“යො පන භික්ඛු භික්ඛුං දුට්ඨො දොසො අප්පතීතො අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙය්ය අප්පෙව නාම නං ඉම්ම්හා බ්රහ්මචරියා චාවෙය්යන්ති, තතො අපරෙන සමයෙන සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා අමූලකඤ්චෙව තං අධිකරණං හොති භික්ඛු ච දොසං පතිට්ඨාති සංඝාදිසෙසො.”[1]
යම් මහණෙක් දූෂ්‍ය වූ සිත් ඇත්තේ අනුන් පෙළෙන සිත් ඇත්තේ ප්‍රීති සුඛ රහිත වූයේ මොහු මේ සසුනෙන් පහ කළ හැකි වුව හොත් යෙහෙකැයි භික්ෂුවකට අමූලක පාරාජිකා ආපත්තියෙන් චෝදනා කෙරේ ද ඉන්පසු අන්යාවස්ථාවක පරීක්ෂා කරන ලද්දේ හෝ පරීක්ෂා නො කරන ලද්දේ හෝ එය අමූළක අධිකරණයක් වේ ද බොරු චෝදනාව කළ භික්ෂුව මා කීයේ බොරුවකැයි වරද පිළිගනී ද ඒ භික්ෂුවට සංඝාදිසේසාපත්තියක් වේ.
බොරු චෝදනා කරන භික්ෂුව තමා බොරු කී බව පිළිගත ද නො ගත ද චෝදනා කරනු සමඟ ම සංඝාදිසේසාපත්තිය වේ. චෝදක භික්ෂුව චූදිතක භික්ෂුවගේ ඉදිරියේ සිට අවසර නො ගෙන චෝදනා කරන කල්හි චෝදනා කිරීම අසන භික්ෂුව තේරුම් ගත්තේ නම් සංඝාදිසේසයක් හා දුක්කටයක් වේ. අවසර ගෙන චෝදනා කිරීමෙන් සංඝාදිසේසය පමණක් වේ. අනභිමුඛයේ චෝදනා කිරීම ගණනට නො පැමිණේ.
-
පාරා - 200 පි. ↑