“යො පන භික්ඛු උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්ය අඤ්ඤත්ර තථාරූපප්පච්චයා පාචිත්තියං.”[1]
යම් මහණෙක් යුද පිණිස නික්මුණු සේනාව සුදුසු කරුණක් නො මැතිව බැලීමට යේ නම් පචිති වේ.
“සියා ච තස්ස භික්ඛුනො සෙනං ගමනාය කොචිදෙව පච්චයො දිරත්තතිරත්තං තෙන භික්ඛුනා සෙනාය වසිතබ්බං, තතො චෙ උත්තරිං වසෙය්ය පාචිත්තියං.”[2]
භික්ෂුවට සේනාවට යනු පිණිස යම්කිසි කරුණක් ඇත්තේ නම් දෙතුන් රැයක් ඒ භික්ෂුව විසින් සේනාවෙහි විසිය යුතුය. එයට වඩා විසුයේ නම් පචිති වේ.
“දිරත්තතිරත්තං චෙ භික්ඛු සෙනාය වසමානො උය්යොධිකං වා බලග්ගං වා සෙනාඛ්යුහං වා අණීකදස්සනං වා ගච්ඡෙය්ය පාචිත්තියං.”[3]
දෙතුන් රැයක් සේනාවෙහි වෙසෙන මහණ තෙමේ ඉදින් යුද කරන තැන හෝ සේනා ගණන් ගන්නා තැන හෝ සේනා රැස්වන තැන හෝ බලඇණි හෝ දක්නට යන්නේ නම් පචිති වේ.