“දස ඉමෙ භික්ඛවෙ අවන්දියා, පුරෙ උපසම්පන්නෙන පච්ඡා උපසම්පන්නො අවන්දියො, අනුපසම්පන්නො අවන්දියො, නානාසංවාසකො වුඩ්ඪතරො, අධම්මවාදි අවන්දියො, මාතුගාමො අවන්දියො, පණ්ඩකො අවන්දියො, පාරිවාසිකො අවන්දියො, මූලාය පටිකස්සනාරහො අවන්දියො, මානත්තාරහො අවන්දියො, මානත්තචාරිකො අවන්දියො, අබ්භානාරහො අවන්දියො, ඉමෙ ඛො භික්ඛවෙ දස අවන්දියා.”[1]
මහණෙනි, මේ පුද්ගලයෝ දසදෙන නො වැඳිය යුත්තෝ ය. පෙර උපසපන් වූවහ විසින් පසු උපසපන් වූයේ නො වැඳිය යුතු ය. අනුපසම්පන්නයා නො වැඳිය යුතු ය. වැඩිමහලු වූ අධර්මවාදී නානාසංවාසකයා නො වැඳිය යුතු ය. මාගම නො වැඳිය යුතු ය. පණ්ඩකයා නො වැඳිය යුතු ය. පාරිවාසිකයා නො වැඳිය යුතු ය. මූලාය පටිකස්සනයට සුදුස්සා නො වැඳිය යුතු ය. මානත දීමට සුදුස්සා නො වැඳිය යුතු ය. මානතපුරන්නේ නො වැඳිය යුතුය. අබ්භාන කර්මයට සුදුස්සා නො වැඳිය යුතු ය. මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන නො වැඳිය යුත්තෝ ය.
“දසපුග්ගලා නාභිවාදෙතබ්බා අඤ්ජලි සාමීචෙන ච,
දස්සනං දුක්කටං හොති දසචීවරධාරණා.”[2]
යනුවෙන් කියන පුද්ගලයන් දසදෙනා හට අභිවාදනයෙන් අඤ්ජලීකර්මයෙන් ද පවසන්සැලීම් ආදි වත් කිරීමෙන්ද දුකුළා ඇවැත් වන බව පරිවාරපාළියෙහි වදාරා ඇත්තේ ය.