“යො පන භික්ඛු භික්ඛුං දුට්ඨො දොසො අප්පතීතො අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙය්ය, අප්පෙවනාම නං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්යන්ති. තතො අපරෙන සමයෙන සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා අඤ්ඤාභාගියං චෙව තං අධිකරණං හොති කොචිදෙසො ලෙසමත්තො උපාදින්නො භික්ඛු ච දොසං පතිට්ඨාති, සංඝාදිසෙසො.”[1]
මෙත්තිය භුම්මජක නමැති භික්ෂූන් දෙදෙන දබ්බමල්ලපුත්ත නමැති භික්ෂූන් වහන්සේ හා විරුද්ධයෝය. පළමුවන දුට්ඨදෝස සිකපදය පනවන ලද්දේ ඔවුන් දබ්බමල්ලපුත්ත භික්ෂුවට මෙත්තිය නමැති භික්ෂුණිය ලවා පාරාජිකාපත්තියෙන් චෝදනා කිරීම නිමිත්ත කොටය. එයින් දබ්බමල්ලපුත්ත භික්ෂුවට හානියක් කිරීමට නො හැකි වූහ. දිනක් ඔවුහු ගිජුකුළු පවුවෙන් බැස එන්නාහු එළුවකුගේ හා එළුදෙනකගේ සංවාසයක් දැක දබ්බමල්ලපුත්තට චෝදනා කිරීමට මෙය හොඳ කරුණකැයි එළුවාට දබ්මල්ලපුත්තය යි ද එළුදෙන මෙත්තිය යි ද නම් තැබූහ. ඉදින් ඔවුහු “දබ්බමල්ලපුත්ත හා මෙත්තිය අනාචාරයේ හැසිරෙනු අපි දුටුවෙමු” යි භික්ෂූන්ට කීහ. මේ දෙවන දුට්ඨදෝස සිකපදය පනවන ලද්දේ ඒ නිසාය. අන්‍යයන්ගේ ක්‍රියාවක් භික්ෂුවකට ආරෝපණය කොට චෝදනා කෙළේ නම් සංඝාදිසේසාපත්ති වේ.
“යො පන භික්ඛු භික්ඛුං අමූලකෙන සංඝාදිසෙසෙන අනුද්ධංසෙය්ය පාචිත්තියං.”[2]
යම් මහණෙක් භික්ෂුවකට අමූලක සංඝාදිසේසාපත්තියෙන් චෝදනා කෙරේ නම් පචිති වේ.