බුදුන් වහන්සේ විසින් සර්පයන්ට දෂ්ට කළ භික්ෂූන්ට අනුදත් “මහාවිකට” නම් බෙහෙතක් ඇත. එනම් අසූචි, මුත්ර, අළු, මැටි යන මේවා ය. ඒ සියල්ල මිශ්රකොට සර්පයන් දෂ්ට කළ තැනැත්තාට පෙවිය යුතුය. සර්පයා දෂ්ට කළ අවස්ථාවෙහි පිළිගන්වා ගැනීමට කෙනෙකු නැති නම් එය තමා විසින් ම ගෙන වැළඳීමට අනුදැන ඇත්තේ ය.
“අනුජානාමි භික්ඛවෙ චත්තාරි මහාවිකටානි දාතුං, ගූථං මුත්තං ඡාරිකං මත්තිකන්ති. අනුජානාමි භික්ඛවෙ සති කප්පියකාරකෙ පටිග්ගහාපෙතුං, අසති කප්පියකාරකෙ සාමං ගහෙත්වා පරිභුඤ්ජිතුං.”[1]
-
මහා - 534 පි. ↑