ඇතැමෙක් පක්ෂ කරවා ගැනීම සඳහා ද, වැඩ කරවා ගැනීම සඳහා ද, අන්‍යයන්ට යම් යම් දේ දී පසුව විරුද්ධ වී ඒවා පැහැර ගනිති. දුන් පසු ඒ දෙය ලැබූ තැනැත්තාට අයිතිය. අනුන් අයත් දෙයක් පැහැර ගැනීම පාරාජිකාවට හේතුවන කරුණක් වුව ද දී පැහැර ගන්නවුන් එය කරන්නේ තමාගේ දෙය ගනිමිය යන අදහසින් ය. එබැවින් එසේ කිරීමෙන් අදින්නාදාන පාරාජිකාවෙන් පරිජි නො වේ. එහෙත් දී නැවත පැහැර ගැනීම ලාම ක්‍රියාවෙකි. එසේ කිරීමෙන් භික්ෂූන්ට ඇවැත් වේ.
“යො පන භික්ඛු භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දෙය්ය වා අච්ඡින්දාපෙය්ය වා නිස්සග්ගියං පාචිත්තියං.”[1]
යම් භික්ෂුවක් භික්ෂුවකට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටු සිත් ඇත්තේ පැහැර ගන්නේ හෝ පැහැර ගැන්වූයේ හෝ වේ නම් ඒ මහණහට නිසගිපචිති වේ.
ඒ ඇවතින් පිරිසිදු වීමට “ඉදං මෙ භන්තෙ චීවරං භික්ඛුස්ස සාමං දත්වා අච්ඡින්නං නිස්සග්ගියං ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමි” යි කියා භික්ෂුවකට නිස්සජ්ජනය කොට ඇවත දෙසා ගත යුතු ය. අන්‍ය පරිෂ්කාරයක් දී පැහැර ගත දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්නයකුට කුමක් හෝ දී පැහැර ගත ද දුකුළා ඇවැත් වේ.
-
පාරා - පත්තවග්ග - 297 පි. ↑