“යො පන භික්ඛු අනභිජානං උත්තරිමනුස්සධම්මං අත්තූපනායිකං අලමරියඤාණදස්සනං සමුදාචරෙය්‍ය, ඉති ජානාමි ඉති පස්සාමීති, තතො අපරෙන සමයෙන සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා ආපන්නො විසුද්ධාපෙක්ඛො එවං වදෙය්‍ය, අජානමෙවං ආවුසො අවචං ජානාමි අපස්සං පස්සාමි තුච්ඡං මුසා විලපින්ති, අඤ්ඤත්‍රාධිමානා. අයං පි පාරාජිකා හොති අසංවාසො.[1]
සිංහල භාෂා ශෛලියට නො ගැළපෙන වචන මාලාවක් වන මේ සිකපදය පාළි වචන ඇති සැටියට සිංහල කළ කල්හි තේරුම් ගැනීමට දුෂ්කර වන බැවින් එහි කෙටි අදහස පමණක් දක්වනු ලැබේ.
‘යම් මහණෙක් කෙලෙස් නැසීමට සමත් වූ පරිශුද්ධ ඥාන දර්ශන ඇති බුද්ධාදි උත්තම පුද්ගලයන්ගේ ධර්මය වූ ධ්‍යාන මාර්ගඵලාදි ධර්ම තමා නො ලබා තමා කෙරෙහි නැතව වඤ්චා කිරීමේ අදහසින් අධිමානයෙන් තොරව තමා කෙරෙහි ඇතය යි පවසා නම් ඒ මහණ පරිජි වේය’ යනු සිකපදයේ කෙටි තේරුමය.
රූපාවචරධ්‍යාන පසය, අරූපාවචරධ්‍යාන සතරය, ලෝකෝත්තර මාර්ග සතරය, ලෝකෝත්තර ඵල සරතය, ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාය, නීවරණ නැති බවය යන මේවා උත්තරිමනුස්සධම්ම නම් වේ. ඇතැම්හු අධිමානයෙන් ඒවා තමන්ට ඇතය යි කියති. අධිමානයෙන් කියන්නහුට ඇවැත් නැත. ඒ ධර්ම තමා කෙරෙහි නැතිව වඤ්චා කිරීමේ අදහසින් තමා කෙරෙහි ඇතය යි කියුව හොත් එකෙණෙහි ම පරිජි වේ. පසු කාලයේ දී කෙනකු විසින් විමසන කල්හි හෝ විමසීමක් නැතිව ම හෝ මාහට ඒ ධර්ම නැත, මා කීයේ බොරුය යි කීව ද ඇවතින් නො මිදේ.
-
පාරා - 97 පි. ↑