3. මරණ දුක

මරණය ද දුකයැයි වදාළ තන්හි සංස්කාරයන් ගේ විනාශය වූ ක්‍ෂණික මරණය

“ජරා මරණං ද්‍විහි ඛන්‍ධෙහි සංගහීතං”[1] යී

‘රූපධර්‍මයන් ගේ ජරා - මරණ දෙක රූපස්කන්‍ධයෙහි ද, නාම ධර්‍මයන් ගේ ජරා මරණ දෙක සංස්කාරස්කන්‍ධයෙහිද, සංගෘහිත යයි කීයේ මේ ක්‍ෂණික මරණය පිළිබඳවයි.

නිච්චං මරණතො භයං[2] යී ‘නිතර මරණයෙන් භය වෙ’ යයි කී තන්හි එක භවයකට ඇතුළත් ජීවිතින්‍ද්‍රියයාගේ උපච්ඡද සංඛ්‍යාත මරණයයි. මේ මරණ නිර්දේශයෙහි අදහස් කරන ලද්දේ ඒ යැ. ‘ජාතිප්‍ර‍ත්‍යයෙන් මරණය වේ[3] යයි පටිච්ච සමුප්පාදයේ වදාළේත් ඒ සඳහාය. ඒ ජාති ප්‍ර‍ත්‍යය මරණය, කාල මරණ්‍්‍ය අකාල මරණය, සරසමරණය, උපක්‍ර‍ම මරණයැ යි දෙ වැදෑරුම් වේ.

එහි සරස (ස්වභාවය) මරණය, ආයුඃක්‍ෂයමරණය, පුණ්‍යක්‍ෂ්‍යමරණයැ යි දෙවැදෑරුම් වේ. මේ ජීවිතින්‍ද්‍රියොපචෙඡදයට මැ නම් වේ.

මේ මරණය චුතිය ලක්‍ෂණ කොට ඇත්තේ යැ. සත්ත්‍වසංස්කාරකෙරෙන් වෙන් කිරීම එහි කෘත්‍යය යැ. උපන් ගතියෙන් වෙන් කිීම වැටෙන ආකාරය යැ. මේ මරණය ද දුකට වස්තුවන බැවින් දුකය යි දතයුතුය.

එයින් වදාළහ.

(17) පාපස්ස පාපකම්මාදි - නිමත්තමනුපස්සතො

භද්දස්සා‘පසහන්තස්ස - වියොගං පිය වත්‍ථුකං

(16) මියමානස්ස යං දුක්ඛං - මානසං අවිසෙසතො

සබ්බෙසං චාපි යං සන්‍ධි - බන්‍ධච්ඡෙදනාදිකං

(17) විතුජ්ජමාන මම්මානං හොති දුක්ඛං සරීරජං

මරණං වත්‍ථු තෙනෙතං - දුක්ඛමිච්චෙව භාසිතන්ති.[4]

(15) පවිටා පවිටුකම් - ගතිනිමිති ඈ දක්නා

කළණකම්ද කළණ දන - පියවත් වියො නො සැහැමෙන්

(16) මියනහු යම් දුකෙක් - සිත නො වෙනසින්න එකසේ

සව් සත්නට සඳ බැඳුම්[5] - සිඳුමෑ හා නන් ලෙසින්

(17) නිළතැන්[6] පෙළීමෙන් - සිරුරු බද දුක් වේ නම්

ඉවසුම් - පිළියම් ද නැති - මෙ සියල් දුකට නියතින්

මේ මරණයම වත් වේ - ඉන් එදුකැයි වදාළේ

මේ මරණය පිළිබඳ විනිශ්චය යි.

  1. ධා: ක: සංගහාසංගහ 11

  2. සු:නි: මහාවග්ග 81

  3. වි:ප: පච්චයාකාර වි: 104

  4. ස:වි: සච්චවි: 71

  5. සන්‍ධිබන්‍ධන

  6. මර්‍මස්ථාන