“පඤ්චිමෙ උපාලි වන්දියා. කතමෙ පඤ්ච? පච්ඡා උපසම්පන්නෙන පුරෙ උපසම්පන්නො වන්දියො, නානාසංවාසකකො වුඩ්ඪතරො ධම්මවාදී වන්දියො, ආචරියො වන්දියො, උපජ්ඣායො වන්දියො, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණීයා පජාය සදෙවමනුස්සාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො වන්දියො. ඉමෙ ඛො උපාලි පඤ්ච වන්දියා.”[1]
උපාලිය, මේ පස්දෙනා වැඳිය යුත්තෝ ය. කවර පස්දෙනෙක් ද? පසුව උපසපන් වූවහු විසින් පෙර උපසපන් වූ පුද්ගලයා වැඳිය යුතුය, වැඩිමහලු ධර්මවාදී නානාසංවාසකයා වැඳිය යුතුය, ආචාර්‍ය්‍යයා වැඳිය යුතුය, උපාධ්‍යායයා වැඳිය යුතුය, දෙවියන් සහිත වූ ලෝකයෙහි මරුන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි තථාගත වූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වැඳිය යුත්තාහ. උපාලිය, මේ පුද්ගලයෝ පස්දෙන වැඳිය යුත්තෝ ය.
පබ්බජ්ජාචරිය උපසම්පදාචරිය නිස්සයාචරිය උද්දේසාචරිය ඔවාදාචරිය යි ආචාර්‍ය්‍යයෝ පස් දෙනෙකි. තමාට උපසම්පදාවෙන් නවක වූ ද ආචාර්‍ය්‍යවරයාට ආචාර්ය්යත්වය සලකා වැඳීම සුදුසුය. නො වියත් මහලු මහණකුට නිස ගැනීමට මහලු මහණකු සොයා ගත නො හෙන කල්හි උපසම්පදාවෙන් තමාට බාල කෙනකුට වුව ද වැඳ නිස ගත යුතු බව දක්වා ඇත. ඒ නිශ්රයාචාර්ය්යයාගෙන් ගම් වැදීම් ආදියට අවසර ගන්නා කල්හි උක්කුටිකව හිඳ වැඳ අවසර ගත යුතු බව ද පාළිමුත්තකවිනයවිනිච්ඡයේ දක්වා ඇත.
-
පරිවා - 251 පි. ↑