“යො පන භික්ඛු මාතුගාමෙන සහසෙය්යං කප්පෙය්ය පාචිත්තියං.”[1]
යම් මහණෙක් මාගමක් හා එක් ගෙයක ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
මෙහි මාගම ය යි කියනුයේ මනුෂ්‍ය ස්ත්‍රියට ය. එදින උපන් දැරියක සමඟ වුව ද ශයනය කිරීමෙන් මේ සිකපදයෙන් ඇවැත් වේ. ප්‍රථම ශික්ෂාපදයෙන් ඇවැත් වන්නේ තෙදිනක් නිදා සතරවන රාත්‍රියේ ද අනුපසම්පන්නයන් හා ශයනය කළ හොත් ය. මේ සිකපදයෙන් පළමු වන රාත්‍රියේ ම ඇවැත් වේ. රාත්‍රිකාලයෙහි මාගමක් ශයනය කරන ගෙයක් තුළ වැතිර ගනු සමග ම භික්ෂුවට පචිති ඇවැත් වේ. රාත්‍රිකාලයෙහි භික්ෂුව නිදාසිටින ගෙයට මාගමක් පැමිණ විනාඩියක් වුව ද නිදාගත හොත් භික්ෂුවට ඇවැත් වේ. පාරාජිකාපත්තියට ප්‍රමාණ ව තිරශ්චීන ස්ත්‍රියක් හා ශයනය කිරීමෙන් දුකුළා ඇවැත් වේ.
-
පාචි - 29 පි. ↑