ආර්‍ය්‍ය සත්‍යයන් වදාරන භාග්‍යවතුන් වහන්සේ ඉපදීම දුකය, දිරීම දුකය, මරණය දුකය, සෝක, පරිදේව, කායික දුක, දොම්නස, දැඩි ආයාසය, යන මොහු ද අප්‍රියයන් හා එක්වීම ද, ප්‍රියයන්ගෙන් වෙන්වීම ද, කැමැති දැය නො ලැබීම ද, සැකෙවින් පඤ්ච උපාදාන ස්කන්ධයෝම ද දුක්යහ යි දුඃඛ නිර්දේශයෙහි[1] දොළොස් (12) ධර්මයක් ද,
පුනර්භවය ගෙන දෙන, සිත් අලවන, ඒ ඒ ස්ථානයෙහි ඇලෙන සුලු වූ යම් තෘෂ්ණාවක් වේ ද, ඒ වනාහි කාම තෘෂ්ණා, භවතෘෂ්ණා, විභවතෘෂ්ණායැ යි සමුදය නිර්දේශයෙහි1 ත්‍රිවිධ තෘෂ්ණාවක්ද,
ඒ තෘෂ්ණාව නිරවශේෂයෙන් නිරුද්ධ කිරීම වූ, බැහැර කිරීම වූ, මුදාහැරීම වූ, මිදීම වූ, ආලය නො කිරීම වූ, නිර්වාණ යැ යි මෙසේ නිරෝධ සත්යනිර්දේශයෙහි1 අර්ථ වශයෙන් එකම නිර්වාණයක් ද,
දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවර ද සම්මා දිට්ඨිය - පෙ- සම්මාසමාධිය යි’ මාර්ග නිර්දේශයෙහි1 අෂ්ට (8) ධර්මයක් ද වදාළහ.
මෙසේ චතුස්සත්‍ය නිර්දේශයෙහි ජාති ආදි ධර්ම වදාළසේක. මේ ජාති ආදීන්ගේ නිශ්චයෙන්ද මෙහි විනිශ්චය දතයුතු.
ඒ මෙසේ යි:- මේ ජාති ශබ්දය “එකම්පිජාතිං ද්වෙපි ජාතියො”[2] එක ජාතියක් ද, ජාති දෙකක් ද, යන මෙහි භවයෙහි ආයේය. “අත්ථි විසාඛෙ නිඝණ්ඨා නාම සමණජාති”[3] විසාකාවෙනි, නිඝණ්ඨ නම් ශ්‍රමණ ජාතියෙක් ඇත. යන මෙහි නිකායයෙහි යැ. “ජාති ද්විහි ඛන්ධෙහි සංගහීත”[4] ජාතිය ස්කන්ධ දෙකකින් සංගෘහීත ය යන මෙහි සංඛත ලක්ෂණයෙහි යැ. “යං මාතුකුච්ඡිස්මිං. පඨමං චිත්තං උප්පන්නං. පඨමං විඤ්ඤාණං පාතුභූතං තදුපාදාය සාවස්ස ජාති”[5] මවුකුස පළමුවැ යම් ප්රතිසන්ධි චිත්තයක් උපන්නේ නම් ප්රතිසන්ධි විඥානයක් පහළ වී නම් ඒම ඔහුගේ ජාතිය වේ’ යන මෙහි ප්රතිසන්ධියෙහි යැ. “සම්පති ආනන්ද ජාතො බොධිසත්තො”[6] ‘ආනන්දය! මව්කුසින් බිහි වූ බෝධිසත්ත්ව තෙමේ’ මෙහි ප්‍රසූතියෙහි යැ. “අක්ඛිත්තො අනුපක්කුඨො ජාතිවාදෙන”[7] කුල වාදයෙන් බැහැර නො කරන ලද්දේ අවමන් නොකරන ලද්දේ ය’ මෙහි කුලයෙහි යැ. “යතොහං භගිනි අරිසාය ජාතියා ජාතො”[8] නැගණියනි? මම යම් කලෙක පටන් ආර්‍ය්‍ය ශීලයෙහි පිහිටියෙම් ද, මෙහි ආර්‍ය්‍ය ශිලයෙහි යැ.
මෙසේ මේ ජාති ශබ්දය අනේකාර්ථ වේ. මෙහි වනාහි මවු කුසල උපදනා සත්ත්වයන් ගේ පිළිසිඳීමෙහි සිට මවුකුසින් බිහිවීම තෙක් පැවැති ස්කන්ධයෙහි වේ. එයින් අන්‍ය ආකාරයකින් උපදනා සත්ත්වයන් ගේ ප්රතිසන්ධි ස්කන්ධයෙහි මැ වේ යයි දතයුතු.
මේ වනාහි පර්‍ය්‍යාය (සම්මුති) කථායි. පරමාර්ථ වශයෙන් වනාහි ඒ ඒ තන්හි උපදනා ස්කන්ධයන් ගේ ප්‍රථම පහළවීම ජාති නමු.
එය ඒ ඒ භවයෙහි හටගැනීම් ලක්ෂණය යැ. එහි කෘත්‍යය දුක් එළවීම යැ. අතීත භවයෙන් මේ භවයෙහි හිස් නැගීම වැටහෙන ආකාරය යැ. දුක විස්තුරු බව එළවීම හෝ (ඵල) පච්චුපට්ඨානය යි.
කුමක් හෙයින් මේ ජාතිය දුක් වන්නී ද? නොයෙක් දුඃඛයනට වස්තුවන බැවිනි.
ඒ මෙසේයි:- දුක් නානාප්‍රකාර යැ දුක්ඛ දුක්ඛ ය, විපරිණාමදුක්ඛය, සඞ්ඛාර දුක්ඛය, පටිච්ඡන්නදුක්ඛය, අපටිච්ඡන්නදුක්ඛය, පරියාය දුක්ඛ ය, නිප්පරියාය දුක්ඛ යයි එයසත් වැදෑරුම් වේ.
ඔවුනතුරින් කායික - චේතසික වේදනාව ස්වභාව වශයෙන් ද, නාම වශයෙන් ද දුක්වන බැවින් දුක්ඛ-දුක්ඛ නම් වේ.
සුඛවේදනාව තමා ගේ, පෙරැළීමෙන් දුක් ඉපදීමට හේතුවන බැවින් විපරිණාම දුක්ඛ නම් වේ.
උපෙක්ඛා වේදනාව ද සෙසු කාම - රූප අරූප යන භවත්‍රයෙහි ප්‍රත්‍යයයෙන් සකස් වූ ධර්මයන් ඉපදීමෙහි හා විනාශයෙහි පෙළෙන බැවින් සංස්කාර දුඃඛ නමි.
කන්රුදා, ඇස්රුදා, රාගයෙන් හටගන්නා දාහය, කායික චෛතසික ආබාධ අසා දතමනා හෙයින් හා උපක්‍රම අප්‍රකට හෙයින් ද ප්‍රතිච්ඡන්න දුඃඛ නමි. (අප්‍රකට දුක්ඛය යි ද කියනු ලැබේ.)
දෙතිස් කම්කටොළ් ආදියෙන් හටගත් ආබාධ නොවි විචාරා මැ දතහැකි හෙයින් ද උපක්‍රමය ප්‍රකට හෙයින් ද අපටිච්ඡන්න දුඃඛ නමි. (ප්‍රකට දුකයැයි ද කියනු ලැබේ.)
දුඃඛ-දුඃඛය හැර සෙසු ජාත්‍යාදි සියල්ල දුකට වස්තුවන හෙයින් පර්‍ය්‍යාය (අප්‍රධාන) දුඃඛ නම් වේ.
දුඃඛ-දුඃඛය යි කියන කායික චෛතසික දුඃඛ වේදනාව නිෂ්පර්‍ය්‍යාය දුඃඛ නම් වේ.