1. අන්නං පානං ඛාදනීයං භෝජනඤ්ච මහාරහං.
ඒකද්වාරෙන පවිසිත්වා නවද්වාරේහි සන්දති.
.
2. අන්නං පානං ඛාදනීයං භෝජනඤ්ච මහාරහං,
භුඤ්ජති සපරිවාරෝ නික්ඛාමෙන්තෝ නිලීයති.
.
3. අන්නං පානං ඛාදනීයං භෝජනඤ්ච මහාරහං,
භුඤ්ජති අභිනන්දන්තෝ නික්ඛාමෙන්තෝ ඡිතුච්ඡති.
.
4. අන්නං පානං ඛාදනීයං භෝජනඤ්ච මහාරහං,
ඒකරත්ති පරිවාසා සබ්බං භවති පූතිකං.
තේරුම:-
- බත් පැන් හා කැවිලි ද වටිනා බොජුන් ද එක් සිදුරකින් ශරීරයට ඇතුළුව සිදුරු නවයකින් පිට වන්නේ ය.
- බත් පැන් කැවිලි හා වටිනා බොජුන් පිරිවර සහිතව අනුභව කරයි. ඒවා ශරීරයෙන් බැහැර කරන කල්හි කැත නිසා සැඟවෙයි.
- බත් පැන් හා කැවිලි වටිනා බොජුන් ප්‍රීතියෙන් වළඳයි. ඒවා කයින් පිට කරන කල්හි පිළිකුල් කරයි.
- බත් පැන් කැවිලි හා වටිනා බොජුන් එක් රාත්‍රියක් ඉක්මීමෙන් සියල්ල කුණු වෙයි.