භයානක රූප දක්වා බිය ගන්වා ද මැරිය හැකි ය. රාගාග්නිය තදින් නැඟීමට හේතු වන සුන්දර රූප දැක්වීමෙන් ද මැරිය හැකි ය. භයානක ශබ්ද ඇස්වීමෙන් ද මැරිය හැකිය. ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද මැරිය හැකි ය. බිය වන පරිදි දහම් දෙසීමෙන් ද මැරිය හැකි ය. කිනම් උපක්‍රමයකින් වුව ද භික්ෂුවක් මිනිසකු මැරුව පරිජි වේ.
මිනිසකු වීමය, සත්ත්වයෙක යන සංඥාව ඇති බවය, වධකචිත්තය ය, උපක්‍රමයක් කිරීමය, එයින් මරණය සිදු වීමය කියා මේ සිකපදයේ අංග පසෙකි.
මරමිය යන සිතින් තොරව කළ දෙයකින් කෙනකු මළ ද, මැරෙන බව නො දැන කළ දෙයකින් මළ ද, මරන අදහසින් තොරව කළ දෙයකින් මළ ද ඇවැත් නො වේ. උමතුකමින් කළ දෙයකින් මළ ද ඇවැත් නො වේ.