1. තස්සේව තේන පාපියෝ - යෝ කුද්ධං පටිකුජ්ඣති
කුද්ධං අප්පටිකුජ්ඣන්තෝ - සඞ්ගාමං ජේති දුජ්ජයං.
.
2. උභින්නමත්ථං චරති - අත්තනෝ ච පරස්ස ච
පරං සංකුපිතං ඤත්වා - යෝ සතෝ උපසම්මති.
.
3. උභින්නං තිකිච්ඡන්තානං - අත්තනෝ ච පරස්ස ච,
ජනා මඤ්ඤන්ති බාලෝති - යේ ධම්මස්ස අකෝවිදා.
(බ්‍රාහ්මණ සංයුත්ත)
තේරුම:-
- යමෙක් තමාට කිපුණහට පෙරළා කිපේ නම් හෙතෙමේ පළමු කිපුණහුට ද වඩා පාපියෙකි. කිපුණහුට පෙරළා නො කිපෙන සත්පුරුෂ තෙමේ දිනීමට දුෂ්කර වූ සඞ්ග්‍රාමයකින් දිනයි.
- යම් සත්පුරුෂයෙක් අනුන් කිපුණු බව දැන සිහියෙන් යුක්තව තමා නො කිපී සිටින්නේ නම් හෙතෙමේ තමාගේ ද අන්‍යයාගේ ද යන දෙදෙනාගේ ම යහපත පිණිස පිළිපදින්නේ වේ.
- කිපුණහුට පෙරලා නො කිපීම් වශයේ තමාගේ ද අනිකාගේ ද යන දෙදෙනාගේ ම යහපත සිදු කරන්නා වූ සත්පුරුෂයා මෝඩයකැයි ධර්මය නො දන්නෝ සිතති.