1. ජාති දුක

විශේෂ:- ජාතිපි දුක්ඛා, යනාදීන් විභඞ්ගයෙහි[1] ආ පරිදි ජාත්‍යාදිය විස්තර කරවනුවන් විසින් ඒ දුඃඛයන් අතුරින් ජාතිය, බාල පණ්ඩිත සූත්‍රාදියෙහි[2] අඞ්ගාර කාසූපමාදීන් වදාරන ලද්දේ අපායික දුඃඛයයි.

සුගතියෙහි ද මනුෂ්‍යලෝකයෙහි ගබ්හොක්කන්තික මූලාකාදි ක්‍ර‍මයෙන් උපදනා දුක දුඃඛ වස්තු බැවින් දුකයයි වදාළය.

ඒ මෙසේය:-

මේ සත්ත්‍වතෙමේ මවුකුස උපදනේ මහනෙල් පියුම් ආදියෙහි නූපදී. වැලි ආමාසයට යට පක්වාසයට උඩ උදරපටලකොඳු ඇට මැද ඉතා ගැහැට ඇති ඝනාන්‍ධකාර වූ පිත්-සෙම්-මල-මුත්‍රාදි කුණප ගඳින් පරිභාවිත වූ ඉතා දුගඳ වාතය හමන්නා වූ මව විසි හැවිරිදි නම් එතෙක් පැරැණි වැසිකිළියක් බඳු වූ හෙයින් අතිශයින් පිළිකුල් වූ කුක්‍ෂි ප්‍රදේශයෙහි කුණුමස්, කුණුකොමු, ගම්‍ඳොර ගවරවළ ආදියෙහි පණුවන් මෙන් උපදී. හෙතෙමේ එහි ඉපිද දසමසක් මුළුල්ලෙහි මවුකුස හටගත් තේජෝධාතුවෙහි උෂ්ණයෙන් පත්‍ර‍පුටකයෙක (වණඩුවෙක) පිසන බෙහෙතක් සේ පැසෙන්නේ සිටි පිඩක් සේ හුයනු ලබන්නේ යටිහක්කෙහි තබා හකුළාගත් අත් හා උක්කුටුකයෙන් හිඳිනන හෙයින් හකුළාගත් පා ඇතිවැ අධිමාත්‍ර‍ දුකක් අනුභව කෙරේ.

මේ ගර්‍භාවක්‍රානතී මූලක දුඃඛ යැ.

මෙසේ මවුකුස වසන සත්ත්‍වයා මව පය පැකිල වැටීම ය, යාම ය, හිඳීම ය, නැඟිටීම ය, පෙරැළීමය යනාදීන් රාසොඬකු අතට පැමිණි දික් ලොම් ඇති එළුවකුසේ ද, අභිතුණ්ඩිකයකු අතට පත් නයනි පැටවකු සේද, ඉදිරියට ඇදීම්, ඔබිනොබ ඇදීම්, යටිමුව කොට සෙලවීම් ආදි උපක්‍ර‍මයෙන් අධිමාත්‍ර‍ දුඃඛයට පැමිණේ. මව සිහිල් පැන් බොන කළ සීත නරකයෙහි උපන්නකු සේ ද, උණු කැඳ - බත් අනුභව කරන කල අගුරු වැස්සෙන් වටවූවකු සේ ද, තීව්‍ර‍ වූ දුකක් අනුභව කෙරේ.

මේ ගර්භපරිහරණ මූලක දුඃඛ යැ.

මුඪ ගර්‍භ වූ මවගේ මිත්‍රාමාත්‍ය සුහෘද්ජනයා විසුනුදු නුදුටව මනා රහස් පියෙස්හි සිඳිම්-පැළීම් ආදීණ් ඒ සත්ත්‍වයාහට යම් දුකෙක් (උපදීනම්) උපදනවා නම් ඒ ගර්‍භ විපත්ති මූලක දුඃඛ යැ.

වදන්නා වූ මවගේ කර්‍මජවාතයෙන් උර්‍ඩව පාදවැ අධඃශිරස්වැ පෙරළා නරක ප්‍ර‍පාතයක් බඳු වූ ඉතා භය ජනක යෝනි මාර්‍ගයට පමුණුවන සත්ත්‍වයාට අතිශයින් සම්බාධ වූ යොනි මුඛයෙන් යතුරු සිදුරකින් ඇදගන්නා හස්ති රාජයකුට සෙයින් ද සඞ්ඝාත පර්‍වතයෙන් සුණු කරනු බන නිරිසතකුට සේ ද, යම් දුකක් උපදී නම් ඒ විජායන මූලක දුඃඛ යැ.

ඉන්පසුවැ ශෝක කිරීම් පරිදේවනා කිරීම් ආදීන් තෙමේම තමහට වධබන්‍ධන කරගන්නා කල ද, අචෙලකව (නිර්‍වස්ත්‍ර‍) ව්‍ර‍තාදීන් හි ද, පඤ්චතාපාදි ව්‍ර‍තසමාදානයෙන් පරිතාපනාදියෙහිදී මෙන් හෝ ක්‍රෝධයෙන් ආහාර නො ගැනීම් ගෙන වැල් දැමීම් ආදීන් යම් දුකෙක් උපදී නම් ඒ ආත්මොපක්‍ර‍ම මූලක දුඃඛ යැ.

මෙරමා අතින් මැරීම්-බැඳීම් ආදි යම් දුකෙක් වේ නම් එය පරොපක්‍ර‍ම මූලක දුඃඛ යැ.

මෙසේ (ජාතී) ඉපදීම මෙකී තාක් දුක්ඛයට මූලකාරණ වේ.

එහෙයින් කියන ලදී.

(6) ජායෙථ නො චෙ නරකෙසු සත්තො

තත්‍ථග්ගිඳාහාදිකමප්පසය්හං

අභෙථ දුක්ඛන්නු කුහිං පතිට්ඨං

ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාති.

(7) දුක්ඛං තිරෙච්ඡෙසු කසාපතොද

දණ්ඩාභිඝාතාදි භවං අනෙකා

යං තං කථා තත්‍ථ භවෙය්‍ය ජාතිං

විනා තහිං ජාති තතොපි දුක්ඛං

(8) පෙතෙසු දුක්ඛං පන ඛුප්පිපාසා

වාතාතපාදිප්පභවං චිචිත්තං

යස්මා අජාතස්ස න තත්‍ථ අත්‍ථි

තස්මාපි දුක්ඛං මුනි ජාතිමාහ.

(9) නිබ්බන්‍ධකාරෙ ච අසය්භ සීතෙ

ලොකන්තරෙයං අසුරෙසු දුක්ඛං

නතං භවෙ තත්‍ථ න චත්‍ථි ජාති

යතො අයං ජාති තතොපි දුක්ඛං

(10) යඤ්චාපි ගූථ නරකෙවිය මාතු ගබ්භෙ

සත්තො වසං චීරමථො බහිනික්ඛමඤ්ච

පප්පොති දුක්ඛ මතිඝෝර මිදම්පි නත්‍ථි

ජාතිං විනා ඉතිපි ජාති අයං හි දුක්ඛං

(11) කිං භාසිතෙන බහුනා නනු යං කුහිඤ්චි

අත්‍ථිධ කිඤ්චි දපි දුක්ඛ මිදං කදාචි

නෙවත්‍ථි ජාති විරහෙ යදාතො මහෙසි

දුක්ඛාති සබ්බපඨමං ඉමමාහ ජාතිං,1

(6) “ජාතිදුක - නිරය

නිරේ උපැත්මක් නැතහොත් සතුන් ගේ

එතන්හි ගින්නෙන් නැවුමෙන් මහත් වූ

දුකෙන් ලබාඳෝ! පිහිටෙක් කොතැන්හී

උපැත්ම දුක්යැ යි මුනි ඉන් වදාළේ.

(7) තිරිසන් ලොව

නැතහොත් උපැත්මක් තිරිසන් අපායේ

කයින් දඬින් ඈ පෙළුමින් නිපන් බෝ

දුකෙක් කොයින් වේද, ඉනුත් එතන්හි

උපැත්ම දුක් මැයි තිරිසන් අපායේ

(8) පේත ලොව

සයින්-පිපාසෙන්-වැසි-අවු-සුළං ඈ

නොයෙක් ලෙසින පේත ලොවේ දුකක් යම්

නැතහොත් උපැත්මක් එහි ඒ කෙසේ වේ

ඉනුත් වදාළේ දුක මැයි උපැත්මේ.

(9) ලෝ ඇඳිරිය

ගනන්දකාරෙන් දැඩි සීතලෙන් හා

අපායෙ ලෝකන්තරිකැයි පසිද්වූ

දුකෙන් නොවේ මැයි උපතෙක් නොවේ නම්

ඉනුත් එතන්හිත් උපතත් දුකෙක් මැයි.

(10) මිනිස් ලොව

ඒ මව් ගැබේ අසුචී පුත් නිරයක් සදිස් වූ

බෝකල් සතෙක් විසුමෙකින් පිට නික්මුනෙන් හා

පත්වේ ද, යම් දැඩි දුකක් එතැනත් උපැත්මෙක්

නැත්නම් නොවේ මවු කුසේ උපතත් දුකයි ඉන්

(11) කීමෙන් බොහෝ කිම! ලොවේ කොතනත් කිසිත් යම්

වේ නම් දුකෙක් සියලු දා එසියල් එකැත්තෙන්

නැත් මැයි නැතොත් ‘ඉපදුමක්’ මුනි ඉන් වදාළේ

මේ මුල් දුකැයි සියලු දුක් අතරින් මහත් වූයේ

මේ වනාහි ජාති දුඃඛ විනිශ්චය යි.

  1. වි:ප: සච්චවිභඞ්ග 77

  2. ම:නි: උපරිපණ්ණාසක 180