දාගේ දෙන්නු සොහොනෙහි තණ කා දිය බීමට වැවට ගියහ.
- තරුණියෝ තමන්ගේ සොහොයුරියන්ට මල්දම් සෑදීම පිණිස මල් ගෙනාහ.
- මගේ සහෝදරයා දෙව්ලොව යෑමට සිල් රකියි.
37 නපුංසක
ලිඟුවෙහි ඉකාරාන්ත ශබ්දයෝ මෙසේ වරනැගෙත්.
අට්ඨි ශබ්දය
විභක්තිය |
එකවචන |
බහුවචන |
පඨමා |
අට්ඨි (=ඇටය) |
අට්ඨීනි, අට්ඨී (=ඇට) |
දුතියා |
අට්ඨිං (=ඇටය) |
අට්ඨීනි, අට්ඨී (=ඇට) |
තතියා |
අට්ඨිනා (=ඇටය විසින්) |
අට්ඨීභි, අට්ඨීහි (=ඇට විසින්) |
සෙස්ස පුල්ලිඟුවෙහි අග්ගි - ශබ්දය මෙන් වරනැගිය යුතු.
පාලි වචනය |
සිංහල තේරුම |
පාලි වචනය |
සිංහල තේරුම |
|
වාරි |
ජලය |
දධි |
මිදුණුකිරි |
|
සත්‍ථි |
කලවය |
අක්ඛි |
ඇස |
|
අච්චි |
ගිනිසිළ |
සප්පි |
ගිතෙල් |
යනාදීහු මීට සමාන වෙති.
38. උකාරාන්ත
චක්ඛු - ශබ්දය
විභක්තිය |
එකවචන |
බහුවචන |
පඨමා |
චක්ඛු (=ඇසතෙම) |
චක්ඛූනි, චක්ඛූ (=ඇස්) |
දුතියා |
චක්ඛුං (=ඇස) |
චක්ඛූනි, චක්ඛූ (=ඇස්) |
තතියා |
චක්ඛුනා (=ඇස විසින්) |
චක්ඛූභි, චක්ඛූහි (=ඇස් විසින්) |
සෙස්ස පුල්ලිඞ්ගයෙහි ගරු - ශබ්දය මෙන් වරනැගිය යුතු.
මේ දෙතැන්හිම කරණ විභක්තීහු තතියා විභක්තීන්ට ද
ආලපන විභක්ති පඨමා විභක්තීන්ට ද සමාන වෙතියි දතයුතු:
පාලි වචනය |
සිංහල තේරුම |
පාලි වචනය |
සිංහල තේරුම |
|
ආයු |
ආයුෂ |
මධු |
මීපැණි |
|
ජතු |
ලාකඩ |
ධනු |
දුන්න |
|
අස්සු |
කඳුළු |
තිපු |
ඊයම් |
|
හිඞ්ගු |
පෙරුම්කායම් |
අම්බු |
ජලය |
|
දාරු |
දර |
|
|
යනාදීහු චක්ඛු ශබ්දයට සමාන වෙති.
39. (අ) තවත් නිපාත පද
පාලි වචනය |
සිංහල තේරුම |
පාලි වචනය |
සිංහල තේරුම |
|
වා |
හෝ; නොහොත් |
නානා |
නොයෙක්; වෙන්වූ |
|
සකිං |
වරක් |
විනා |
හැර; නැතිව |
|
කස්මා |
කවර හෙයකින් |
කථං |
කෙසේ |
|
තස්මා |
එහෙයින් |
පුරතො |
ඉදිරියෙහි |
|
ච |
ද, ත් |
කිමත්‍ථං |
කුමකට |