“න භික්ඛවෙ අද්ධානමග්ගපටිපන්නෙන භික්ඛුනා පරිස්සාවනං යාචියමානෙන න දාතබ්බං, යො න දදෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]
මහණෙනි, දීර්ඝමාර්ගයෙහි ගමන් ගෙන සිටින භික්ෂුවක් විසින් පෙරහන ඉල්ලන කල්හි නො දී නො සිටිය යුතු ය. යම් භික්ෂුවක් පෙරහන නො දේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.
“න ච භික්ඛවෙ අපරිස්සාවනකෙන අද්ධානමග්ගො පටිපජ්ජිතබ්බො, යො පටිපජ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”1
මහණෙනි, පෙරහනක් නො ගෙන දුර ගමන් නො යා යුතු ය. යමෙක් යේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.
“සචෙ න හොති පරිස්සාවනං වා ධම්මකරකො වා සංඝාටිකණ්ණොපි අධිට්ඨාතබ්බො. ඉමිනා පරිස්සාවෙත්වා පිවාමීති.”[2]
ඉදින් පෙරහනක් හෝ ඩබරාවක් හෝ නැ්තතේ නම් මෙයින් පැන් පෙරා බොමි යි සිවුරේ කොනක් හෝ ඉටා ගත යුතු ය.
සඤ්චිච්චපාණ සික්ඛාපදය.
“යො පන භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්‍ය පාචිත්තියං.”[3]
යම් මහණෙක් මරමියි සිතා ප්‍රාණියකු ජීවිතයෙන් තොර කෙරේ නම් පචිති ඇවැත් වේ. මෙහි අදහස් කරන ප්‍රාණියා නම් තිරිසන් සත්ත්වයා ය. තිරිසනකු මැරීමෙන් පචිති වේ. මිනිසකු මැරීමෙන් පරිජි වේ. යක්ෂාදීන් මැරීමෙන් ථුලැසි ඇවැත් වේ. මේ සිකපදයේ විස්තරය තෙවන පාරාජිකා සිකපදය අනුව සැලකිය යුතු ය.