1. දිසාසු දසභාගේසු ඨිතා බුද්ධානුභාවතො,
වෙරාදි අන්තරායාපි විනස්සන්තු අසේසතෝ,
එවමාදි ගුණෝපේතං පරිත්තං තං භණාමහෙ.
-
2. පදුමුත්තරො පුරත්ථිමායං අග්ගිනෙ චෙව සොභිතො
දක්ඛිණෙ කස්සපො බුද්ධො නිරිතෙච සුමංගලො
-
3. පච්ඡිමෙ ච සිඛී බුද්ධෝ වායඛ්‍යා මෙධංකරො
උත්තරෙ පියදස්සීච ඊසානෙ දීපංකරො
-
4. පඨවිං කකුසන්ධොච ආකාසෙ සරණංකරො
එවං දසදිසා චෙව සබ්බෙ බුද්ධා පතිට්ඨිතා
-
5. අච්චන්තරායා සබ්බේ තෙ සොක රෝග භයා පි ච
විනස්සන්තු සදා (තුය්හං) සබ්බිරියාපථෙසු ච
-
6. යක්ඛාදිදෙවතාභි ච රාජචොරාදි අග්ගිහි
අමනුස්සෙහි සබ්බහි තිරච්ඡාන ගතෙසු ච
-
7. ජාතා සබ්බේ විනස්සන්තු උපද්දව අසෙසතො
එතෙන සච්චවජ්ජේන සොත්ථි (තෙ) හොතු සබ්බදා
තමාට කියාගැනීමේදී පස්වන ගාථාවෙහි “තුය්හං” යනු “මය්හං” කියා ද සත්වන ගාථාවේ “තෙ”යනු “මෙ” යි ද වෙනස් කර කියනු.
බොහෝ දෙනා මේ පිරිත නොයෙක් දෙයට යොදති. බොහෝ ගුණ මේ පිරිතෙන් ලැබී ඇති බව ද කියති. මෙයින් කරන වැඩ සමහරක් මෙසේ ය. අමනුෂ්‍ය උපද්‍රවයට හා උණට පැන් හෝ තෙල් පිරිත් කරනු. ගෙවල් ආරක්ෂාවට පිරිසිදු තැනකින් ගල් කැට ගෙන ඒ ගෙය තුළදී එකසිය අට වර පිරිත් කොට මුට්ටි සතරක ලා එකවිට සතර පැත්තේ වළලනු. අමනුෂ්‍ය දෝෂවලට තෙල් පිරිත කර ගෙය තුළ පහන් දල්වනු. ගෙට නපුරු සතුන් එනවානම් තෙල් පිරිත් කර ගෙයින් පිටත පහන් දල්වනු. ඇස්වහ කටවහ ආදියට කපුටා හඬන්නට පෙර පිරිසිදු බඳුනකට පැන් ගෙන විසිහය වරක් පිරිත් කර දෙනු.
මේ පිරිත භාෂා රීති හෙවත් ව්‍යාකරණය සලකා ප්‍රබන්ධ කරන ලද්දක් බව නො පෙනේ. ගුණ ලැබීමට ඒ ව්‍යාකරණ රීති උවමනා නැති නිසා මෙසේ කරන ලදැයි සිතිය හැකිය.