“හන්ද’දානි භික්ඛවේ, ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ.”
මෙය මහාකාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී හිඳ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අමතා අන්තිමට ම කළ අවවාද ය. උන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනය කළ සියලු ධර්මය මේ අන්තිම අවවාදයෙහි ඇතුළත් වන්නේ ය. “මහණෙනි, දැන් මම අන්තිම වරට තොප අමතමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තාහු ය. එබැවින් අප්‍රමාදයෙන් ශ්‍රමණ කෘත්‍යයන් සම්පාදනය කරව්” යනු එහි තේරුම ය.