දසබල සමන්නාගතෝ භික්ඛවේ, තථාගතෝ චතූහි වෙසාරජ්ජේහි සමන්නාගතෝ ආසභට්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්රහ්මචක්කං පවත්තේති, ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ, ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තගමෝ, ඉති සඤ්ඤා ඉති සඤ්ඤාය සමුදයෝ ඉති සඤ්ඤාය අත්ථගමෝ, ඉති සංඛාරා ඉති සංඛාරානං සමුදයෝ ඉති සංඛාරානං අත්ථගමෝ, ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණස්ස අත්ථගමෝ, ඉති ඉමස්මිං සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උපපජ්ජති ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සො. ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති. ජාතිපච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති, ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති. අවිජ්ජායත්වේව අසේස විරාගනිරෝධා සංඛාරනිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤාණනිරෝධෝ විඤ්ඤාණනිරෝධා, නාමරූපනිරෝධෝ නාමරූපනිරෝධා සළායතන නිරෝධෝ සළායතන නිරෝධා ඵස්සනිරෝධෝ, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනානිරෝධා තණ්හානිරෝධෝ, තණ්හානිරෝධා උපාදානනිරෝධෝ, උපාදාන නිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාතිනිරෝධෝ, ජාතිනිරෝධා ජරා මරණං සෝකපරිදේව දුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති, ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධො හොතී ති.
එවං ස්වාක්ඛාතෝ භික්ඛවේ, මයා ධම්මෝ උත්තානෝ විවටෝ පකාසිතෝ ඡින්නපිලෝතිකෝ. ඒවං ස්වාක්ඛාතේ භික්ඛවේ, ධම්මෙ උත්තානේ විවටේ පකාසිතේ ඡින්නපිලෝතිකේ අලමේව සද්ධාපබ්බජිතේන කුලපුත්තේන විරියං ආරභිතුං කාමං තචෝ ච නහරූ ච අට්ඨි ච අවසිස්සතු සරීරේ උපසුස්සතු මංසලෝහිතං යන්තං පුරිසථාමේන පුරිසවිරියේන පුරිසපරක්කමේන පත්තබ්බං න තං අපාපුණිත්වා විරියස්ස සණ්ඨානං භවිස්සතී ති.
දුක්ඛං භික්ඛවේ, කුසීතෝ විහරති වෝකිණ්ණෝ පාපකේහි අකුසලේහි ධම්මේහි මහන්තං ච සද්ධත්ථං පරිහාපේති. ආරද්ධවිරියෝ ච ඛෝ භික්ඛවේ, සුඛං විහරති පවිවිත්තෝ පාපකේහි අකුසලේහි ධම්මේහි මහන්තං ච සදත්ථං පරිපූරෙති.
න භික්ඛවේ, හීනේන අග්ගස්ස පත්ති හෝති. අග්ගේන ච ඛො අග්ගස්ස පත්ති හොති.
මණ්ඩපෙය්යමිදං භික්ඛවේ, බ්රහ්මචරියං සත්ථා සම්මුඛීභූතෝ තස්මා තිහ භික්ඛවේ. විරියං ආරභථ අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, ඒවං නෝ අම්හාකං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති සඵලා සඋද්‍රයා යේසඤ්ච මයං පරිභුඤ්ජාම චීවරපිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චය භේසජ්ජ පරික්ඛාරේ. තේසං තේ කාරා අම්හේසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසාති.
එවං හි වෝ භික්ඛවේ, සික්ඛිතබ්බං, අත්තත්ථං වා භික්ඛවේ, සම්පස්සමානේන අලමේව අප්පමාදේන සම්පාදෙතුං, පරත්ථංවා භික්ඛවේ, සම්පස්සමානේන අලමේව අප්පමාදේන සම්පාදේතුං, උභයත්ථං වා හි භික්ඛවේ, සම්පස්සමානේන අලමේව අප්පාමාදේන සම්පාදේතුන්ති.
ඉදමවෝ ච භගවා අත්තමනා තේ භික්ඛු භගවතෝ බාසිතං අභිනන්දුන්ති.
(නිදානවග්ග සංයුත්ත දසබලවග්ග)
දශබල සූත්‍රයේ තේරුම
මහණෙනි, දශබලයෙන් සමන්නාගත වූ චතුර්වෛශාරද්ය-ඥානයෙන් සමන්වාගත වූ තථාගත තෙමේ උත්තමස්ථානය ප්‍රතිඥා කෙරේ. පිරිස්හි සිංහ නාදය කරයි. ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්රය පවත්වයි. මේ රූපය ය. මේ රූපයා ගේ උත්පත්ති හේතුව ය, මේ රූපයා ගේ නිරෝධය ය, මේ වේදනාවය, මේ වේදනාවේ හේතුවය, මේ වේදනාව ගේ නිරෝධය ය. මේ සංඥාවය, මේ සංඥාවගේ හේතුව ය, මේ සංඥාවගේ නිරෝධයය. මොවුහු සංස්කාරයෝ ය, මේ සංස්කාරයන්ගේ හේතුව ය, මේ සංස්කාරයන්ගේ නිරෝධය ය. මේ විඥානය ය, මේ විඤ්ඤාණයේ හේතුවය, මේ විඤ්ඤාණයේ නිරෝධය ය, මෙසේ මේ හේතුධර්මය ඇති කල්හි මෙය ඇත්තේ ය. මේ ධර්මයේ ඉපදීමෙන් මෙය උපදීය. මේ ධර්මය නැති කල්හි මෙය නැත, මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේය. අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ උපදිති. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය උපදී. විඤ්ඤාණ හේතුවෙන් නාමරූප උපදී, නාමරූප හේතුවෙන් ෂඩායතනය උපදී. ෂඩායතන හේතුවෙන් ස්පර්ශය උපදී. ස්පර්ශ හේතුවෙන් වේදනාව උපදී. වේදනා හේතුවෙන් තණ්හාව උපදී. තණ්හා හේතුවෙන් උපාදානය උපදී. උපාදාන හේතුවෙන් භවය උපදී. භව හේතුවෙන් ජාතිය උපදී. ජාති හේතුවෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යයෝ වෙති. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ පහළ වීම සිදු වේ. ලෝකෝත්තර මාර්ගයෙන් අවිද්‍යාව නිරවශේෂ නිරෝධයෙන් සංස්කාරයන්ගේ නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍යයෝ නිරුද්ධ වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ නිරෝධය වේ.
මහණෙනි, මා විසින් මෙසේ මේ පඤ්චස්කන්ධ ප්‍රත්‍යයාකාර ධර්මය මනා කොට ප්‍රකාශ කරන ලද්දේ ය. මතු කරන ලද්දේ ය, විවෘත කරන ලද්දේ ය, ප්‍රකාශ කරන ලද්දේ ය. අඩුපාඩුවක් නැති ව සම්පූර්ණ කර ප්‍රකාශ කරන ලද්දේ ය. මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මනා කොට ප්‍රකාශ කර ඇති කල්හි මතු කර ඇති කල්හි විවෘත කර ඇති කල්හි ප්‍රකාශ කොට ඇති කල්හි සම්පූර්ණ කර ඇති කල්හි සැදැහැයෙන් පැවිදි වූ කුල පුත්‍රයා විසින් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වතොත් වේවා, ලේ මස් වියළී යතොත් යේවා, පුරුෂ බලයෙන් පුරුෂ වීර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතු ද එයට නො පැමිණ වීර්‍ය්‍ය ලිහිල් කිරීමක් නො වන්නේ ය යි වීර්‍ය්‍ය කරන්නට වටනේ ය.
මහණෙනි, මේ සස්නෙහි අලස තැනැත්තේ ලාමක වූ අකුශල ධර්මයන් හා මිශ්‍ර ව දුකසේ වෙසේ. මහත් වූ ද අර්හත්වය නමැති සුන්දර වූ අර්ථය පිරිහෙළයි. මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ ලාමක වූ අකුශල ධර්මයන්ගෙන් වෙන් වූයේ සුවසේ වෙසේ. අර්හත්ඵල සංඛ්‍යාත මහත් වූ අර්ථය සම්පූර්ණ කරයි.
මහණෙනි, හීන වූ ප්‍රතිපත්තියෙන්, හීන වූ ශ්‍රද්ධාවෙන්, හීන වූ වීර්‍ය්‍යයෙන්, හීන වූ සිහියෙන්, හීන වූ සමාධියෙන්, හීන වූ ප්‍රඥාවෙන්, අග්‍ර වූ අර්හත්වයට පැමිණීමක් නොවේ. අග්‍ර වූ ප්‍රතිපත්තියෙන් ම අග්‍ර වූ අර්හත්වයට පැමිණීම වේ.
මහණෙනි, මේ ශික්ෂාත්රය සංඛ්‍යාත බ්‍රහ්මචර්‍ය්‍යාව හෙවත් ප්‍රතිපත්තික්‍රමය ප්‍රණීත පානයෙකි. ශාස්තෘවරයා ද සම්මුඛ ව ඇත්තේ ය. මහණෙනි, එබැවින් නො පැමිණියා වූ ධ්‍යානාදි ධර්මයන්ට පැමිණීම පිණිස නො ලැබූ ධ්‍යානාදිය ලැබීම පිණිස සාක්ෂාත් නො කළ ධර්ම සාක්ෂාත් කරනු පිණිස වීර්ය කරව්. මෙසේ කිරීමෙන් අපගේ ප්‍රව්‍රජ්‍යාව වඳ නො වන්නේ ය, සඵල වන්නේ ය, දියුණුව ඇති කරන්නේ ය යි ද අපමේ කෙනකුගෙන් චීවර පිණ්ඩපාත සේනාසන ග්ලානප්රත්යයන් පරිභෝග කරන්නෝ ද ඔවුන්ට ඔවුන් ගේ ඒ දීමනාව මහත්ඵල මහානිසංස වේවායි ද පිළිවෙත් පිරීමෙහි වීර්‍ය්‍ය කළ යුතු ය. මහණෙනි, තොප විසින් එසේ හික්මිය යුතු ය. මහණෙනි, ආත්මාර්ථය බැලීමෙන් ද අප්‍රමාද වීම සුදුසු ය. පරාර්ථය බැලීමෙන් ද අප්‍රමාද වීම සුදුසු ය. උභයාර්ථය ම හෝ බැලීමෙන් ද අප්‍රමාද වීම සුදුසු ය.